IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


සූර්ය කුණාටු ජීවිතවලට තර්ජනයක් විද්‍යාඥයෝ අනතුරු අඟවති

විදුලොව  හා  නවලොව

යුරෝපීය අභ්‍යාවකාශ ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ‘‘ක්ලස්ටර්’’ හා ‘‘ස්වෝම්’’ චන්‍ද්‍රිකා මෙහෙයුම් වලින් ලබාගත් දත්ත අධ්‍යනයක කළ විද්‍යාඥයෝ මෑතක සිට සිදුවන සූර්ය කුණාටු වලින් පෘථිවි වාසීන්ගේ එදිනෙදා ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ‘‘ජියොපිසිකල් රිසර්ච්’’ වාර්තාවල සඳහන් කරති.   

2000 වසරේ දී අභ්‍යාවකාශ ගත කළ කලස්ටර් චන්‍ද්‍රිකා මෙහෙයුම් හා 2013 අභ්‍යාවකාශ ගත කළ ස්වෝම් ත්‍රිත්ව චන්‍ද්‍රිකා (ඇල්පා, බ්‍රාහෝ, චාලි) මගින් ලබාගත් දත්ත අධ්‍යනය කළ විද්‍යාඥයෝ සූර්ය කුණාටු මගින් කඩින් කඩ ජනනය වන අයන හා ආවේණික ප්‍රවේගයන් අන්තර්ගත වේග ප්‍රවාහයන් (Bursty bulk Flows) ඇතිවන බවත් එමගින් පෘථිවි ජීවිත සුරක්‍ෂිත කරන ආරක්‍ෂක බුබුලට හානි සිදුවන බවත් ‘‘ජියොෆිසිකල් රිසර්ච්’’ වාර්තාවල සඳහන් කරති. ජීවිත සුරක්‍ෂිත කිරීම හා වාසය සඳහා යෝග්‍යතාවය රදාපවතින්නේ මෙම චුම්භක ගෝලය නිසා බවත් සුර්ය කුණාටු මගින් සිදුවන කොස්මික් විකිරණ හා අනතුරුදායක අංශූන්ගෙන් ආරක්‍ෂාව සලසනුයේ චුම්භක ගෝලය බවත් නාසා ආයතනය සඳහන් කරයි. සුර්ය කුණාටු මගින් විදුලි ආරෝපිත අංශූන් පෘථිවිය කරා පැමිණෙන අතර චුම්භක ගෝලයට ද මහත් විනාශයක් සිදු කරයි.  


පෘථිවි චුම්භක ගෝලය දිවා කාලය පවතින පැත්තෙහි පෘථිවියේ සිට කි.මී. 65,000 ක් දුරින් කඳුළු බිදුවක හැඩයට පවතින අතර රාත්‍රී කාලය පවතින පැත්තෙහි එය කි.මී. 6,000,000 ක දුරකට විහිදෙන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. එසේ සිදුවනුයේ පෘථිවියේ ඇති චුම්භක ​ක්ෂේත්‍රය හා සූර්යයාගෙන් පැමිණෙන අධි​ ධ්වනිත සුළං ප්‍රවාහ අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය නිසා බව ඔව්හු වැඩිදුරටත් පෙන්වා දෙති. මෙම අන්තර් ක්‍රියාවලය අතිශයින්ම වේගවත් වන අතර එහි සංකීර්ණ චුම්භක ක්ෂෙත්‍ර හැඩහුරුවක් හා විදුලිධාරා ක්‍රමවේදයක් අන්තර්ගත වේ.  


‘‘කලස්ටර්’’ චන්‍ද්‍රිකා හතර මගින් 2000 වසරේ සිට සුර්ය කුණාටු හා චුම්භක ගෝලය අතර සිදුවන අන්තර් ක්‍රියාවලිය ගවේෂණය කරන අතර ‘‘ස්වෝම්’’ ත්‍රිත්ව චන්‍ද්‍රිකා මගින් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය ද පෘථිවිය වටා ඇති අදෘශ්‍යමාන චුම්භක ක්ෂේත්‍රය ද විදුලි ධාරාවන් ද ගවේෂණය කරමින් සිටී ‘‘ස්වෝම්’’ චන්‍ද්‍රිකා පෘථිවියට වඩාත් ආසන්නව පිහිටි කක්‍ෂයක භ්‍රමණය වෙයි.  


සුර්යයා ආලෝකය මෙන්ම උෂ්ණත්වය ද ලබා දී පෘථිවිවාසීන්ගේ ජීවිත පෝෂණය කරනවා මෙන්ම සුර්ය කුණාටු වලින් බිහිවන අන්තරාදායක විදුලි ආරෝපිත අංශූන් ද පෘථිවියට එල්ලකරමින් සිටී. මෙම විදුලි ආරෝපිත අංශූන් චන්‍ද්‍රිකාවල ඇති දෘඩාංග වලටත් පෘථිවියේ ඇති සන්නිවේදන ජාලයන්ටත්   ජීපීඑස් තාක්‍ෂණයන්ටත් හානි පමුණවයි. විදුලි බලයටත් නළ මාර්ගවලටත් දැඩි අලාභහානි සිදුවිය හැකි බව ද පෙන්වා දී තිබේ. 1989 දී කවිබෙක්හි විදුලිය ඇනහිටීමෙන් සිදු වූ ඛේදවාචකයට සමාන විදුලිබල ඇනහිටීමක් අත්විඳීමට සිදුවන බවත් විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

 

 

ශාස්ත්‍රවේ දී 
පී. ඩබ්ලිව්. ගුණතිලක  
(​තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි) 

 



අදහස් (0)

සූර්ය කුණාටු ජීවිතවලට තර්ජනයක් විද්‍යාඥයෝ අනතුරු අඟවති

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site