IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපතිවරණයට පසුව - සභාපති සමන්ත ඉන්දීවර

 

 

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 ට යෙදීම නිසා පශ්චාත් මැතිවරණ කටයුතු කෙලෙස සිදුවේදැයි අපේක්ෂා කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කීය.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 20 සිට 29 තෙක් බවද ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වී මේ වසරට වසර 25ක් සැපිරීම සුවිශේෂ කාරණයක් නිසා ප්‍රදර්ශනය  උත්කර්ෂවක් දෙස ලෙස සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර ප්‍රධාන ආරාධිතයා වශයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කටයුතු කර දැනට ජීවතුන් අතර සිටින පෙර සභාපතිවරු 06 දෙනෙක් සහභාගි කරගන්නා බවද ඉන්දීවර මහතා සඳහන් කළේය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙතෙක් කළ මෙහෙවර පිළිබඳව ජනතාවට මෙවර ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය .මෙවර ප්‍රදර්ශනයේදී පොත් කුටිවල වැඩිවීමක් සිදු නොවුණත් ක්‍රියාකාරකම් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද සමන්ත ඉන්දීවර මහතා සඳහන් කළේය.



අදහස් (0)

මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපතිවරණයට පසුව - සභාපති සමන්ත ඉන්දීවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17601 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site