චමිල් රූපසිංහ
පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.
ගෙලිඔය තෙලබුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙනේ පරිවේනාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවැසුයේ මෙය 1834 වසරේ සිට පැවැත එන චාරිත්‍රයක් බවයි.
එලදැත්ත වලවුව හා සතර පේරුව වන එළදැත්ත, පෙතියාගොඩ, අරත්තන, බුලත්කොන්ඩ, හන්දෙස්ස යන ගම්මානවල දායකයෝ ගම්වැසියන් ස්නානය කරන පොදු ළිඳක් තෝරා ගනිති. ඉන් පසු ළිඳ පිරිසිදු කර පිරිත් කියා අවුරුදු දිනය වන තෙක් කාන්තාවනට ඒමට ඉඩ නොදී දායකයෝ ළිඳ ආරක්ෂා කරති.
පරණ අවුරුද්ද දින තෙළබුගල නිග්‍රෝධඛෙත්ත විහාරයේ වැඩසිටින හිමිවරුන් පෙරහැරෙන් එම පිරිසිදු කරගත් ළිද වෙත වඩම්මවා මහා සංඝරත්නයට පැන් පහසු කර සිවුරු ආදිය දායකයන් විසින්ම සෝදා පිරිසිදු කර දෙනු ලැබේ. අනතුරුව ගිලන් පස පිළිගන්වා නැවත මහා සංඝරත්නය පෙරහරින් විහාරයට වැඩම කරවීම ඉපැරණි චාරිත්‍රායයි.





COMMENTS
මෙවන් දර්ශණ දකින්නත් පෙර පින් තියෙන්න ඕනේ. පින් ඇති පින් ඇත්තෝ කරනා ආදර්ශමත් පින් ඇති මේ පින් කමට අපේ ගෞරවනීය නමස්කාරය. සහභාගී වූ ගෞරවනීය මහා සංඝරත්නයටත් උවැටන් කල අපේ බෝසත් ගුණ ඇති පින් ඇත්තන්ටත් දළඳා සමිඳුන්ගේ ආරක්ෂාව ලැබේවා. සියලු දෙනාටම සුභ අලුත් අවුරුදක්ම වේවා. දීර්ඝායුෂ වේවා. මේ පුවත ගෙනා ''ලංකාදීප''දිනෙන් දිනම දිනේවා.
සාදු...සාදු...සාදු...!
චාරිත්‍ර වාරිත්‍ර දුරස් වන කාලයක මෙවැනි දසුන් තුලින් පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඔප්නැංවීම සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨත්වය මොනවට කියාපාන්නකි. මෙවැනි උත්තුංග පිංකම් වලට නමස්කාර කරන අතරම මෙවැනි දසුන් ගෙන ඒම තුලින් ලංකාදීප පුවතටත් ජයෙන් ජයම වේවා!
මේ කටයුත්ත ඉතාම උතුම් ක්‍රියාවක්.
මෙවන් කටයුතු ඉතා අගනේය. නමුත් බුද්ධ දේශනාවට පටහැනි "ළිඳ පිරිසිදු කර පිරිත් කියා අවුරුදු දිනය වන තෙක් කාන්තාවනට ඒමට ඉඩ නොදී දායකයෝ ළිඳ ආරක්ෂා කරති"යන අන් ආගම් ඇදහිලිවලින් එකතුකරගත් අදහස්වලින් බැහැරවිය යුතුය. බුදුන්වහන්සේ කුලය,ගෑනු හා පිරිමි කියා වෙන්කර සැලකුවේ නැත. කාටත් එකසේ සැලකූ හා එය ඉගැන්වූ මහා කාරුණිකයානන්වහන්සේ නමකි.
මෙවැනි දේ අද ලංකාවේ ඉතා දුර්ලභයි. ගමේකම ,තරුණ දු පුතාලා කරන අගන වැඩ මෙවන් රටක ඉපදෙන්න පූරුවේ පින් තියෙන්න ඕනේ