විනෝදාංශයක් යනු යම් අයෙක් නිතිපතා කරන කියන වැඩවලින් බැහැරව විවේකය ගත කිරීමට හා විනෝදාස්වාදය පිණිස සිදුකරන යම් ක්‍රියාකාරකමකි. නිදසුනක් වශයෙන් එය කඳු නැගීම, ලී වැඩ කිරීම, කියවීම, ක්‍රීඩා කිරීම, මුද්දර එකතු කිරීම හෝ වෙනත් එවැනි ක්‍රියාකාරකමක් විය හැකිය. පුද්ගල ජීවිතය සතුටින් සහ ප්‍රබෝධවත්ව තබාගන්නට විනෝදාංශ වැදගත් වේ. විනෝදාංශ නිසා කායික සහ මානසික සුවයක් ලැබිය හැකි බව ද සඳහන් කළ යුතුය. ඕනෑම සාර්ථක පුද්ගලයෙකුටම විනෝදාංශ ඇත. ඒවා තම ඒකාකාරි ජීවිතයෙන් මිදී ජීවිතය සුන්දර එකක් කර ගැනීමට ඉවහල් වේ.
විවිධ රටවල මෙන්ම ලංකාවේද භාවිතා කළ පැරණි කාර් රථ, බස් රථ, නැව්, හෙලිකොප්ටර් හා ගුවන් යානා ආකෘති විනෝදාංශයක් ලෙස එකතු කරන ඉංජිනේරුවරයෙක් ඉරිදා ලංකාදීපයට හමුවිය. ඔහු මාලබේ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයේ ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ නියුතු රඛිත වීරසිංහ නම් තරුණ ඉංජිනේරු මහතාය. රඛිත වීරසිංහ දැනට වසර 20 ක කාලපරිච්ඡේදයක සිට වාහනවල ආකෘති විනෝදාංශයක් ලෙස එකතු කරයි. ලංකාවේ විශාලතම වාහන ආකෘතිවල එකතුව ඇත්තේ ඔහුටය. එය ඔහු තම නිවසේ වෙනමම ස්ථානයක පවත්වාගෙන යන්නේය.
“මම කුඩා කාලයේ වාහනවලට කැමැත්තක් දැක්වූවා. ඒ කැමැත්ත අනුව දැනට අවුරුදු 20 ක කාලයක ඉඳන් විනෝදාංශයක් විදිහට වාහනවල ආකෘති එකතු කරනවා. විනෝදාංශයක් විදිහට එකතු කරන අතරේ මගේ ළඟ අතිරේකව තියෙන වාහන ආකෘති විකිණීමත් සිදු කරනවා.”
“මං ළඟ තියෙන වාහන, ගුවන් යානා, හෙලිකොප්ටර් වගේ දේවල්වල ආකෘති මම විදේශ රටවලින් ගෙන්න ගත්තු ඒවා. විශේෂයෙන් එක්සත් රාජධානිය, ඉතාලිය හා තායිලන්තය වගේ රටවල් වලින් මගේ යහළුවන් මාර්ගයෙන් ඒවා ගෙන්න ගන්නවා. එහෙම නැත්නම් මම ඒ රටවලට සංචාරයට යන අවස්ථාවන්වලදී මිලදී ගන්නවා. දැනට මං ලඟ වාහන ආකෘති 2000 ක් පමණ තිබෙනවා. ඊට අමතරව ගුවන් යානා හා හෙලිකොප්ටර් ආකෘති 70 ක පමණ සංඛ්‍යාවකුත්, නැව් ආකෘති 10 ක් පමණ තිබෙනවා.”
මේ අනුව, ඉතාලියේ නිෂ්පාදිත ලැම්බොගිනි, ෆෙරාරි යන වාහන ද, ජර්මනියේ නිෂ්පාදිත බී.එම්.ඩබ්ලියු, මර්සිඩීස්, පෝෂ් යන වාහන ද සහ එක්සත් රාජධානියේ නිෂ්පාදිත ජගුවර් වගේ වාහන ආකෘති රඛිත වීරසිංහ මහතාගේ ආකෘති එකතුවෙන් දැක බලා ගත හැකිය. මෝටර් රථ ලෝලීන් සහ මෙම විනෝදාංශයට කැමැත්තක් දක්වන පිරිස් ඒවා නැරඹීමට ද පැමිණෙති. වාහන ආකෘති පිළිබඳව ද රඛිත වීරසිංහ මෙසේ පැහැදිළි කිරීමක් කළේය.
“වාහන ආකෘති කොටස් දෙකකට බෙදන්න පුළුවන්, එකක් තමයි බලපත්‍ර ආකෘතිය. අනෙක තමයි සෙල්ලම් බඩු ශ්‍රේණිය. මේ දෙකේ වෙනස පැහැදිලි කළොත්, සෙල්ලම් බඩු ශ්‍රේණියට අදාළ වාහන ගැන අපි කව්රුත් දන්නවා. ඒවා මිලෙන් අඩුයි. ඒවා අතින් හදන ඒවා කියලත් කියන්න පුළුවන්. ඒ වාහනවල නියමිත පරිමාවක් නැහැ. නමුත් බලපත්‍ර ආකෘතිය සහිත වාහන ආකෘති නිෂ්පාදනය කරන්නේ, වාහන නිෂ්පාදිත සමාගමේ බලපත්‍ර අවසරයට යටත්වයි. උදාහරණයක් විදිහට, මර්සිඩීස් බෙන්ස් වර්ගයේ වාහන වල ආකෘති තියෙන්නේ, බෙන්ස් සමාගමේ අවසරය පිට නිෂ්පාදනය කරන ආකෘති සමාගමකට. ඒ වාහනයක ආකෘතිය ගත්තොත්, දොරවල් අරින වහන ස්වරූපය, වාහනයේ රෝද හා වීල් හතර, වාහනය මතුපිට ආවරණ තහඩුව යන සෑම දෙයක්ම සත්‍ය වාහනයේ අංගෝපාංග වලින්ම යුක්තයි. ලෝකයේ වාහන සමාගම්වල අවසරය පිට වාහන ආකෘති නිෂ්පාදනය කරන සමාගම් තිබෙනවා. බුරාගෝ, හොට් වීල්ස්, මයිස්ටෝ, මිනිචෑම්ප්ස් හා කින්ස්මාර්ට් යන ඒවා වාහන ආකෘති සමාගම් සඳහා නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2000 සිට වාහන ආකෘති මිල දී ගන්න පුළුවන්. ඒ වගේම පරිමාව, නිෂ්පාදිතය හා මොඩලය අනුව මිල ගණන් වෙනස් වෙනවා. සමහර ආකෘති ලක්ෂ ගණන්, මිලියන ගණන්වලටත් අලෙවි වෙනවා.”
සදාම් හුසේන් භාවිත කළ රථය
තමන් සතුවන වාහන ආකෘතිවල ඵෙතිහාසික විශේෂත්වයන් පිළිබඳව ද රඛිත වීරසිංහ සඳහන් කළේය.
“මම දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නායකයින් පරිහරණය කළ වාහන වගේම, යුද්ධ තත්ත්වවලදී පරිහරණය කළ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ නැව් ආකෘති එකතු කරන්න මූලිකත්වය දුන්නා. මර්සිඩීස් බෙන්ස් වර්ගයේ කාර් රථ ගැන සඳහන් කරන විට මර්සිඩීස් කෞතුකාගාරයේ තියෙන සියලුම වර්ගයේ වාහන, ඒ කියන්නේ මර්සිඩීස් සමාගමේ නිෂ්පාදිත පළමු වාහනයේ සිට මෙතෙක් නිෂ්පාදිත සියලු වාහනවල, වාහන ආකෘති මං ලඟ තිබෙනවා. දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ හිට්ලර් භාවිත කළ සියලු කාර් රථවල ආකෘති තිබෙනවා. ඒ වගේම සදාම් හුසේන් තම අවසන් සමයේ දී මර්සිඩීස් 600 රථයක් පාවිච්චි කළා, ඒ වාහනයේ ආකෘතිය තිබෙනවා. ඊට අමතරව දෙවන ලෝක යුද සමයේ භාවිත කළ එච්.එම්.එස්. බිස්මාක්, යූ.එස්.එස්. ඇරිසෝනා හා පර්ල් වරායේ දී විනාශයට ලක් වුණ එච්.එම්.එස්. ප්‍රින්සස් ඔෆ් වේල්ස් යන ලෝක ප්‍රසිද්ධ නැව් ආකෘති තිබෙනවා. තවද, වියට්නාම් යුද්ධයේ දී පාවිච්චි කළ හෙලිකොප්ටර් ආකෘති සියල්ලක්ම වගේ තිබෙනවා. ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා පාවිච්චි කළ ලින්කොන් වාහනයේ ආකෘතියත් තියෙනවා. ඒ වාහන ආකෘතිය මම ගෙන්න ගත්තෙ ගිය සතියෙයි.”
“ඒ වගේම එලිසබත් රැජිනගේ විවාහ උත්සවය දවසේ ඇය ගමන් කළ අශ්ව කරත්තයේ ආකෘතිය, ලෝකයේ පළමුවෙනි හාලිඩේවිඩ්සන් මෝටර් සයිකලයේ ආකෘතියත් මගේ ආකෘති එකතුවේ දැක ගන්න පුළුවන්.”
එසේම ලංකාවේ පැවති තිස් අවුරුදු යුද්ධයේ දී රාජ්‍ය හමුදා විසින් භාවිත කළ මිග් 20, මිග් 1, කෆීර්, එම් අයි 24 වැනි හෙලිකොප්ටර් හා ගුවන් යානා ආකෘති ද මෙහි දී දැක ගත හැකිය.
හිට්ලර් භාවිත කළ රථය
එලිසබෙත් රැජින ලංකා සංචාරයේදී භාවිත කළ රථය
ජෝන් එෆ්. කෙනඩි භාවිත කළ රථය
“ලංකාවේ 50 දශකයේ සහ ඉන් පසු කාලයේ පාවිච්චි කළ ඕපල් කාර්, වොක්ස් වැගන්, බීට්ල්, මොරිස් මයිනර්, පර්ජෝ, ෆෝඩ් වර්ගයේ වාහන ආකෘති සියල්ලක්ම වගේ මගේ එකතුවේ තිබෙනවා. ලංකාවේ පාවිච්චි කළ ලේලන්ඩ්, රූට් මාස්ටර්, බෙඩ් ෆෝඩ් සහ පැරණි බස් රථ හා ඩබල් ඩේකර් බස් ආකෘති තිබෙනවා.
මීට අමතරව ඉංග්‍රීසි චිත්‍රපටි හා කතා මාලාවල ප්‍රසිද්ධියට පත්වුණ වාහන, උදාහරණයක් විදිහට නයිට්රයිඩර් කතා මාලාවේ කිට් නමැති කාර් රථයේ ආකෘතිය මං ළඟ තිබෙනවා. මේ සියලුම ආකෘති සමාගමේ බලපත්‍ර ඇතිව නිෂ්පාදනය කළ වාහන ආකෘති බව කියන්න ඕන.”
“ලංකාවේ හිටපු රාජ්‍ය නායකයින් සර් ජෝන් කොතලාවල, සිරිමාවෝ මැතිනිය හා චන්ද්‍රිකා කුමාරතුංග පාවිච්චි කළ වාහන ආකෘති ද දැක ගන්න පුළුවන්. එළිසබත් රැජින ලංකාවට ඇවිත් සංචාරය කළ ඩයිම්ලර් කාර් රථයේ ආකෘතියත් මගේ එකතුවේ තිබෙනවා.
අප මනසට ආවේනික වූ රිද්මයක් ඇත. ඒ රිද්මයට අනූව මනස ක්‍රියාත්මක වෙනවිට මනසට සැහැල්ලුවක් දැනෙනු ඇත. ඒ අනුව අප විනෝදාංශයක් ලෙස තෝරා ගන්නේ අප ආස කරන ක්‍රියාවකි. එම ක්‍රියාවේ යෙදෙන විට මනස එයට ආවේණික රිද්මයකට ක්‍රියාත්මක වේ. වර්තමානයේ සියලු විනෝදාංශයන් ජංගම දුරකථනය ගිලගෙන තිබිය දී තම විනෝදාංශය වෙනුවෙන් කාලය වෙන් කිරීම පිළිබඳව රඛිත වීරසිංහට ඇත්තේ සතුටකි. එය ඔහුගේ ප්‍රායෝගික ජීවිතයට කෙතරම් වැදගත් ද යන්න ඔහුගේ සැහැල්ලුබව තුළින් මනාව පසක් වේ.
“මේවා අදට වඩා ඉදිරියටයි වැදගත් වෙන්නේ. ආධුනික කෙනෙකු වාහන ආකෘති එකතු කරන්නට ළැදියාවක් දක්වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ද තොරතුරු කියා දෙන්න මම කැමතියි. ඒ වගේම මුහුණු පොතේ Diecast Museum හරහා මාව සම්බන්ධ කර ගන්න පුළුවන්.” යනුවෙන් රඛිත වීරසිංහ අවසානයේ දී සඳහන් කළේය.
එම්. තාරික්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලියූ “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කෘතියෙහි මෙම උපුටනය, එකල පැවැති දේශපාලන පරිසරය හඳුනා ගැනීම පිණිසය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළමුව බස්නාහිර පළාත් මහ ඇමතිනිය වී පසුව ජනපතිවරිය වීමට පෙර මාස දෙකක කාලයක් සඳහා අගමැතිවරිය ලෙස කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹමින් එතෙක් මෙතෙක් නොපිහිටවූ වාර්තා රැසක් තැබීමට ජාතික ජනබලවේගය මෙවර මහමැතිවරණයෙන් සමත් විය.
පරම්පරා දේශපාලනය ලංකාවට අමුත්තක් නොවේ. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී ලංකාව පාලනය කර තිබෙන්නේ පවුල් කීපයක් බව අපට බැලූ බැල්මට පෙනෙන කාරණයකි.
දේශපාලන වේදිකාව කාගේත් මතකයට නැගෙන්නේ පොර පිටියක් ලෙසිනි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවන වාද විවාද ඇතැම්
පෘථිවියේ සෑම ජීවියෙකුට ම තම ජීවිතය පවත්වා ගැනීමට ආහාර අත්‍යවශ්‍ය වේ. ඒවා සැකසීමකින් තොරව, අර්ධ වශයෙන් සැකසීමෙන් හෝ සම්පූර්ණයෙන් සැකසීමෙන් පරිභෝජනය ක
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ලොකු වාහනවල පොඩ්ඩෝ ලොකුවට තියන තැන