IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘ජුරාලියා වූ අංජලි ’’- අංජලි ජයසිංහ


ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය. ඉංජිනේරු අංශයෙන් ඉගෙනුම ලබමින් සිටියදී රංගන ක්ෂේත්‍රයට ඇය පැමිණ ඇත්තේ අහම්බයකිනි. ඇයගේ මතු අරමුණ වන්නේ රංගනය ගැන වැඩිදුර හදාරා රංගන ක්ෂේත්‍රයේ කටයුතු කිරීමය. මෙවර සඳැල්ල කවරය හැඩ කරන අංජලී තමා ගැන තවත් විස්තර අපට කීවේ මෙලෙසිනි. 

  • අංජලී සැබෑ ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?

මම සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා චරිතයක්. විනෝදයෙන් - සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කැමති කෙනෙක්. සමහර අවස්ථාවලදී ඉවසලා - ඉවසලා බැරිම තැන කේන්ති ගියොත් හැරෙන්නට නිතර කේන්ති යන කෙනෙක් නෙවෙයි. සාමකාමී චරිතයක්. 

  • කොහොමද ගෙදර විස්තර?

මට ඉන්නේ අම්මයි තාත්තයි - නංගියි. තාත්තා සේවය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ. අම්මා ගෘහණියක්. නංගීවයි මාවයි හෙවණැල්ල වගේ බලාගෙන අපි දෙන්නව රකින්නේ අම්මා. නංගී දැන් හරිත සරසවියේ අවසන් වසරේ උපාධිය හදාරන්නේ. මම මගේ උපාධිය හමාර කරලා දැන් එහි මාස්ටර්ස් උපාධියට ලැහැස්ති වෙනවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ සූදානමින් ඉන්නේ. ඉතින් ජීවිතේ ඉදිරිය ගැන අපට කියන්න බැහැනේ. අපි බලාපොරොත්තු ඇතිව බලා ඉමු. 

  • ඔබගේ දකින හොඳම ගතිගුණ හැටියට දකින්නේ?

මට හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවනි. ඒ කළ යුතු වැඩේ කරන්න උපරිමයෙන් මහන්සි වෙන කෙනෙක්. ඒ වැඩේ සාර්ථක වෙනකල් ලෙහෙසියෙන් අත්හරින්නෙ නැහැ. මගේ තියෙන දුර්වලකමක් ලෙස දකින්නේ තව ටිකක් හිත පාලනය කර ගන්න තිබුණොත් හොඳයි කියලයි. 

  • මෙම රංගන ක්ෂේත්‍රය ගැන හිතන්නේ කොහොම ද?

හොඳ ගමනක් යන්න පුළුවන් අංශයක්. නිහතමානීකම වගේම හැකියාව තිබේ නම්. කාලයෙන් - කාලයට යාවත්කාලීනව ගමනක් යා හැකි නම් හොඳයි හැබැයි තියෙන්නේ වෙන අරමුණක්. 

  • අංජලිට කියන තවත් නම් තියෙනව ද? 

අංජු අජේ අංජා ඒ විදියට යාළුවෝ කතා කරනවා. 

  • කොහොමද අංජලී විවේකය ගෙවන්න කැමති

ගෙදරම රැඳී ඉන්න ආසයි. ඒ වෙලාවට වැඩිපුර පොත් කියවීම තමයි කරන්නේ. ඒ හැර චිත්‍ර අදිනවා, ෆිල්ම්ස් බලනවා. පොත් කියවීම මගේ ප්‍රියතම විනෝදාංශයක්. 

  • එතකොට අංජලීගේ ආදරය කොහොමද?

ආදරය සෑම කෙනෙකුටම අවශ්‍යයි. තමන් වෙනුවෙන්ම කැප වුණු උදවු කරගෙන ඉදිරියට යන එකට එකතුවෙලා සාමදානයෙන් වැඩක් කරන්න කැමති, සහයෝගය දක්වන සහකරුවකු ලැබීම කෙනෙකුගේ වාසනාවක් කියලයි මට හිතෙන්නේ. හැමෝටම අඩුපාඩු තියෙනවා. ඒවා හදාගෙන තමන් ආදරය කරන කෙනෙක් එක්ක ගැළපිලා ජීවත් වෙන්න. අලුත් අලුත් අය ගළපා ගන්න ගියොත් හැමදාම ගළපමින් ඉන්න තමයි සිදු වෙන්නේ. තමුන් ආදරය කරන කෙනා තේරුම් ගෙන ආදරයෙන් ඉන්න. ආදරය කරන අයට මම කියන්නේ එහෙමයි. 

  • අංජලී ජුරාලියා වීමට පෙර රඟපෑ නිර්මාණ? 

මම ක්ෂේත්‍රයට ආවේ 2023 හිරු අවුරුදු කුමරිය වීමෙන් පසුවයි. ජුරාලියා රංගනයට පෙර See you, කෝලම් කුට්ටම, සිකුරු ඇවිත්, Lovers Leap නිර්මාණවලට දායක වුණා. 

 

 

 

 

 

 

 


සඳුන් ගමගේ


 

 



අදහස් (0)

‘‘ජුරාලියා වූ අංජලි ’’- අංජලි ජයසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site