මානසිකව ගැටලු රැසකින් පෙළෙන හා ඒ තුළ සිය ජීවිත දැඩි ගැටලුකාරී තත්වයන්ට පත්කරගෙන සිටින පුද්ගලයන්ට ඉන් මිදී මනස උසස් කර ගනිමින් සැහැල්ලුවෙන් ජීවත්විය හැකි මානසික වටපිටාවක් නිර්මාණය කරදීමේ සුවිශේෂ කර්තව්‍යයක්, යක්කල “මහා ගුරු’ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආධ්‍යාත්මික හා මානසික සංවර්ධන උපදේශක, වැහිගල සුමේධ හිමි අරඹා තිබේ. ‘මහා ගුරු’ සංකල්පය ‘ඔස්සේ නියුරෝ සයිකොලොජි’ (Neuro Psychology) විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදය තුළින් මිනිසුන්ගේ මනස උසස් කරවීම හා උසස් කළ මනසට පිරිසුදු, නිර්මල බුද්ධ ධර්මය සජීවීකරණය කිරීම මෙමගින් සිදුකරන අතර” මෙය අරමුණු කරගත් තවත් සුවිශේෂී වැඩසටහනක් එළඹෙන වෙසක් පොහෝදා (12දා) උදෑසන 9.00සිට යක්කල නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මීට පෙර කොළඹ දී පැවැත් වූ ‘නියුරෝ සයිකොලොජි’ වැඩසටහනට ඉතා ඉහළ ඇගයීමක් ලැබී තිබූ අතර එම පිරිසගේ ඉල්ලීම මත දිවයින පුරා වැඩසටහන් මාලාවක් පැවැත්වීමට වැහිගල සුමේධ හිමියන් අපේක්ෂා කරන අතර මැයි 18දා මහනුවරදී ද තවත් වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ ඒ පිළිබඳව ආධ්‍යාත්මික හා මානසික සංවර්ධන උපදේශක වැහිගල සුමේධ හිමි සමග කළ සංවාද සටහනකි.
‘නියුරෝ සයිකොලොජි’ විද්‍යාත්මක ක්‍රමවේදය
අද සමාජය අතීතයට වඩා ගොඩක් දියුණුයි. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා අධ්‍යාපනික වශයෙන්, තාක්ෂණික වශයෙන් හා දැනුමෙන් දියුණුයි. ලෝකයේ විද්‍යාව කියන විෂය නිරන්තරයෙන් අලුත් වෙනවා. අපිටත් දේවල් තේරෙනවා.
බුදු රජාණන් වහන්සේ ධම්ම පදයේ පළමු ගාථාව ලෙස දේශනා කරනවා ‘මනෝ පුබ්බං ගමා ධම්මා’ යනුවෙන්. මනස සියල්ලට ප්‍රමුඛව ගමන් කරයි යනුවෙන් තමයි ඉන් අදහස් වෙන්නෙ. මනස සියල්ලට ප්‍රමුඛව ගමන් කරනවා, ගොනා බැඳි කරත්තය වගේ මේක එන්නෙ, කියන අදහස තමයි මෙතන කෙටි කරලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නෙ. මනස උසස් කරගත්තෙ නැත්නම් ගොනා කියන අදහස නොකියා කියන ගමන්, මනස උසස් කරගත්තොත් (මනෝ උස්සාන) මනුස්සානං කියලා කියනවා.
අපි ඇත්තට ‘නියුරෝ සයිකොලොජි’ (Neuro Psychology) කියන්නේ මනස තුළ වැඩකරන මේ සියුම් ක්‍රියාවලිය විද්‍යාත්මකව, ධර්මානුකූලව, ධර්ම විෂයට ද අනුකූලව නිවන් මාර්ගයට ද අනුව එකට ගැට ගැසීමයි.
‘නියුරෝ සයිකොලොජි’ විද්‍යාත්මක ක්‍රමවේදය තුළින් මිනිස්සුන්ට මනස හදාගන්න, මනස උසස් කරගන්න හැකියාව ලැබීම තුළ මනසට එන ආතතිය, පීඩනය, මනසේ නොසන්සුන්තාව, කලබලකාරිත්වය මඟහරවාගෙන සැනසීම උදාකරගන්න පුළුවන්. මම මේ ‘නියුරෝ සයිකොලොජි’ තුළින් මේ ලෝකේ එක් එක් සත්වයාගේ මනස ගැට ගැසිලා තියෙන තැන්වලින් මනස ගලවාගන්නේ කොහොමද කියලා විද්‍යානුකූලව, ධර්මානුකූලව කියා දෙනවා.
මෙවැන්නක් කිරීමට තිබෙන සුදුසුකම
![]() |
වැහිගල සුමේධ හිමි |
අවුරුදු 30ක කාලයක් තුළ මැටි ගොඩක්ව තිබූ මගේ මනස, බුද්ධ රූපයක් ගොඩනගන තත්වය දක්වා මම දියුණු කරගත්තා. ඒ දියුණු කරගැනීම තුළ මම ඒක කළේ කොහොමද කියන අත්දැකීම මා සතුව තිබෙනවා. වරදින හේතු ටික දන්නවා. මිනිස්සු හිතන විදිහ දන්නවා. මිනිස්සු හිතන සයිකොලොජි පැට්න් එක දන්නවා. මෙන්න මේ පිළිබඳව මා වෙත ඇතිවෙන්නා වූ අසහාය කුසලතාව තුළ මට තේරෙනවා මනසක් හැසිරෙන ආකාරය.
උදාහරණයක් විදිහට වතුර භාජනයක් අරගෙන ඇවිදින විට, හෙල්ලීම තුළ මතුවෙන රැලි අපට පෙනෙනවා වගේ මට මිනිසුන්ගේ මනස හැසිරෙන විදිහ පෙනෙනවා.
මම මගේ මනස වෙනස් කරගත්තා වගේම, තවත් බොහෝ පිරිසකගේ මනස උසස් කරන්න කටයුතු කළා සහ කරමින් සිටිනවා. මම ලස්සන බුදුරුවක් හඳලා තියෙනවා. මම වැඩ කරලා, වැඩ කරලා තමයි මිනිසුන් සමූහයක් සිටින ‘ඕඩියන්ස්’ එකකට කතා කරන්නෙ. මා සතු පරිණතභාවය තමයි මගේ සුදුසුකම වෙන්නෙ. මාව සමාජයේ ඇතමුන් හඳුන්වන්නේ ‘මහා ගුරු’ කියලා. ඔබගේ හදන්න ඕනෑ තැන වගේම දෙන්න ඕනෑ මැසේජ් එකත් මොකක්ද කියලා මම දන්නවා. අපි හැමෝගෙම වැරදි සයිකොලොජි පැට්න් එක නිවැරදි කරන්න තමයි මහා ගුරු කියන සංකල්පයත් එක්ක ‘නියුරෝ සයිකොලොජි’ විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයත් අරගෙන එන්නෙ.
මනස උසස් කිරීම
මිනිස්සු ඇති තරම් බණ අහලා තියෙනවා. මිනිස්සු ඇති තරම් දන් දීලා තියෙනවා. මම දැන් අහනවා ‘ඔබ නිවිල ද’? කියලා. මම මේක අපේ පළමු වැඩසටහන වෙනුවෙන් වීඩියෝවක් ලෙස හදලා දැම්මම, මිනිස්සු ඒකත් එක්කත් රණ්ඩු වෙනවා.
මිනිස්සු නිවිලද ඇහුව්වම මිනිස්සු ඒකත් එක්ක රණ්ඩු වෙන්නේ ඇයි? ඒ අයගේ මනස විකෘති වෙලා තියෙනවා. අද මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම්, රෝහල්, වාහන ආදි මෙටීරියල් ලෙවල් එකේ ප්‍රශ්න විසඳිලා තියෙන්නේ. හැබැයි මිනිස්සු කොච්චර ප්‍රශ්න ගොඩක ද ඉන්නෙ. ඊට හේතුවෙලා තියෙන්නෙ මිනිස්සුන්ගේ මනස හැදිලා නෑ, මනස හදලා නෑ. මනස පිරිහිලා, මනස ලෙඩ වෙලා, මනස අසරණ වෙලා, මනස විකෘති වෙලා ආදි ලෙස, මනස ඉතා පල්ලෙහා තැනක තියෙන්නෙ. මෙන්න මේ නිසා අපි මිනිසාගේ මනස උසස් කිරීමෙනුයි. ඒ නිසා තමයි අපි මිනිස්සුන්ගේ මනස හදන වැඩේ පටන් ගත්තෙ.
මනස උසස් කර ගැනීමට ඇතිව තිබෙන බාධා
මේ සඳහා බලපා තිබෙන ප්‍රධාන සාධකය තමයි අපේ අධ්‍යාපනය. අපේ අධ්‍යාපනයෙන් කියලා දුන්නෙ නෑ, ඒ ලබන දැනුම අපේ මනස ඇතුළෙ කොහෙ කොහෙද තියාගන්න ඕනෑ කියලා. මිනිස්සුගේ මනස විකෘති වෙලා තියෙන්නෙ මනසේ සංවිධානයක් එහෙම නැත්නම් මනස ‘ඕර්ගනයිස්’ නැතිකම නිසයි.
මනස ඕර්ගනයිස් කරගන්න දන්න කෙනා ඒක ඇචිව් (Achieve) කරනවා. ඒ දවසට අදාළව මනසෙ හදාගත්ත වැඩ ටික අවසන් කළහම වැඩ ඉවරයි කියන හැඟීම ඔහු තුළ ඇති වෙනවා.
නමුත් මනස ඕර්ගනයිස් කරගන්න දන්නෙ නැති නිසා මිනිස්සුන්ට වැඩ ඉවරයි කියන හැඟිම ඇති වෙන්නේ නෑ. මිනිස්සු බිසී වෙලා තියෙන්නෙ මෙන්න මේ ඕගනයිස් නැතිකම නිසයි. මම හැමදාම උදේ පටන් ගන්න වැඩ ටික හවසට ඉවර කරනවා.
මම මේ වෙනවිට මිනිස්සුන්ගේ මනස ඕගනයිස් කරගන්න විදිහ ගැන ආයතන මට්ටමින් වැඩමුළු යුරෝපයේ ප්‍රමුඛ ආයතන තුළ සිදුකරමින් සිටිනවා. වැඩ ඉවරයි කියන හැඟීම (Feel) ඇතිවුණේ නැත්නම් මොළයෙන් ‘‘ඩොපමයින්’’ නිකුත් වෙන්නේ නෑ. ඒ වෙනුවට ‘‘කෝටිසෝල්’’ නිකුත් වෙමින්, නිකුත් වෙමින් තිබීම තුළ ස්ට්‍රෙස් ඇති වෙනවා.
මිනිසුන්ගේ මනස ලෙඩ වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ දැනුම විතරක් පුරවාගෙන මනස ඕර්ගනයිස් කර නොගැනීමයි. මේ නිසා මනස ඕර්ගනයිස් කරගැනීම තුළ වැඩ ඉවරවෙනවා. එවිට කෝටිසෝල් නිකුත්වෙමින්
ස්ට්‍රෙස් වීම වෙනුවට ඩොපමයින් නිකුත්වී මනසට සතුටක්, සැනසීමක් දැනෙනවා.
වැඩකරන අයට මනස ඕර්ගනයිස් කර ගැනීම සරල පියවර කිහිපයක්
ඔබ වැඩ කරනවා කියන කාරණයේ දී (කාර්යාල වැඩ, නිවසේ උයන පිහනවැඩ, පාඩම් කිරීම ආදි ඕනෑම ක්‍රියාවක්) ජොබ් එකක් ලෙස ගෙන එය සිදුකරන්න.
උදාහරණයක් ලෙස, පාඩම් කරන දරුවෙකු ගත්තොත්, අද දවසේ මම මෙන්න මේ කොටස පාඩම් කර අවසන් කරනවා, කියන ඉලක්කයට අනුව කටයුතු කර අවසන් කරනවා නම් ඒක තමයි ජොබ් එක.
තවත් උදාහරණයක් ලෙස, උයනවා, අතුගානවා, රෙදි හෝදනවා යන කාර්යන් ජොබ් 3ක් ලෙස ගෙන සිදුකර අවසන් කරන්න. එසේ නැතුව මේ තුනම ඔහේ කරන්න ගියොත් ජොබ් අවසන් වෙනවා කියන හැඟීම ඇතිවෙන්නේ නෑ. එවිට මහත්තයා ගෙදර එනකොට නෝනට තරහ ගිහින් ඉන්නෙ. මොකද වැඩ (ජොබ්) අවසන් නෑ කියන හැඟීමෙන් සිටින නිසයි. මහත්තයත් ගෙදර එන්නෙ තරහෙන්, මොකද ඔහුගෙත් වැඩ ( ජොබ්) අවසන් කියන හැඟීම ඔහු තුළ නෑ.
හැබැයි ජොබ් කරන අයට ඕනෑ වෙලාවක ජොබ් එක ඉවර කරන්න පුළුවන්. එහෙම නැතුව වැඩ කිරීම ජීවිතය කර ගත්තොත් තමයි ගැටලුව ඇතිවෙන්නෙ. අපි ජීවිතය කරගත යුත්තේ වැඩ කිරීම නොව සතුට, සැනසීම හා නිවීම පමණයි.
ජීවිතයට අරමුණක් හදාගන්න
ඔබේ මනස ඕගනයිස් කර ගැනීම සඳහා ඔබේ ජීවිතයට අරමුණක් ඇතිකර ගන්න. ඇයි මම ජීවත් වෙන්නේ, කියන කාරණය හොයා ගන්න. ඒ තුළත් ඔබේ මනස උසස් කර ගැනීමට ලොකු පොයින්ට් එකක් ඔබ තුළම උපදිනවා. මම ඒකට උත්තර දෙන්න යන්නෙ නෑ, කාලය අරගෙන ඔබම ඒ පිළිතුර හොයාගන්න. ඔබේ මනසේ ඇතිවෙන ලෙඩ ගොඩක් හොඳ කරන්න ඒ පිළිතුරට පුළුවන්.
මීළඟ වැඩසටහන්
අපි වෙසක් පොහෝදා (12දා) උදෑසන 9.00යේ සිට ප.ව 2.00 දක්වා යක්කල නගර සභා ශ්‍රවනාගාරයේ දී අපේ මීළඟ වැඩසටහන පවත්වනවා. වෙසක් සම්බන්ධව මිනිස්සුන්ගේ තිබෙන්නේ සංස්කෘතික අදහසක්. ඒ හා බැඳුණු ඉතිහාසයක් හා කලාවක් තිබෙනවා. සංස්කෘතියෙන්, ඉතිහාසයෙන් හා කලාවෙන් මිනිස්සු හැදෙන්නෙ අල්ප වශයෙන්.
හැබැයි එදාට මම සැබෑ බුදු උපත මිනිසුන්ගේ මනස තුළ සජීවීකරණය කරනවා. ඒ තුළ තිබෙන දහම මනස තුළ සජීවීකරණය කරනවා.
උදාහරණයක් විදිහට සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මෙන්න හේතුවක් වුණේ නළඟනන්ගේ විකාර රූපී බව දැකීමෙන්. මේ නිසා මම ප්‍රේක්ෂකාගාරයට කියනවා “මේ වෙලාවේ ඔබ හැමෝම සිදුහත් කුමාරයා බවට පත්වෙන්න, ඔබ දකින්න, බීමත්, අඩනිරුවත් නළඟනන් තැන් තැන්වල වැටී සිටින ආකාරය වගේම කෑම බීම තැන් තැන්වල වැටී තිබෙන ආකාරය. ඒ කාමය ඔබට විකාරයක් විදිහට දකින්න පුළුවන්ද බලන්න. දැන් ඔබේ ජීවිතයත් විකාරයක් නෙවෙයිද හිතන්න. මේ විකාර ලෝකයෙන් නික්මෙන්න ලෑස්තිද? කියලා මම හිත එළියට ගන්නවා.“
එසේම අනෙක් වැඩසටහන මැයි 18දා උදෑසන 9.00 සිට ප.ව 2.00 දක්වා මහනුවර කරළිය ශ්‍රවණාගාරයේ දී පවත්වනවා. මහනුවර වැඩසටහන තමයි මගේ ප්‍රාතිහාර්ය තිබෙන්නෙ. ඒ නිසා ඇවිත් බලන්න කියන පණිවිඩය විතරක් ඔබට දෙනවා.
ඔබට මේ පිළිබඳ වැඩි විස්තර 0777100490 මගින් ලබාගත හැකියි.
නිරෝෂාන් ප්‍රේමරත්න
මානසිකව ගැටලු රැසකින් පෙළෙන හා ඒ තුළ සිය ජීවිත දැඩි ගැටලුකාරී තත්වයන්ට පත්කරගෙන සිටින පුද්ගලයන්ට ඉන් මිදී මනස උසස් කර ගනිමින් සැහැල්ලුවෙන් ජීවත්ව
“අනේ මගේ දුවට පාසලේ ගණිත ගුරුවරයා කරපු කරදයක් නිසා තමයි මේ තත්ත්වයට වුණේ. මගේ දුව හැමදේටම දක්ෂ දරුවෙක් . ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. මගේ දරුවා මානසික
2001 මාර්තු මාසයේදී - තලේබාන් සංවිධානය විසින් බාමියන් හි මහා බුද්ධ ප්‍රතිමා වෙත ඩයිනමයිට් දමා විනාශ කිරීම සමස්ත ලෝකය ම කම්පනයට පත් කරන ලද සිදුවීමකි. ඉන් ද
මෙම මැතිවරණයේ දී ජනතාව දුන් ප්‍රධාන පණිවිඩ කිහිපයක් තිබේ. ඉන් එකක් විපක්ෂයටය. විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වුවහොත් ආණ්ඩුව පරාජය කළ හැකි බව එම පණිවිඩයය.
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මනස සුවපත් කරන්න නියුරෝ සයිකොලොජි