(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කොරෝනා අස්සේ සර්පයකු දෂ්ට කර කලබලේට සර්පයා දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝමීටර් ගණනක් ගෙවා නැවත පැමිණ රෝගියා රැගෙන යාමට සිදු වූ පුවතක් එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
සංචරණ ඇඳීරිනීතිය නිසා ගෙදරට වී සිටින අවස්ථාවක තම ඉඩම සුද්ධ කළ පුද්ගලයකු හදිසියේම සර්පයෙක් දෂ්ට කර තිබේ. සර්පයා දෂ්ට කළ පුද්ගලයාට මල්ලි කෙනෙකු සිටින අතර ඔහු සිය අයියාට දැඩි ලෙස ආදරය කරන පුද්ගලයෙකි. සුළු දෙයටත් කලබල වන ඔහු ඉතා කුඩා සිදුවීමකදී වුවද මහා හඬින් විලාප තබමින් හඬා වැටෙන්නේය. පිරිමියකු ලෙස උපත ලැබුවද ගැහැනියක මෙන් ජීවත් වන ඔහු පිළිබඳව ගමේ නොයෙකුත් කට කතාද පැතිර ගොස් තිබුණි. සිය අයියා සර්පයෙක් දෂ්ට කළ පුවත ඇසීමෙන් දැඩි ලෙස කලබල වූ ඔහු සුපුරුදු ලෙස මහා හඬින් විලාප හඬන්නට පටන්ගෙන තිබේ.
කෙසේ වෙතත් එම ගම්මානයේ සිට රෝහලට විශාල දුරක් ගෙවාගෙන යා යුතු අතර ඔහුගේ විලාපය අසා ගමේ පිරිසක් ඔහුගෙන් කාරණය විමසද්දී ‘‘සර්පයෙක් කෑවා’’ යැයි පවසා නැවත විලාප නගමින් හඬන්නට පටන්ගෙන තිබේ.
ත්‍රීරෝද රථයක් රැගෙන විත් බලෙන් මෙන් ඔහු එහි නංවාගෙන කිලෝමීටර් ගාණක් දුර පිහිටි රෝහල වෙත රැගෙන ගොස් ඇත. විලාපය අසා රැස්වූ රෝහලේ පිරිස අසලට ප්‍රතිකාර සඳහා පැමිණි වෛද්‍යවරයා ඔහු ආයාසයෙන් නිහඬ කර මොන සතාද කෑවේ යැයි අසද්දී“මාව සර්පයෙක් කෑවේ නෑ අයියවයි කෑවේ’’ යැයි පවසා නැවත හඬන්නට පටන්ගෙන තිබේ.
දෙවියන් සිහිවූ ගමේ පිරිස ඔහුට දොස් පැවරීම පැත්තකින් තබා ‘‘ඔහේ පයින් ගෙදර එනවා’’ යැයි පවසා නැවත ගොස් සිහි මුර්ඡා වී සිටි අයියා රෝහල වෙත කඩිනමින් රැගෙන විත් තිබේ.