IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ

 

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.

Q: ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති ධුරයට ඔබ පත්වුණා?

ඔව්. මම කලිනුත් හිටපු සභාපතිවරයෙක්. මේ මාසයේ තිබුණ නිලවරණයෙන් නව සභාපතිවරයා වශයෙන් මම පත්වුණා. සියලුම දිස්ත්‍රික් සංගම්වල ඡන්දයෙන් මම පත්වුණේ.

Q: සැහැල්ලු පන්දු ක්‍රිකට් සමග ඔබේ සම්බන්ධය හැදෙන්නේ?
2008 දී මම ගාල්ල දිස්ත්‍රික් සභාපති හැටියට පත්වුණා. ඊට පස්සේ ජාතික සම්මේලනයේ භාණ්ඩාගාරික වුණා. සම්මේලනයේ උප සභාපතිවරයෙක් හැටියට හිටියා. එහෙම ලොකු සම්බන්ධයක් තියෙනවා.

Q:මෙවර නිලවරණයේ සභාපති හැටියට ඔබ තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවද?
අපේ සාමාජිකයාට අවශ්‍ය වුණේ පිරිසිදු පාලනයක්. විනිවිද භාවයකින් යුතු වංචාව දූෂණය නැති පාලනයක්. පහුගිය පාලන කාලය ගත්තොත් බරපතළ ප්‍රශ්න තිබුණේ. නොයෙක් දූෂණ වංචා චෝදනා තියෙනවා. ඒ බොහෝ චෝදනාවලට අවශ්‍ය නීතිමය පියවර අපි දැනටමත් අරගෙන තියෙනවා. අපි අධිකරණයට ගියේ කිසිම කැමැත්තකින් නොවෙයි. ඒ වගේම කාටවත් පහර ගහන්නවත් නොවෙයි. සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය නිවැරැදි තැනකට ගේන්න ඕනැ නිසයි. අපි අධිකරණයට ගියේ පසුගිය කාලය පුරාම අපි දැක්ක දුර්වලතාවයක් තමයි මේකේ හිටපු සමහර නිලධාරීන් හිටියා අහිංසක තරුණයෝ සල්ලි එකතු කරලා බැට් එකක් බෝලයක් අරගෙන පිට්ටනිවල සෙල්ලම් කරන තරුණයන්ගෙන් සල්ලි එකතු කරලා ඒක සම්මේලනයට කියලා තමන්ගේ ගෙවල්වලට අරගෙන යන. ඒ අක්‍රමිකතාවන්ට එරෙහිව ලොකු විරෝධයක් තිබුණා. අපිට සමහර නිලධාරීන් ඉවත් කරන්න වුණා. සම්මේලනයේ ලේකම්වරයාව විනය හේතු මත ඉවත් කරන්න අපිට සිද්ධ වුණා. ඒ අපේ ක්‍රියාකලාපය නිසාම සම්මේලනයේ සභාපතිවරයා හැටියට ඒකච්ඡන්දයෙන් මාව පත්කර ගත්තා.

Q: ශ්‍රී ලංකාව තුළ සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙ තත්ත්වය කොහොමද?
ලෝකයම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ කාරණා දෙකකින් එකක් තමයි සිලෝන් ටී. අනිත් එක ක්‍රිකට්. ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් ප්‍රසිද්ධ හාඩ්බෝල් නිසා. නමුත් ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් බිහි වෙන්නේ සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව හරහා. පාරේ, වෙල් ඉපැනැල්ලේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරලා තමයි ඉස්සරහට එන්නේ. අර්ජුන, අරවින්ද, සනත්, මුරලි, මාලිංග ඔය ලෝක පූජිත ක්‍රීඩිකයන් බිහි වුණේ ඔය මම කියපු විදියටයි. සැහැල්ලු පන්දු ක්‍රිකට් හරහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි වුණාට සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට කණකොකා හඬලා තිබුණේ. අපිට ජාතික සම්මේලනයක් තිබුණාට ජාතික පිළිගැනීමක් ලැබිලා තිබුණේ නෑ.\

Q: ඒ තත්ත්වය ලබාගන්නේ කොහොමද?
අපට දැන් ඉතාම හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා. අපේ සම්මේලනයේ ලේකම් හැටියට පත්වුණේ රුක්ෂාන් ද සිල්වා මහත්තයා. එතුමා මොබිටෙල් එකේ ජෙනරල් මැනේජර්. අපේ උප සභාපති කෙනෙක් හැටියට පත්වුණා කර්නල් රත්නප්‍රිය බන්දු මැතිතුමා. එතුමා උතුරු නැගෙනහිර ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙච්ච හමුදා නිලධාරියෙක්. එතුමා යටතේ උතුරේ සහ නැගෙනහිර සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න දියුණු කරන්න අංගසම්පූර්ණ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්ද ඇතුළත අපේ ඉලක්කය තමයි සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික සංචිතය නිර්මාණය කිරීම, අපි ඒක මැතිවරණ කොට්ඨාස මට්ටමින් ආරම්භ කරනවා. දැනට වුණත් ගම්වල ක්‍රිකට් සමාජ තියෙනවා. ඒවායින් තේරිලා ඇවිත් දිස්ත්‍රික් මට්ටමට ඇවිත් පළාත් මට්ටමට ගිහින් ඒ හරහා ජාතික සංචිතයට එන මාවතක් අපි නිර්මාණය කරනවා. මේ වන විටත් අපි ඒ තරග මාලාව ආරම්භ කරලා තියෙන්නේ. ගාල්ල, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ආරම්භ කළා. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික සංචිතයට අරගෙන එතැනින් ජාත්‍යන්ත මට්ටමට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

Q: ක්‍රීඩා සංගම්වලට එන්නේ ඒකට ලැබෙන මුදල්වලට තණ්හාවෙන් කියලා ලොකු චෝදනාවක් තියෙනවා.?

ඒක තමයි අපිටත් තියෙන ප්‍රශ්නය අපේ හිටපු නිලධාරීන්ටත් ඔය චෝදනාව එල්ල වුණා. සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයෙන් කියලා දිස්ත්‍රික්කවලට ගිහින් ක්‍රීඩා සංගමය ලියාපදිංචි කරන්න කියලා සමහරු සල්ලි අරගෙන තියෙනවා. ලංකාව පුරාම ඔය දේ වෙලා තියෙනවා. අපි දැන් ඒ සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා. අදාළ දූෂිතයන් නීතිය ඉදිරියට පමුණුවනවා. අවුරුදු 30 ක් විතර තිස්සේ එකම නිලධාරී මණ්ඩලයක් හිටියා. ඒ අයගේ අධිකාරිවාදී බලය ගැලවෙනකොට ඒ ගොල්ලන්ට රිදෙනවා. නමුත් අපිට ඒ ගැන හිතන්න අවශ්‍ය නෑ.

Q:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධය කොහොමද?
මෙච්චර කාලයකට එහෙම සම්බන්ධයක් තිබිලා නෑ. ක්‍රිකට් ආයතනයේ සභාපතිට තියෙන බලතලමයි සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිට තියෙන්නේ. මේක හැබැයි එකිනෙකට හමු නොවන රේල්පීලි දෙකක් වගේ තමයි මෙච්චර කාලයක් තිබුණේ. මම සභාපති වෙච්ච හැටියෙම ක්‍රිකට් ආයතනයත් එක්ක සාකච්ඡා ආරම්භ කළා. අපේ ජාතික සංචිතයට එන ක්‍රීඩකයන් අපට පුළුවන් ක්‍රිකට් පාලක මණ්ඩලයට හඳුන්වා දෙන්න. අපේ ඉලක්කය ජාතික කණ්ඩායමේ හිටපු හා ඉන්න ක්‍රීඩකයන් අනුග්‍රහක දැන්වීම්වල ඉන්නවා වගේම අපේ සංචිතයේ ඉන්න ක්‍රීඩකයනුත් එතැනට දියුණු කිරීම, දකුණු ආසියාවේ හෝ ජාත්‍යන්තර මට්ටමේ හෝ සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයක් නෑ. ඉන්දියාව, පාකිස්තානය, නේපාලය වගේ රටවල් සමග සාකච්ඡා කරලා ජාත්‍යන්තර සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයක් ආරම්භ කරනවා. ඒ යන ගමනට ශක්තියක් වෙන්න පුළුවන් මට්ටමට ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයත් ක්ලීන් කරනවා. මොන බාධක අභියෝග ආවත් සැහැල්ලු පන්දුව ක්ලීන් කරන වැඩේ අපි කරනවා.


 ප්‍රසන්න සංජීව


 



අදහස් (0)

බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site