IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක


පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිලකයි. මේ ඔහු සමඟ සඳැල්ල කළ කතාබහයි.

  • කවුද මේ තිස්ස ගුණතිලක කියන්නේ?

පුවත්පතක නියෝජ්‍ය විශේෂාංග කර්තෘ විදිහට කාලයක් වැඩ කරලා, මේ වෙනකොට එතනින් ඉවත් වෙලා කලාව සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන කෙනෙක්.  

  • පත්තර කලාවේ හිටපු ඔබ, කොහොමද මේ රංගනයට පිවිසෙන්නේ?

මම ජනමාධ්‍යවේදියෙක් විදිහට උපාලි පුවත්පත් ආයතනයට සම්බන්ධ වුණා. රැකියාවත් එක්ක පිරිස ඇසුරු කිරීම නිසා තමයි මට මේ අවස්ථාව උදා වෙන්නෙ. 

ඒ නිසා  මම පත්තරේ  ඉන්න ගමන් ම තමයි කලාවට සම්බන්ධ වෙන්නෙ. මුලින්ම 2007 දි වගේ මට හම්බ වෙනවා රවීන්ද්‍ර විජේරත්න සහ  ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරු. මේ අයගෙන් තමයි   මුලින්ම කලාවට අත්පොත් තබන්නේ. මුලින්ම මම රංගනයට පිවිසෙන්නේ ටෙලි නාට්‍ය හරහා. ඊට පස්සෙ මට වෙළෙඳ දැන්වීම් කිහිපයක ප්‍රධාන චරිතෙ විදිහට සම්බන්ධ වුණා. ඒකට මට උදව් කරන්නේ  ලලිත් වරුණ රාජපක්ෂ කියලා මාත් එක්ක තාමත්  ඉන්න මගේ මිත්‍රයෙක්. පත්තර කලාවයි, කලාවයි ටිකක් එකටම යන නිසා  ඒ දෙකම ඉතින් සමබරව කරගෙන ආවා. 

  •  පාසල් කාලෙත් කලා  කටයුතුවල නිරත වෙලා තියෙනවද ?

පාසල් කාලෙත් කලාව පැත්තට පොඩි දක්ෂතාවක් තිබ්බා. මම පොඩි කාලේ තනියම නාට්‍ය කණ්ඩායම් හදාගෙන සමිතිවලට, විවිධ ප්‍රසංගවලට ගිහින්  ඉදිරිපත් කරනවා. ඒ කාලේ කට්ටිය කියනවා ඉතින් ඒවා බලලා මම දක්ෂයි කියලාත්. කාලයත් එක්ක ඒ දක්ෂතා යටපත් වෙලා තිබ්බා. පස්සෙ පුවත්පත් කලාවට සම්බන්ධ වුණාට පස්සෙ තමයි නැවතත් ඒ දක්ෂතා මතුවෙලා  අවස්ථාවක් ලැබෙන්නේ.

  • ඔබේ රංගන ජීවිතේ ගැන අපි කතා කළොත් ? 

 මුල් කාලේ නම් ඇත්තටම මම  පොඩි පොඩි චරිත කළා. රංගනයට මුලින්ම එන්නෙ රවීන්ද්‍ර අයියගෙ "ජීවිතේ ලස්සනයි නාට්‍යයෙන්.ඒ කාලේ ලංකාවේ තිබ්බෙ ඉන්දියාවෙන් ආපු නාට්‍ය පෙන්වන රැල්ලක්. ඒ රැල්ල කඩපු නාට්‍යයක් තමයි "ජිවිතේ ලස්සනයි" නාට්‍ය. ඒක තමයි මම රංගනයෙන් දායකවුණු මුල්ම නිර්මාණය. ඊට පස්සෙ සතර දෙනෙක්  සෙන්පතියෝ කියලා ජයන්ත චන්ද්‍රසිරි  මහතාගේ නිර්මාණයකත් පොඩි චරිතයක් කළා. ඒකෙන් තමයි කැමරාවට තිබුණ බය නැති වුණේ. ඊට පස්සෙ තවත් රවීන්ද්‍ර අයියගෙම නාට්‍ය කීපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා.  පස්සෙ නිරෝෂන් ඉලේපෙරුම මට නාලන් මෙන්ඩිස් මහතව සම්බන්ධ කරලා දීමත් එක්ක  "දූවරු" සහ "වාසනා වේවා" කියලා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගෙ යශෝධරා චිත්‍රපටයෙ කාළුදායි කියන ඇමතිගෙ චරිතෙට මම රංගනයෙන් දායක වෙනවා. 2012 න් පස්සෙ  මට ජයන්ත චන්ද්‍රසිරි  මහතා සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඒ අනුව "සමනල සංධ්වනිය" තමයි මගෙ පළවෙනි චිත්‍රපටය. එතනින් එහාට ඔහුගේ හැම නිර්මාණයකම කුමන හෝ චරිතයකින් මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

  • ඔබ සහය අධ්‍යක්ෂණ කටයුතුවලත් නිරත වුණා නේද ?

ඔව්. ජයන්ත චන්ද්‍රසිරි මහතා  එක්ක නෙළුම් පොකුණ opening show එකේ හදබිමට ගමනක් කියලා වේදිකා නාට්‍යයක් කරන්න හම්බවෙනවා. ඒකෙ මම මුලින්ම රඟපාන්න ගියත්  පස්සෙ මට එතැන වේදිකා කළමනාකරු විදිහට  වැඩ කරන්න ලැබෙනවා. ඒක ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. ඉන් පසු රියල් ස්ටාර් 1,2,3,4 කියන වැඩසටහන්වල ෆයිනල් වැඩසටහනේ මට සහය අධ්‍යක්ෂකවරයෙක් විදිහට  වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම සහය අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙනවා. මේකෙදි මට විශේෂයෙන් උදව් කරපු දෙන්නෙක් තමයි නිමල් ෆ්‍රැන්සිස් සහ සරත් සේනාරත්න කියන්නේ.   ඒ දෙන්නගෙ ගුරුහරුකම් ලැබෙනවා. ඒ එක්කම මට පුළුවන්කම ලැබෙනවා මහරජ ගැමුණු චිත්‍රපටයේ තෙවන සහය අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්න. ඒ තමයි  මම සහය අධ්‍යක්ෂණයෙන් මුලින්ම චිත්‍රපටයකට  සම්බන්ධ වෙන අවස්ථාව. එහි මම  කෝන්දුරුවා කියලා  චරිතයකුත් කරනවා. ඒ වගේම "මිදුණු විශ්වය" නිර්මාණයේ දෙවැනි සහය අධ්‍යක්ෂකවරයා වශයෙනුත් වැඩ කළා. 

  • ඔබ රංගනය පිළිබඳ මෙන්ම  සහය අධ්‍යක්ෂණය ගැනත් හදාරලා තියෙනවද ?

හැදෑරීමක් කරලා නැහැ. මම ඉගෙන ගත්ත ක්ෂේත්‍රයෙන්ම ලබා ගත්තු අත්දැකීම් සහ සහය අධ්‍යක්ෂණ කටයුතුවලදිත් සෙට් එකේදි වගේම  ප්‍රොඩක්ෂන් එකේදි වැඩ කරලා ලබා ගත් අත්දැකීම් තමයි උදව් වුණේ.

  • රංගනයෙන් දායක වුණ චරිත එක්ක ගොඩනැඟුණු විශේෂ මතක තියෙනවද ?

මෑතකාලෙදි නවක අධ්‍යක්ෂකවරයෙක් විදිහට නමක් දිනා ගත් ක්‍රිස් ඇන්ටනීගෙ පාස්පෝට් කියන චිත්‍රපටයෙ  මට නානා කියලා මුස්ලිම් තරුණයෙක්ගෙ විශේෂ චරිතයක් කළා. එහිදී  කතා කරන විදිහ පවා වෙනස් කරගන්න වුණා. ඒ වගේ රූගත කිරීම් කළේ මුහුදෙ නිසා ඒකත් ලොකු අභියෝගයක් වුණා. චරිතෙ ගොඩනගා ගන්න මට ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස් සහ ක්‍රිස් ඇන්ටනීගෙන්.  චිත්‍රපටය ඇතුළෙ දර්ශනයක් තියෙනවා මගේ මල්ලිට පැපොල හැදිලා නිසා එයාව  බෝට්ටුවෙ ඉන්න අය මුහුදට දාන. ඒ ගැන මම දන්නෙ නැහැ. ඒ වෙලාවෙ ඒ රංගනය ගොඩක්  හැඟුම්බරයි. ජීවිතේ ගොඩ නඟාගන්න හිතාගෙන රට යනකොට  ඒ වගේ දෙයක් වෙද්දි ඒක දරාගන්න අමාරුයිනෙ. මේවා සමාජෙ තියෙන දේවල්නෙ. ඉතින් ඒ චරිතෙ ගොඩක් විශේෂයි. මේ දවස්වල තිරගත වෙන්නෙ ඒක. ඊට අමතරව ක්‍රිස් ඇන්ටනීගෙම පහුගිය වසරෙ අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙ  pt සර්ගෙ චරිතෙ කරන්නෙ මම. මේකත් මට හම්බවෙන්නෙ ලලිත් වරුණ රාජපක්ෂ කියන මිත්‍රයා මාර්ගයෙන්. 

  • මේ දිනවල  වැඩකටයුතු මොනවද  ?

Itn නාළිකාවෙ "රාග" කියලා ටෙලි නාට්‍යයට ආරාධනා කරලා තියෙනවා ඒකෙ රූගත කිරීම් ඉදිරියේ දී සිදු වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත් චිත්‍රපටයෙ රූගත කිරීම් තියෙනවා මේ මාසෙ අවසානෙට.  ඊට අමතරව සුනිල් කොස්තා මහතාගේ පණම් බැඳි ගස් කියලා නාට්‍යයක් කළා. ඒක තාම විකාශය වුණේ නැහැ. පහුගිය කාලේ මම  වැඩිපුරම කළේ චිත්‍රපටවලට සම්බන්ධ වීම. කළින් රැකියාවත් එක්ක හම්බෙන විවේක කාලෙදි, ආරාධනා ලැබෙන  විදිහට තමයි මම  රංගන කටයුතුවල නිරත වුණේ. දැන් මම අවුරුද්දක විතර ඉඳන් පුවත්පත් කලාවෙන් අයින් වෙලා නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට තමයි වැඩ කරන්නෙ. ඒ නිසා නිර්මාණවලට සම්බන්ධ වෙන්න නිදහස තියෙනවා.  ඊට අමතරව මම සංචාරක මඟ පෙන්වන්නෙක් විදිහටත් මේ වෙද්දි වැඩ කරනවා. 

  • ඔබට මොන වගේ  ප්‍රේක්ෂක ප්‍රතිචාරද ලැබෙන්නෙ ?

මට හම්බ වෙලා තියෙන චරිතත් එක්ක වෙනස්ම කෙනෙක් විදිහට තමයි තිරයේදි මාව ප්‍රේක්ෂකයන්ට පේන්නෙ. ඒ නිසා ගොඩක් අය මාව මූණෙන් අඳුර ගන්නෙ නැහැ.මහරජ ගැමුණු චිත්‍රපටයේ කෝන්දුරුවා චරිතය ගත්තොත් සම්පූර්ණයෙන්ම මාව හොයා ගන්න බැහැ. අපේ ප්‍රින්සිපල් චිත්‍රපටයෙ නම්  මගේ  මූණෙන්ම ප්‍රේක්ෂකයන් අතරට ගිය නිසා ඒ නිර්මාණයෙදි නම් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඊට අමතරව  "පාස්පෝට්" චිත්‍රපටයෙදි ඒක  බලපු  ප්‍රවීණයන්ගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක තමයි මට හම්බවුණ හොඳම ඇඟයීම.

  • පවුලෙන් මොන වගේ   සහයෝගයක්ද හම්බෙන්නේ?

මගෙ පවුලේ ඉන්නෙ අම්මයි, බිරිඳයි, දුවයි, පුතයි. පවුලෙන් කිසි බලපෑමක් කරන්නෙ නැහැ මගේ වැඩවලට. එයාලා මට උපරිම නිදහස දෙනවා. පුවත්පත් කලාවෙ යෙදෙද්දිත් ඒක එහෙමයි කලාවට ආවමත් එහෙමයි. ඒ සහයෝගය නැත්තම් ඉතින් මේ ගමන යන්න අමාරුයි. 

  • ඉදිරි බලාපොරොත්තුව 

මේ දවස්වල මම නවකතාවක් ලියාගෙන යනවා.  මම පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක කන්තලේ සීනි කර්මාන්තශාලාව බිඳ වැටීමත් එක්ක  සමාජයේ වෙනස් වුණ හැටි ගැන කතාවක්. පොත  මාකට් කරගෙන කවදහරි ටෙලි නාට්‍යයකට මේ කතාව යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. 

 


කෞශල්‍යා ලක්ෂානි


 

 



අදහස් (0)

පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

බෙරගල කන්දේ වැඩසිටින රහතන් වහන්සේලා
2025 මැයි මස 08 18 0

ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.


ඉදිරි දහ අට මාසයේ පෙරළි බහුලයි
2025 මැයි මස 08 12 0

ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත


සූර්යවංශි, ක්‍රිකට් වංශකතාවේ යෝධයෙක් වෙයිද
2025 මැයි මස 08 15 0

මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ


ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 14 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


වෙසක් මස ග්‍රහ ගමන ඔබේ ලග්නයට කෙරෙන බලපෑම
2025 මැයි මස 08 18 0

මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය


රජෝදර්ශන කාලයේදී ස්නානය සුදුසු ද
2025 මැයි මස 08 16 0

ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1243 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 315 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1341 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site