IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


විද්‍යුත් මුදල් ඒකක ඉන්දියාවේ කරන විප්ලවය

විදුලොව හා නවලොව

 

ඉන්දියාවේ ටික් ටොක් සඳහා ආදේශකය වන චින්ගාරි පසුගියදා තමාගේම ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ගාරි ටෝකන හඳුන්වා දෙන ලදී. චින්ගාරි සමාජ මාධ්‍ය මෘදුකාංගය භාවිතා කර ඔරිජනල් හඬ පට උඩුගත කිරීම, තිබෙන වීඩියෝ නැරඹීම සහ එම වීඩියෝ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මගින් ඔබට ගාරි ටෝකන උපයා ගත හැක. ගාරි නැගී එන සමාජ මාධ්‍ය ක්‍රිප්ටෝ ටෝකනයක් ලෙස හැඳින්විය හැක.

ලෝකයේ ඩිජිටල් වත්කම් විප්ලවයක් සිදුවෙමින් පවතී. ක්‍රිප්ටෝ ටෝකනවල සිදුකරන විමධ්‍යගත ආයෝජනවල සිට එන්.එෆ්.ටී. දක්වා  පරිණාමය වන මෙටාවර්ස් සංකල්පය අපි දන්නා ලෝකය තත්පරයක් තත්පරයක් පාසා වෙනස් කරමින් සිටී.   

වර්චුවල් ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනස පැවසීම අද වන විට අපහසු වී තිබේ. සැබෑ ලෝකයේ තිබෙන ආපන ශාලා, මාර්ග, උද්‍යාන, සුරතල් සතුන් සඳහා වෙන් වූ උද්‍යාන ත්‍රිමාණ ලෝකය තුළද ඒ අයුරින්ම පිහිටා ඇත. ඊට අමතරව සැබෑ ලෝකය තුළ සේම වර්චුවල් ලෝකය තුළද තමන් ආයෝජනය කරන්නේ කුමන ක්ෂේත්‍රයකටද යන්න තෝරාගැනීමේ අයිතිය අපට ලබා දී ඇත. ආයෝජනය කරන ක්ෂේත්‍රය සහ ප්‍රමාණය අනුව අපට ලාබ ලැබේ.   


කිසිවෙකුටත් අනුකරණය කළ නොහැකි අද්විතීය කලා කෘතියක හිමිකරුවෙකු වීමට ඔබ කවදා හෝ සිතා තිබේද? ඇමෙරිකානු ඩොලර් 1 ක් වැනි සුළු මුදලකට අද්විතීය කලා කෘතියක කොටස්කරුවෙකු වීමට හැකියාව ඔබට ලැබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක වටිනාකමක් තක්සේරු වී ඇති ශිබා ඉනූ ‘‘ඩොජ්”‍ අනුකරණයක කොටස්කරුවකු වීමටද එසේත් නැතිනම් නූතන අධි යථාර්ථවාදී කලා සිතුවමක් වන ‘‘ලාස්ට් ශවර්මා”‍ නමැති, මාර්වල් සුපිරි චරිත අන්තිම භෝජන සංග්‍රහය ගන්නා අයුරු නිරූපණය වන සිතුවමක කොටස්කරුවෙක් වීමටද මේ සියල්ල ඇමෙරිකානු ඩොලර් 1 ක් වැනි සුළු මුදලකට සිදු කළ හැක.   
එන්.එෆ්.ටී. යනු ‘‘බ්ලොක්චේන්’’ ජාලයක පවතින සහ අනුකරණය කළ නොහැකි අද්විතීය ක්‍රිප්ටෝ ටෝකන වේ. කලා කෘති සහ නිශ්චල දේපල වැනි සැබෑ ලෝක අයිතම නියෝජනය කිරීමට එන්.එෆ්.ටී. භාවිතා කළ හැක. මෙම සැබෑ ලෝකයේ ස්පර්ශ කළ හැකි වත්කම් ‘‘ටෝකනීකරණය”‍ මගින් වංචා කිරීමේ සම්භාවිතාව අඩු කරන අතරම ඒවා වඩාත් කාර්යක්ෂමව මිලදී ගැනීමට, විකිණීමට සහ වෙළෙඳාම් කිරීමට ඉඩ සලසයි. ඔබ මෝටර් රථයක් මිලදී ගනියි. එහි අයිතිය සනාථ කිරීම සඳහා එම මෝටර් රථයේ එන්.එෆ්.ටි. නිර්මාණයක් ඔබට ලබාදෙයි. සෑම එන්.එෆ්.ටී. නිර්මාණයකම මිලදී ගන්නාගේ අනන්‍යතාව ඇතුළත් කර ඇත.   
මෙටාවර්ස් යනු සැබෑ ලෝකය ඒ ආකාරයෙන්ම ත්‍රිමාණ ලෙස නිර්මාණය වී ඇත. එහිදී අපිට සැබෑ ලෝකයේ කළ හැකි දේ මෙන්ම කළ නොහැකි දේ ද වර්චුවල් ලෝකයක් තුළ කිරීමට අවකාශ ලබා දේ.   


මේ සියල්ලම අයිස් කන්දක් දෙස බලාගෙන එම කන්දේ මුදුන ගැන පමණක් කතා කරනවා වැනිය.   
මෙම විප්ලවය ආරම්භ වන්නේ 2008 ඔක්තෝබර් මස මුදාහරින ලද ලොව ප්‍රථම ක්‍රිප්ටෝ මුදල් ඒකකය වන ‘‘බිට් කොයින්’’ ටෝකනවල ආරම්භයත් සමගය. එය සතෝෂි නකමොටෝ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් හෝ කණ්ඩායමක්ද නොදන්නා විශිෂ්ට මෘදුකාංග ක්‍රමලේඛනයක් නිසා බිහි වූවකි. මේ සමගම බ්ලොක්චේන් නම් විශේෂිත විමධ්‍යගත ලෙජර් තාක්‍ෂණයක් ද ලොවට හඳුන්වා දෙන ලදී.   


සැබෑ ලෝකයේදී තිබෙන බැංකු සේම ක්‍රිප්ටෝ ටෝකන සඳහා විමධ්‍යගත ණය දෙන්නන් සිටී. ඒව්, කර්ව්, බැලන්සර් සහ කම්පවුන්ඩ් එම ණය දෙන්නන් වේ. එම ණයදෙන්නන් ළඟ ඔබගේ ක්‍රිප්ටෝ ටෝකන තැන්පත් කර ඒ සඳහා ඔබට පොලියක් ලබා ගත හැක. එසේත් නැතිනම් ඔවුන්ගෙන් ඔබට ක්‍රිප්ටෝ ටෝකන ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ඇත.   


විමධ්‍යගත ණය දෙන්නන් පසුපස විමධ්‍යගත රක්ෂණ සමාගම් පැමිණෙන ලදී. නෙක්සස් මියුචුවල් එසේ පැමිණි රක්ෂණ සමාගමකි. ඉන්පසු පැමිණියේ විමධ්‍යගත ටෝකන හුවමාරුකරුවන්ය. යුනිස්වප් සහ පෑන්කේක් ස්වප් එවැනි හුවමාරුකරුවන්ය. මෙසේ සිදුවන ඩිජිටල් වත්කම් විප්ලවයේ වේදිකාවට මීළඟට ගොඩ වූයේ ස්ටේබල් කොයින්ස් නම් ක්‍රිප්ටෝ ටෝකන්ය. ස්ටේබල් කොයින්වල අරමුණ වූයේ ඩොලරයට ඇති පිළිගැනීම සහ ආරක්ෂාව ලබාදීමත් ක්‍රිප්ටෝ ටෝකනයක වටිනාකම අසාමාන්‍ය ලෙස ඉහළ පහළ යෑම වැළැක්වීමත්ය.   


ක්‍රිප්ටෝ ටෝකන භාවිතා කරන ලේජර තාක්ෂණය වූ බ්ලොක් චේන් බිහිවී ඇත්තේ ඔරකල් නම් ක්‍රමලේඛන මෘදුකාංගය මතය. ඔරකල් බ්ලොක් චේන් ජාලයෙන් පිට කිසිම තොරතුරක් භාවිතා කරන්නේ නැත. ඔරකල් අවශ්‍ය වූ විට තත්කාලීන ප්‍රමාණාත්මක තොරතුරු පමණක් බාහිර ලෝකයෙන් ලබා ගනී. උදාහරණයක් වශයෙන් ස්වභාවික ආපදාවක් හේතුවෙන් තම රක්ෂණය ලබා ගැනීමට ප්‍රතිලාභියෙක් රක්ෂණ සමාගමෙන් ඉල්ලීමක් කළ විට එම ස්වභාවික අනතුර සිදු වූ තැන, දිනය සහ වේලාව වැනි තොරතුරු බාහිර ලෝකයෙන් ලබාගෙන රක්ෂණ සමාගමට දෙනු ලබයි.   


ඩිජිටල් වත්කම් විප්ලවයේ අලු‍ත්ම සාමාජිකයා වූයේ එන්.එෆ්.ටී. ටෝකන් ය. එන්.එෆ්.ටී. ටෝකන නිසා චිත්‍රපට සහ සංගීත ක්ෂේත්‍රය වැනි විනෝදාස්වාද කර්මාන්තවල කුඩා විප්ලවයකට සමාන දෙයක් සිදු වුණි. බුද්ධියට හෝ සාමාන්‍ය දැනීමේ අපේක්ෂාවට පටහැනිව ක්‍රියා කරමින් එන්.එෆ්.ටී. පුද්ගලයන්ට කලා කෘති, වීඩියෝ, සින්දු හෝ අන්තර්ජාලයේ එකතු කළ හැකි ඕනෑම දෙයක කොටස්කරුවන් වීමට හැකියාව ලබා දෙන අතර එම ලිපි ලේඛන ආරක්ෂිතව බ්ලොක්චේන් ජාලය තුළ ගබඩා කර නඩත්තුව පැවරීම සඳහා අවකාශ ලබා දෙයි.   


සරලව කියතොත් කොටස්කරුවෙකුට කලාකෘති සහ අනෙක් සියල්ල මූසිකයේ බොත්තමක් එබීමෙන් තම පරිගණකය වෙත භාගත කරගැනීමේ අවස්ථාව ලබා දෙයි. නමුත් මුල්‍යමය සහ අනිකුත් වාසි ලබාගත හැක්කේ එම අද්වීතිය නිර්මාණයේ අයිතිකරු ලෙස නම සඳහන් පුද්ගලයාට පමණි. එන්.එෆ්.ටී. ටෝකනයක් මිලදී ගැනීමේදී මිලදී ගන්නා පුද්ගලයාගේ නම එම නිර්මාණයේ සැමට දැකිය හැකි අයුරින් කොටනු ලබයි.   
එන්.එෆ්.ටී. තාක්ෂණය හේතු දෙකක් නිසා විප්ලවීය වන බව පැවසේ. පළමු හේතුව නම් කලාකරුවන්ට විශේෂයෙන් නැගී එන කලාකරුවන්ට තම නිර්මාණ මැදිහත්කරුවෙක්ගෙන් තොරව ප්‍රේක්ෂකයන් හට ඉදිරිපත් කිරීමට අවකාශ ලැබේ. රෙකොර්ඩ් ලේබල සහ කලාගාර එවැනි මැදිහත්කරුවන් වේ. මොවුන් කලාකරුවන්ගේ නිර්මාණවලින් සැලකිය යුතු කොටසක් එම නිර්මාණයට ලැබෙන මුල්‍යමය වරප්‍රසාදවලින් ලබා ගනී. කලාකරුවන් හට තම ප්‍රේක්ෂකයා සමග අන්‍යොන්‍ය වාසිදායක ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලබා දේ. අමිතාබ් බච්චන්, සල්මන් ඛාන් මෙන්ම එමිනම් සහ එලන් ඩි ජෙනරස් ද අද වන විට එන්.එෆ්.ටී. වෙළඳපොළට අවතීරණ වී ඇත.   


අනිත් පුළුල් හේතුව නම් ඩිජිටල් ලෝකයේ ඇති දෑ අසීමිතව පිටපත් ලබාගැනීමේ හැකියාව තිබුණත් එන්.එෆ්.ටී. කලා නිර්මාණයක මෙලෙස අසීමිත පිටපත් ලබාගැනීමේ හැකියාවක් නොමැත. බිට් කොයින් අතිශය ජනප්‍රිය වීමටත් බලපෑවේ මෙම හේතුව විය. එන්.එෆ්.ටී. පැමිණීමත් සමග විමධ්‍යගත ස්වාධීන සංවිධාන බිහිවිය. මෙම සංවිධාන සීමාසහිත සමාගම්වලට ආදේශකයක් විය. විමධ්‍යගත යන්නෙන් අදහස් කරන්නේ පාලනය කිරීමට රජය හෝ මහ බැංකුව වැනි එක් ආයතනයක් නොමැත යන්නයි. විමධ්‍යගත ස්වාධීන සංවිධාන ඩී.ඒ.ඕ. යන කෙටි නාමයෙන්ද හඳුන්වනු ලබයි. ඩී.ඒ.ඕ. පාලනය වෙන්නේ පරිගණක කේතයක ලියැවුණු නීති පද්ධතියක් මගින් වන අතර ඡන්ද බලය හිමි සාමාජිකයින්ගෙන් යුක්ත වේ. මෙය සාම්ප්‍රදායික සමාගම් සංකල්පය හාත්පසින්ම වෙනස් කරයි.   


ඉන්දියාවේ අද වන විට බොහෝ පුද්ගලයින් ‘‘ක්‍රිප්ටෝ’’ ලෝකයේ සැරිසරමින් සිටී. සන්දීප් නයිවාල් සහ ජයන්ති කනානි පාලනය කරනු ලබන පොලිගොන් අද වන විට ඉරිතියම් මූලික කරගත් මෘදුකාංග බිහිවන ප්‍රධානතම වේදිකාව වේ. පොලිගොන් බ්ලොක්චේන් ජාලය සමග සම්බන්ධ වීමට අන්තර් සම්බන්ධතාව සපයයි. සම නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඉදුල් පටෙල් මඩ්‍රකේස් යනු ධනවත් පුද්ගලයන්ට පමණක් හිමිව තිබූ උසස් තත්ත්වයේ ආයෝජන අවස්ථා එදිනෙදා අායෝජනකරුවන්ට සපයන උසස් කාර්ය සාධනයක් සහිත ඩිජිටල් වත්කම් කළමනාකරණ සමාගමක් ලෙස හඳුන්වයි.   


“අපේ අරමුණ ධනවතුන්ට පමණක් නොව සැමට ගැළපෙන පරිද්දෙන් ආයෝජන අවස්ථා ආයෝජකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලබා දීමයි., අපිට මාසෙකට 30% වර්ධන වේගයක් තියෙනවා. ක්‍රියකාරී ආයෝජකයන් 50000 ක් පමණ සිටිනවා. දැනට අපි ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක පමණ ඩිජිටල් වත්කම් කළමනාකරණය කරනවා. ක්‍රිප්ටෝ තුළදී සමාගම් පළමු දිනයේ සිට ප්‍රසිද්ධියේ වෙළඳාම් කිරීම හේතුවෙන් විශාල ධනයක් රැස්කර ගැනීමට ආයෝජකයන්ට අවස්ථාව ලැබෙනවා. අපේ සමාගම හරහා ආයෝජනය කරන ආයෝජකයෙකුට මඩ්‍රකේස් ටෝකන් සෙට් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවනවා. ඒවා කළමනාකරණය කරන්නේ අපේ විශේෂඥ කණ්ඩායමක් විසින්”‍ ඉදුල් පටෙල් ප්‍රකාශ කළේය.   


‘‘ලූඩෝ ලැබ්ස්”‍ පාපන්දු ක්‍රීඩාවට ආදරය කරන සමාගමක් වන අතර ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩකයන් අතර සෘජු අන්තර්ක්‍රියා ගොඩනගමින් එන්.එෆ්.ටී. ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.   


“අපේ ලූඩෝ ලැබ්ස්”‍ දියත් කරලා තියෙනව පාපන්දු ක්‍රීඩකයින් මුල්කරගනිමින් එන්.එෆ්.ටී. නිර්මාණ සමූහයක්. තමන් කැමැති ක්‍රීඩකයාගේ එන්.එෆ්.ටී. නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. එන්.එෆ්.ටී. නිර්මාණයක් මිලදී ගත් ප්‍රේක්ෂකයාට එම ක්‍රීඩකයා සමග අදහස් හුවමාරු කිරීමේ හැකියාවද ලැබෙනවා. එපමණක් නොව මෙම එන්.එෆ්.ටී. නිර්මාණ මිලදී ගන්නා ක්‍රීඩා ලෝලියෙකුට සැබෑ ලෝකයෙත් ප්‍රයෝජන රාශියක් තියෙනවා. තමන් මිලදී ගත් එන්.එෆ්.ටී. නිර්මාණය එම ක්‍රීඩකයාගේ අත්සන සහිත ජර්සියකට, එම ක්‍රීඩකයා මුණගැසීමට, වීඩියෝ ගේම් ක්‍රීඩාවක නිරත වීමට, වීඩියෝ දුරකථන සංවාදයක යෙදීමට හෝ එම ක්‍රීඩකයා සමග පාපන්දු ක්‍රීඩාවක නිරත වීමට තමන් මිලදී ගන්නා එන්.එෆ්.ටී. නිර්මාණය හුවමාරු කිරීමේ හැකියාව ක්‍රීඩා ලෝලියාට ලැබේ. අපි මේ ව්‍යාපෘතිය දියත් කළේ පාපන්දු ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා”‍ ලූඩෝ ලැබ්ස් හි සම නිර්මාතෘ ආර්යයන් වීර් ප්‍රකාශ කළේය.   


ඉන්දියාවේ ටික් ටොක් සඳහා ආදේශකය වන චින්ගාරි පසුගියදා තමාගේම ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ගාරි ටෝකන හඳුන්වා දෙන ලදී. චින්ගාරි සමාජ මාධ්‍ය මෘදුකාංගය භාවිතා කර ඔරිජනල් හඬ පට උඩුගත කිරීම, තිබෙන වීඩියෝ නැරඹීම සහ එම වීඩියෝ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මගින් ඔබට ගාරි ටෝකන උපයා ගත හැක. ගාරි නැගී එන සමාජ මාධ්‍ය ක්‍රිප්ටෝ ටෝකනයක් ලෙස හැඳින්විය හැක.   


ඔබ මලල ක්‍රීඩකයෙක් හෝ ප්‍රධාන ක්‍රීඩා සමාජ තරඟාවලියකට ක්‍රීඩා කරන කණ්ඩායමක් යැයි සිතන්න. ඔබගේ ක්‍රීඩා ලෝලීන්ට, ප්‍රේක්ෂකයන්ට, සහයෝගය දක්වන්නන්ට ඔබ සහ ඔවුන් අතර ඇති සම්බන්ධය සංකේතාත්මක ලෙස පෙන්වීමට සැබෑ ලෝකයේ ද ඔවුන් සමග ඇති සම්බන්ධය වර්ධනය කර ගත හැකි අයුරින් වර්තමාන සහ අනාගත සාර්ථකත්වය පිළිබිඹු වන ආකාරයේ එන්.එෆ්.ටී. නිර්මාණ සමූහයක් නිකුත් කිරීමේ හැකියාව ඇත.   


‘‘ටෝකනයක් මගින් නිර්මාණයක අයිතිය ලබාදීම ඉතා බලගතු සංකල්පයකි. එමගින් ඔබගේ සේවාදායකයා සහ පරිශීලකයන් කොටස්කරුවන් බවට පත් කරයි. සහභාගීත්වය වැඩි කරයි. පාලනය සහ ප්‍රතිපත්ති විනිවිද භාවයකින් සිදු වේ. නමුත් මේ සියල්ල අලු‍ත් අභියෝග සහ අවදානම් තත්ත්වයන් ඇති වීමට හේතුවේ. ඇත්ත වශයෙන්ම මෙම වෙනස්කම් සිදුවෙන්න කාලයක් ගත විය හැකියි. මේ පිළිබඳ ගොඩක් පර්යේෂණ සිදුකරන්න වෙයි. සියලු‍ දේ නිසියාකාරව ක්‍රියාත්මක වීමට පෙර”‍ ඇන්ට්ලර් ග්ලෝබල් හි නිතින් ශර්මා පැවසුවේය.   
මෙතනදි තමයි මාර්ක් සකර්බර්ග් ගෙ මෙටාවර්ස් සංකල්පය ක්‍රියාවට එන්නේ. එමෙන්ම මෙතනදී තමයි අලු‍ත් අන්තර්ජාල සංකල්පය වෙබ් 3 ගොඩනැගෙන්නේ.   


වෙබ් 3 සංකල්පය ආකාර දෙකකින් තේරුම් ගත හැකි බව ශර්මා පවසයි. මෙටාවර්ස් හි, බිට්කොයින් වැනි වත්කම් භාවිතා වන ප්‍රධාන මුදල් ඒකකය විය හැකිය. ඉතරි යම් මූල්‍ය පරිසර පද්ධතියට සත්කාරකත්වය සැපයිය හැකිය. එන්.එෆ්.ටී. මෙටාවර්ස් හි වත්කම් තීරණය වන ප්‍රධාන සාධකය විය හැක.   


ඔබේ ඩිජිටල් ඇවටාර් එකේ සිට ඔබට හිමි ඩිජිටල් දේපළ ප්‍රමාණය දක්වා සියල්ල තීරණය කරන හිමිකාර ස්තරය එන්.එෆ්.ටී. විය හැක.   


“වෙබ් 3 සමඟින් නව අන්තර්ජාලයක් නිර්මාණය වෙමින් පවතී. විමධ්‍යගත මූල්‍ය සමාගම් සමඟ නව මූල්‍ය පද්ධතියක් ගොඩනැගෙමින් පවතී. බිට් කොයින්, ඉතරියම් සහ සොලානා වගේ ප්‍රජා ටෝකන සහ විමධ්‍යගත ස්වාධීන සංවිධාන මේ ඔක්කොම වෙබ් 3 ගොඩනගන්න උපකාරී වන ආධාරක. දැන්, වෙබ් 3 වර්චුවල් රියැලිටි, ඔග්මෙන්ටඩ් රියැලිටි සහ කෘත්‍රිම බුද්ධිය වැනි වෙනත් තාක්ෂණයන් සමඟ අභිසාරී වන විට, අපට මෙටාවර්ස් කෙබඳු විය හැකිද යන්න පිළිබඳ දළ අනුමානයක් කළ හැක. එය විශ්මයජනක අත්දැකීමක් වේවි ශර්මා පවසයි.   


වෙබ් දර්ශනයේ මුල්ම උදාහරණවලින් එකක් වන්නේ බ්‍රේව් බ්‍රවුසරයයි. බොහෝ අන්තර්ජාල බ්‍රව්සර් නිරන්තර ආක්‍රමණශීලී දැන්වීම් ප්‍රවාහයකට ඔබව හසුකරයි. නමුත් බ්‍රේව් බ්‍රවුසරය ඔබ බලන්නේ කුමන වෙළඳ දැන්වීමද යන්න ඔබට තෝරාගැනීමට අවස්ථාව ලබා දේ. එසේ වෙළඳ දැන්වීම් නරඹනවට බේසික් ඇටෙන්ෂන් ටෝකන් මගින් ගෙවීම් කරනු ලබයි.   


සාම්ප්‍රදායික මූල්‍ය ආයෝජකයින් සහ ආයතනික ආර්ථික විද්‍යාඥයින් ක්‍රිප්ටෝ මුදල් ඒකක ‘‘අන්තර්ජාල මැජික් කාසි”‍ ලෙස හඳුන්වයි. ක්‍රිප්ටෝ මුදල් ඒකක ඔවුන් අර්ථකථනය කරන්නේ කිසිම වටිනාකමක් නැති දෙයක් ලෙසය. ක්‍රිප්ටෝ මුදල් ඒකක හඳුන්වන්නේ ඕනෑම වෙලාවක පුපුරා යා හැකි දිය බුබුළක් ආකාරයටය.   
ක්‍රිප්ටෝ මුදල් අගය කරන්නන් ද සිටී. ඔවුන් ක්‍රිප්ටෝ මුදල් ඒකක පිළිගත් නව ලෝකයක් ගැන කථා කරයි. ආයතනවල සිදුවන දූෂණ සහ වංචා ක්‍රිප්ටෝ ටෝකන මගින් වැළක්විය හැකි බව පවසයි.   
නමුත් සත්‍යනම් ක්‍රිප්ටෝ මුදල් ඒකක තිබෙන්නේ මෙම දෙපාර්ශ්වය කියන ස්ථානවල නොව ඊට මැද ස්ථානයකය. වර්චුවල් ලෝකය තුළ මිනිසුන් විසින් විශාල මුදලක් හා කාලයක් වැය කරයි. පරිගණක ක්‍රීඩා අංශය මෙටාවර්ස් ආර්ථිකය කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පිළිබඳ දර්ශනයක් ලබා දෙයි. සෑම වසරකම තරුණයින් තම පරිගණක ක්‍රීඩාවේ චරිතය සඳහා ඇන්දවීමට ඇඳුම් මිලදී ගැනීමට සහ චරිතයට ලබා දීමට නවීන ආයුද මිලදී ගැනීම සඳහා වර්චුවල් ක්‍රීඩා ලෝකයේ ඩොලර් බිලියන ගණන් වියදම් කරති. 2018 වසරේ කරන ලද සමීක්ෂණයකට අනුව වර්චුවල් ලෝකය තුළ තම චරිතයට ඇඳුම් මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 50 ක් තරුණයින් විසින් වියදම් කර ඇති බව හෙළිවූහ. පරිගණක ක්‍රීඩකයන්ට පමණක් නොව සැමටම සරිලන අයුරින් වර්චුවල් ආයිතම වෙළඳපොළක් නිර්මාණය කිරීමේ හැකියාව පවතින අතර එසේ වුවහොත් අන්තර්ජාලය සුවිශාල තැනක් වනු නොඅනුමානය.   


බිට්කොයින් වැනි තාක්ෂණයන් භාවිතා කරන මුල්ම සමහරක් ක්‍රීඩා පද්ධති විය. වර්ල්ඩ් ඔෆ් වෝර්ක්‍රාෆ්ට් ක්‍රීඩාව සතුව 2010 දශකයේ මුල් භාගයේ බිට් කොයින් ක්‍රීඩාව තුළ මුදල් ඒකකයක් විය. මෙටාවර්ස් නම් නාමය පැමිණීමට පෙර එම සංකල්පය ෆෝර්ට්නයිට් සහ රොබ්ලොක්ස් යන ක්‍රීඩාවන් තුළ තිබුණි.   


එසේ සැඟවී සිටි ඩිජිටල් වත්කම් විප්ලවයක් සිදුකරමින් ඉදිරියට එමින් සිටී.   


ඉන්දියාවේ ද වීක් සඟරාවෙනි.  

 

 

විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 



අදහස් (0)

විද්‍යුත් මුදල් ඒකක ඉන්දියාවේ කරන විප්ලවය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site