IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි

නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ කලාවට පිවිස, "ගිනි අවි සහ ගිනි කෙළි" චිත්‍රපටයේ බෝගවත්තේ ලකීගේ ජීවිතේ නැති කරන්න ආ සරාගී යුවතිය ලෙසින් ද "ලලයි ලිලයි ලයි" ටෙලි නිර්මාණයේ ජීවා ලෙසින් ද රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනූ ඈ නමින් තාරා කළුආරච්චියි. මේ ඈ සමඟ සඳැල්ල කළ කතාබහයි.

  • තාරා ගැන විස්තර ටිකක් කියලම අපි කතාව පටන් ගමු.

මුලින්ම කියන්න ඕනෙ මගේ නම නයනතාරා කළුආරච්චි. ඒ වුණත් පාසල් කාලේ ඉඳන් ගොඩක් අය මට කතා කළේ තාරා කියලා. ඒ නමින් තමයි දැන් ක්ෂේත්‍රය ඇතුළෙත්  හැමෝම මාව අඳුරන්නෙ. මම ගැන කිව්වොත්  දැනට අවුරුදු දහයකට විතර කලින් නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් මේ වෙන කොට රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන සාමාන්‍ය සරල චරිතයක්. 

  • ඔබ ක්ෂේත්‍රයට එන්නෙ නිරූපණ ක්ෂේත්‍රය හරහා. ඒ ගැනත් අපි  මතක් කළොත් ?

මම 2013 වසරෙදි තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ. ඒ bridal model කෙනෙක්  විදිහට.  දැනටත් කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ රැකියාව මොකක්ද කියලා ඕනෙම තැනකදි මම කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය කියලා. මොකද මම ඉස්සෙල්ලම අඳින්නේ මනමාලියක් විදිහට. මේ අවුරුදු දහය ඇතුළෙ මම හිතන්නෙ මම 1500 වතාවකට වැඩිය මනමාලියන්ට ඇඳලා තියෙනවා. 

  • නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු තාරා රංගනයට  සම්බන්ධ වුණේ කොහොම ද ?

ඇත්තටම මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ ඩිලාන් අයියව. එයා තමයි මුලින්ම මට සියත නාලිකාව ඔස්සේ විකාශය වුණ එන්කවුන්ටර් 2 කියන ඩ්‍රාමා එක හරහා රංගනයට පිවිසෙන්න අවස්ථාවක් ලබා දුන්නෙ. ඒත් සමඟ මට රංගන අවස්ථා කීපයක් ලැබුණා. ලොක්කි 2, සීසර්ලා වගේ ටෙලි නිර්මාණවල. ඊට අමතරව සිනමා ක්ෂේත්‍රයේ  මම හරිම ආස චරිතයක් තමයි උදයකාන්ත වර්ණසූරිය කියන්නේ. උදයකාන්ත සර්ගේ චිත්‍රපට දෙකකටත් සම්බන්ධ වෙන්න මට  අවස්ථාව ලැබුණා. එකක් ළඟදි තිරගත වුණ "ගිනි අවි සහ ගිනි කෙළි" දෙවැනි කොටස. ඊළඟට "සාජන් පුඤ්ඤසෝම" තිරගත වෙන්න තියෙනවා.

  •  තාරා පාසල් කාලය තුළත් කලා කටයුතු කළාද ?

මම පාසල් ගියේ අනුරාධපුර නිවන්තක චේතිය ජාතික පාසලට. තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මට පාසල්  පහ හයකට මාරු වෙන්න වුණා. කලාව පැත්තෙන් ගත්තොත් පාසලේ මම කැපී පෙනෙන නර්තන ශිල්පිනියක්. අදටත් මම නර්තනය හදාරනවා. ඊට අමතරව ඩ්‍රාමා, ක්‍රීඩා එහෙමත් කළා. පාසල් කාලේ ශිෂ්‍ය නායිකාවක් වගේම  ක්‍රීඩා අංශයේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක් විදිහටත් නෙට්බෝල් , බාස්කට්බෝල්, හොකී වගේ ඉවෙන්ට්ස් දෙක තුනක්ම කළා.

  • කවදහරි රංගන ශිල්පිනියක් වෙනවා කියලා හීනයක් තිබ්බ ද?

මම ඉපදුනේ අනුරාධපුරයේ. ඉස්සර සැලොන්වල බෝඩ් දකිද්දි මටත් ඒ විදිහට නිරූපිකාවක් වෙන්න  බැරි වෙයිද කියලා හිතිලා තියෙනවා. මොකද  මගේ දෙමාපියන් ගමේ නිසා එයාලා හිතන විදිහ වෙනස්, පරම්පරා වෙනස් ඒ දේවල් එක්ක, මගේ හීනයක් තිබ්බා කවදහරි ලංකාවම දන්න කෙනෙක් වෙන්න ඕනෙ කියලා. ඒක නිරූපිකාවක් විදිහටද රංගන ශිල්පිනියක් විදිහටද කියලා දැනන් හිටියෙ නැහැ. අපි හැමවෙලාවෙම මොකක් හරි හීනයක් දැක්කොත්, ඒ හීනෙට වැඩ කළොත් ඒ හීනෙට අනිවාර්යයෙන් ළගා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම චූටි කාලේ ඉඳන් හිතපු දේ දැන් සාර්ථක වෙන්න පටන් අරන් තියෙන්නෙ කියලා මට හිතෙනවා.

  • මේ දවස්වල වැඩකටයුතු මොනවද?

මම විශේෂයෙන්ම මනමාලියන්ට අඳින කෙනෙක් නිසා ගොඩක් වෙලාවට ඒ වැඩ කරනවා. ඒ වගේම  රස රහසක් ටෙලි නාට්‍යයේ රුමලි කියන චරිතෙට සහ  සිහින ගෙනෙන කුමාරියේ ක්‍රිස්ටිනා කියන චරිතෙටත්  මම රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව මේ දවස්වල ස්වර්ණවාහිනියේ අලුත් ටෙලි නිර්මාණයකත් වැඩකටයුතු කරගෙන යනවා.

  • මොන වගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ලැබෙන්නෙ ?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා. බොහෝ ප්‍රේක්ෂකයො මාව අඳුරගත්තෙ ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයෙ ජීවා විදිහට. ඉතින්  පාරෙදි දැක්කත් අහනවා. එතකොට නිහතමානී සතුටක් දැනෙනවා. මොන ප්‍රතිචාර ලැබුණත් මම එදා විදිහටම සරලව ජීවත් වෙනවා.

  • අලුත් නිර්මාණවලටත් ආරාධනා ලැබෙනවද?

අලුත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා මේ වෙනකොට වැඩ කටයුතු කරගෙන යනවා. එකක් තමයි ස්වර්ණවාහිනියෙ ඉරට හැතැක්මයි කියන ටෙලි නිර්මාණය. ඒ නිර්මාණයේ මගෙ චරිතය මෙච්චර කල් මම කරපු චරිතවලින් සෑහෙන්න වෙනස් චරිතයක්.පෙබරවාරි මැද වගේ ඒක විකාශය වෙයි. අනිත් නිර්මාණයේ නම තාම අපිටවත් කියලා නැහැ. ඒකෙ ටීෂා කියලා  කෙළිලොල්, පිරිමි ළමයි ආශ්‍රය කරගෙන යාළුවොත් එක්ක ටිකක් රස්තියාදුකාර විදිහට ඉන්න චරිතයක් තමයි ති​ෙයන්නේ. ඒ වගේ එකකට එකක් වෙනස් චරිතවලට ආරාධනා ලැබෙනවා.තව චිත්‍රපට දෙක තුනකත්  ඉස්සරහට  වැඩ තියෙනවා.

  • රංගනයේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ කොතනද?

මම හිතන විදිහට මගෙ හැරවුම් ලක්ෂ්‍යය "ලලයි ලිලයි ලයි" ටෙලි නාට්‍යයේ ජීවා. මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා සුපුන් රත්නායක අයියට. ඒකෙන් තමයි මාව ගොඩක් දෙනෙක් අඳුරගන්නෙ. ඒ වගේම මම මෙතෙක් රංගනයෙන් දායක වුණ හැම චරිතෙකටමත් ගොඩක් ආදරෙයි. මාව විශ්වාස කරලා ඒ චරිත මට භාර දෙන අධ්‍යක්ෂකවරුන්ටත් මම ගොඩක්  ස්තූතිවන්ත වෙනවා. ඉරට හැතැක්මයි කියන අලුත් නිර්මාණයෙත් මට තියෙන්නෙ මම  කවදාවත් හිතපු නැති චරිතයක්. මේරි කියලා වැල්ලේ ජීවත් වෙන, සැමියා නැති වුණත් වැල්ලේ ගොඩක් කට්ටියගෙ ආකර්ෂණයට ලක්වෙන කාන්තාවක්ගෙ චරිතයක්. ඒකෙ භාෂාව පවා වෙනස්. නමුත් ඒ වැඩේ මෙහෙයවන්නෙ අපේ සුමිත් අයියා. එයා චිත්‍රපටි ගොඩක් කරපු හොඳ අධ්‍යක්ෂකවරයෙක්. එයා තනිකරම රංගන පාසලක් කිව්වොත් හරි. 

  • ඇත්ත ද කට්ටිය ඔයාට ලංකාවේ ආශ්චර්යා කියනවා කියන්නේ ?

පාසල් යන කාලේ  එහෙම සමහරු කියලා තියෙනවා.  මෑතක මනමාලියන්ට අඳින්න ගත්තම තමයි විශේෂයෙන්ම එහෙම කියන්න ගත්තෙ. මම කැමතියි ඉතින්  ඒක නඩත්තු කරන්නත්.

  • පවුලෙන් ලැබෙන සහයෝගයත් මතක් කළොත් ?

මගෙ පවුලේ අම්මයි තාත්තයි අයියලා දෙන්නෙකුයි නංගියි ඉන්නවා. ඇත්තටම පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ නැහැ. මොකද එයාලා මේ ක්ෂේත්‍රය ගැන ගැඹුරට දන්නෙ නැහැ. එපා කියන්නේ නැහැ. හැබැයි හැම තිස්සෙම කියන්නේ කරන දෙයක් පරිස්සමෙන් කියලා. මමත් ගොඩක් වෙලාවට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩක් භාර ගත්තත් ඒක මට, මගෙ පවුලේ අයට  සුදුසු නැහැ කියලා හිතුණොත් කරන්නෙ නැහැ. මොකද අංක එක මට පවුල. ඊට අමතරව මගේ හැමදේටම උදව් කරන ටික දෙනෙක් මාත් එක්ක  ඉන්නවා. එයාලට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 

  • තාරා පෙම්වතියක් ද? 

ඔව්

  • ආදරේ ගැන තාරා මොකද හිතන්නෙ ?

ආදරේ කරලා තමයි ජීවිතේ ගැන ගොඩක් දේවල්  ඉගෙන ගත්තෙ. මම අවුරුදු නවයක් මේ කොළඹ තනියම ඉන්නෙ. මම මේ හැමදේටම හුරු වෙලා පොළොවෙ පය ගහලා ඉන්න පුරුදු වුණේ ආදරේ නිසා. ඇත්තටම ඒක තීරණය වෙන්නෙ අපි තෝර ගන්න කෙනා අනුව. සමහර සම්බන්ධතා තියෙනවා අපේ ගමනට බාධා කරන විදිහෙ. ඒ වගේම  ජීවිතේම වට්ටන්න හදපු චරිතත් මට හම්බවෙලා තියෙනවා. හැබැයි දැන් මට ඉන්නවා උගත් වගේම හැම වෙලාවෙම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. ඉතින් මම හිතනවා හොඳම කෙනාව හරිම වෙලාවේ හම්බ වුණා කියලා.


කෞශල්‍යා ලක්ෂානි


 



අදහස් (0)

මම 1500 වතාවකට වඩා මනාලියන්ට හැඩවෙලා තියෙනවා - තාරා කළුආරච්චි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31248 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13425 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 918 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 275 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site