අරක්කු බීලද බලන්න කට ඉම්බාම කොත්තු ගඳක් ඇවිත්


එදින සේවා ස්ථානයේ වැඩ අධික දිනයක් වූ බැවින් තරුණ සේවකයා තම සේවය නිමා කරන විට රාත්‍රී නවය පසුවී තිබිණි.
ඇඟේ පතේ මහන්සියටත් එක්ක මොනවා හරි කරමු’’ මිතුරෙක් විමසීය. ‘‘පොඩ්ඩක් ගමු. මම බයික් එකේ යන්නත් ඕනෑ’’ අනෙකාගේ පිළිතුර විය.


තරුණයා තම යතුරුපැදියට ගොඩවීමට පෙර මිතුරා අමතා ‘‘චෙක්පොයින්ට් වලින් දඩයක් වදීද දන්නේ නැහැ’’යි පැවැසීය.
කට ඉඹ බැලූ මිතුරා ‘‘ගඳක් නම් එන්නෙ නැහැ. කාපු කොත්තු එකේ ගඳ තමයි’’ යැයි කීය. තරුණයා යතුරුපැදියෙන් ගමන් ඇරඹීය. රාත්‍රී දහයයි තිහ පසු වන විට මාර්ග බාධකය හමුවිය. පොලිස් නිලධාරියෙක් පාරට පැන යතුරුපැදිය නතර කළේය. ‘‘කොහෙද යන්නේ’’ ඔහු විමසීය. ‘‘වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන්’’ තරුණයා කීය.


ලයිසන්, ඉන්ෂුවරන්ස් හා යතුරුපැදිය පූර්ණ පරීක්ෂාවකට ලක් කළ නිලධාරියා, ‘‘බීලා නේදැයි’’ විමසූ විට ‘‘බියර් ටිකක් බිව්වා සර්’’ තරුණයා හෙමින් පැවසීය.


‘‘කරන්න දෙයක් නැහැ. එනවා බැලුන් පුම්බන්න. දන්නවනේ උසාවි දාපුවාම වදින දඩේ. ලයිසන් එකත් කැන්සල්’’ නිලධාරියා පැවසු අතර, තරුණයාට හීන් දහදිය දැම්මේය. ‘‘සර් ෂේප් කරලා දාන්න’’ තරුණයා බැගෑපත් විය. ‘‘ආ... එහෙනම් පහුකරගෙන ආපු නයිට් කඩෙන් අපට ආප්පයි, තේයි අරන් එනවා’’ නිලධාරියා පැවසීය.


‘‘සර් ආපහු යන්න බැහැ. සර් මේක තියාගන්න’’ තමා සන්තකයේ තිබූ රුපියල් පන්සීය ගුලිකර නිලධාරියා අත තබා ඔහු යතුරු පැදියට ගොඩවිය.


‘‘වෙලාවකට ඔහොමවත් ෂේප් වෙච්ච එක ලොකු දෙයක්’’ ඔහු මිතුරකුට පසුව පවසා තිබිණි.
ක්‍රිස්ටෝපර් සිපියන්.