IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ලෝකයේ වැඩිම මුදලක් අය කරන ටෙලිවිෂන් නිළියගේ ව්‍යාපාර

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • වාර්ෂිකව ඩොලර් මිලියන 43 ක් ටෙලිවිෂනයෙන් පමණක් ඇය උපයා ගනී
  • මුල්ම දැන්වීමට පෙනී සිටියේ වයස 17 දීය
  • ඇ​ෙමරිකාවට සංක්‍රමණය වූයේ වැඩිමහල් සහෝදරයා ඝාතනය වීමත් සමග

 

ලෝකයේ වැඩිම මුදලක් අය කරන ටෙලිවිෂන නිළිය වන්නේ සොෆියා වර්ගාරා (වෙගාරා) ය. මේ සොෆියා උපන්නේ ද ලතින් ගී රැජිණ ශඛිරා (ශකීරා) උපන් කොලම්බියාවේදීය. කොළම්බියාවේ උපත ලැබූ සොෆියා මෙලෙසින් ලෝකයේ වැඩිම මුදලක් අය කරන නිළිය බවට පත්ව සිටින්නේ ඇමෙරිකාවේ සිටය. කොළම්බියාවේ ඉපිද ඇමරිකාවේ සිට ටෙලිවිෂන තාරකාවක වී ලෝකයේ වැඩිම මුදලක් අයකරන සුරූපී සොෆියා වෙගාරා සහ ඇයගේ ව්‍යාපාර ලෝකය ගැන වූ විස්තර ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය ඔස්සේ මෙවර අපි කියවමු.  

​කවුද මේ සොෆියා?   


සොෆියා මාගරිටා වෙර්ගාරා වෙගාරා වන ඇය කොළම්බියානු ඇමරිකානු ටෙලිවිෂන නිළියකට අමතරව, නිරූපිකාවක වන ඇය රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියකට අමතර සාර්ථක ව්‍යාපාර ත්‍රිත්වයකින් ධනවත් වී සිටින චරිතයකි. ලතින් වර්ලඩ් එන්ටර්ටේන්මන්ට්, ඊබීවයි (EBY) සහ රේස් (Raze) යනු එම ව්‍යාපාර ත්‍රිත්වය වේ. ඇය නිකම්ම ව්‍යාපාරික කාන්තාවක නොවන අතර ලෝක ව්‍යවසායික චරිතයකි.   
සොෆියා මාගරිතා වෙර්ගාරා වෙගාරා නමින් ඇය උපත ලබා ඇත්තේ 1972 ජූලි 10 වැනිද‌ා කොළම්බියාවේ බැරැන්කියුලා, අත්ලාන්තිකෝ හිදීය.   


‘1994 දී මට වයස 22 යි. මගේ ගමන ආරම්භ කළේ එද‌ා. ඒ අවස්ථාව පැවැත්වුණේ මියාම්වලදී. එම හඳුන්වාදීමේ වැඩසටහනට සහභාගි වුණත් මට ඒජන්තවරයෙක් හොයාගන්න බැරිවුණා. නමුත් මගේ මේ ගමනේදී කොන්ත්‍රාත් එකකට අත්සන් කරනකොට මගේ හොඳම තරුණ වයසේ හිටියෙ. එම කොන්ත්‍රාත්තුව (නිරූපණ ක්ෂේත්‍රයට) අත්සන් කළ පසු මට මගේම කළමනාකාරවරයෙක් ඕනැ වුණා. හැබැයි ලතින් චරිතයක් විදියට මට කළමනාකාවරයෙක් ඉදිරිපත් වුණෙත් නැහැ. ලතින් සංගීතයට හිටියත්, ටී.වී. එකේ චරිතයක් වෙන්න හිතාගෙන ආපු මට, කවුරුවත් හිටියේ නැහැ.   


එසේ පවසන සොෆියා රෝමානු කතෝලික පවුලකට අයත් බව පවසන්නීය. ‘අපේ අම්මා ගෘහ සේවයේ යෙදුණේ. තාත්තාට පුංචි ගොවිපළක් තිබුණා. තාත්තා කළේ බැටළුවන් ඇතිකිරීම. මට සහෝදර සහෝදරියන් පස්දෙනයි. එයාලා වගේම මගේ ඥ‌ාති සහෝදර, සහෝදරියන් එද‌ා මට කිව්වේ ‘ටොටී’ කියලයි. කොළම්බියා ජාතික විශ්වවිද්‍යාලයට ගිය මම අවුරුදු තුනක් දන්න වෛද්‍ය පීඨයේ හිටියා. මගේ අරමුණ වුණේ දන්ත වෛද්‍යවරියක වීමටයි. ඒත් සම්පූර්ණ වසරක අධ්‍යාපන කාලය දෙවතාවකදීම නිම කිරීමට මට බැරිවුණා. ඒකට හේතුව නිරූපණ සහ ප්‍රදර්ශන වේදිකා අංශයට ආ නිසයි.’‘සොෆියා’ හට එසේ කිරීමට සිදුවූයේ ඇමරිකාවට සංක්‍රමණය වූ නිසයි. ඊට විශේෂ හේතුවක් තිබිණි. ඇයගේ වැඩිමහල් සහෝදරයා පැහැර ගැනීමකට ලක්වූ අතර, පැහැරගත් පුද්ගලයින් විසින් රෆායෙල් වූ ඔහු ඝාතනය කරන ලද්දේය. මේ නිසා සොෆියා මහත්සේ නොසන්සුන්තාවට පත්ව සිටියාය. මෙම කැලඹීම හමුවේ අවසන ඇය නිගමනය කළේ ඇමෙරිකාවේ පදිංචියට යාමටය. ඒ වන විටත් ඇය කොළම්බියාවේ රූපවාහිනී දැන්වීම්වලට පෙනී සිටි නිරූපණ ශිල්පිනියක වූවාය.   


මාව සොයා ගත්තෙ ඡායාරූප ශීල්පියෙක්   


දවසක මම කොලම්බියා වෙරළ තීරයේ ඇවිද යමින් සිටියෙමි. මම ඇවිද යනු දැක ප්‍රකට ඡායාරූපශිල්පියෙක් ඇවිත් මගෙන් විමසීමක් කළා. එයා කිව්වෙ මට තියෙන්නෙ නිරූපණයට වඩාත් සුදුසු රූපයක් කියලයි. මේ ක්ෂේත්‍රයට මාව සොයා ගත්තෙ එම ඡායාරූප ශිල්පියා කිව්වොත් හරි.’   


සුන්දර ‘සොෆි’ එලෙසින් තමා ආ ගමන ආවර්ජනය කරන්නීය. එද‌ා එම සොයා ගැනීම සමග ඇය රූපවාහිනී දැන්වීමකට පෙනී සිටියේ වයස අවුරුදු 17 දී පමණය. ඒ වෙනුවෙන් ඇය හට පාසලේ කතෝලික ගුරුවරුන්ගේ අනුමැතිය ලැබෙන තෙක් බලා සිටීමට සිදුවූවාය. ලතින් ඇමෙරිකානු කලාපයේ දීර්ඝ කාලයක් විකාශය වූ ‘පෙප්සි’ දැන්වීමට ඇය එද‌ා එලෙසින් පෙනී සිටි බව කිව හැකිය.   


ඒ සමඟම රංගනය පිළිබඳව නිර්මාණාත්මක කටයුතු පිළිබඳ ඉගෙන් වූ වැඩ මුළු රැසකට සහභාගි වූවාය. එය ලෝක තරු බිහිකළ රංගන පාසලක් ලෙස සඳහන් වේ. පෙප්සි දැන්වීම සහ ඇයගේ හැකියාව දුටු සඟරා ඇතුළු කොලම්බියාවේ සියලුම මූලික මාධ්‍යයේ කවර් ගර්ල් හෙවත් කවරයේ ඡායාරූපයට පෙනී සිටීමට ඇය හට අවස්ථාව ලැබිණි. 2011 සහ 2012 කාලය ඇතුළතදී ලෝ ප්‍රකට පාපන්දු තරුවක වන එංගලන්තයේ ඩේවිඩ් බෙකම් සමග ඩයට් පෙප්සි දැන්වීමට පෙනී සිටීමත් සමග ලෝකයම වගේ ඇය ගැන විමසුම් කරන්නට හේතුවක් විණි.  


ඇමරිකාවේ සිට වැඩ ඇරඹීම  


තම වැඩිමල් සහෝදරයාගේ අනපේක්ෂිත මරණයෙන් පසුව මහත්සේ නොසන්සුන්තාවට පත්ව සිටි සොෆියා හරියටම තමාගේ වැඩ ඇරඹුවේ ඇමෙරිකාවේ සිටය. රූපවාහිනී දැන්වීම් සහ අනෙකුත් දැන්වීම් සඳහා පෙනී සිටිමින් ප්‍රතිරූපය ගොඩනගාගත් ඇය. ඉනික්බිතිව ඇමරිකානු ටෙලිවිෂනයේ සුපිරි තරුවක් වූයේ රංගනය නිසාම නොවීය. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස ද කටයුතු කළ නිසාය. ‘යුනිවිෂන්’ ටෙලිවිෂන නාලිකාවේ සිට මුල්වරට වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ද‌ායක වූ ඇය ‘චේසින් පාපි’ චිත්‍රපටය නිසා වඩාත් ජනප්‍රිය වූයේ එය හාස්‍ය රැගත් තේමාවක් යටතේ නිපද වූ චිත්‍රපටයක් වූ නිසාය. 1995-98 කාලයේදී කොළම්බියානු ටෙලි නාට්‍ය කීපයකට ද‌ායකව සිටි ඇය, 1999 දී ‘බේ වොච්’ ටෙලි මාලාවේ රඟපෑමෙන් අනතුරුව මයි වයිෆ් ඇන්ඩ් කිඩ්ස්, ඊව්, රොඩ්නි, එන්ටුවරේජ් ඇතුළු ටෙලි මාලා රැසකට රංගනයේ දක්ෂතා පෙන්වූවාය. එහිදී ඇයගේ ටෙලි ගමනේ ස්වර්ණමය අවස්ථාව වූයේ කොටස් 250 කින් සමන්විත වූ ‘මොඩර්න් ෆැමිලි’ ටෙලි මාලාවේ ප්‍රධාන චරිතයට පණ දීමත් සමගය. ඇය එහි රඟපෑවේ ග්ලෝරියා මරියා රමිරේස් යන චරිතයයි. මෙම චරිතය කෙතරම් ජනප්‍රිය වී ද යත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී සිව්වතාවකදී ඇය ​හොඳම නිළිය ලෙස නිර්දේශ වූවාය. ප්‍රයිම් ටයිම් එම සම්මාන උළෙලේදී සිව් වතාවක් සම්මානයට පාත්‍ර වූ සොෆියා, ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන ප්‍රධානයේදී එකොළොස් වතාවකදීම සම්මානයට පාත්‍ර වූ බව සඳහන්ය. සොෆියා වෙගාරාගේ රංගනය සීමා වූයේ ටෙලිවිෂනයට පමණක් නොවේ. හොලිවුඩ් සිනමාවේ වඩා ජනප්‍රිය වූ චිත්‍රපට රැසකට රංගනයෙන් ද‌ායක වීම නිසා තව තවත් ජනප්‍රිය තරුවක් බවට පත්විණි.  


සන්නාම තානාපතිනිය  


බොහෝ විට වෙළෙඳ නාම ප්‍රචාරණය සඳහා ජනප්‍රිය තරු යොද‌ා ගනී. ‘වෙගාරා’ හට හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් සන්නාම තානාපතිනිය වීමට හැකි වූයේ ඒ නිසාය. ඒ අතරවාරයේදී ඇය සමාජයට පණිවුඩයක් දීමේ අරමුණ ඇතිව නිර්මාණය වූ වීඩියෝවකට පෙනී සිටියාය. ‘ඔර්ලැන්ඩෝ රාත්‍රී සමාජ ශාලාවේ’ ඇතිවූ බිහිසුණු වෙඩි තැබීමකින් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන් සැමරීම උදෙසා සහ සමාජයට යහපත් පණිවුඩයක් ලබා දීම වෙනුවෙන් ප්‍රචාරණ මාලාවක් නිර්මාණය වූ අතර එම වීඩියෝව එහි එක් අංගයක් විය.  


ලෝකයේ ඉහළම ආදායම් ලබන ටෙලි නිළිය සොෆියා යැයි ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි.  
 2016 දී ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ටෙලි නිළියන් අතරින් වැඩිම වාර්ෂික ආද‌ායම් ලබන නිළිය ‘සොෆියා වෙගාරා’ යනුවෙනි. එද‌ා සිට 2022 එනම් මෙම වසර දක්වාම වාර්ෂිකව ටෙලිවිෂන තරුවක ලෙස වැඩිම ආද‌ායමක් උපයන තැනැත්තිය ඇය යැයි සඳහන් වේ. වාර්ෂිකව ඇය උපයන ආද‌ායම ලෙස සඳහන් වන්නේ ඩොලර් මිලියන 43 කි.  


ඇමරිකාස් හොට් ටැලන්ට් විනිශ්චයට එක්වීම  


ලෝකයේ රියැලිටි ෂෝ අතර වඩා ජනප්‍රිය ෂෝ එකක් ලෙස මෙම ඇමරිකා හොට් වැලන්ට් තරු තෝරණ රියැලිටි මාලාව නම් කළ හැකිය. 2020 දී නිවේදනය වූවේ සොෆියා වෙගාරා, එම රියැලිටි තරග මාලාවේ විනිශ්චයට එක්වන බවය. එහි 15 වන අදියරේ සිට ඇය මේ දක්වා විනිශ්චයට එක්ව සිටින්නීය. ඒ නිසා ලබන සහ ලැබෙන ජනප්‍රියත්වය ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ.  

 


සොෆියා වෙගාරාගේ පෞද්ගලික ජීවිතය  


එතෙක් නොකියූ රහසක් වෙගාරා හට තිබේ. එනම් වයස 18 දී ඇය ප්‍රථම වරට විවාහ වීමය. වයස 18 දී ඇය විවාහ වූයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි අවදියේ ඇතිවූ ආදර සබඳතාවයක් නිසාය. ඔහු ජෝ ගොන්සාලේස් නම් විය. තුරුණු මේ යුවලට දරුවකු ලැබිණි. එම පුතුගේ නම ‘මනෝලෝය’. 1993 දී ඔහුගෙන් දික්කසාද වූ වෙගාරා ඉන්පසු දෙවසරක ප්‍රේම සබඳතාවයකින් පසුව ඇමරිකානු ව්‍යාපාරික චරිතයක් මෙන්ම නළුවකු වන නිකොලස් මියර්ස් හෙවත් නික්ලිඕබ් සමග විවාහ ගිවිස ගත්තේය. නමුත් එම ගිවිස ගැනීම දෙවසරකින් අහවර විණි. ටෘෘ බ්ලඩ් ටෙලිවිෂන මාලාවේ රඟපෑමේදී ඇති පෙම් සබඳතාවයක් මත වෙගාරා ඊළඟට විවාහ ගිවිස ගත්තේ එහි චරිතයක් රඟ පෑ, ජෝ මැන්ගනීලෝ සමග විවාහ ගිවිස ගනිමින්ය. පසුව 2015 දී දෙ​දෙනා විවාහ උත්සවය පැවැත්වූයේ සුන්දර ෆ්ලෝරීඩාහි මියාම් වෙරළ තීරයේදීය. අද දක්වා ඒ විවාහය ආදරණීයව ගලා යන බව පුවත් වාර්තාවල සඳහන් වේ.  


තයිරොයිඩ් පිළිකාවකින් පීඩා විඳීම  


ජනප්‍රියත්වය ද, මිල මුදල් ද සමග සුපිරි ජීවිතයක් ගත කිරීමේ සියලු වටපිටාව නිර්මාණය වී තිබුණ ද 2000 වසරේදී ඇය හට තයිරොයිඩ් පිළිකාවක් වැලඳී ඇතැයි වෛද්‍යවරු නිගමනය කළහ. ‘ඒ වෙනුවෙන් සැත්කමකට භාජනය වීමට ඔබට සිදුවේ.’ යනුවෙන් වෛද්‍ය වාර්තාවල සඳහන් විණි. රේඩියෝ තෙරපි’ මගින් ප්‍රතිකාර ගැනීමට ඇයට සිදු වූ අතර, වාසනාව නැවත ඇය කරා ආවේ පෙර පින් අනුවය. ‘ඔබට දැන් සම්පූර්ණයෙන් සුවයි’ යනුවෙන් වෛද්‍යවරු පූර්ණ සහතිකය ඇයට ලබා දුන් පසුව ඇය සතුටින් ඉපිල ගියාය. මෙම ‘තයිරොයිඩ් ප්‍රශ්නය ඇයට ඇති වූයේ 2011 සිට යැයි සඳහන් වේ. එද‌ා සිට ඇය ඒ වෙනුවෙන් ඖෂධ භාවිතා කළ බව ද සඳහන්ය.  


වෙගාරා, ලෝකයේ ජනප්‍රිය තාරකාවක වී සිටිය ද, හිත ඇතුළෙන් ඇය දුක්වන්නේ පවුලේ සමහර සිදුවීම් නිසාය. ඇය මෙන් ඇයගේ අනෙක් සහෝදර, සහෝදරියන් සතුටින් සිටිනු දැකීම වෙගාරාගේ පැතුමය. එද‌ා ලොකු අයිය පැහැර ගැනීමකට නතුව ජීවිතක්ෂයට පත්විය. මල්ලී ‘ජූලියෝ’ දීර්ඝ කාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අයෙකු වූ නිසාය. මෙවැනි සිදුවීම් ඇයහට ගෙන දුන්නේ කනස්සල්ලකි.  


ඇමරිකානු පුරවැසිභාවය ලැබීම  


මොනතරම් දේ කළද, මොනතරම් නම් ජනප්‍රියත්වයකට පත්වී සිටිය ද සොෆියා වෙගාරා, හට ඇමරිකානු පුරවැසිභාවය ලැබුණේ 2014 දීය. ඒ වෙනුවෙන් එනම් පුරවැසි බව උදෙසා ඇය මුහුණ දුන් සම්මුඛ පරීක්ෂණයේදී ඉහළම ලකුණු ලබා ගත්තාය. දැන් ඇය කොලම්බියාවට අමතරව එක්සත් ජනපදයේ සාඩම්බර පුරවැසි කාන්තාවක වන්නීය.  


 එසේ වුවද 2015 - 2017 කාලයේදී වෙගාරා හට උසාවි යාමට ‘ලිඕබ්’ සමග තවදුරටත් සබඳතා ඇතැයි සඳහන් වූ අතරේ නළ දරු උපත් සඳහා කළල නිපදවීමට දෙදෙනාගේ ශුක්‍රානු යොදා ගත්තේ යැයි යන චෝදනා මතය. මෙම නඩු හබයට කාන්තාවන් දෙදෙනෙක් ඈඳී සිටියහ. අවසන නඩුව නිශ්ප්‍රභ වූයේ සොෆියා මේවාට සම්බන්ධ නැතැයි යන්න නිගමනය වූ නිසාවෙනි.  


‘ෆෝබ්ස්’ ශ්‍රේණිගත කිරීමෙන් පසුව එනම් වැඩිම මුදලක් උපයන ටෙලිවිෂන නිළිය ලෙස ඇයගේ නාමය සඳහන් වූ පසුව ඇය ඒ ගැන පවසා සිටියේ මෙලෙසිනි.  


‘මම ඒ ගැන බෙහෙවින් ආඩම්බර වෙමි. ඒත් එකතකට ඒක අතිශයෝක්තියක් කියලයි මට හැඟෙන්නේ? මොකද මේ විදියට මම උපයන බව දැන ගත්තාම, විශාල වශයෙන් මට බදු ගෙවන්නත් සිද්ධ වෙනවනේ. සමහරු මගේ දිහා බලලා ‘අනේ දෙයියනේ ඔයාට ඔච්චර සල්ලි තියෙනවද?’ කියලා අහද්දී නෑ අනේ ඔයාලා හිතන තරම් සල්ලි මට නැහැ’ කියලා තමයි මට කියන්න වෙන්නෙ. මොකද මට මගේ ඒජන්ට්ලාට (නියෝජිතවරුන්ට) ලෝයර්ස්ලාට, මැනේජර්ට්, ඊටත් වඩා අන්කල් සෑම්ට (මෙය ඇමරිකානු සමාජයේ භාවිතා වන වචනයකි. දඩ මුදල්, බදු මුදල් ආදිය ගෙවීමට සිදුවීම, මෙන්ම වියදම් යන කාරණය අරබයා මෙසේ කියයි.) ගෙවන්න විශාල මුදලක් වෙන් කරන්න වෙනවා. ඉතින් කොහොමටත් ඇමෙරිකානු සමාජයේ හැටි එහෙමය. උපයන තරමට බදු ගෙවීමට ද සිදුවේ. මුදල් ඇත්තේ පොදිගැසීමට වඩා සංසරණය වීමට යන්න එහි අරුතය. ජනතාව මුදල් පොදි ගැසී තිබීමට වඩා එරට භාණ්ඩාගාරයේ මුදල් තිබීම නිසා රජය නිතරම ශක්තිමත්ය. වෙගාරා මෙන්ම ඇමරිකානු සමාජයේ කාටවත් උපයන තරමට බදු ගෙවීම පැහැර හැරීම නම් කිසි විටෙකත් නොකළ යුතු දෙයකි.

 

 

 

 

පරිවර්තන සටහන  
ගමගේ  
[email protected]

 

 

 

 



අදහස් (0)

ලෝකයේ වැඩිම මුදලක් අය කරන ටෙලිවිෂන් නිළියගේ ව්‍යාපාර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site