IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ  මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ  "රිචඩ් ද සොයිසා "  1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හිස්තැනක් තබලයි. ඒ හිස්තැන ගැන අලුත් කතිකාවක් ඇති කරමින් රිචඩ් ද සොයිසා ජීවමාන කරන්නට  අශෝක හඳගමයන් ගත් උත්සාහයට සාධාරණයක් කළ අලුත් මුහුණයි මේ. ඔහු නමින් රෙහාන් අමරතුංග.  සිංහල නිර්මාණ බලන ප්‍රේක්ෂකයින්ට නම් වැඩිය හුරුපුරුදු චරිතයක් නොවුණත් ඔහු  ඉංග්‍රීසි වේදිකාවට නම් අලුත් චරිතයක් නෙමෙයි.  රිචඩ් ද සොයිසාට පණ දෙන කවුද මේ රෙහාන් අමරතුංග?

  • සම්පූර්ණ නම- රෙහාන් මාරියෝ අමරතුංග
  • පවුලේ විස්තර - මම උපදින්නේ ඇතුල්කෝට්ටේ, මගේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි.
  • අධ්‍යාපනය- වැල්ලවත්ත ශාන්ත පීතර් විද්‍යාලය.
  • මේ වෙනකොට ඔබ වෘත්තියක නියැළෙනවද?    

මම මේ වෙනකොට Business Development Consultant කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මුරණ්ඩු කියලා මගේම කම්පැනි එකක් තියෙනවා. ඒකේ මියුසික් වීඩියෝ ප්‍රඩක්ෂන්  සවුන්ඩ් ඉංජිනියරින් වැඩත් කරගෙන යනවා.

  • රෙහාන්ගේ කලාව පැත්ත සම්බන්ධයෙන් ඉතිහාසය හැදෙන්නේ කොහොමද?

පාසල් වේදිකා නාට්‍ය වලින් තමයි කලා ගමන පටන් ගන්නේ.  ලොකු දක්ෂතාවක් තිබුණේ නැහැ. හැබැයි මම කලාව ට ගොඩක් ආස කළා. ඒ කාලේ අන්තර් පාසල්  ශේක්ෂ්පියර් නාට්‍ය තරගාවලියටත් දායක වෙලා හිටියා. ඒ වගේ විවිධ අවස්ථා ටිකක් ලැබුණා. පාසලෙන් ඉවත් වුණාමත් ජෙරොම් සිල්වාගේ නිර්මාණ වලට දායක වූණා.  

ඊට පස්සේ උසස් අධ්‍යාපනයට ව්‍යාපාර කළමානාකරණය පැත්තෙන් උපාධිය හදාරන්න මම  මැලේසියාව හා ඕස්ට්‍රේලියාවට ගියා .  ඒ කාලේ  රඟපෑමට විරාමයක් තියන්න වුණා. අධ්‍යාපන කටයතු ඉවර වෙලා ලංකාවට එනකොටම කොවිඩ් පටන් ගත්තා. කෝවිඩ් වලින් පස්සේ කලාව පැත්තෙන් වැඩකරන්න අවස්ථා තිබුනේ නැහැ. ගිය අවුරුද්දේ තමයි නැවත ආයේ ස්ටේජ්  එකට නැග්ගේ . ඒ බිම්සරා ප්‍රේමරත්නගේ ඉංග්‍රීසි වේදිකා නාට්‍යයකින්.

ශේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වෙලා  වේදිකාවේ නාට්‍ය වල වැඩ කරනකොට  රෙහාන් කවදා හරි හිතුවාද ලංකාවේ නළුවෙක් වෙනවා කියලා 

නෑ කවදාවත් හිතුවේ නෑ. හැබැයි සිනමාවට හරි පුංචි තිරයේ හරි නළුවෙක් වෙන්න ආසාවක් තිබුණා.

  • කොහොම ද එකපාරටම රිචඩ් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.  ?

දවසක් මට අශෝක හඳගම අයියාගෙන් කෝල් එකක් ආවා . ඒක මට අනුව නම් සප්‍රයිස් කෝල් එකක්. කතා කරලා රාණි චිත්‍රපටය ගැන කියලා මගේ චරිතේ ගැන කියලා මෙහෙම අවස්ථාවක් තියෙනවා කිව්වාම මට පුදුම හිතුණා. මාස දෙකක් තිස්සේ රිචඩ් ගේ චරිතෙට හරියන කෙනෙක් සොයලා තියෙනවා. ඉංග්‍රිසි නාට්‍යවලට සම්බන්ධ කිහිපදෙනෙකුගෙන්ම අහලා මගේ නම මගේ පින්තූර  අශෝක අයියලා බලලා තිබුණා. ඊට පස්සේ අශෝක අයියා මට එන්න කිව්වා මේකප් ටෙස්ට් එකකට. අශෝක අයියා මාව දැකපු ගමන් කිව්වා කෙට්ටු වැඩියි කියලා.  

රිචඩ් වෙනුවෙන් මම කිලෝ 4කින් ශරිරයේ බර වැඩි කරගත්තා.  මේ කතාවේ මව සහ පුතා අතර තියෙන ආදරය ගොඩාක් ඉස්මතු වෙන තැන් තියෙනවා. මේ චරිතේ  ඇතුළේ සම්බන්ධතා ගොඩනඟාගැනීම ගැන මට අශෝක අයියා කියලා දුන්නා. ඔහුට මගෙන් අවශ්‍ය වෙලා තිබුණේ ස්වභාවික රංගනයක්.  වේදිකා නාට්‍ය  නළුවෙක් විදිහට සිනමාවට මාව සූදානම් කරන්න ස්වභාවික රංගනය ගැන වගේම සිනමාරූපීව චරිතය ගොඩ නගා ගන්න මට අයියා අභ්‍යාස දුන්නා පුහුණු කරන්න.

  • රිචඩ් ද සොයිසා කියන්නේ ලංකාවේ සෑහෙන දෙනෙක් දැකලා තිබුන දක්ෂ ඉංග්‍රිසි ප්‍රවෘත්ති නිවේදකයෙක් , දක්ෂ මාධ්‍යවේදියෙක්, යශෝරාවයේ , යුගාන්තය වැනි නිර්මාණ තුලින් තිරයට ආපු නළුවෙක්.  ජීවමානව හිටපු චරිතයක් තමයි ඔබට නිරෑපණය කරන්න ලැබෙන්නේ. චරිතේ ලැබුනාම  මොකද හිතුනේ?

මම රිචඩ් ද සොයියා  කියන නම වගේම ඔහුගේ ඝාතනය ගැන අහලා තිබුණා. ඒ පිළිබඳ තොරතුරු දැනගෙන හිටියේ පොඩ්ඩයි. මම කැමරාවක් ඉදිරියට එන්නේ පළමු වතාවට නිසා හදවතේ ගැස්මක් වගේම ජීවමානව හිටි චරිතයක් නිසා ඔහුට සාදාරණයක් ඉටු කළ යුතුයි කියන අභියෝග තිබුණා. මම ශේක්ෂ්‍පියර් ගේ නාට්‍ය කරද්දි  මගේ අධ්‍යක්ෂවරයා ජෙරොම් සිල්වා වගේම කිහිප දෙනෙක්ම කියලා තිබුණා මට තියෙන්නේ රිචඩ් ද සොයිසට සමානම රෑපයක් කියලා.  චරිතේ කරන්න ලැබුණාම මම ඔහු ගැන ගොඩාක් සෙව්වා. ගොඩාක් අධ්‍යනය කළා. ඔහුගේ නිර්මාණ ඔහු වෙනුවෙන් ලියවුන ලිපි මම ගොඩාක් කියෙව්වා.  අවසානයේ චිත්‍රපටය තිරයේ බලද්දි රිචඩ්ව දැක්කාම  මාව ඇත්තටම ගල් ගැහුණා දැනුණ එකම හැඟීම තමයි මම හරිම වාසනාවන්තයි කියන එක. රිචඩ්ව දන්නේ නැති පරපුරක් ඉන්නවා ඒ අයට රිචඩ් ගැන සොයන්න කුතුහලයක් ඇති කරන්නයි මට ඕන වුණේ. මට පුළුවන් උපරිමයෙන් රිචඩ් ට සාධාරණයක් කළා කියලා ලැබෙන ප්‍රතිචාර වලින් මම විශ්වාස කරනවා.

  • එහෙම දැනුණේ ඇයි?

මගේ එක පැත්තකින් ඉන්නේ ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය. සිනමාවේ  අයිකන් එකක් පුරාවෘත්තයක්  ඇය.  ඉතින් ඇය වැනි කෙනෙක් එක්ක  ජීවිතේට සිනමාවේ රඟපාලා නැති මට රඟපාන්න ලැබීම ම ඉතාම විරල අවස්ථාවක්.  මුලින්ම කියන්න ඕනැ ඇය හරිම කරුණාවන්ත, මාරම නිහතමානි චරිතයක්. මොකද මනෝරාණි සහ රිචඩ් අතර තියෙන්නේ සාමාන්‍ය අම්මා කෙනෙක් සහ පුතෙක්ට එහා  යාළුකමක්. ඇය වැනි කෙනෙක් එක්ක රඟපාන්න සහ යාළුකමක් හදාගන්න පුළුවන් විම ගැන ගොඩාක් සතුටුයි.  රිචඩ් ගේ චරිතේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඊට හේතුව ඇය මට දුන් සහයෝගය සහ  ඇයගේ නිහතමානිකම. ඒ වගේම සජිත අනුත්තර ගැන කියනවානම් හරිම නිහතමානි චරිතයක් මම අලුත් කෙනෙක් විදිහට මට ලොකු සහයෝයක් දුන්නා මේ වැඩේ කරගෙන  යන්න. රාණි අධ්‍යක්ෂ අශෝක හඳගම මහත්මයාට වගේම  රාණි සියලුම කණ්ඩායමට මගේ විශේෂිතම ස්තූතිය පුද කරනවා.  

  • අවස්ථාවන් ලැබුණොත් නළුවෙක් විදිහට දිගටම වැඩකරනවද?

තාම නම් රාණි චිත්‍රපටයෙන් පස්සේ අවස්ථාවන් ලැබිලා නැහැ.  පුංචි කාලේ ඉඳලා මම කලාවට ගොඩාක් ආස කරන කෙනෙක්. ඔව් නළුවෙක් විදිහට වැඩ කරන්න ලොකු ආසාවක් තියෙනවා.


නදිශා අතුකෝරළ


 



අදහස් (0)

තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28819 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11218 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 689 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site