IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විනෝදයට කීව සින්දුවක් ගිය දුර

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ  
එය මකා දමා ගිය හැටි රහසේ  
නුඹ මෙතෙක් රැඳී උන් මා මනසේ  
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ...  
නුඹ යන්නම යන්නම යනවානම්  
මටඉන්න කියන්නට බැහැනෙ ඉතින්...  
යළි එන්නම එන්නම හිතුණේ නම්  
නුඹ එන්න එපා මගේ හිත තහනම්...  


ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මෙම ගීතය ඔබත් නිරන්තරයෙන් මේ දිනවල මුමුණන බව නම් නොරහසක්. ඒ තරමට අද මෙම ගීතය සමාජ ජාලා ඔස්සේත් බොහෝ දෙනෙක් කතාබහ කරන්නට පටන් අරන්.  


ඊට ප්‍රධානම හේතුව වුණේ ගතවූ දින කිහිපය තුළ මෙම ගීතය පටිගත කර සමාජ මාධ්‍යයට මුදාහළ අපූරු චරිතයක් නිසා. අද ඔහු ගැන බොහෝ දෙනෙක් හොයන නිසාම කතාබහ කරන නිසාම ඉරිදා ලංකාදීපයෙන් අපිත් යූටියුබ් ලෝකය තුළින් ඔහු ගැන කතාබහක් කරන්න හිතුවා.  


මේ දිනවල ඔබව සමාජ මාධ්‍ය ඔස්සේ පීරමින් සොයන නිසාම මුලින්ම කියමුද ඔබ ගැන?  


මම චන්ද්‍රසිරි සේදරහෙට්ටි. ජීවත්වෙන්නෙ මාතර තිහගොඩ ප්‍රදේශයේ නාරංගල ගමේ. ගෙදර ඉන්නෙ බිරිඳයි මමයි පුතාලා දෙන්නයි. බිරිඳ ගුරුවරියක්. ලොකු පුතා පෞද්ගලික රූපවාහිනි ආයතනයක සේවය කරනවා. පොඩි පුතා සංගීත අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරනවා. ඒවා තමයි පවුලෙ විස්තර.  


ගතවූ දින කිහිපය ඔබ ගැන බොහෝ පිරිසක් කතාබහ කරන්න පටන් ගත්තා. මේ සිද්ධියේ නිදන් කතාව ගැන කතා කළොත්?  


මගෙ ලොකු පුතාට ගෙදර සංගීත ස්ටුඩියෝවක් තියෙනවා. ඉතින් පුතා මියුසික් ට්‍රැක් හදනවා. හඬ පඩිගත කරනවා. ඒ දේවල් කරගෙන ඉන්න වෙලාවක මමත් එතැනට ගියා. ගිහින් වාඩිවෙලා පුතා කරන දේවල් බලාගෙන හිටියා. ඉතින් ඒ වෙලාවෙ මටත් හිතුණා ගීතයක් ගායනා කරල ඒක පටිගත කරන්න. අපි​ ගෙදර කොහොමත් ගීත ගායනා කරන අවස්ථා තියෙනවා. ඉතින් මම ඒ මොහොතෙම සින්දුවක් කියමු කිව්වම පුතා කිව්වා වැඩේ කල්දාන්න ඕන නැහැ. දැන්ම කියමු කියලා. මම ඒ වෙලාවෙ වෙන ගමනක් ගිහින් ඇවිල්ලා හිටියෙත්. ඒ නිසා මම පුතාට කිව්වා විවේක වෙලාවකදි කරමු කියලා. මොකද ඒ මොහොතෙ මට එක පාරටම කියන්න ගීතයක් මතකෙට ආවෙත් නැහැ. මතකයෙ ගීත තිබුණත් ඒ වගේ වචන ඔක්කොම මතකත් නැහැනෙ. ඒ වගේම පෙර පුහුණුවීමක් නැතිව එක පාරටම කියන්නත් අමාරුයිනෙ. නමුත් පුතා කිව්වා පෙර පුහුණුවීම් ඕන නැහැ. මම සින්දුවෙ වචන ටික අරන් දෙන්නම් තාත්තා කියන්න කියලා. ඒ වෙලාවෙම පුතා ෆෝන් එකෙන් සින්දුවක් තෝරලා සින්දුවෙ වචනටිකත් අරන් දුන්නා. මම ඉතින් ඒ වචන ටික බලාගෙන ඒ මොහොතෙම සින්දුව කියලා දැම්මා. මේ ඇත්තටම විනෝදෙට වගේ කරපු වැඩක්. නමුත් හිතුවෙවත් නැති විදියට මම නිව්ස් බල බලා ඉද්දි පුතා ඇවිල්ලා කිව්වා තාත්තෙ මම මේ සින්දුව fb දැම්මා. මේ පැය ගාන ඇතුළත මාරම විදියට වීව්ස් ඇවිල්ලා තියෙනවානෙ. පොඩ්ඩක් බලන්න කියලා. ඒ බලද්දි තමයි මමත් දැක්කෙ මේ විස්තරේ. ඇත්තටම මටත් අදහාගන්න බැරි වුණා මොකද්ද මේ වුණේ කියලා.  


මේ වෙද්දි කොයිතරම් සංඛ්‍යාවක් ඔබේ ගායනය නරඹලා තියෙනවද?  


U Tube එකේ ලක්ෂ දහයකට ආසන්න සංඛ්‍යාවක් නරඹලා තියෙනවා. ඒ වගේම fb ලයිව් සින්දු පේජ් එකේත් අතිවිශාල සංඛ්‍යාවක් නරඹලා තියෙනවා. අද වෙද්දි ඉතින් බොහෝ දෙනෙක් මේ ගැන කතා බහ කරනවා. වයස් භේදයකින් තොරව තරාතිරමකින් තොරව ප්‍රතිචාර දක්වන පිරිසක් ඉන්නවා. රට රටවල්වල ඉන්න බොහෝ දෙනෙක් කාතබහ කරලා සුභ පතනවා. ඉතින් ගොඩක් සතුටුයි ඒ ලැබෙන ප්‍රතිකාර ගැන. ගොඩක් දෙනෙක් කියන්නෙ මේ ගායනය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. භාවනාවක් වගේ කියලා. ඉතින් ඒ ප්‍රතිචාර දක්වන පිරිසට ගොඩක් පිං මම වගේ කෙනෙකුට ඒ වගේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව.  


ඒ කියන්නෙ ඔබේ හඬට ආදරය කරන පිරිසක් එක් සතියක් තුළ බිහිවෙලා?  


ඔව්. ඇත්තටම. නමුත් මම මීට පෙර ආධුනික ගී තරග කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ තුළින් ජයග්‍රහණය කරලාත් තියෙනවා. නමුත් ඒ සියල්ල මාතර දිස්ත්‍රික්කයේ පැවති තරග. සංගීතයට කොහොමත් හැකියාවක් ලැදියාවක් තිබුණා. ගමේ පැවැත්වෙන විවිධ දේවල්වලට ඒ ප්‍රදේශයේ පැවැත්වෙන විවිධ උත්සව ආදියට සම්බන්ධ වුණා. ගායනා කළා. මගේ පවුලේ කිසිම කෙනෙක් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණත් මට ඒ හැකියාව තිබුණා. මගේ අම්මා තාත්තා සංගීතයට ගොඩක් කැමතියි. ඒ නිසා මම තරුණ කාලෙ එහෙම සංගීත කණ්ඩායම්වල පවා ඉඳලා තියෙනවා.

 

 

නිදහසක් ලැබුණ ගමන් කොහොමත් සින්දු කෑල්ලක් මුමුණගෙන තමයි ඉන්නෙ. ඒක ඉතින් නිතර දෙවේලේ සිද්ධ වෙනවා. ඒත් කාටවත් ඇහෙන්නෙ නැති වෙන්න. මොකද අපේ වයසත් එක්ක දැන් අපි පාර දිගේ සින්දු කිය කිය එහෙම යන්න බැහැනෙ. අපේ වයසත් එක්ක එහෙම කළොත් මිනිස්සු හිනාවෙයි.  


නමුත් මේ වුණු සිදුවීමත් එක්ක හිතාගන්නම බැරි විදියට කට්ටිය මාව හොයන්න ගත්තෙ. ඒ ප්‍රතිචාර දක්වපු ගොඩක් දෙනෙක් අහලා තිබුණෙ කවුද මේ? කොහෙද හිටියෙ? ඇයි මේ තරම් කාලයක් නිහඬව හිටියෙ කියලා? මේ තරම් කාලයක් කරළියට නොආවට සංගීතය ගොඩක් කාලයක ඉඳන් ආසාවට විනෝදාංශයට කරගෙන එන දෙයක්. නමුත් ඉතින් මට හැකියාවක් තියෙනවා කියන දේ එක පාරටම පත්තු වුණේ ගිය සතියේ තමයි.  


ඒ කියන්නෙ චන්ද්‍රසිරි සේදරහෙට්ටි නම පත්තුවෙන්නෙ 2022 වසරෙදි?  


ඔව්, ඇත්තටම. ඒ ගැන අහිංසක සතුටක් තියෙනවා. අවංකවම කියනවනම් ජනප්‍රිය වීම ගැන ඉහළම සතුට තියෙන්නෙ. බොහෝ දෙනෙක් ගොඩක් අමාරුවෙන් මගේ දුරකථන අංකය හොයාගෙන කතා කරනවා. මාව හොයනවා. මගේ පුතාලාට කතා කරනවා. විශේෂම දේ තමයි සංගීත ප්‍රසංගවලට කතා කරනවා. සින්දු කරන්න කතා කරනවා. ඉතින් එක සතියක් තුළ මේ දේවල් වෙද්දි මට හිතාගන්න බැහැ.   


ඒ කියන්නෙ ඉදිරියෙදි සංගීත ප්‍රසංගවල දකින්න ලැබෙයි ඔබව?  


තවම ඒ ගැන හිතලා නැහැ. මොකද මගේ ගීත නිර්මාණය වෙලා නැහැනෙ. ඉතින් මගේම ගීත නිර්මාණයක් කරන්න නම් අදහසක් තියෙනවා ආසාවටත් එක්කම.  


‘‘පෙම් කවක්’’ ගීතය කියලා ඔබ රටේම ආදරය දිනාගද්දි මේ ගීතයේ හිමිකරු ‘‘දිවුල්ගනේ’’ මහත්මය ඔබට කතා කළේ නැද්ද?  


එක් වරක් එතුමා මගේ ගීතයක් සජීවිවත් රස විඳලා තිබුණා. ඒ අපේ ප්‍රදේශයේ පැවති උත්සවයක මම ගීතයක් ගායනා කරද්දි. ඒ වැඩසටහනකට සම්බන්ධ වුණු වෛද්‍යවරයෙක් තමයි ඒ ගීතය එතුමාට අහන්න ඉඩ සලස්වලා තිබුණෙ. මේ ගීතය රසවිඳලා නම් තවම කතා කළේ නැහැ.   


ඔබ කැමතිම ගායකයා එතුමාද?  


එතුමාගේ ගීතවලට මම ගොඩක්ම කැමතියි. ඒ වගේම මගේ ප්‍රියතම ගායකයා තමයි අමරදේව සර්. සුනිල් එදිරිසිංහ මහත්මයා, ෂර්ලි වෛජන්ත මහත්මයාගේ ගීතවලටත් ගොඩක්ම කැමතියි. අලුත්, පරණ කියලා නැහැ හිතට වැදුණොත් ගීතයක් මම ඒක ගායනා කරනවා.   


වෘත්තිමය වශයෙන් ඔබ මොකද කරන්නෙ?  


මම රැකියා කිහිපයක්ම කළා. රජයේ සහ පෞද්ගලික ආයතනවල. නමුත් දැන්නම් මොනවත් කරන්නෙ නැහැ. දෙමව්පියන්ගෙන් ලැබුණු ඉඩම් කිහිපයක් තියෙනවා. ඒ වයේ කුරුඳු වගා කරලා තියෙනවා. ඒ දේ කරගෙන සමාජ සේවය පැත්තෙන් යම් දෙයක් කරගෙන ඉන්නවා. ඒ විදියට තමයි දැන් ජීවිතේ ගෙවෙන්නෙ.

 

 

 

ධනු විජේරත්න  



අදහස් (0)

විනෝදයට කීව සින්දුවක් ගිය දුර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site