බිමල් රත්නායක
|
සමන්මලී ගුණසිංහ
|
නිහාල් අබේසිංහ
|
චතුරංග අබේසිංහ
|
පරම්පරා දේශපාලනය ලංකාවට අමුත්තක් නොවේ. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී ලංකාව පාලනය කර තිබෙන්නේ පවුල් කීපයක් බව අපට බැලූ බැල්මට පෙනෙන කාරණයකි. ඒ අනුව ඩී. එස්. සේනානායක පවුල, බණ්ඩාරනායක පවුල, රාජපක්‍ෂ පවුල වැනි පවුල් කීපයක් මාරුවෙන් මාරුවට ලංකා රාජ්‍ය පාලනය කර ඇත. ඒවා පිළිබඳව සමහරුන්ගේ විවේචන මෙන්ම මෙම පවුල් වලින් ලංකාව ගොඩනැගීම සඳහා ලැබුණු දායකත්වයද අපට එකවර බැහැර කළ නොහැකිය.
පාර්ලිමේන්තුව ගත්තත් එකම පාර්ලිමේන්තුවේ පිය පුතු, සැමියා සහ බිරිඳ ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ චරිත ගණනාවක්ම අපට ඉතිහාසයේ හමුවිය. ඒ සඳහා උදාහරණ ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දයා ගමගේ සහ අනෝමා ගමගේ, චමල් රාපක්‍ෂ, ශෂින්ද්‍ර රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ, රත්නසිරි වික්‍රමනායක, විදුර වික්‍රමනායක වැනි චරිත ගණනාවක්ම ළඟම ඥාතීන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.
මෙවර 10 වැනි පාර්ලිමේන්තුව ගත්තත් පිය පුතු, සැමියා බිරිඳ ලෙස පවුලේ සමීපතමයන් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීම විශේෂයෙන්ම දැකගත හැකි කාරණාවකි. ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානයට පාත්‍රව තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරුණු බිමල් රත්නායක හා සමන්මලී ගුණසිංහ පිළිබඳවය. මෙවර පාර්ලිමේන්තුවට ඔවුන් දෙදෙනා පත්වීමට ප්‍රථම සමහරු මේ දෙදෙනා සැමියා සහ බිරිඳ බව නොදන්නවා වන්නට පුළුවන. එහෙත් මහ මැතිවරණ සටන ආරම්භ වනවිටම බිමල් රත්නායක ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමත් සමන්මලී ගුණසිංහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් වීමත් සමග සමහරු විවේචනය කළේ නැවතත් පවුල් පාලනයට ජාතික ජන බලවේග ආණ්ඩුව අර අඳිනවා යැයි කියමිනි.
කෙසේ නමුදු බිමල් රත්නායක හා සමන්මලී ගුණසිංහ යනු ජවිපේ දීර්ඝ කාලයක් විවිධ තනතුරු තානාන්තර දරමින් දේශපාලනයම ජීවිතය කරගත් අය වෙති. ඒ අය සැමියා නිසා බිරිඳ දේශපාලනයට පැමිණියේවත් බිරිඳ නිසා සැමියා දේශපාලනයට පැමිණියේ යැයි චෝදනා කළ නොහැකි බව ඔවුහු කියති. ඔවුහු එකම අරමුණක් වෙනුවෙන් දේශපාලන පොර පිටියේ රැඳී සිටියහ. එසේම එකම පාර්ලිමේන්තුවට තේරී පත්වීමටද වාසනාව ලදහ.
ඒ අතරින් බිමල් රත්නායක යනු ජවිපෙ මධ්‍යම කාරක සභාව හා දේශපාලන මණ්ඩලය දීර්ඝ කාලයක් නියෝජනය කළ අයෙකි. එසේම ජවිපෙ හඬ සමාජයට ගෙන යාම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඔහු ඉටු කළේය. වර්තමානයේ බිමල්ට කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛතම අමාත්‍යාංශයක් හිමිවී ඇත. එනම් ප්‍රවාහන මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සෙ පත්කර තිබෙන්නේ බිමල් රත්නායකය. එය බලගතුම අමාත්‍යාංශයකි. පසුගිය කාලයේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට පෙර සමාජයේ මතයක් ලෙස පැතිර ගිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා බවට පත් වන්නේ බිමල් රත්නායක බවය. එහෙත් ඒ මතවාද බොරුවක් කරමින් අශෝක රන්වල කතානායකවරයා බවට පත්විය. ඉදිරියේදී ටිල්වින් සිල්වා දරන තනතුරුවලින් ඉවත්වීමට සූදානමින් සිටින බවත් එම තනතුරුවලට බිමල් රත්නායක මහතා පත්කිරීමට සූදානම් බවත් දේශපාලන ලෝකයේ පැතිරෙන කතාවක් බවට පත්ව තිබේ.
බිමල් රත්නායකගේ බිරිඳ වන, සමන්මලී ගුණසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිධාරිනියකි. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාවද ඇය නියෝජනය කරන්නීය. 1997 වසරේ සිට දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රී කණ්ඩායමට නායකත්වය ලබාදුන් මහජන නියෝජිතවරියකි. ඇය සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායකවරිය ලෙසත් ‘‘අයිතීන් උදෙසා කාන්තාවෝ’’ සංවිධානයේ ලේකම්වරිය ලෙසත් වගකීම් දරන නායිකාවකි. ඇය මෙවර මැතිවරණයෙන් මනාප 59,657 ක් ලබා ජය ගත්තාය. පාර්ලිමේන්තුවේ ඊළඟට පත්ව සිටින්නේ පියපුතු දෙපළකි. ඒ නිහාල් අබේසිංහ සහ චතුරංග අබේසිංහය. මැතිවරණයට පෙර සිටම මේ සම්බන්ධව චෝදනා එල්ල වූයේ අනිත් පක්‍ෂවලට චෝදනා කරන ගමන් මාලිමාවත් ඥාති සංග්‍රහය පටන් ගෙන කියාය. එහෙත් එයට පිළිතුරු ලෙස චතුරංග අබේසිංහ සඳහන් කළේ වෙන පක්‍ෂවල ආකාරයට මේ පිය පුතු දෙපළ පිළිබඳ නොබලන ලෙසය. පියාගේ දේශපාලනය වෙනමත් තමන්ගේ දේශපාලනය වෙනමත් ගෙන යන බව ඔහු සඳහන් කළේය.
කෙසේ නමුදු දැන් අවසානයේ මේ දෙපළම ඉහළම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිති. නිහාල් අබේසිංහ යනු වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. එසේම ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේද ඔහුය. පක්‍ෂයක ලේකම්වරයා යනු වැදගත්ම භූමිකාවකි. ඒ භූමිකාවට හොඳින් පණදෙමින් සිටින අතරතුර නිහාල් අබේසිංහ මනාප ඡන්ද 96,721ක් ලබා කළුතර දිස්ත්‍රික්කයෙන් තුන් වැනි තැනට තේරී පත්විය. ඊට ඉහළින් ඉහළම මනාප සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ නලින්ද ජයතිස්ස හා නිලන්ති කොට්ටහච්චිය.
නිහාල් අබේසිංහගේ පුතණුවන් වන්නේ චතුරංග අබේසිංහය. මැතිවරණයට පෙර සිටම චතුරංග පිළිබඳ සමාජ ආකර්ෂණයක් ඇතිවී තිබුණේ ඔහු කඩවසම් රුවත් ඩිජිටල් ව්‍යවසායකයකු ලෙස ඔහුගේ තිබුණු දැනුමත් නිසාය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මූල්‍ය විශේෂ උපාධිධාරි චතුරංග අබේසිංහ CIMA UK ආයතනයේ වරලත් කළමනාකරණ ගිණුම්කරණ සාමාජිකයෙක්.
(ACMA) වසර 16 ක ව්‍යාපාර කළමනාකරණ, මූල්‍ය පරිපාලනය, දත්ත විද්‍යාව හා ඩිජිටල් තාක්‍ෂණය පිළිබඳ දෙස් විදෙස් වෘත්තීය අත්දැකීම් ඇති ඔහු ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරයි. එසේම ජාතික ජන බලවේගයේ කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්ති කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද චතුරංග අබේසිංහ ය. වර්තමාන ආණ්ඩුවේ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් ලැබුවේද ඔහුය. ඔහු මෙවර මැතිවරණයෙන් 127,166 ක ඉහළම මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමටද සමත් විය. චතුරංග මෙවර මැතිවරණයෙන් දෙවැනි වී සිටින්නේ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියට පමණි.
ඒ අනුව 10 වෙනි පාර්ලිමේන්තුව පිය පුතු, සැමියා බිරිඳ නියෝජනයට ඉඩ ලැබුණේ ඒ ආකාරයටය. සාපේක්‍ෂව ගතහොත් පසුගිය පාර්ලිමේන්තුවලට වඩා අඩු සංඛ්‍යාවකි.
අමිල චින්තක ගමගේ
1977 දී පළාත් පාලන නිවාස ඉදිකිරීම් සහ සභානායක ධුරයටත් ඉන් පසුව 1978 දී අගමැති ධුරයටත් පත් ආර්. ප්‍රේමදාස ආරම්භ කළ උදාගම් ව්‍යාපාරය ඒ ඒ ප්‍රදේශයට ආවේණික වූ සු
1952 මැයි මාසයේදී පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්වූයේ අග්‍රගණ්‍ය ප්‍රජාතන්ත්‍රවාදියකු වූ එක්සත් ජාතික පක්‍ෂයේ නායක ඩඩ්ලි සේනානායක ය.
ශ්රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය අධ්‍යයනය කරන විට මහා මැතිවරණ ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවේ අසුන් ගත් පසුව ඡන්ද පෙත්සම හේතු කරගෙන මන්ත්‍රී ධූරය අහිමි වූ ස
නවසීලන්තය බලාගිය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවරද විස්සයි20 සහ එක්දින තරගාවලි දෙකම පරාජයට පත්වී නැවත පැමිණියේය.
ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා මහතාගේ වැඩ තහනම් කිරීමට ප
සැමියාට තුවාල සිදුවීම ද පුතුගේ වියෝව ද හමුවේ නෙලීකා තුළ වූ අසීමිත පීඩනය ඇයට දරාගත හැකි සීමාවක නොවීය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලුත් පාර්ලිමේන්තුවේ පවුල් ගස්