මෙවර Youth Peak විශේෂාංගය හැඩ වෙන්නේ - මේ දිනවල බොහෝ පාඨකයන්ගේ ආකර්ෂණය දිනාගත්
තම කවි තුළ පාඨක සිත් සතන් අතරමං කළ තරුණ කවියෙක්. ඔහු නමින්, අබ්දුල් උමර් සහන් නෙත්මිණ
අබ්දුල් උමර් සහන් නෙත්මිණ කියන්නේ - උසස් පෙළ ඉවර කරලා කැම්පස් පටන් ගන්නකල් කවියක් ලියාගෙන ඉන්න, අවුරුදු විස්සක කොල්ලෙක්. මගෙ අම්මා සිංහල. තාත්තා මුස්ලිම්. ඒ නිසා තමයි මගෙ නම අබ්දුල් උමර් සහන් නෙත්මිණ වෙන්නෙ.
මම පොඩි කාලේ ඉඳන්ම විනෝදාංශෙට කවි ලියනවා. සාමාන්‍යයෙන් දෙක වසරෙ ඉඳන්ම වගේ ලියනවා. හයේ හතේ වගේ ඉද්දි පත්තරේට කවි ලිව්වා. පස්සෙ රැස පත්තරේ තීරු ලිපි රචකයෙක් විදිහට ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වුණා.
මේ වෙනකොට පොත් හතක් ලියලා තියෙනවා. දැනට පොත් හතරක් මුද්‍රණය වෙලා තියෙනවා. පළවෙනි පොත 2019 දි "තටු සිඳුණු කුරුල්ලා", දෙවෙනි පොත 2022 " ඒ තමයි ජීවිතේ කලින් මට නොපෙනුන". ඊට පස්සෙ තුන්වෙනි පොත "පිළුණු වී ඇති මාවතේ සොයනවද නුඹ ජීවිතේ" ඊට පස්සෙ තමයි හතර වෙනි පොත "බයෝ කරපු ඒලෙවල්".
"බයෝ කරපු ඒලෙවල් දෙක", "බයෝ කරපු ඒලෙවල් තුන" සහ "ඒත් මං ආදරෙයි" පොත.
සතුටක් එක්කම ඒක විස්තර කරගන්න බැරි පුදුමයක් වගේ හැඟීමක්. මොකද පොතක් මුද්‍රණය කරන්න ආසාවෙන් ඉඳලා අන්තිමට මගේ නම පොතක තියෙනවා දකිද්දි ඒක හරි අමුතු, පුදුමාකාර හැඟීමක්. ඒක ප්‍රකාශය කරන්නෙ මගේ පාසලෙන්.
බයෝ කරපු ඒලෙවල් වගේ කවි පොතක් මම හිතන විදිහට මේ වෙනකල් සිංහල කවිය ඇතුළෙ බිහිවෙලා නැතුව ඇති. ඒකෙ තියෙන්නෙ විද්‍යාත්මක කවි එකතුවක්. පොත පටන් ගනිද්දිම ’අවවාදයයි’ කියලා- මේ කවි තේරුම් ගන්න උසස් පෙළ මට්ටමේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව දැනුම වැදගත් විය හැක, කියලා තියෙනවා. ඇත්තටම ගොඩක් දුරට මිනිස්සු කියනවනෙ- සයන්ස් නම් කරන්න එපා කරන්න ගියොත්, එතැනින් එහාට ආට් එක මැරෙනවා. සයන්ස් කරන්න ගිහාම ඒක ඇතුළෙ වැඩ ටික විතරයි වෙන්නෙ කියලා. මටත් ගොඩක් අය එහෙම කියලා තියෙනවා. මම A/l වලට සයන්ස් තෝර ගත්තම මට ඕනෙ වෙනවා මේක වෙනස් කරන්න. මිනිස්සු කියනවා මේක අස්සේ ආට් එකක් නැහැ කියලා. මට පෙන්නන්න ඕනෙ වෙනවා නැහැ මේක ඇතුළෙ ආට් එකක් තියෙනවා කියන එක. ඒ නිසා තමයි මම A/l පටන් ගත්තු කාලේ ඉඳන් ඉගෙන ගන්න දේවල් ආශ්‍රය කරගෙන, මම ලියපු කවි ඔක්කොම එකතු කරලා, විභාගෙට මාස තුන හතරකට කලින් මේ පොත එළිදක්වන්නෙ. ඒක තමයි බයෝ කරපු ඒලෙවල්වල කතාව.
පාඨක ප්‍රතිචාර නම් මම කවදාවත් බලාපොරොත්තු නොවුණු තරම් ලැබෙනවා. මටත් කවදහරි මේ වගේ ප්‍රතිචාර ලැබෙන කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතපු තරමටත් වඩා ලැබෙනවා. ගොඩක් මිනිස්සු කියනවා මම වැඩිය පොත් කියවලා නැහැ, මම එහෙම පොත් කියවන කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔයාගෙ පොත් ටික කියවනවා. ඒ විතරක් නෙවෙයි කියෙව්වට පස්සෙ මම ඔයාට කතා කළා කියලා. තවත් අය කියනවා මගේ පොත් ඇතුළෙන් එයාලට ඒගොල්ලන්ගෙ ජීවිත හම්බෙනවලු, ඒවගේම සමහරු ආදරේ ප්‍රකාශ කරන්න, වෙන්වීම්වලදී මගේ පොත් තෑගි විදිහට පාවිච්චි කරනවා. මනුස්සයෙක්ගෙ ජීවිතේ වැදගත් තීරණයක් ගන්න මොහොතකදි විශේෂයෙන් ආදරේ වගේ තැනකදි මගේ පොතක් ඒ මිනිස්සුන්ට හයියක් වෙනවා කියලා හිතෙද්දි මට ඇත්තටම නිහතමානී සතුටක් දැනෙනවා.
මම එක කාලෙකදි විශ්වාස කළා ජීවිතේ කියන්නේ ආදරේට, ආදරේ කියන්නේ ජීවිතේට, අපි ජීවත් වෙන්නෙම ආදරේ කරන්න කියලා. ඒ අදහස ආවට පස්සෙ මම ලියපු හැම කවියකම ආදරේ කියන මාතෘකාව තියෙනවා
පොඩි කාලේ ඉඳන්ම මම මොනවා ලිව්වත්, අම්මා තමයි මාව ගොඩක් උනන්දු කළේ. තුන වසරෙදි ලියපු කවියක් දැකලා මට මතකයි පංති භාර මිස් අපෙ අම්මට කිව්වා" මෙයා දවසක සාහිත්‍ය ඇතුළෙ මොකක් හරි ලොකු දෙයක් කරයි වගේ" එකක්. රැස පත්තරේට ලියද්දි තිඹිරියාගම බණ්ඩාර මාමා දුන්න පොත් කියවලා තමයි සාහිත්‍ය ගැන හරියටම මම අදහසක් ගත්තෙ.
ඒ වගේම මගේ පළවෙනි පොත මුද්‍රණය කරන්න මම ප්‍රකාශයකයෙක් හොයන් යද්දි මගේ පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරු සහ මගේ යාළුවො එකතු වෙලා තමයි මගේ පොත මුද්‍රණය කරලා පොත් එළි දැක්වීමේ උත්සවයකින් 2019 දී තටු සිඳුණු කුරුල්ලා මගේ පළවෙනි පොත එළියට එන්නෙ. ඒ වගේම කොරෝනා නිවාඩු කාලෙ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තරගයක් සංවිධානය කළා රටක් වටින පොතක් කියලා. ඒකටත් පාසල හරහා මම ඉදිරිපත් කරපු අත්පිටපත පිටපත් 43000 ක් අතරින් අවසාන සීයට තේරෙනවා. ඊට පස්සෙ තමයි මම බයෝ කරපු ඒලෙවල් ලියන්නෙ. ඒකෙ තියෙන්නෙ විද්‍යාත්මක කවි නිසා මට ඕනෙ වුණා ඒක A/l ඉවර වෙන්න කලින් පොතක් කරලා මුද්‍රණය කරන්න. මොකද එතකොට අපේ බැජ් එකේ අය හරි ඒ පොත ගන්න නිසා. ඒ පොතේ පිටු සහ කවරෙ හදන්න වෙන්නෙත් මටමයි. කොහොම හරි මම ඒකත් කරලා පොත මුද්‍රණය කළාට පස්සෙ පොත් ටික විකුණ ගන්නෙ කොහොමද කියලා හිතන කොට මගේ හොඳම යාළුවා හරීන් පෙරේරා තමයි පංතියේ හැමෝම ළඟට ගිහින් පොත ගන්න කියලා මට ලොකු සහයෝගයක් දුන් නිසා සතියක් ඇතුළත පළවෙනි ප්‍රින්ට් එක ඉවර කර ගන්නවා. ඉතින් මේ ගමනෙ මුල ඉඳන් මේ දක්වාම මාත් එක්ක හිටපු හැමෝටම මම ස්තූති කරනවා.
ඒත් මං ආදරෙයි පොත මම ඉස්සෙල්ලම ඉදිරිපත් කරනවා ලංකාවේ ප්‍රධාන අත්පිටපත් තරඟෙකට. ඒ වෙද්දි බයෝ කරපු ඒලෙවල් ගැන කවුරුත් දන්නෙ නැහැ. මොකද ඒක මම ඒ වෙද්දි එළියට දාලා නැහැ. මිනිස්සු මම ගැන එහෙම ලොකුවට දන්නෙත් නැහැ. ඒත් මං ආදරෙයි කියන පොතේ තියෙන කවිවලින් 90% ම ඒ විදිහට තියෙන පොතක් මම 2022 දි ඒ තරඟෙට ඉදිරිපත් කරනවා.
ඒකෙදි ප්‍රශස්තම අත්පිටපත සහ කුසලතා පිටපත් පහක් හයක් තෝරනවා. හැබැයි ඒ එකකටවත් මගේ අත්පිටපත තේරෙන් නැහැ. එතනදි මම හිතුවා නම් මගේ කවි හොඳ නැහැ, ඒකයි මම තේරුන් නැත්තෙ කියලා මම එදා වැඩේ ඇතෑරලා දැම්මා නම් 2024 දි ඒත් මං ආදරෙයි වගේ පොතක් එළියට එන් නැහැ. ඉතින් ගමනෙ අභියෝග ඒ වගේ තමයි. ගොඩක් වෙලාවට අපි කරන දේ ගැන අනිත් අයට තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්, අපේ දක්ෂතාව අඳුරගන් නැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් තමන්ට තමන් ගැන විශ්වාස නම් ඒ දේ කරන් ඉදිරියටම යන්න ඕනෙ.
කෞශල්‍යා ලක්ෂානි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මගේ හැම කවියකම ආදරේ තියෙනවා - උමර් සහන්