ඔහු වයඹ පළාතේ පාරම්පරික පොල් ඉඩම් හිමි වැවිලිකරුවෙකි. එමෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පහසුව සඳහා පදිංචිව සිටින්නේ අගනුවරය.
එහෙත් තම ඉඩකඩම් ගැන සොයා බැලීමට නිතර නිතර ගමට යන්නේය.
මේ දිනවල පොල් මිල අධිකය. ගමේ සිට කොළඹ යනවිට තම හිතවතුන්ට බෙදා දීමට පොල් ගෙඩි 25 රැගෙන යන්නට ඇත්නම් යයි සිතුණි.
අක්කර 60ක් වන තම පොල් ඵලදාවේ ගෙඩියකටවත් අත නොතබා කොළඹ සිටින තම නෑ හිතවතුන්ගේ හොඳ නාමය දිනා ගැනීමට කල්පනා කළ මෙම ඉඩම්හිමි වැවිලිකරු තම පියාගේ බාල සහෝදරයාගේ පොල් වත්තට ගොස් පොල් ගෙඩි 25ක් ඉල්ලාගෙන කොළඹවිත් අවශ්‍ය අයට බෙදා දුන්නේය. ඉන් අයෙක් ප්‍රකට වෛද්‍යවරයෙකි. ඔහුට ද පොල් ගෙඩි 5ක් දී තිබුණි.
දින කීපයකට පසු මේ වෛද්‍යවරයා හමුවීමට ඉඩම්හිමි වැවිලිකරුගේ බාප්පාගේ පුතා පැමිණි විටෙක අයියාගේ පුතා තමාට පොල් ගෙඩි 5ක් දුන් බව වෛද්‍යවරයා කීය.
‘‘අක්කර 60ක පොල් වත්තක් තිබුණත් ගෙඩියක් හොල්ලන්නෙ නැතුව හැමෝගෙම හොඳ නාමෙ ගන්න ඔය බෙදාගෙන යන්නෙ අපේ ගෙදරින් ඉල්ල ගත්ත පොල් ටිකනෙ’’ බාප්පාගේ පුතා කීවේය.
(මාදම්පේ ශ්‍රීනාත්)