IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


රඟපානවට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ අයට සල්ලි ලැබෙනවා

රැල්ල

සරාගී නිරූපිකාවක හා රංගන ශිල්පිණියක වන  අනූෂා රාජපක්ෂ ඕස්ට්‍රේලියාවේ සිට කතා කරයි

 

  • මම මට වඩා බාල කොල්ලෙක් බැන්ඳේ

ඇය නිරූපිකාවක් මෙන්ම ශ්‍රී ලංකා රූ රැජින තරගයේ කාගේත් අවධානයට යොමු වූ තරුණියක් ලෙස එදා තම දක්ෂතා පෙන්නුම් කළාය. පසුකලෙක ඇය රංගන ශිල්පිනියක් ලෙසින් ද සිනමාවේ හා ටෙලිනාට්‍යයේ තම හැකියාවන් පෙන්නුවේ හැමෝගෙම ප්‍රසාදය දිනාගනිමිනි. ඇයට නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයේ ද බොහෝ දෑ ලැබුණේ වෙලාවට, හරියට තමගේ වැඩ කටයුතු සාර්ථක ලෙස ඉටු කළ නිසාවෙනි. පසු කලෙක ඇය ‘‘ඉවෙන්ට්ස්’’ කළමනාකාරිනියක ලෙස බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තාය. මේ සුරූපී නිරූපිකාව නමින් අනූෂා රාජපක්ෂ ය.  


අද දවසේ දී ඇය විවාහ වී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය. එක් දරු මවක් වුවද ඇය තවමත් රුවැත්තියකි. ‘‘රැල්ල’’ විචිත්‍රාංගය දැක ඇය ඒ වෙනුවෙන් කතාබහ කළේ පුදුම ආසාවකිනි, කැමැත්තකිනි. මේ රටේ සිටිද්දී ඇයට තැනක් ලැබුණේ නැද්ද? ඉදිරියේ දී රඟපාන්න අදහසක් නැද්ද? නිරූපණ ක්ෂේත්‍රය අද කොතැනද? මේ ආදී දේවල් පිළිබඳ අනූෂා ‘‘රැල්ල’’ට කතා කළේ මේ අයුරිනි.

 

ඔයා ඇයි ලංකාව අතහැර ගියේ? මෙහේදී ඔයාට ප්‍රශ්න ඇති වුණා ද?  


මම විවාහ වුණු නිසා ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවට යන්න සිදුවුණා. එයා ඕස්ට්‍රේලියාවේ හිටියේ. ලංකාවට එන්න එයාගේ ආසාවක් තිබුණේ නෑ. ඒ හින්දා මම 2014 වසරේ විවාහ වෙලා, 2015 වසරේ පදිංචියටම ඕස්ට්‍රේලියාවට ආවා. මට එහෙම ෆීල්ඩ් එකේ ප්‍රශ්න ආවේ නෑ. ඒ කාලයේ දැන් වගේ ගොඩාක් කට්ටිය හිටියෙත් නෑ. ඒ දවස්වල අපි සමගියෙන් වැඩ කළේ. එහෙම ප්‍රශ්න ආවේ නෑ. විවාහ වුණු හින්දයි රටින් මම ගියේ.  


ඔයා ඕස්ට්‍රේ‍ලියාවේ ඉඳන් මොනවද කරන්නේ?  


මෙහාට ඇවිත් මම ‘‘චයිල්ඩ් කෙයාර්’’ පාඨමාලාවක් කළා. ඩිප්ලෝමාවක් ලබාගත්තා. දැන් මම ‘‘චයිල්ඩ් කෙයාර්’’ එකක වැඩ කරනවා.  


ඔයා නිරූපිකාවක් වගේම රංගන ශිල්පිණියක්. මේ ක්ෂේත්‍රවලට මුලින් පැමිණීමේ දී යම් යම් බලපෑම් ඇති වුණා ද?  


එහෙම බලපෑම් ඇති වුණේ නම් නෑ. මම ෆීල්ඩ් එකට ආ​ෙව් ‘‘මිස් ශ්‍රී ලංකා තරගයෙන්’’. එහිදී මම Top 05 වුණා. එතනින් තමයි මට මොඩ්ලින් ෆීල්ඩ් එකට එන්න චාන්ස් එක ලැබුණේ. එතනදී ඔය කියන විදිහේ බලපෑම් නම් මට ආවේ නෑ.  


ටෙලිනාට්‍යවලට එන්න නම් ලැබුණේ මගේ තිබුණු බටහිර පෙනුම හින්දයි. ගොඩාක් වෙලාවට බටහිර පන්නයේ චරිතවලට තමයි මාව ගත්තේ. එතනදීත් මට යම් බලපෑම් ආවේ නැති තරම්. පොඩි පොඩි ඒවා එන්න ඇති සමහර විට. මම ඒවා ගණන් ගත්තේවත් නෑ.   


අද සමාජයේ මොඩ්ලින් කරන අය දිහා වපර ඇසින් නේද බලන්නේ ? ඒ දවස්වල ඔයාටත් ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න සිදුවුණා ද?  


ඒ කාලයේ නම් එහෙම දේවල් සිදුවුණේ නෑ. දැන් නම් එහෙම දේවල් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඇත්තද බොරුද කියන්න මා දන්නේ නෑ. දැන් හරිම තරගයක් ලංකාවේ තිබෙන්නේ. හතු පිපෙනවා වගේ අලුත් අය බිහිවෙනවා. එනවා යනවා ලංකාවේ තිබෙන හැම රූපවාහිනී නාලිකාවලින්ම අවුරුදු කුමාරියෝ තොරනවා. මම මේ රටේ ඉන්න කොටත් ලංකාවේ තිබෙන රූපවාහිනී නාලිකා බලනවා.  


දැන් සිංදු කියන රියැලිටි වැඩසටහන්වල දිනන අය රඟපාන්න ගන්නවා. අවුරුදු කුමාරියෝ, අවුරුදු කුමාරයෝ ඔක්කොම රඟපානවා. දැන් ඒ හින්දා තරගය වැඩියි. ඉස්සර එහෙම නෑ. ඉස්සර මම, අංජුලා, අනර්කලී වගේ පොඩි කට්ටියක් තමයි හිටියේ. දැන් තරගය වැඩි නිසා වැරැදි දේවල් වෙන්නත් පුළුන්. මොකද ඉස්සරහට එන්න චාන්ස් එකක් ගන්නත් ඕනෑ.   

 

ඇයි ඔයාට රංගන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න අවස්ථාව නොලැබුණේ?  


මම රංගනයට වඩා ආසා කළේ මොඩ්ලින් පැත්තටයි. එතනදී නිරූපිකාවක් විදිහට කටයුතු කරන ගමන් මම ‘‘ඉවෙන්ට්ස්’’ සම්බන්ධීකරණය කළා. ඇත්තම කියනවා නම් ඒ දවස්වල ටෙලිනාට්‍ය රඟපෑවාට ලොකු ගණනක් හෙව්වේ නෑ. දැන් ඒ තරම්වත් ගෙවනවාද කියලා මම දන්නේ නෑ. දවසට ‘‘ඩේ පේමන්ට්’’ ගෙවන්නේ. ඊට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ අපිට සල්ලි ලැබෙනවා. ඒ නිසා තමයි ටෙලි නාට්‍යවලට මම එතරම් කැමැත්තක් නොදැක්වූයේ.  


මගේ ගෙවල් ගම්පහ. ටෙලිනාට්‍යවලට ගියාම දුර පළාත්වල දවස් ගණන් ඉන්න ඕනෑ. මම නතර වෙලා හිටියේ කොළඹ. ඒ රෙන්ට් එකට ගෙයක් අරන්. ඒවාට සල්ලි දෙන්න ඕනෑ. මම කාර් එකක් ගත්තා. ඒකට ලීසිං ගෙවන්න ඕනෑ. ඒ නිසා මට සති ගණන් ගිහින් රඟපාලා ලැබෙන මුදලින් ඒවා නඩත්තු කරන්න බැහැ. ඒකයි මම ඉඳලා හිටලා ටෙලිනාට්‍යවල රඟපෑවේ.   


ඒ කාලේ සමහරු කිව්වා නේද ඔයා ව්‍යාපාරිකයන්ගෙන් යැපෙමින් තමයි මේ විදිහට ජීවිතය ගතකරන්නේ කියලා. ඇත්තද ඒ කතාව?  


එහෙම ව්‍යාපාරිකයන්ගෙන් යැපුණා නම් දිගටම ටෙලිනාට්‍යවල රඟපාලා හැමදාම ටී.වී. එකේ මුහුණ දාගෙන ඉන්න තිබුණා. මොකද මට ව්‍යාපාරිකයෝ සල්ලි දෙනවානේ. මම ටෙලිනාට්‍යවල රඟපෑවේ මගේ කාර් එකේ ගිහින්. ඒවාට තෙල් ගැහුවේ මගේ සල්ලිවලින්. ඒ හින්දා තමයි මම ඉඳලා හිටලා රඟපෑවේ. ටෙලිනාට්‍ය 20-25ක් විතර කරලා ඇති. සමහරු අපි එහෙම ලස්සන ජීවිතයක් ගත කරනවාට ඊර්ෂ්‍යාවෙන් තමයි ඔය වගේ කතා පැතිරෙව්වේ. මම දන්නවා ඇත්ත මොකක්ද කියලා.  


ඉතින් ඔයාට ගොඩාක් කටකතා, මඩ ඒ කාලේ සමහරු ගොතද්දී ඇයි නිහඬව සිටියේ?  


කටකතා, මඩ නැත්තේ කාටද? හැමෝටම තිබෙනවා. අද ෆීල්ඩ් එකේ අයට කොයි තරම් තිබෙනවාද? මම ඒ කටකතාවලට කිසිම ප්‍රතිචාරයක් දැක්වූයේ නෑ. මේ කනින් අහලා අනෙක් කනින් එළියට දාලා නිකම් හිටියා. මට අදාළ නෑ. මට වැඩක් නෑ. මට කවුරුත් කන්න බොන්න දෙන්නේ නැහැනේ. මම මහන්සි වෙලා මම හම්බ කළේ. මිනිස්සුන්ට කටකතා ඕනෑතරම් කියන්න පුළුවන්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ වගේ මම මගේ පාඩුවේ හිටියා. එහෙම හිටිය හින්දා තමයි අද මම මැරි කරලා හොඳ ෆැමිලි ලයිෆ් එකක් ඕස්ට්‍රේලියාවේ ගත කරන්නේ.  


ඔයා විවාහ වුණේ, ඔයාටත් වඩා බාල කොල්ලෙක් එක්ක කියලයි ආරංචි. ඇත්තද ඒ කතාව?  


ඔව්, මිනිස්සු කියනවා නම් මම ව්‍යාපාරිකයන්ගෙන් යැපුණා කියලා. මම 60-70 මිනිහෙක් බැඳලා ආවේ නැහැනේ. ඇත්තටම මගේ හස්බන්ඩ් මට වඩා අවුරුදු 3ක් බාලයි. මම මට වඩා බාල කොල්ලෙක් බැන්දේ. ඒ හින්දා අද අපි හරි සතුටින් ඉන්නේ. සමහරුන්ට එ්කත් වැරැදි ඇති. මම මොනවා කරන්නද? කටකතා කියපු මිනිස්සුන්ට දැන් කටවල් වැහිලා ඇති.  


ඔයා ඒ දවස්වල ‘‘ඉවෙන්ට්ස්’’ ගොඩාක් රජයේ ඒවා කළා නේද? ඒවා ලැබුණේ මැති ඇමැතිවරු උදව් කළ හින්ද ද? මෙහිදීත් ඔයාට විවේචන එල්ල වුණා නේද?  


මම ‘‘ඉවෙන්ට්ස්’’ සම්බන්ධීකරණය කළා. මම ඒ වෙනුවෙන් මගේ කම්පැනියක් හදලා කළේ. එතනදී රජයේ ඒවා වගේම පෞද්ගලික අංශයේත් බොහෝ ඉවෙන්ට්ස් මම කළා. රජයේ ඉවෙන්ට්ස් මට ඇත්තටම හම්බවුණේ ප්‍රසන්න හෙන්නායක මහතා හින්දයි. ඔහු කලක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා​ගේ ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළා. ඔහු හරහා තමයි රජයේ ‘‘ඉවෙන්ට්ස්’’ මට ලැබුණේ. ඊට පස්සේ රන්ජන් ද සිල්වා මහතා හමුවුණා. ඔහුත් රජයේ ‘‘ඉවෙන්ට්ස්’’ මට ලබාදුන්නා. අන්න එහෙම තමයි හමුවුණේ. ඒ ‘‘ඉවෙන්ට්ස්’’වලට ගියාම මැති ඇමතිවරු හමුවුණාම ‘‘හලෝ, හායි’’ කියලා කතා කරනවා. අපි ගොඩාක් ‘‘ඉවෙන්ට්ස්’’ කරන නිසා දැකලා තිබෙන හින්දා කතාබහ කරනවා. ඒ ඇරෙන්න පෞද්ගලික සම්බන්ධකම් කිසිවක් නෑ. ගොඩාක් අය හඳුනනවා. ඒ හැරෙන්න වෙන කිසිම ආදර යෝජනාවක්, වෙන බලපෑමක්වත් ඔවුන්ගෙන් මට ලැබුණේ නෑ.   


දැන් නිළියන් බොහෝ වෙලාවට සුදුවෙන්න දඟලනවා නේද? තමන්ගේ අඟපසඟ පවා කෘත්‍රිම ලෙස සකසාගන්නත් හදනවා. ඔයත් සුදු වුණේ ක්‍රීම් වර්ග ගාලා ද?  


ඇත්තටම ගොඩාක් අය ඔය කතාව මගෙන් අහලා තිබෙනවා. සමහරු සිතුවේ මම එක එක ක්‍රීම් වර්ග ගාලා සුදුවෙනවා කියලයි. මම ඇත්තටම අද වනතුරු සුදුවෙන ක්‍රීම් වර්ග මොනවත්ම ගාලා නම් නෑ. මගේ උපතින්ම තිබෙන සුද තමයි මට තිබෙන්නේ. මීට කලින් මම ගොඩාක් සුදුසුයි. අදටත් මම ඕස්ට්‍රේලියාවේ සිටියත් මොනවත්ම ගාන්නේ නෑ. සුදුවෙන්න, මහත් වෙන්න, මගේ එහෙන් ලොකු වෙන්න, මෙහෙන් ලොකුවෙන්න කිසිම දෙයක් මම කරන්නේ නෑ. හැබැයි හිතන කට්ටිය ඉන්නවා මම සුදුවෙලා තිබෙන්නේ මොනවා හරි කරලා කියලා.  


අද ගොඩාක් රංගන ෆීල්ඩ් එකට මොඩ්ලින් ෆීල්ඩ් එකට එන කට්ටිය එහෙම දේවල් කරනවා. ඉන්ජෙක්ෂන් ගහනවා. නානාප්‍රකාර ක්‍රීම් වර්ග ගානවා. සමහරු ඇඟේ එක එක දේවල් ලොකු කරගන්නත් උනන්දු වෙනවා. මගේ ජීවිතේට නම් අද ​ෙවනතුරු එහෙම දේවල් කරලා නෑ. කරන්නෙත් නෑ. මගේ මේ තිබෙන ඇඟේ ලස්සන, ෂේප් එක හොඳටම ඇති.  


ඔයාට ඒ කාලයේ ප්‍රේම සම්බන්ධතා තිබුණා නේද?  


ප්‍රේම සම්බන්ධතා තිබුණේ නෑ කිව්වොත් පුදුමයක් නේද? මම කිව්වොත් ප්‍රේම සම්බන්ධතා තිබුණේ නෑ. මට හමුවුණු එකම කොල්ලා මෙයා. එයාව මම බැඳලා ආවා කිව්වොත් ලෝක පුදුමයක්නේ. ප්‍රේම සම්බන්ධතා තිබුණා. එහෙම තිබුණා කියලා එයාම බඳින්න ඕනෑ කියලා නීතියක් නැහැනේ. ඕනෑ කෙනෙකුට ප්‍රේම සම්බන්ධතා එක, දෙක, තුන, හතර තිබෙන්න පුළුවන්. ඒක හරියන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. අපි යාළුවෙනකොට මෙයාව තමයි බඳින්නේ කියලම හිතන්නේ නැහැනේ. යාළු වෙනවා. ආදර සබඳතා ඇතිවෙනවා. ඊට පස්සේ ප්‍රශ්න එනවා. ඒ කාලයේ ඉතින් මගේ තිබුණු ඒවා නැතිවෙලා ගියා. පතාගෙන ආපු විදිහට මගේ සැමියා මට හමුවුණා.  


කොහොමද එයා ඔයාට හමුවුණේ?  


එයාව හමුවුණේ ඇත්තටම මගේ යාළුවකුගේ මාර්ගයෙන්. එයා ඇවුරුදු 17ක් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ලංකාවට ඇවිත් තිබෙන්නේ දෙසැරයක් විතරයි. අපි දෙන්නා දැකලා අඳුර​ගෙන නෑ. මගේ යාළුවෙක්ගේ යාළුවෙක් තමයි එයා. ඒ මාර්ගයෙන් මගේ ෆොටෝස් දැකලා, අපි දෙන්නා කතාබහ කළේ. අපි අවුරුද්දක් විතර කතාබහ කළා. 2013 දී තමයි මම යාළු වුණේ. 2014 දී තමයි විවාහ වුණේ. ඒ තරමට මට ගොඩාක් ආදරේ කළා. දැන් අපි දෙන්නට අවුරුදු 2ක දුවෙකුත් ඉන්නවා. හරිම සතුටින් ජීවිතය විඳිනවා.   


ආපහු රඟපාන්න ආසාවක් නැද්ද?  


මගේ හස්බන්ඩ් ඇත්තටම කැමති නෑ මම දැන් රඟපාන්න යනවාට. ඒ නිසා මේ ඉන්න විදිහ හොඳයි. රංගනයට​ ගිහින් මගේ සුන්දර පවුල් ජීවිතේ විනාශ කරගන්න මට ඕනෑ නෑ.

 

 

කතාබහ කළේ 
සමන්ත යහම්පත්

 



අදහස් (0)

රඟපානවට වඩා මොඩ්ලින් ෆීල්ඩ් එකේ අයට සල්ලි ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5936 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1606 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site