IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා

සාහිත රස කතා


 ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය. 
එම ගීතය ලියැවුණු ආකාරය ගැන ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ දයාබර බිරිඳ ආරියවතී සේනානායක මහත්මිය 2015.08.13 සරසවිය පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සඳහන් කරන්නේ මෙවැන්නක්.

ඩෝල්ටන් අතින් ලියැවුණු සසර වසන තුරු ගීතය ඔබේ ජීවිතයට අනුස්මරණීය ගීතයක් බව කිව්වේ ඇයි?

ඩෝල්ටන් කීප වරක් මට කියා තිබුණා එයා අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය ලෙස එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.
මේ ගීතය ලියුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මා හදිසියේ ඇහැරවුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සින්දුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

 

සසර වසනතුරු ගීතයේ සිහින කතාවකුත් ඔබට කිව්වා නේද?

පිරිත්  දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුණලු. 

සසර වසන තුරු 
නිවන් දකින තුරු  
පින්කෙත හෙළ රන්දෙරණේ 
යළි උපදින්නට 
හේතු වාසනා වේවා 

කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කනට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයා සසල වෙලා ගියාලු. කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.
සිංහල ජාතිය පවතින තාක් කල් ගීත රචකයකු වශයෙන් ඩෝල්ටන් අල්විස් නම පවතින්නට මේ ගීතය ප්‍රමාණවත් කියායි මට හැඟෙන්නේ.
මුළු සිංහල ජාතියේම වංශකතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. ඩෝල්ටන්ට මේ ගීතය ලිව්ව පිනම ඇති නිවන් යන්න කියලයි මම හිතන්නේ



අදහස් (1)

ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා

upul Attanayake Wednesday, 05 February 2025 06:08 PM

ආදරණීය කලාකරුවෝ දෙදෙනාටම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 178 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 246 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1122 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site