IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


විශ්වාසය නිසාම අපි ගොඩක් දුර ආවා - සඳනි ප්‍රනාන්දු


විකාශය කෙරෙන අහස් නාට්‍යයේ රවීෂා, විසේකාරී - නාට්‍යයේ - ඉෂාරා සහ අලුතින්ම විකාශය වන ජුරාලියා නාට්‍යයේ - ගරු විහාරා ඉද්දමල්ගොඩ නමින් චරිතයක් රඟපාන, සඳනි ප්‍රනාන්දු මේ දිනවල වැඩි දෙනා අතර කතාබහට ලක්වන ශිල්පිනියකි. ඒ කාර්යබහුලව ගෙවන රංගන ජීවිතයේ විරාමයක් ලද මොහොතක සඳනි ‘‘සඳැල්ල’’ සමග කතාබහට එක්වූ අයුරුයි මේ.

  • සඳනි ඔබ රඟපාන විකාශය වන මේ නාට්‍ය අතරින් ඔබට වෙනසක් සහ සතුටක් ගෙන දුන් චරිතය මොකක්ද?

ජුරාලියා නාට්‍යයේ දේශපාලන කාන්තාවක ලෙස රඟපාන්න ලැබුණු චරිතයට මම ආසයි. ඒ වගේ චරිතයක් මීට පෙර කරලා තිබුණෙ නැහැ. ඒ වගේම විසේකාරි නාට්‍යයේ - ඉෂාරාගෙ චරිතයටත් ආසයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සුන්දර සිසුවියකගෙ චරිතයක්. අහස් එකේ චරිතයත් රඟපාන්නෙත් බොහොම ආසාවෙන්.

  • සඳනි ටෙලිනාට්‍ය කලාවට ආ පසු බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තෙ? 

නිළියක ලෙස ප්‍රේක්ෂකයින් අතරට මට එන්න පුළුවන් වුණේ හාරකෝටියෙ ‘‘රශ්මිගෙ’’ චරිතයෙන්.

  • මේ වන විට සඳනි වෘත්තීය වශයෙන් රංගනයද කරන්නෙ? 

රංගනයට අමතරව ටී.වී. දැන්වීම් නිරූපණය සහ ෆිල්ම්ස් වලට දායක වෙනවා. 1970 ලව් ස්ටෝරි ෆිල්ම් එකේ රඟපෑවා.

  • රංගනය, ඔබගෙ අරමුණු සඵල කරගත් අංශයක්ද? නැත්නම් කොහොමද ඒ මාර්ගයට ඒමට අවස්ථාව ලැබුණෙ? 

රූපවාහිනියෙ අවුරුදු කුමාරිය තරගයට ඉදිරිපත් වෙලා දෙවැනි ස්ථානය ලබාගැනීමත් සමග තමයි රඟපෑමට අවස්ථාව ලැබුණේ. එහෙම නොවෙන්නට, රඟපෑමේ අරමුණක් නම් මට තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්තෙ කොමර්ස් අංශයෙන්. ඒ අංශයෙන් ඉදිරියට යාම හැර වෙන අරමුණක් තිබුණෙ නැහැ. කොමර්ස් කළ නිසා ඒ අංශයෙන් ජොබ් එකක් කිරීමේ අරමුණ තිබුණෙ. නිළියක් වීමට නම් එදා කොහොමටත් අරමුණක් තිබුණෙ නැහැ.

  • ජුරාලියා දේශපාලන කාන්තාවගේ චරිතය ගැන කතා කරමු? ඒකට විශේෂයෙන් කැමති ඇයි? 

ඇය පිරිසක් පාලනය කරගෙන අණ දෙමින් සිටින තැනැත්තියක්. ඒ වගේම මම මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස් චරිතයක්. ඒ නිසා ඒ චරිතයට ආසයි. 

  • සැබෑ ජීවිතයේදීත්, අනෙක් අයව පාලනය කරගෙන, උපදෙස් දීලා ඉන්නද කැමති? 

ඒ විදිහෙ ස්වභාවයක් ටිකක් විතර මට තියෙනවා. නැතුවාම නෙවෙයි. ඒ නිසාමද කොහෙද ‘‘ජුරාලියා’’ මිනිස්ටර් වෙන්න මට පහසුවක් වුණා.

  • සඳනි රඟපාන, නිරූපණය කරන මේ සියල්ල දිහා බලා සිටින ප්‍රේමවන්තයා මොනවද කියන්නෙ? 

එයාත් බොහොම කාර්යබහුලයි. අපට නිතර කතා කරන්න ලැබෙන කාලය පවා අඩුයි. මගෙ සෑම වැඩකටම සපෝට් කරනවා. ඒවා නරඹනවා. 

  • සඳනි සහ පියත් ගෙ ප්‍රේම කතාව රසිකයින් දන්න දෙයක්නෙ. මේ ප්‍රේම කතාවෙන් අනෙක් අයට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද? 

අපි දෙන්නගෙ සම්බන්ධය වසර හතරක් විතර වෙනවා. මොන ප්‍රශ්න ආවත් අපි අවබෝධයෙන් කටයුතු කරන්නෙ. ප්‍රශ්න එන්නැත්තෙ නැහැනෙ. ඒවා විසඳාගෙන අපි මේ තරම් දුරක් ආවා. ඉතාම පුද්ගලික ප්‍රශ්න ආවාම අපි දෙන්නා විතරක් ඒවා කතාබහ කරගෙන විසඳා ගත්තා. අපි ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න මැද්දෙ එකිනෙකා අත්හරින්නෙ නැතුව, හරි ආදරෙන් තේරුම් අරගෙන සිටියා. විශ්වාසය සහ තේරුම් ගැනීම නිසා අපට මේ තරම් දුරක් එන්න පුළුවන් වුණා.

  • ප්‍රේමය ආදරය සඳනිට දැනෙන විදිහ?

එක එක වෙලාවට ස්වභාවයන් අනුව දැනෙන විදිහ වෙනස්. තරහක් ඇතිවූ වෙලාවක දුකක් ඇති වූ විට, ආදරය අසුන්දරයි. ආදරණීයව සතුටින් සිටියදී ආදරණීයයි. ඉතින් ඒ විදිහට ඒ මොහොත අනුව ආදරය දැනෙන විදිය වෙනස් වෙනවා.

  • සඳනි ආදරයේදී මොන වගේ කෙනෙක්ද? 

මම හිතන්නෙ මම හරිම ආදරණීය චරිතයක්. විවෘතව හිතන, විවෘත විදිහට කටයුතු කරන කෙනෙක්. පටු විදිහට හිතන පටු තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. සෑම දෙයක්ම තේරුම් ගෙන කටයුතු කරන්නෙ. ඒ සෑම දෙයක් එක්ක බලද්දි මම ආදරණීය චරිතයක්.

  • ඔබ දෙපළගේ ‘‘ආදරය’’ සැබෑම ආදරයක් වීමේ ප්‍රධාන සාධකය? 

තේරුම් ගැනීම.

  • ‘‘පියත්’’ගෙ මියුසික් වීඩියෝවල රඟපාන්නට සඳනි තෝරා නොගත්තාම ඒ ගැන හිතන්නෙ කොහොමද? 

මම එයාගෙ වැඩවලට බලහත්කාරයෙන් මැදිහත් වෙන්නෙ නැහැ. උදව්වක් ඉල්ලුවොත් කරනවා. එයාගේ මියුසික් වීඩියෝවලට ගන්න ශිල්පීන් තෝරා ගන්නෙ එයා සහ මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරන කෙනා. ‘‘සඳනි’’ අවශ්‍යයි කිව්වොත් මම ඉන්නවා. නිර්මාණයට ලැබිය යුතු තෝරා ගැනීම කළ යුතුය කියලයි මාත් හිතන්නෙ.

  • පියත්ගෙ ඔබ පෙනී සිටි මියුසික් වීඩියෝ? 

බඳිමු සුදා, සීදේවි, ප්‍රියාවි ඇතුළු කීපයකටම දායක වුණා. ඒවා ඔක්කොම මිලියන ගණනක් නැරඹුම් වාර ඇති වීඩියෝ. 

  • එහෙම බැලුවාම, පියත්ගෙ සීදේවි, ප්‍රියාවි, බඳිමු සුදා, ඔක්කෝම වගේ එයා කරලා තියෙන්නෙ සඳනි වෙනුවෙන් 

එහෙම තමයි ඉතින්.....

  • එයාට ඒ විදිහට ‘‘සඳනි’’ව දැනෙද්දි, සඳනිට එයාව දැනෙන විදිහ? 

මගෙත් සෑම වැඩකටම සපෝට් කරන නිසා මගේ ජීවිතේ සෑම දෙයක්ම එයා තමයි.

  • ‘‘සඳනි’’ පියත් එක්ක සංචාරවලට යන්නෙ මොන අංශයෙන් දායක වීමටද? 

සමහර විට එයා එක්ක ඒ සංචාරයට එකතු වෙනවා. සමහර අවස්ථාවලදී ‘‘ආදරේ මා නමින්’’ ගීතය වෙනුවෙන් යනවා. ඒ ගීතය ගයන්නෙ අපි දෙන්නා.

දඟකරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විඳගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ.....
ගීතය ඉදිරිපත් කරන්නත් යන අවස්ථා තියෙනවා.

  • සඳනි ගෙ තනි ගීත විතරක් කරන්නෙ නැත්තෙ ඇයි?

ඒකට හේතුව වෙලාවක් නැතිකම. පියත් එයාගේ වැඩ එක්ක කාර්යබහුලයි. මම මගේ රංගන වැඩ කටයුතු එක්න කාර්යබහුලයි. ඒ නිසා තවම මට ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන හිතන්න ඕනෑ.

  • කොහොමද විවාහය එහෙම ගැන හිතලා තියෙන්නෙ? 

තවම අපි අපේ වෘත්තිය වැඩ එක්ක කාර්යබහුලයි. ඒ නිසා තවම ඒ ගැන හිතලා නැහැ. තව වයසත් තියෙන නිසා අපේ වැඩ කටයුතු ස්ථාවර වුණාම විවාහය ගනිමු කියලා තමයි හිතාගෙන ඉන්නෙ.

  • පියත්ගෙ සීදේවි, ප්‍රියාවි, බඳිමු සුදා, ආදරේ මා නමින් ගීත අතරින් සඳනි වඩා කැමති?

‘‘බඳිමු සුදා’’ට වැඩිය කැමතියි. තවම රිලීස් නොකළ ‘‘සත්තයි මැණිකේ’’ ගීතයටත් මම හරිම ආසයි. ඉදිරියේදී එය අහන්න ලැබේවි. මම මේ ඔක්කෝටම වඩා කැමති ඒ ගීතයට.

  • ‘සඳනි’ රංගනයට හැර, තව දක්ෂ මොනවටද? 

චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ වගේම උයන්න හරිම කැමතියි. ඕනෑම වට්ටෝරුවක් රසට හඳලා ගන්න පුළුවනි.

  • සඳනිගෙ ආහාර වට්ටෝරුවලින් පියත් ආසම? 

මම හදලා දෙන ඕනෑම කෑමකට පියත් කැමතියි.


සඳුන් ගමගේ


 



අදහස් (0)

විශ්වාසය නිසාම අපි ගොඩක් දුර ආවා - සඳනි ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1218 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1198 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site