කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
ආපදාවන්ට ලක්වූවන්ට ආධාර තොගයක් ලබාදීමට ගිය මසුරු මුදලාලි කෙනකුගේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මිනිහා අමු කුණෙකි. කිසි දෙයක් නිකන් දෙන්නෙකු නොවේ. එහෙත් ආපදාවන්ට ලක්වූවන්ට මිනිහා කඩේ බඩු තොගයක් ආපදාවන්ට බෙදාදීමට ගමේ කොල්ලන්ට දුන්නේය. මුදලාලිගේ මේ පරිත්‍යාගය පිළිබඳව කොල්ලෝ පුදුම වූහ. ඒ මින් පෙර කිසිම ආධාරයක් පොදු වැඩකට නොදුන් නිසාය.
ඒ නිසාම කොල්ලන්ට මුදලාලිගේ මේ පරිත්‍යාගයන් ගැන සැක සිතින. ඒ නිසාම කොල්ලෝ ඔහු දුන් වියළි ආහාර ද්‍රව්‍ය පැකට් හොඳින් පරීක්ෂා කළහ. දෙයියන්ට ඔප්පුවෙච්චාවේ වැඩි හරියක්ම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍යයන්ය. කොල්ලන් මේ ආධාර මුදලාලිට ආපසු දුන්නේ මේවා කල් ඉකුත් ඒවා බව කියමිනි.
ලජ්ජාවට පත් වූ මුදලාලි තමා දුන් ආධාර බඩු රැගෙන එතනින් ගියේ රෙදි ගලවාගෙනලු.

