සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට මේ වන විටත් දෙස් විදෙස් බෞද්ධ ජනතාව පෙළගැසී සිටින බව පැහැදිලිව දැක ගත හැක.
දළදා හිමි වැඩමවන ආකාරය
ශ්‍රී දළදා දැක්මක් පැවැත්වෙන අවස්ථාවක දී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව පැය ගණන් පෝලිම්වල සිටිමින් තප්පර කීපයක් වැනි කෙටි අවස්ථාවකදී දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකරගත්ත ද - ශ්‍රී දළදා දැක්මක දී දළදා සමිඳුන් වැඩ හිඳුවා ඇති කරඬු හතෙන් එළියට වඩම්මන ආකාරය සම්බන්ධයෙන් දැනුවත්ව ඇත්තේ ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ ඉතාමත් සුළු පිරිසක් පමණි.
එය වන්නේ මේ ආකාරයටයි.
ඉතාමත් අප්‍රකට අවස්ථාවක් වූ එම අවස්ථාව සහ එහි තොරතුරු මා හට ලියා තැබීමට අවස්ථාව උදා වූයේ - මීට වසර 25 කටත් පෙර සිරි දළදා දැක්මක දී මා ලැබූ අත්දැකීමක් පසුබිම් කර ගනිමිනි.
එවකට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ සිටියේ අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමියන් වන අතර, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධූරය දරනු ලැබූයේ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා හිමිපාණන් වහන්සේය. එවකට දියවඩන නිලමේවරයා වශයෙන් කටයුතු කරනු ලැබූයේ නෙරංජන් දූල්ලවෙ විජයරත්න මහත්මාය.
එම කාලවකවානුවේ වසර දෙකකට පමණ වරක් දළදා දැක්මක් සංවිධානය කිරීම සිදු කරනු ලැබිණි. දළදා දැක්ම පැවැත්වෙන පළමු දිනයේ දී දහවල් තේවාව හමාර වීමෙන් පසු - මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ඇතුළුව එම පාර්ශ්ව දෙකෙන් ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් පස් නම බැගින් දළදා වහන්සේ වැඩ සිටින මාළිගය තුළට පැමිණෙන අතර, දියවඩන නිලමේවරයා ද මුල් ඇඳුමෙන් සැරසී එම ස්ථානයට පැමිණීම සිදුකරයි.
ඉන් අනතුරුව මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්ව දෙකෙන් තේවාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ හිමිවරුන් දෙනමක් ශ්‍රී දළදා කරඬුව තැන්පත් කොට ඇති ස්ථානයට නගිනු ලබති. ඒ සඳහා එම හිමිවරුන් සතියක පමණ කාලයක් පේවී කිලිවලට හසු නොවී සිටීම ද සිදු කරනු ලබයි.
එසේ කරඬුව තැන්පත් කොට ඇති ස්ථානයට නගින හිමිවරුන්ට දළදා කරඬුව ඉදිරිපිට ඇති ජපානයෙන් පරිත්‍යාග කළ වෙඩි නොවදින වීදුරුවේ යතුර - දියවඩන නිලමේවරයා විසින් භාරදීම මෙවිට සිදුකරයි. එම හිමිවරුන් එය විවෘත කිරීමෙන් පසු මහ කරඬුව අසලට ගොස් ඊට පලඳවා ඇති මාල පදක්කම් එකින් එක ගලවා මල් ආසනය මත තබා ඇති විශාල රිදී බන්දේසියක තැන්පත් කරනු ලබයි.
ඉන් අනතුරුව එම මාල දැමූ රිදී බන්දේසිය සුදු රෙදිකඩකින් ඔතා මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා ඉදිරිපිට දී ලාකඩ යොදා සීල් කර කරඬුව පිටුපසින් තැන්පත් කරනු ලබයි.
ඉන් අනතුරුව මහ කරඬුවට ඉහළින් ඇති රන් නෙළුම් මල ගලවනු ලබයි. එය ඉවත්කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා සන්තකයේ ඇති මහා කරඬුවේ යතුර ගෙන එය විවෘත කර ඉවත් කරනු ලබයි.
ඉන් අනතුරුව එම කරඬුව පිටුපස වීදුරු කරඬුවක තැන්පත් කොට ඇති රත්තරන් නෙළුම් මල සහ මුද්ද එළියට ගනු ලබයි. දාළදා වහන්සේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ එම නෙළුම් මල සහ මුද්ද මත වැඩ හිඳුවමිනි.
එම වීදුරු කරඬුවත් නෙළුම් මල සහ මුද්ද වට්ටෝරු රාලට ලබාදීම සිදු කරනු ලබයි.
රනින් කළ පිරිත් පොත්
මහා කරඬුව විවෘත කළ පසු ඒ තුළ විශාල පිරිත් පොත් දෙකක් තිබේ. එම පිරිත් පොත් දෙක තනි රත්තරනින් නිමවා තිබෙන අතර, ඒවා උඩරට රජ කෙනකු සහ තායිලන්තයෙන් පූජා කරන ලදැයි කියැවේ. ඉන් අනතුරුව ඇති කරඬුව ගෙන මල් මේසය මත තැන්පත් කරනු ලබයි. එම කරඬුවේ යතුර මල්වතු මහා නාහිමියන් භාරයේ පවතින අතර උන්වහන්සේ විසින් එම යතුරෙන් කරඬුව විවෘත කරනු ලබයි. ඊට පසු කරඬුවේ යතුර අස්ගිරි මහා නා හිමියන් භාරයේ පවතින අතර උන්වහන්සේ විසින් එය විවෘත කරනු ලබයි. ඉන් අනතුරුව බුරුමයෙන් පූජා කරන ලද මැණික් ගලකින් නිමවා ඇති කරඬුවක් ද ඉවත් කොට, සියලු කරඬු විවෘත කළ පසු හේමමාලා කුමරිය විසින් මෙරටට දළදා වහන්සේ වඩම්මන අවස්ථාවේ දී වැඩ හිඳුවා ගෙන පැමිණි කරඬුව හමුවේ.
ඉන් අනතුරුව අස්ගිරි මහා නා හිමියන් විසින් පට ලේන්සුවක දළදා වහන්සේ වැඩ හිඳුවා එළියට වඩම්මවනු ලබයි. එසේ දළදා වහන්සේ වඩම්මවා මල්වතු මහා නාහිමියන්ට දළදා වහන්සේ භාරදෙයි.
ඉන් අනතුරුව වට්ටෝරු රාළ විසින් රන් නෙළුම් මල සහ කූර වීදුරු කරඬුවේ සවිකිරීමෙන් පසු මල් මේසය මත තැන්පත් කරනු ලබයි. ඉන් අනතුරුව මල්වතු මහා නා හිමියන් විසින් එම රන් මුද්ද මත දළදා වහන්සේ වැඩ හිඳවනු ලබයි. එසේ දළදා වහන්සේ ස්පර්ශ කිරීමේ හැකියාව ඇත්තේ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ පින්බර දෑතට පමණි.
දළදා වහන්සේ වීදුරු කරඬුවේ වැඩ හිඳුවීමෙන් අනතුරුව අනෙකුත් සියලු දෑ ඇතුළට දමා වීදුරු දොර වසා අගුලු දමයි. ඉන් අනතුරුව වීදුරු කරඬුවේ වැඩ හිඳුවන ලද දළදා වහන්සේ සහිත කරඬුව මල්වතු හෝ අස්ගිරි මහා නා හිමියන් විසින් දියවඩන නිලමේ ගේ දෑතේ තැන්පත් කරනු ලබයි.
ඉන් අනතුරුව පිරිත් මණ්ඩපයට දියවඩන නිලමේවරයා විසින් දළදා වහන්සේ සහිත වීදුරු කරඬුව වඩම්මවනු ලබයි. පිරිත් මණ්ඩපයේ තැන්පත් කොට ඇති රන්සිවිගේ අසලට දියවඩන නිලමේවරයා පැමිණි පසු මහ නායක හිමියන් විසින් රන්සිවි ගේ තුළ එම කරඬුව තැන්පත් කරනු ලබයි. එසේ තැන්පත් කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවට දළදා දැක්ම විවෘත කිරීම සිදුකරයි.
දළදා දැක්ම පැවැත්වෙන කාලය තුළ එය හමාර වූ පසු නැවතත් දළදා වහන්සේ වැඩ සිටින මාළිගය තුළට වඩම්මා නැවත කරඬුව තුළ තැන්පත් කොට කරඬු හත වසනු ලබයි. නමුත් ඊට පලඳවා ඇති මාල පදක්කම් පැලඳවීම සිදු නොකරයි. ඒවා නැවත පලඳවනු ලබන්නේ දළදා දැක්ම හමාරවීමෙන් පසුවයි.
ෂේන් සෙනෙවිරත්න
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
ශ්රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දළදා දැක්මට පෙර