IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


රජ කුමාරයන්ට පෙම් කළ සුරූපිනියෝ

 

රාජ වාංශිකයන් සහ සුපිරි ජනප්‍රිය නිළියන් අතර ඇතිවන පෙම් කතා කාලයෙන් කාලයට මතුවන්නේ ලොව බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමිනි. ජැකලින් ෆර්නැන්ඩස් නම්වූ ශ්‍රී ලාංකික බොලිවුඩ් තරුවද මීට වසර කිහිපයකට පෙර රජ කුමරෙකුට පෙම් බැන්දාය. දැන් ඒ කතාව අතීතයට එක්වී තිබේ. එවැනි පෙම් කතා රැසකි. සමහර කතන්දර කෙළවර වූයේ විවාහයෙනි. කැඩුණු බිඳුණු පෙම් කතාද රැසකි.   

ජැකලින් පෙම් බැන්දේ බහරේන් රාජ්‍යයේ රජ කුමරෙකු වන ෂෙයික් හසන් බින් රෂිඩ් අල් කලිෆාටය. වසර 2ක සබඳකමකින් පසුව දෙදෙනා 2011 දී වෙන්වූහ. කෙසේ වෙතත් මීට වසර කිහිපයකට පෙර ඇය ප්‍රකාශ කර තිබුණේ, තමන් ෂෙයික් හසන්ව හඳුනාගෙන සිටියේ කුඩා කාලයේ සිට බවය. ඔහු දැන් විවාහකයෙකු යැයි ඇය තවදුරටත් ප්‍රකාශ කර තිබුණි.   


අතීතයට එක්වූ මෙවැනි ප්‍රේම වෘත්තාන්තයන් අතරින් මොනාකෝ රාජ්‍යයේ තුන්වැනි රේනියර් කුමරු සහ සුපිරි හොලිවුඩ් නිළි ග්‍රේස් කෙලීගේ එක්වීමද කැපී පෙනෙයි. ප්‍රංශයට යාබදව පිහිටි ස්වාධීන රාජ්‍යයක් වූ මොනාකෝ හි රජු ලෙස 1949 සිට 2005 දක්වා රජකම් කළේ රේනියර්ය. ඔහුට ග්‍රේස් කෙලීව මුණගැසුණේ 1955 දී කාන්ස් චිත්‍රපට උළෙලේදීය. ග්‍රේස් එම උළෙලට සහභාගි වූයේ එක්සත් ජනපද නියෝජිත පිරිසක් සමග එහි නායකත්වය ගනිමිනි. සිනමා උළෙලේදී ඇයට රේනියර් කුමරුන් සමග ඡායාරූපයකට පෙනීසිටීමට ඇරයුම් ලැබුණි. එතැනදී දැන හඳුනාගත් ඔවුන් දෙදෙනා 1956 දී විවාහ ජීවිතයට ඇතුළත් වූහ.   


මේ විවාහ මංගල්‍යයට 3,000 ක් දෙනා සහභාගි වූහ. එම රාජකීය මංගල්‍යය සජීවීව නැරඹූ ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 30කි. ග්‍රේස් කෙලීගේ මංගල ඇඳුම සැලසුම් කළේ ඒ පිළිබඳ සම්මාන දිනූ ශිල්පිණියක වන හෙලන් රෝස් විසිනි. මංගල ඇඳුම නිර්මාණය කොට වැඩ අවසන් කිරීමට සති 6ක් ගතවූ අතර ඒ සඳහා ශිල්පීන් 36 දෙනෙකුගේ දායකත්වය ලැබුණි.   
ග්‍රේස්, තම විවාහයෙන් පසුව හොලිවුඩ් සිනමාවෙන් සමු ගත්තාය. ඇය අවසන් වරට රඟපෑවේ 1956 දී තිරගත වූ 'High Society' නමැති සංගීතමය විකට චිත්‍රපටයේය. ඇය 1982 සැප්තැම්බර් 14 දා මෙලොවින් සමුගත්තාය. රේනියර් රජු මෙලොවින් සමුගත්තේ 2005 අප්‍රේල් 6 දාය.   


1940 දශකය තුළ ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගත් හොලිවුඩ් නිළි රීටා හේවර්ත්, විවාහ ජීවිත 5ක් ගත කළාය. ධනවත් ව්‍යාපාරිකයෙකු වූ එඩ්වඩ් සී. ජඩ්සන් සමග මුලින්ම යුගදිවි ගමන් ඇරඹූ ඇය, ඉන්පසුව ඕසන් වේල්ස් නම්වූ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයා සහ සිනමා රංගන ශිල්පියා සමග විහාහ වී සිටියේ වසර 4ක කාලයකි. (1943-1947) ඇය රාජවංශිකයකුගේ අත ගත්තේ 1949 දීය. ඔහු, ඉරාන ජාතික රජකුමරෙකු වූ අලි ඛාන්ය. අලි ඛාන්ගේ පියා සුල්තාන්වරයෙකු වූ මොහොමඩ් ෂා හෙවත් ඉරානයේ තුන්වැනි අගා ඛාන් රජුගේ පුත්‍රයාය. අලි ඛාන්, රීටාගේ අත ගත්තේ බ්‍රිතාන්‍ය ජාතික සමාජ සේවිකාවක වූ ජොආන් බාබරා සමග ගතකළ යුග දිවිය අවසන් කරමිනි. එහෙත් 1953 දී අලි ඛාන් - රීටා විවාහය දෙදරා ගියේය. රීටා සිය නීත්‍යානුකූල බිරිඳ වුවද අලිඛාන් වෙනත් සුරූපී නිළියන් සහ නර්තන ශිල්පිනියන් සමග සබඳතා පවත්වා තිබුණි.   


රාජකීයයන් සහ සිනමා නිළියන් අතර ඇතිවූ පෙම් සබඳකම් අතරින් මතුවන තවත් ජනප්‍රිය චරිතයක් සිටියි. ඒ, බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුන්ය. ජනප්‍රිය හොලිවුඩ් නිළියක වූ මේගන් මාකල් සමග යුග දිවියක් ගත කරමින් ආදරණීය සැමියෙකු සහ පියෙකු ලෙස නමක් දිනා සිටින හැරී කුමරු, මීට පෙර සුරූපී නිළියන් කිහිප දෙනෙකුටම පෙම් කළේය.  
ඒ අය අතරින් එක් සුරූපී නිළියක වන්නේ කැරලින් ෆ්ලෙක්ය. හැරී කුමරුට ඇයව මුණගැසුණේ 2009 දීය. බ්‍රිතාන්‍ය සිනමා නිළියක මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක ද වන කැරලින් හැරී කුමරු හමුවන විට ඇය 30 වැනි වියෙහි පසුවූවාය. හැරී, 25 වැනි වියෙහි පසුවුයේය. ඔහු, ඇයව හඳුනාගෙන දින කිහිපයකින් පෙම්වතුන් බවට පත්වුවද මේ සබඳකම මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමගම එය නිමාවට පත්විය. කැරලින්, 2020 පෙබරවාරි 15 දා සිය දිවි හානිකර ගත්තාය. ඒ වන විට ඇය 40 වැනි වියෙහි පසුවිය.  
සුරූපී රුපවාහිනී නිවේදිකාවක වන නැතලි පින්ක්හැම් සමගද හැරී කුමරුගේ සමීප ඇසුරක් පැවතුණි. දෙදෙනා පෙම්වතුන් යැයි 2003 දී කට කතා පැතිර ගියද ඒ පිළිබඳ කිසිවක්ම ප්‍රකාශ නොකර සිටීමට දෙදෙනාම බලාගත්හ.


හැරීගේ සිත ඇදී ගිය තවත් සුරූපිනියක වන්නේ බ්‍රිතාන්‍ය සිනමා නිළියක සහ නිරූපිකාවක වන ක්‍රෙසිඩා බොනාස්ය. දැනට 32 වැනි වියෙහි පසුවන ක්‍රෙසිඩාට හැරී හමුවූයේ 2012 මැයි මාසයේදීය. හැරී කුමරුන්ට මේ සුරූපිනියව හඳුන්වා දී ඇත්තේ කුමරුගේ ඥාති සොයාරියක වන ඉයුජින් කුමරියයි. වසර 2කට පමණ පසුව දෙදෙනාගේ ප්‍රේම වෘත්තාන්තය නිමාවට පත්විය. කෙසේ වෙතත් හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යයට ක්‍රෙසිඩා ද සහභාගි වූවාය.  


හැරී 19 වියැති ගැටවරයෙකුව සිටිද්දී කැසී සමර් නමැති නිරූපිකාව මුණගැසුණි. ඒ වනවිට ඇය 21 වැනි වියෙහි පසුවුවාය. දෙදෙනා මුලින්ම හමුවුණේ චයිනාවයිට් නම්වූ රාත්‍රී සාමජ ශාලාවේදීය. මේ හමුවීම සිදුවූය් 2003 දීය. ඔවුන් දෙදෙනා සුන්දර සන්ධ්‍යාවන් කිහිපයක්ම ගත කළැයි පළවී තිබුණි. කෙසේ වෙතත් හැරී - කැසී පෙම් කතාව වැඩි කාලයක් පැවතුණේ නැත.  


නෝර්වීජියානු ගායිකාවක වන කැමිලා රොම්ස්ට්‍රෑන්ඩ් ද හැරී කුමරුගේ පෙම්වතියකව සිටියාය. බටහිර මාධ්‍ය වාර්තාකර තිබුණේ කැමිලා සහ හැරීගේ ඇසුර පැවතුණේ 2010 වසරේ අවසන් මාස 3ක කාලය තුළදී පමණක් බවය. මේ මාස කිහිපය තුළදී වුවද තමන්, රාජකීයයන්ට අයත්ව තිබෙන ක්ලැරන්ස් හවුස් නම් වූ නිවසෙහි හැරී සමග දින කිහිපයක් ගත කළ බවය. නමුත් හැරී, කැමිලාගේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණි.  


බ්‍රිතාන්‍ය නිරූපිකාවක මෙන්ම බොලිවුඩ් චිත්‍රපට නිළියකද වන ෆ්ලොරන්ස් බ්‍රඩ්නෙල් 2011 දී හැරී කුමරුට පෙම් කළ තවත් සුරූපිනියකි. එය මාසයකට හෝ දෙකකට සීමාවී තිබුණු එතරම් ප්‍රචලිත නොවූ ප්‍රේමයකි. හැරී සමග එබඳුම ‘තාවකාලික’ ප්‍රේමයක දැවටුණු නිරූපිකාවකි මොලී කිං. ඇය ගායිකාවක මෙන්ම රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක ලෙසද ප්‍රසිද්ධය. හැරී සමග පෙමින් ගත කළ කාලය තුළ ඇය ඔහු සමග ලන්ඩන්හි සුප්‍රකට ‘බන්ගා බන්ගා’ නමැති සමාජ ශාලාවේදී නර්තනයන්හි යෙදුණු බවටද ආරංචි පැතිරී ගියේය. මුලදී ඇය එම පුවත් ප්‍රතික්ෂේප කළද පසු කාලයේදී ඇයම ඒ සිදුවීම් පිළිගත්තාය.  


හැරී කුමරු සමග හාද වූ එලීනා ගෝල්ඩින් නම් වූ සුරූපී ගායිකාව ඔහු සමග වසර 2ක් ඇසුරු කළාය. ඔවුන් දෙදෙනා මුලින්ම හමුවී ඇත්තේ හැරීගේ වැඩිමල් සොයුරු විලියම් කුමරුගේ විවාහ මංගල්‍යයේදීය. ඒ, 2011 දීය. එලීනා, බ්‍රිතාන්‍ය රජ පවුල සමග සමීප ඇසුරක් පැවැත්වූවාය. විශේෂයෙන්ම ඇය ඉයුජීන් කුමරියගේ මිතුරියකි. ඒ හිතවත්කම මත ඇය විලියම් කුමරුගේ විවාහ මංගල්‍යයට සහභාගිවී ගීත කිහිපයක්ද ගැයුවාය.  


රාජකීයයෙකු සමග හාද වූ තවත් හොලිවුඩ් සුරූපිනියකි ග්වෙනෙත් පැල්ට්‍රෝව්. 2002 දී පැතිර ගිය ආරංචියකින් පැවසුණේ ඇය සහ ස්පාඤ්ඤයේ 6 වැනි පිලිප් කුමරුට සමීපව සිටි බවය. ඔහු අද එරටෙහි රජු ලෙස කටයුතු කරයි. 2014 දී රජකමට පත්වූ දැනට 53 වැනි වියෙහි පසුවන ඔහු සමග තමන් කිසිදු අයුරකින් සබඳතා නොපැවැත්වී යැයි දැනට 49 වැනි වියෙහි පසුවන ග්වෙනෙත් පවසයි. ග්වෙනෙත්ගේ තවත් රාජකීය පෙම්වතෙකු ගැනද සඳහන් වෙයි. ඒ, මොනාකෝ රාජ්‍යයේ 2 වැනි ඇල්බට් කුමරුය. ඔහු දැන් මොනාකෝ රාජ්‍යයේ රජුය. මේ අනංග රජු ග්වෙනෙත්ට පමණක් නොව, හොලිවුඩයේ තවත් සුරූපී නිළියන් කිහිප දෙනෙකුටම පෙම් කළ වග හෙළිවී තිබේ.  


ඒ අතරින් එක් සුරූපිනියක වන්නේ ජනප්‍රිය නිළි බෲක් ෆීල්ඩ්ය. ඇල්බට් රජු සහ බෲක් ෆීල්ඩ් 1983 දී පැවැත්වූ ටෙනිස් තරගාවලියකටද සහභාගි වූ බව පැවසේ. හොලිවුඩ් සිනමා ලොව කැළඹූ නිළියක ලෙස ප්‍රචලිත ෂෙරන් ස්ටෝන් ද ඇල්බට් කුමරු සමග සමීප ඇසුරක් පැවැත්වූ බව රහසක් නොවේ. මොනාකෝ හි මොන්ටිකාලෝ නගරයේ සිනමා හලක මෑතකදී තිරගත වූ 'NO Time to Die' චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ඇල්බට් කුමරු තම ආර්යාව සමග සහභාගි වූ බව වාර්තා විය. එම අවස්ථාවට ෂෙරන් ස්ටෝන් ද එක්ව සිටි අතර ඇය, ඇල්බට් කුමරුන්ව සිප වැළඳගෙන පිළිගත් අයුරු කැපී පෙනුණු බවත් සඳහන් විය. 

 

 

සුජීව තේවහෙට්ටිගේ

 



අදහස් (0)

රජ කුමාරයන්ට පෙම් කළ සුරූපිනියෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1771 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1602 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site