IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


වියපත් සමයේ ප්‍රේමය සපල කරගත් බල්සාක්

සාහිත රසකතා

වර්ෂ එක්දහස් හත්සිය අනූ නමයේ මැයි මාසයේ විසි හය වැනිදා ලෝක සාහිත්‍ය වංශයට  වැදගත් දවසක් වූයේය. මන්ද ලෝක සාහිත්‍යය තුළ පසු කලෙක විශිෂ්ටත්වයට පත් වූ ලේඛකයකු බිහිවූයේ ඒ දිනයේදීයි. හේ නමින් බල්සාක් විය. ඔහුගේ උපතින් ලද නමවූයේ හොනර් බල්සා යන්න වූ අතර පියා නැපෝලියන් පාලන සමයේ සිවිල් සේවයේ නිරතවූ බර්නාඩ් ෆ්‍රැන්සිස් බල්සාක් නම් විය. මව ධනවත් පර්සියානු වෙළෙඳ පවුලකින් පැවත එන ඇනා චාර්ලොටී ලවුරා සල්ලම්බිආර් වූවාය. ප්‍රංශයේ ඔරටෝරියන්ස් පාසලෙන් මූලික අධ්‍යාපනය හමාර කළ බල්සාක් පසුව නීතිඥයෙකු යටතේ ලිපිකාර සේවයේ යෙදීමෙන් වෘත්තිය ජීවිතය අරඹා ඇත.

එහෙත් පොත පත කෙරෙහි ඔහු තුළ කුඩා කල පටන් පැවැති ඇලුම් සහගත බව හේතුවෙන් ම හේ පසුකලෙක ලිපිකරු වෘත්තිය අත්හැර තමන්ගේ ම ප්‍රකාශන ආයතනයක් පවත්වාගෙන යෑමේ අදහසින් ප්‍රකාශක වෘත්තියට එක්විය. එහෙත් කිසිදාක දක්ෂ ව්‍යාපාරික ඥානයකින් හෙබි නොවූ බල්සාක් ගේ ප්‍රකාශන ව්‍යාපාරය අවසන් වන්නේ ඔහු ප්‍රාන්ස් හැට දහසක ණයකරුවකු බවට ද පත් වීමෙන් පසුවයි. කෙසේ වුවත් බල්සාක් ලේඛනය සඳහා යොමුවන්නේ මෙම ප්‍රකාශන කාර්ය අසමත් වීම හේතුවෙන් බැවින් එක් පසෙකින් ඔහු ප්‍රකාශකයකු ලෙසින් අසමත්වීම පසුකලෙක දැවැන්ත නිර්මාණ ලෝක සාහිත්‍යයට දායාද කිරීමට හේතුවක්ව ඇතැයි විචාරකයෝ පවසති.
 
බල්සාක් එලෙසින් රචනා කරන ලද නවකතා කෙටිකතා ආදී සාහිත්‍ය කෘති ගණනින් සියයකට ආසන්නය. බල්සාක් පිළිබඳ පුරාවෘත්ත ගත කියැවීම නම් ඔහු ඉතා වේගයෙන් ලේඛනයේ නිරත වූ ලේඛකයකු යන්නයි. බොහෝ විචාරකයන් දක්වන පරිදි බල්සාක් දිනකට පැය දහසයක් වැනි කාල සීමාවක් ලේඛනයේ නිරත වූ අයකු වන අතර කෝපි කෝප්ප විශාල ගණනක් ඒ කාල සීමාව තුළ හිස් කරන්නට ද ඔහු වග බලාගත් බව පැවැසේ. එනිසා බල්සාක් පුරාවෘත්තයක් ලෙසින් ඉතිහාස ගතව ඇත්තේ කෝපි බොමින් නොකඩවා දීර්ඝ වෙලාවක් ලේඛනයේ යෙදුණු ලේඛකයකු වශයෙන් ය. 

බල්සාක් ගේ මුල්ම නිර්මාණය එක්දහස් අටසිය දහනමයේ දී  පමණ ඔහු විසින් රචිත ක්‍රොම්වෙල් කෘතියයි. මුල් කෘති කිහිපයම සාර්ථකත්වයට පත් නොවූ නමුත් පසුව ඔහු විසින් රචිත ලෙස් තුවාන් සහ විවාහයේ කායික පැත්ත ආදී නවකතා වේගයෙන් ජනප්‍රියත්වයට පත් විය. පසුව බල්සාක් එක්දහස් අටසිය තිහේදී පමණ රචනා කරන ලද පෞද්ගලික ජීවිත දසුන නම් නවකතාව ඔහුගේ කීර්තිය ලෝකය පුරාවට ව්‍යාප්ත කරන්නට සමත් නිර්මාණයක් ලෙසින් හැඳින්වෙයි. එසේම පසු කලෙක ඔහු විසින් රචිත ද කන්ටි්‍ර ඩොක්ටර්, හිස්ටි්‍ර ඔප් තර්ටීන්, ද ඉලයස්ටි්‍රස් ගෞඩිස්සාට්, ලොස්ටි ඉලුෂන්, ආදී කෘති ඉතා ජනාදරයට පත් වූ අතර එම කෘති ප්‍රංශ භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනයව පසුව වෙනත් භාෂාවන්ට පරිවර්තනයව ඇත. 

මෙම ජනප්‍රියත්වයත් සමගින් බල්සාක් වේගයෙන් මිනිසුන් අතර ට යෑමත් රටේ දසතින් ම බොහෝ කාන්තාවෝ  බල්සාක්ට ප්‍රේම ලියැවිලි එවීමත් ඇරඹෙන්නේ මේ කාලයේ. එහෙත් ඒ සිය දහස් ගණන් කාන්තාවන් අතරින් බල්සාක් ගේ ප්‍රේමය හිමි වන්නේ විවාහක කාන්තාවකට ය. ඇය නමින් එව්ලින් හන්ස්කා. ඇය එවකට යුක්‍රේන් ඉඩම් හිමියෙකුගේ බිරින්දෑවක්. ඇගේ සැමියා වයසින් මහල්ලෙකු වූ අතර ඇය බල්සාක් ගේ කෘති කියැවීමෙන් පසු ඔහුගේ ප්‍රබල රසිකාවියක් බවට පත්වීමෙන් මෙම බැඳීම ඇරඹුන් වග සිතා ගත හැකියි. විවාහක ගැහැනියකට වුව ද බල්සාක් ඇයට අවංක සිතින් ප්‍රේම කළ අතර ඔවුන් දෙදෙනා වසර දහ හතරක් පුරාවට පෙම් හසුන් හුවමාරු කරගනිමින් ප්‍රේමයෙන් පසුවී ඇත. ඇයට සිය මහලු සැමියා ඇතැර බල්සාක් වෙත ඒමට නොහැකි ව ළතැවුන අතර බල්සාක්ට ද ඇය හිමිකර ගැන්මට නොහැකි වීම නිසා බෙහෙවින්ම කම්පාව උන් කාලයක් ලෙස මෙම කාලය සැලකිය හැකිය. ඔහුගේ බොහෝ කෘතිවල එන ස්ත්‍රී චරිතය ඇයගේ ලක්ෂණවලින් සමන්විත වීම මගින් ම ඇය ඔහුගේ සිත තුළ කොපමණ ඉඩක් ගෙන තිබුණාදැයි සිතා ගත හැකිය. එපමණක් නොව එවකට බල්සාක් ගේ ලියන මේසය මත මූර්ති ශිල්පියකුට පවසා නෙළා ගත් ඇගේ උඩුකය මූර්තියක් ද පැවතුනු බව පැවැසේ. 

කෙසේ හෝ වේවා ඇය ම ප්‍රාර්ථනා කරමින් සිටි බල්සාක්ට ඇගේ සැමියා මළබව එක්දහස් නමසිය හතළිස් එකේදී පමණ ආරංචි වී ඇත. ඒ වන විටත් පනස් එක් වියේ පසුවුවත් බල්සාක් ඒ ආරංචිය ලද වහා ම යුක්‍රේනයට ගොස් එක්දහස් නමසිය පනහේ දී පමණ ඇය විවාහ කර ගනු ලැබීය. එහෙත් විවාහ වූ පසු පැරීසියට පැමිණ මෙම නව යුවළට ජීවිතය සතුටින් ගෙවන්නට ලැබෙන්නේ මාස පහක් වැනි කෙටි කාල සීමාවක් පමණි. එයට හේතුව නම් එක්දහස් නමසිය  පනහේ අගෝස්තු මස දහ අටවන දා බල්සාක සිය ප්‍රේමනීය බිරිඳගෙන් ද සකල ලෝක වැසියාගෙන් ද සදාකාලිකව වෙන්වෙමින් අවසන් ගමන් යෑම යි. කෙසේ වුවත් අදටත් ලෝක ඉතිහාසය තුළ බල්සාක් ගේ නිර්මාණකරණය සදාකාලික මතකයන් තබා ඇති වග නම් නොරහසකි. 

 



අදහස් (0)

වියපත් සමයේ ප්‍රේමය සපල කරගත් බල්සාක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1333 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site