IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


විදේශ මහාචාර්යවරයාට අපූරු පාඩමක් කියා දුන් තිසාහාමි වන්නිල ඇත්තෝ

ගැමි රස විත

 

ලාංකීය ආදිවාසී ජනතාවට ඇත්තේ අනාදිමත් ඉතිහාසයකි. එමෙන්ම ඔවුනට ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇත. එහෙත් ඇතැම් අය අප ආදිවාසින් මෙන්ම වෙනත් රටවල වෙසෙන ආදිවාසී ජනතාව සලකන්නේ නුගත් ජනතාවක් ලෙසය. එය සම්පූර්ණයෙන්ම වැරදි සහගත අදහසකි. සජීවී ලෝකය පිළිබඳව ඔවුන් තරම් මනා ලෙස දැනුම් සම්භාරයක් ඇති ජනතාවක් වෙනත් සමාජවල සිටී දැයි සිතා ගැනීමට පවා අපහසුය. එයට උදාහරණ ඕනෑ තරම් සොයාගත හැක. ඒ තරමට ආදිවාසී ජනතාවගේ සජීවී ලෝකය පිළිබඳව ඇති දැනුම බහුල ය.   


ලංකාවේ විසු වන්නිලැත්තෝ හෙවත් තිසාහාමි ආදිවාසී නායකයන්ද එවන් දැනුමක් තිබූ අයෙකි. (වර්තමාන ආදිවාසී නායකතුමාගේ පියා) එතුමා ඔහුගේ දැනුම බෙදා හදා ගැනීම සඳහා විවිධ රටවල සම්මන්ත්‍රණ ආදිය පවා නියෝජනය කළ අයෙකි. මොහුගේ පරිසරය පිළිබඳව ඇති දැනුම ප්‍රකට වූ අවස්ථා කිහිපයක්ම ඇත. එය ඉතා රසවත් ය.   
එක් අවස්ථාවක විදේශීය විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. එම සංචාරය අතරවාරයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පරිසර සමුළුවකට ද මෙම පිරිස සහභාගිවීමට නියමිත තිබුණි. එම පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමටද නියමිතව තිබුණේද මෙම මහාචාර්යවරයාට ය.   
පරිසරය පිළිබඳව වූ මෙම සමුළුවෙන් පසු මෙම විදේශීය පිරිස ලංකාවේ වන පරිසරය නැරඹීම සඳහා සංචාරයකට යොමු විය. මෙම සංචාරයේ එක් අවස්ථාවක් වූයේ දඹානේ ආදි ගම්මානය ද නැරඹීමට යාමය. ආදිවාසී ගම්මානයට යාමට පෙර මෙම කණ්ඩායමේ මග පෙන්වන්නා විසින් ලංකාවේ ආදිවාසී නායකයා පිළිබඳව හැඳින්වීමක්ද කළේය. ලංකාවේ ආදිවාසී නායකයා පරිසරයට ඉතාමත් ආදරය කරන්නෙකු බවත් සිය සංස්කෘතිය බෙහෙවින් ආරක්ෂා කරන්නෙකු බවත් මග පෙන්වන්නා විසින් මහාචාර්යවරයා ඇතුළු පිරිසට පහදා දෙනු ලැබීය.   


මෙම මහාචාර්යවරයා කෙතෙක් උගතෙකු වුවද තරමක උද්ධච්චකම හා ආඩම්බරකාර බව තිබූ අයෙකි. ඔහු මගපෙන්වන්නා පහදු දුන් කරුණු පිළිබඳව එතරම් තැකීමක් නොකළේය.   


මොවුන් දඹානේ ආදිවාසී ගම්මානයට පැමිණි අතර තිසාහාමි වන්නිලැත්තන් විසින් මෙම පිරිස සාදරයෙන් පිළිගන්නා ලදී. අනතුරුව දෙපිරිස අතර සාකච්ඡාවක්ද ඇරැඹුණි. භාෂා හුවමාරුව සඳහා අයෙක්ද යොදවා තිබුණි.   


සාකච්ඡාව යන අතරතුර මහාචාර්යවරයා පරිසරයේ ඇති වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කරන්නට වූයේ එය සාකච්ඡාවකට වඩා දේශනයකට හරවමිනි. වනාන්තරවල වැදගත්කම, වනාන්තර රැක ගන්නා ආකාරය, ඕසෝන් ස්ථරය පිළිබඳව ඔහු බොහෝ දේ තිසාහාමි වන්නිලැත්තන්ට පැහැදිලි කරදීමට උත්සාහ කළේය. එසේම වනසතුන් පිළිබඳව ඔහු දේශනයක් පැවැත්වීය. එසේම ආදි වාසි ජනතාව සම්ප්‍රදායිකව වනයට ආදරය කරන්නේ වනය තුළින් ඔවුන්ගේ ජීවිකාව පවත්වා ගැනීමට හැකියාව ඇති නිසායයි පමණක්ය යන මතයක්ද ඔහු ඉදිරිපත් කළේය. තිසාහාමි වන්නිලැත්තන් ඉතා සන්සුන්ව මෙම මහාචාර්යවරයාගේ අදහස් දැක්වීම අසා සිටියේය.   


තමා පරිසරය පිළිබඳව දේශන වැඩ මුළු සඳහා නිතර නිතර විවිධ රටවල සංචාරය කරන බවත් තමා එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කරන බවත් පැවසීය. මෙම මහාචාර්යවරයාගේ දේශනය පිළිබඳව තිසාහාමි වන්නිලැත්තන් එක් කාරණයක් වටහාගෙන තිබුණි. එනම් මෙම මහාචාර්යවරයා තම දැනුමෙන් සහ දරන තනතුරුවලින් උද්දාමයට මෙන්ම මහන්තත්වයක්ද කියා පාන්නට උත්සාහ දරන බවය.   


අනතුරුව එළඹියේ වන්නිලැත්තන්ගේ අදහස් දැක්වීමේ වාරයයි. ඔහු වෙනත් කිසිවක් නොපවසා මෙම මහාචාර්යවරයාගේ මහන්තත්ත බවට පිළිතුරක් දීමට පමණක් කටයුතු කළේය. ඒ සඳහා ඔහු භාවිතා කළේ කෙටි වචන කිහිපයක් පමණි.   


‘‘ඔබතුමා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක්. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ උපදේශකවරයෙක්. ඒ විතරක් නෙමෙයි ඔබතුමා පරිසරය රැකීම පිළිබඳව ලෝකය දැනුවත් කරන්න ලෝකය වටේ යනව. ඒ ඔබ තුමාගේ දැනුම නිසා. ඒත් මම ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක් අහනව. ඔබ තුමාට ඔබ තුමාගෙ කියලා නිවසක් තියෙනවද?’’   
‘ඔව්’ යැයි මහාචාර්යවරයා පැවැසීය   


‘ඉඩමක්’   
‘ඔව් ලොකු ඉඩමක් තියෙනවා’   
‘ඒ ඉ​ඩමෙ ගස් කොළන් තියෙනවද?   
‘ඔව් තරමක ප්‍රමාණයක් තියෙනව’   
‘ඒව හිටෙව්වෙ කවුද?’   


‘මම ඉඩම මිලට ගන්නකොටම ඒ ඉඩමෙ ගස් තිබුණා. මම ඒව කැපුවෙ නෑ. එහෙම්මම තියන්න අැරියා’.   
‘ඔබ තුමා එක පැළයක්වත් හිටෙව්වෙ නැද්ද?’   
‘අනේ නැහැ, මට ඒවට වෙලාවක් නැහැ’   


‘එහෙනම් ඔබ තුමා මොනව කළත් වැඩක් නෑ. ලෝක වටේ කොච්චර ගිහින් දේශනා කළත් උපදෙස් දුන්නත් වැඩක් නැහැ. පරිසරය රැක ගන්න ප්‍රායෝගිකව මොකුත් කරලා නෑ. අඩුම ගානෙ එක පැළයක්වත් හිටවලා නෑ.’  


 තිසාහාමි වන්නිලැත්තන්ගේ කතාවෙන් එතැන සිටි සියලු අය වික්ෂිප්ත වූහ. මහාචාර්යවරයාද මද වේලාවක් වන්නිලැත්තන් දෙස බලා සිට එක්වරම ඉදිරියට පැමිණ වන්නිලැත්තන්ව වැළඳගෙන පැවැසුවේ, ‘මම ලෝකෙවටේ කොහේ ගියත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තත් ඉගැන්නුවත් කොතනින්වත් ලබාගත නොහැකිවූ අපූරු පාඩමක් ලංකාවේ තිසාහාමි වන්නිලැත්තන්ගෙන් ඉගෙන ගත්’ බව ය.   


මෙම මහාචාර්යවරයා පසු කලෙක පරිසරය පිළිබඳව ටයිම් සඟරාව හා කළ සාකච්ඡාවකදී ලංකාවේ තිසාහාමි වන්නිලැත්තන්ගෙන් ඉගෙන ගත් අපූරු පාඩම පිළිබඳව ප්‍රකාශ කර තිබුණි.   


මෙම ප්‍රකාශය ටයිම් සඟරාවේ පළවීමත් සමගම ලංකාවේ ආදිවාසි නායකයා පිළිබඳව ලෝක පරිසර අංශ හා ආයතන පිළිබඳව අවධානය යොමු විය. මේ අතර ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ පරිසර ආයතනයේ පැවැති වැඩසටහනකට සහභාගිවීමට ලංකාවේ තිසාහාමි වන්නිලැත්තන්ට ආරාධනයක් ලැබුණි. එයට හේතු වූයේ එතුමා පිළිබඳව ටයිම්ස් සඟරාවේ පළවී තිබූ ඉහත සඳහන් වූ මහාචාර්යවරයාගේ ප්‍රකාශය නිසයි. වැඩසටහනට සහභාගිවූ තිසාහාමි වන්නිලැත්තන්ට පැමිණ සිටි පිරිසේ ඉහළම ගෞරවය හිමිවිය.

 

 

කොත්මලේ
රංජිත් සිසිර කුමාර



අදහස් (0)

විදේශ මහාචාර්යවරයාට අපූරු පාඩමක් කියා දුන් තිසාහාමි වන්නිල ඇත්තෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10932 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5939 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5271 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3247 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1714 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1813 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1630 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site