(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
දරුවාගේ උත්තරයට ගුරුවරයා නිරුත්තර වීමේ පුවතක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පලාගල ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි.
ප්‍රාථමික පන්තියක ගුරුවරිය සිසුන්ට අරපිරිමැස්මක අගය පිළිබඳව පාඩමක් කියා දුන්නාය. උපයන මුදල කෑමට වියදම් කළ යුතු අතර ලෙඩට දුකට ගැනීම සඳහා ඉතිරි කළ යුතු බව ද සඳහන් කළාය.
පවුලේ අයගේ රැකියා පිළිබඳව ද ඇය විස්තර විමසුවාය.
ඇතැම් දරුවෝ තම මව, පියා කරන රැකියා ගැන කියන්නට නොදනිති. ඒ අයගේ රැකියාවල් පසු දින එනවිට අසාගෙන එන්නැයි ඇය දරුවන් දැනුවත් කළාය.
ඒ අනුව නිවෙසට ගිය සිසුවියක් තාත්තාගෙන් කරන රැකියාව කුමක්දැයි කියා ඇසුවාය.
“අද්වකාත් කියලා කියන්න.” පියා දියණියට පැවසීය.
සිසුවිය පාසලට ගියාය. පියාගේ රැකියාව ගුරුවරියට කීවාය.
පන්තියේ සිටින වැදගත්ම තනතුර දරන සිසුවිය ඇය බවට ගුරුතුමිය හඳුනා ගත්තාය.
පන්තියට යම් ආධාර මුදලක් අය කළ යුතුව තිබුණි.
එම සිසුවියගේ පියාට පන්තියට පරිත්‍යාගයක් කරන ලෙසට දන්වන ලෙස ගුරුතුමිය සිසුවියගෙන් ඉල්ලීමක් කළාය.
සිසුවිය ඒ බව පියාට දැනුම් දුන්නාය.
“දුවේ, මේ දිනවල දුවන්නේ රිම් එකෙන් කියාපන්.”
සිසුවිය පාසලට ගියාය. පියා කියූ දේ ගුරුතුමියට කීවාය.
පන්ති භාර ගුරුතුමිය සිද්ධිය විදුහල්පතිට දැනුම් දුන්නාය.
“සර්, මේ සිසුවියගේ පියා අද්වකාත් කිව්වා. ඒ නිසා පන්තියට යම් ආධාරයක් කරන ලෙසට ඉල්ලීමක් කළාම මේ දවස්වල දුවන්නේ රිම් එකෙන් කියනවා.”
විදුහල්පතිවරයා සිසුවියගේ නිවස අසල සිටින ගුරුවරයකුගෙන් ඒ ගැන ඇසීය.
“මොන පිස්සුද සර්, මෑන් අද්වකාත් කෙනෙක් නෙමෙයි. කුලියට ගස් කපන කෙනෙක්. මේ දිනවල රිම් එකෙන් තමයි දුවන්නේ.” යැයි හෙතෙම කීය.
සිද්ධිය වටහාගත් ගුරුතුමිය සියලු මාපියන් කැඳවා පන්ති රැස්වීමක් තියන්නට තීරණය කළේ පන්තියේ කාර්යයට පරිත්‍යාග ලබාගැනීමටය.
රැස්වීමට භාරකරුවන් පැමිණ සිටියත්, අද්වකාත් පැමිණ සිටියේ නැතිලු.