

මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළ කළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.
කන්ද කෙන්ද කරනු පිණිස
කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ
සිටියලු තනිවීලා
අන්දමන්ද ගණ අඳුරේ
කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ
කෙන්ද බලාපල්ලා
ප්‍රේම් ලියා තිබුණේ මූසිලගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටින්නීය. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඒ මුසිලාවි..අපටත් දැනගන්න දන්න කෙනෙක් කියන්නකෝ....
ඔය කියන්නේ ලංකාවේ ගායක ගායිකාවෝ සංගීත සංදර්ශනවල නොම්මරේට ගහමරා ගන්න යනවා කියන එකනේ. තමන්ගේ ඉස්කෝලේ පන්තියේ එක ළමයෙක්ට විශේෂ කරන්න කිව්වේ ඇයි? අනික් ළමයි අත පල්ලෙන් වැටිලාද? අනික ගුරුවරු සිසුන්ව හදන්න ඕන තමන්ගේ පස්සෙන් වැටීගෙන එන්න නෙවෙයි, තමන්ව පහු කරන් යන්න.
ඔබ හරි...