2001 මාර්තු මාසයේදී - තලේබාන් සංවිධානය විසින් බාමියන් හි මහා බුද්ධ ප්‍රතිමා වෙත ඩයිනමයිට් දමා විනාශ කිරීම සමස්ත ලෝකය ම කම්පනයට පත් කරන ලද සිදුවීමකි. ඉන් දශක දෙකකට පසු යළිත් ඔවුන් බලයට පත් වී ඇති අතර, ඇෆ්ගනිස්ථානයේ සහස්‍ර ගණනාවක් පැරණි, පූර්ව ඉස්ලාමීය සමයේ නෂ්ටාවශේෂ ඇතුළු උරුමයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව කියා සිටිති.
2021 දී ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගැනීමට මාස කිහිපයකට පෙර පවා තලේබාන්වරු රටේ පෞරාණික කෞතුක වස්තු ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටි අතර, එය නිරීක්ෂකයින් අතර සැක මතු කරන්නක් විය.
ඇෆ්ගනිස්ථානයේ “මෙම කෞතුක වස්තු සහ ස්ථාන දැඩි ලෙස ආරක්ෂා කිරීමට, නිරීක්ෂණය කිරීමට සහ සංරක්ෂණය කිරීමට සියලු දෙනාටම වගකීමක් ඇතැ” යි ද - ඒවා අපේ රටේ ඉතිහාසය, අනන්‍යතාව සහ පොහොසත් සංස්කෘතියේ කොටසක්” වෙන බව ද, තලේබාන් බලධාරීහු එම වසරේ පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළහ.
ඔවුන් නැවත බලයට පැමිණීම සහ දශක ගණනාවක යුද්ධය අවසන් වීමෙන් පසු පුරාවිද්‍යාත්මක සොයාගැනීම් - විශේෂයෙන් ම බුද්ධාගමට සම්බන්ධ බලධාරීන් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද සොයාගැනීම් සමගින් යළි කතාබහට ලක්වීම ආරම්භ විය.
නැගෙනහිර ලග්මන් පළාතේ, ගෝවර්ජන් ගම්මානයේ පාෂාණවල කැටයම් කරන ලද නිකේතන වැනි ස්ථාන, වසර 2,000 කට පෙර ගෝබි කාන්තාරයේ සිට ගංගා නදිය දක්වා විහිදුණු කුෂාන් අධිරාජ්‍යය දක්වා දිවෙන ගබඩා කාමර බවට විශ්වාස කෙරේ. එසේම ලග්මන් හි කැටයම් කරන ලද බ්‍රාහ්මීය සෙල්ලිපි ද, වයින් සඳහා මිදි තැළීමට භාවිත කරන ලද කුහර සහිත ගල් පුවරුවක් ද හමු වී ඇත.
“ඇෆ්ගන් ඉතිහාසය වසර 5,000ක් ඈතට දිව යන බව කියනු ලැබේ. මෙම පුරාවස්තු එය සනාථ කරයි; එපමණ කලක සිට මිනිසුන් එහි වාසය කරන ලදී ” යනුවෙන් පළාත් සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මොහොමඩ් යාකුබ් අයුබ් පැවසී ය.
“ඔවුන් මුස්ලිම් වුවත් නැතත්, ඔවුන්ට මෙහි රාජධානියක් පැවතුණි” යනුවෙන් ඔහු AFP වෙත පැවසී ය. මෙම ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා තලේබාන් බලධාරීන් විශාල අවධානයක් ලබාදෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. ඒ සමීපයෙහි පිහිටි ගස්නි පළාතේ, තොරතුරු හා සංස්කෘතික ප්‍රධානී, හමිදුල්ලා නිසාර් මෙම අදහස් වැඩිදුරටත් තහවුරු කරන ලදී. මෑතකදී හමු වූ බෞද්ධ පිළිම ඇෆ්ගනිස්ථාන ඉතිහාසයේ කොටසක් නිසා, ඒවා ආරක්‍ෂා කර අනාගත පරපුරට දායාද කළ යුතු බව ඔහු පැවසීය.
1996 සිට 2001 දක්වා තලේබාන්වරුන් ගේ පළමු පාලනය තුළ මෙම ප්‍රතිමා වහන්සේලා පිළිබඳ ඉරණම බෙහෙවින් වෙනස් විය. පිළිම වන්දනාව වැළැක්වීම සඳහා, තලේබාන් නිර්මාතෘ, මුල්ලා ඕමාර් විසින් සියලු ම බෞද්ධ ප්‍රතිමා විනාශ කරන ලෙස නියෝග කිරීමෙන් දින කිහිපයකට පසු, මධ්‍යම බාමියන් පළාතේ පිහිටි, වසර 1,500ක් පැරණි යෝධ බුද්ධ ප්‍රතිමා, ග්‍රෙනේඩ් ගසා විනාශ කරන ලද අතර, තලේබාන්වරු ජාත්‍යන්තර විරෝධය හමුවේ වුව ද නොසැලී සිටියහ.
“ඔවුන් ආපසු බලයට පත් වූ විට ද ජනතාව සිතුවේ ඔවුන් ඓතිහාසික ස්ථාන ගැන සැලකිල්ලක් නොදක්වනු ඇති බවයි, නමුත් ඔවුන් ඒවා අගය කරන බව අපට පෙනේ” යනුවෙන් පැවති ජනරජය යටතේ ලග්මන් හි උරුම සංරක්ෂණ අධ්‍යක්ෂ ධුරය දැරූ මොහොමඩ් නදීර් මකාවර් පැවසීය.
2021 දෙසැම්බරයේ දී, තලේබාන්වරු වරක් ඔවුන් පූර්ව ඉස්ලාමීය කෞතුක වස්තු විනාශ කරන ලද ඇෆ්ගනිස්ථාන ජාතික කෞතුකාගාරය නැවත විවෘත කරන ලදී. ඊළඟ වසරේ ඔවුන් චීන සමූහාණ්ඩුවත් සමග සංවර්ධන ගිවිසුමක් යටතේ තඹ ආකරයක් ද ඇති Mes Aynak ඓතිහාසික බෞද්ධ අඩවිය සංරක්ෂණය කිරීම සඳහා Aga Khan Trust for Culture (AKTC) නම් භාරය ඇති කරගන්නා ලදී.
එය අනපේක්ෂිත ඉල්ලීමක් වූ අතර ඇෆ්ගනිස්ථානයේ AKTLA හි ප්‍රධානී අජ්මාල් මයිවන්ඩි පැවසුවේ: සංරක්ෂණ කටයුතු සඳහා සහයෝගය දැක්වීමට බලධාරීන් දක්වන උද්‌යෝගය ද සැලකිය යුතු බවයි. බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම ඔවුන්ගේ කීර්ති නාමයට කෙතරම් හානියක් කර ඇත්දැයි තලේබාන්වරු තේරුම් ගෙන ඇතැයි තමා සිතන බව උරුම සුරැකීමේ ජාත්‍යන්තර සන්ධානය වන ALIPH පදනමේ අධ්‍යක්ෂ වැලරි ෆ්‍රීලන්ඩ් පැවසීය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ‘ඔවුන් අද විවිධත්වයෙන් යුත් පුරාවස්තූන්හි ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන බව පෙනී යන බවයි’.
කෙසේ වෙතත්, විද්වතුන් අවධාරණය කර ඇත්තේ, තලේබාන් බලධාරීන් AIAMRYH උරුමයන් කෙරෙහි එම සැලකිල්ල යොමු නොකරන බවයි. සංගීතය, නැටුම්, ජනප්‍රවාද සහ කාන්තාවන් සම්බන්ධ ඕනෑ ම දෙයක් ඉස්ලාමය පිළිබඳ ඔවුන්ගේ දැඩි අර්ථකථනයන් තුළ හිඳ විග්‍රහ කරති.
‘හෙරාත් නගරයේ ඓතිහාසික සිනගෝගය’ තලේබාන් අත්පත් කර ගැනීමෙන් පසු සංරක්ෂණය කර ඇති අතර, ප්‍රාදේශීය බලධාරීන් මෑතකදී එම වෙබ් අඩවිය සහ නගරයේ හිටපු යුදෙව් ප්‍රජාව කෙරෙහි මාධ්‍ය අවධානය යොමුකිරීමට විරුද්ධ විය. 2016 දී පුරාවස්තු විනාශ කිරීම යුද අපරාධයක් ලෙස සැලකීමත් සමග ඇෆ්ගනිස්ථානය තලේබාන්වරුන්ගේ පළමු පාලන සමයේ සිට උරුමය පිළිබඳ සම්මුතීන් කිහිපයකට අත්සන් කර ඇත.
ජාත්‍යන්තර ප්‍රජාව කෝපයට පත් කිරීමේ අවදානම නොගෙන, තලෙයිබාන් සංවිධානයේ පිළිගැනීම ඇති කර ගැනීම සඳහා ඇෆ්ගනිස්ථානයේ උරුමය ‘රටේ සංචාරක හා ආර්ථික සංවර්ධනය සඳහා විභවයක්’ ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පවසා ඇත. කෙසේ වෙතත්, බලධාරීන් ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී ඇත. එනම් මූල්‍ය සම්පත් හිඟයක් ඇති වීම සහ එසේ ඔවුන් අත්පත් කර ගැනීමෙන් පසු ‘පුරාවිද්‍යා උරුමය හා බැඳි ප්‍රභූත්වය” ඉවත්වීමයි. ආරක්ෂාවේ දුර්වලතා සංචාරක අභිලාෂයන්ට ද බාධාවක් විය හැකි පසුබිමක් පැවතිණි. පසුගිය වසරේ බාමියන් වෙත පැමිණි පිරිසක් මාරාන්තික සටන්කාමී ප්‍රහාරයකට ලක් විය.
ලග්මන් හි කුඩා කෞතුකාගාරයේ, ප්ලාස්ටික් බෑගයක් සහ පුවත්පත්, පිළිමවල ආරක්ෂාව සඳහා තබා ඇති අතර ඉන් එකක් බෞද්ධ දෙවඟනකගේ මුහුණ නිරූපණය කරයි. එය සොයාගන්නා ලද්දේ පසුගිය වසරේ ගොවිපළක, එළදෙනුන් සහ එළුවන් අතර තිබියදී ය
දශක හතරක ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් බාධා වූ ක්‍රියාවලියක් වෙන පුරාවිද්‍යා වස්තූන්හි නිශ්චිත වයස තීරණය කිරීම සඳහා ඒවා නිසි ලෙස සංරක්ෂණය කිරීමට සහ අධ්‍යයනය කිරීමට ඔහුට උපකාර අවශ්‍ය බව අයුබ් පවසයි. 2023 දී චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්‌යේෂකයන් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, තවමත් “ක්‍රියාකාරී ලෙස කොල්ලකෑමට” ලක්ව ඇති පුරාවිද්‍යා අඩවි 30කට වැඩි ප්‍රමාණයක් සමඟ කොල්ලකෑම අඛණ්ඩ ව සිදු කෙරෙමින් පවතී. සංරක්ෂණ ව්‍යාපෘති අඩපණ නොවුවද, මයිවාන්ඩි පවසන්නේ මෙය සුභවාදී වුව ද සුපරික්ෂාකාරී විය යුතු තත්ත්වයක් වෙන බවත් එම තත්ත්වය ඉක්මනින් වෙනස් විය හැකි බවත් ය.
(AFP ඇසුරෙනි)
ලවංගා මාධවී දෑරංගල
මානසිකව ගැටලු රැසකින් පෙළෙන හා ඒ තුළ සිය ජීවිත දැඩි ගැටලුකාරී තත්වයන්ට පත්කරගෙන සිටින පුද්ගලයන්ට ඉන් මිදී මනස උසස් කර ගනිමින් සැහැල්ලුවෙන් ජීවත්ව
“අනේ මගේ දුවට පාසලේ ගණිත ගුරුවරයා කරපු කරදයක් නිසා තමයි මේ තත්ත්වයට වුණේ. මගේ දුව හැමදේටම දක්ෂ දරුවෙක් . ඉගෙන ගන්න ගොඩාක් දක්ෂයි. මගේ දරුවා මානසික
2001 මාර්තු මාසයේදී - තලේබාන් සංවිධානය විසින් බාමියන් හි මහා බුද්ධ ප්‍රතිමා වෙත ඩයිනමයිට් දමා විනාශ කිරීම සමස්ත ලෝකය ම කම්පනයට පත් කරන ලද සිදුවීමකි. ඉන් ද
මෙම මැතිවරණයේ දී ජනතාව දුන් ප්‍රධාන පණිවිඩ කිහිපයක් තිබේ. ඉන් එකක් විපක්ෂයටය. විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු වුවහොත් ආණ්ඩුව පරාජය කළ හැකි බව එම පණිවිඩයය.
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තලෙයිබාන්වරු ඇෆ්ගන් බොදු උරුම රුකීමට තීරණය කරති