IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


මොඩ්ලින් පොටෝ ගන්න ගියාම අමුතු යෝජනා එනවා

රැල්ල

පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතය රඟපෑ සරාගී රංගන හා රූපලාවන්‍ය ශිල්පිනී මෝස්තර නිරූපිකා 
මධුෂානි වික්‍රමසිංහ

  • රඟපාද්දි ටිකක් අඟපසඟ පේන්න අඳින්න වෙනවා

 

තම කුළුදුල් සිනමා නිර්මාණයෙන්ම ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. ඒ ප්‍ර‌ීතිරාජ් වීරරත්න අධ්‍යක්ෂණය කළ “තිත්ත ඇත්ත” චිත්‍රපටයෙනි. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ද තම දක්ෂාතා පෙන්වමින් ඉදිරියට යන ඇයට ඇත්තේ සරාගී පෙනුමකි. මේ නිසාවෙන්ම ළඟදීම තිරගත වීමට නියමිත එරංග සේනාරත්නගේ “මොනාලිසා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින් ඇය සරාගී රංගනයකට එක්වී සිටින්නීය. ඇය මෝස්තර නිරූපිකාවකි. රූපලාවණ්‍යාගාර හිමිකාරිනියක ලෙස වෘත්තියෙන් කටයුතු කරන ඇය, රංගනයට දක්වන්නේ පුදුමාකාර ආසාවකි. මේ ආසාව ඉටුකරගැනීමට යාමේදී ඇයට ක්ෂේත්‍රයේ අයගේ යෝජනා, බලපෑම්වලට නතුවෙන්න සිදුවුණාද? එවැනි තැන්වලදී ඇය හැසිරුණේ කොහොමද? නිතරම කොට ඇඳුම් අඳිමින් සරාගී රංගනයක ඇය යෙදෙන්නේ ආසාවටද? මේ ප්‍රශ්න “රැල්ල”ට හැමූ ඇයගේ හඬයි.   

 

මේ දස්වල ඔයා මොනවද කරන්නේ?   


මගේ අලුත් ව්‍යාපාරය එක්ක ටිකක් කාර්යබහුල වුණා. මම අලුතින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කළා. ඒකට සම්පූර්ණ කාලය යොදවන්න සිදුවුණා. ඒ අතරේ කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා. මම ප්‍රධාන චරිතය රඟපෑ “මොනාලිසා” චිත්‍රපටයේ විශේෂ දැක්මක් පසුගියදා තිබුණා. ඒක ළඟදීම තිරගත වෙයි. ආසාවෙන් බලාගෙන ඉන්නවා.   


ඔයා රංගන ක්ෂේත්‍රයට එනකොට බාධක ඇතිවුණාද? අයුතු යෝජණා, බලපෑම් එහෙම ආවාද?   


අයුතු යෝජනා බලපෑම් මේ ෆීල්ඩ් එකේ විතරක් එන ඒවා නොවෙයි. එනවා. නැත්තේ නෑ. ඒ ආවත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නෑ. එහෙම බලපෑම් ආවානම් මම මේ ෆීල්ඩ් එකට එන එකකුත් නෑ. මම කළ නිර්මාණවලදී නම් එහෙම ආවේ නෑ. ආවත් මම දන්නවා එතනදී කොහොමද හැසිරෙන්නේ කියලා.   


ඒ කියන්නේ ඔයාට එවැනි දේවල් ඇවිත් තිබෙනවා කියලා නේද?  


 ඔව්, මුල්ම කාලයේ දී සමහර ඒවා ආවා. දුරකතන ඇමතුම් ආවා. දැන් නම් ගැටලුවක් නෑ.   


ඔයා රංගනයට අමතරව නිරූපිකාවක් රූපලාවන්‍ය ශිල්පිනියක් එතනදී විවිධාකාර පුද්ගලයන් ඔයාට හමුවෙනවා. ඒ අයගෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර? එතනදීත් බලපෑම් එනවාද?  


විවිධාකාර පුද්ගලයන් සමඟ එතනදී අපට වැඩකරන්න සිද්ධ වෙනවා. වෙඩින් ෆීල්ඩ් එකේදී වෘත්තීය මට්ටමින් මම කරන හින්දා එවැනි අයුතු යෝජනා, බලපෑම් එන්නේ නෑ. ඒගොල්ලෝ මගේ ගනුදෙනුකරුවෝ. අදාළ කටයුත්ත කළා. එතනින් ඉවරයි. වෙන පෞද්ගලික ජීවිතයට සම්බන්ධ බලපෑම් හෝ දුරකතන ඇමතුම් හෝ එන්නේ නෑ

.   
කලා ක්ෂේත්‍රයේදී නම් එවැනි අයුතු යෝජනා දුරකතන ඇමතුම් ඔයාට එනවා ඇති නේද?  


ඔව් කලාව සම්බන්ධ වැඩවලදී නම් එවැනි දුරකතන ඇමතුම් එනවා හුඟාක් වෙලාවට. සමහර වෙලාවට ක්ෂේත්‍රයේ අයමත් නොවෙයි කරන්නේ. ජනප්‍රිය නිෂ්පාදකවරුන්ගේ, අධ්‍යක්ෂකවරුන්ගේ නම්වලින් විවිධ දුරකතන ඇමතුම් එනවා. ඒවා බොරුකාරයෝ කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක් බවට දැන් පත්වෙලා. 

 
එවැනි යෝජනාවලට අකමැති වුණාම මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න අමාරුද? ඔයාට එවැනි දේ සිදුවෙලා තිබෙනවාද?  


මට නම් එහෙම තර්ජන ඇවිල්ලා නම් නෑ. කැපිලි කෙටිලා ඇති. මම ඒවා ගණන් ගන්නේ නෑ. සාමාන්‍යයෙන් මම කලා ෆීල්ඩ් එකේ වැඩ කරද්දී, අදාළ කටයුත්ත කළාට පස්සේ මේ ඉන්ඩස්ට්‍රි එකේ අය එක්ක ගොඩාක් වෙලාවට පෞද්ගලික සම්බන්ධතා තියාගන්නේ නෑ. කැපිලි තියෙනවාද කියලා මම දන්නේ නෑ. ඒක මම අදාළ කරගන්නේත් නෑ. මම ඒවා ඇත්තටම සොයන්න යන්නේ නෑ.   


ඔයාට කටකතා, ගොසිප් හැදිලා නැද්ද?  


දැනට මට කටකතා හැදිලා නෑ. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මගේ ෆොටෝස් වගයක් එක පාරක් “වයිරල්” වුණා. එතනදී මට ගොසිප් හැදුණා. මම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන හින්දා, එක පාරක් මැටි කර්මාන්තයට අදාළ ඡායාරූප ගත්තාම, ඒ පොටෝස් සමාජ මාධ්‍යවල ගිහින් තිබුණා. එතකොට මා සම්බන්ධව ගොසිප් කීපයක් ගිහින් තිබුණා. හැබැයි නරක විදිහට ප්‍රතිචාර ලැබුණේ නෑ.   


නිරූපණ ක්ෂේත්‍රයේදීත් බලපෑම් යෝජනා එහෙම එනවා ඇති නේද? 

 
මෙහෙමයි නිරූපණ ක්ෂේත්‍රයේ මම කටයුතු කරන්නේ ඡායාරූප ශිල්පීන් එක්කයි. වෘත්තීමය මට්ටමේ නැති අය එක්ක වැඩ කරද්දී ඔවුන් එතනින් එහාට ගිය දේවල් අපෙන් බලාපොරොත්තු වෙනවා. එවැනි අයුතු යෝජනා නම් ඇවිත් තිබෙනවා. දුරකථන ඇමතුම් ඇවිත් තිබෙනවා. ඔවුන් කතාකරන්නේ තනියම එන්න කියලයි. මේ අලුතින් ක්ෂේත්‍රයට ආ අය තමයි මෙවැනි දේවල් කරන්නේ. ඒ අයගෙන් බැලපෑම් තිබෙනවා. ඒක ඒ අයගේ නොදැනුවත්කමයි.   


මම මොඩ්ලින් ෆුල්ටයිම් කරන කෙනෙක් නෙවෙයි. මේක මට විතරක් තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. මම විනෝදාංශයක් විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන්නේ. ෆුල්ටයිම් වැඩකරන අයට සමහර වෙලාවට එවැනි බලපෑම්වලට යටවෙන්න සිදුවෙන්න ඇති. මම අහලත් තිබෙනවා එවැනි දේවල් ගැන අලුතින් එන ඡායාරූප ශිල්පීන්ගේ ඩිසිප්ලීන් නැති ප්‍රශ්නයක් තිබෙනවා.  


මොඩ්ලින් ක්ෂේත්‍රයේදී විවිධ ඇඳුම් අඳින්න සිදුවෙනවා. එතනදී සමහර වෙලාවට අඩනිරුවත් පවා වෙන්න සිදුවෙනවා නේද? ඔයා එවැනි දේවලට කැමතිද?   


මම ප්‍රොෆෙෂනල් මොඩ්ලර් කෙනෙක් නෙවෙයි. ෆ්‍රීලාන්ස් වැඩ කරන්නේ. මෙය විනෝදාංශයක් විදිහට මම කරන්නේ. ඡායාරූප ශිල්පියාගේ “කන්සෙප්ට්” එක මට විඳින්න පුලුවන් හරි, ආසාවක් තිබෙනවා නම් හරි විතරයි මම ඒ දේ කරන්නේ. අඩ නිරුවත් ඡායාරූපකරණය කලාවක්. නමුත් ඒක මට සුදුසු නෑ. මොකද මම රංගන ශිල්පිනියක් ලෙස වැඩකරන නිසා. එතනදී කොට ඇඳුම් ඇන්දා කියලා ප්‍රශ්නයක් මා දන්නේ නෑ. මම රංගනයේදී එවැනි ඇඳුම් අදිනවා.   


රංගන ශිල්පිනියක් විදිහට ඔයාට එවැනි අඩ නිරුවත්, නිරුවත් චරිතයක් ලැබුණොත් කැමතිද රඟපාන්න?

   
දැනට මම අවිවාහක තරුණියක්. ඒ හින්දා එවැනි චරිත දැනට මම භාරගන්නේ නෑ. මොකද ඒක් මගේ අනාගතයට බලපාන කාරණාවක් වෙන හින්දා. රංගනයේදී පොඩ්ඩක් අඟපසඟ පේන්න සමහර වෙලාවට ඇඳුම් අදින්න සිද්ධ වෙනවා. ඒක චරිතයට අදාළ නිසයි කරන්නේ. එහෙම නැතුව අඩ නිරුවත්, නිරුවත් චරිත නම් මා දැනට භාරගන්නේ නෑ.   


සුරූපී තරුණියක් හින්දා ඔයාට ප්‍රේමවන්තයෙක් එහෙම දැන් ඇති නේද?   


දැනට මම බොහොම තනිකඩ ජීවිතයක් ගතකරනවා.   


ඔයාට විවිධ ක්ෂේත්‍ර අය සමග කටයුතු කරන කෙනෙක්. ඒ හින්දා අනෙක් ක්ෂේත්‍රවල අයගෙන් ආදර යෝජනා එන්න ඇති නේද?   


ඔව්. ව්‍යාපාරිකයන්ගෙන් නම් මට විවාහ යෝජනා ඇවිත් තිබෙනවා. ඒ අතරේ සමහරු වෙනත් යෝජනාත් ඉදිරිපත් කරන අවස්ථාත් තිබෙනවා. රංගන ක්ෂේත්‍රයේ ඉන්න හින්දා සමහරු වැරදියට අපි ගැන හිතලා තමයි එවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ. පස්සේ ඒ අයටම තේරෙන්න ඇති වැරැද්ද ගැන.   

 

 


සමාජ මාධ්‍ය හරහා ඔයාගේ ඡායාරූප එළිදක්වනවා නේද එතනදී ලැබෙන ප්‍රතිචාර කොහොමද?   


නිරූපණ ක්ෂේත්‍රයේ මගේ පොටෝස්වලට එක එක වයස් මට්ටමේ එක එක මත දරන පුද්ගලයන් විවිධ විදිහේ අදහස් ප්‍රකාශ කරනවා. සමහරු ඒවායේ අඩුපාඩු පෙන්වා දෙනවා. තව සමහරු වෙන අයුතු යෝජනාත් කරනවා. පසුගිය කාලයේ සෝෂල් මීඩියා හරහා මගේ පොටෝස් වගයක් වයිරල් වුණා. ඒකට විවිධ කවි නිසදැස් හදලා තිබුණා. බැණලා තිබුණා. මම ඒවාට උත්තර දෙන්න ගත්තේ නෑ.   


එවැනි අසහනකාරයන් ඔයාට දුරකථන ඇමතුම්වලින් පවා විවිධ කරදර කරනවා ඇති නේද?   


අපොයි ඔව්. කෝල්ස් වලින් නම් එහෙම ගොඩාක් කරදර කරනවා. මොකද මගේ දුරකතන අංකය ප්‍රසිද්ධ කරලා තිබෙන්නේ මගේ බිස්නස් වැඩවලට ඕනෑ හින්දා. සමහරු විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් කියලා කතාකරනවා. ඔවුන් වැරදියට තේරුම් අරන් තමයි මට එවැනි අයුතු යෝජනා, ලිංගික අල්ලස් ඉල්ලන්නේ. මා ගැන දන්න අය නම් එහෙම කතා කියන්නේ නෑ. මොනවා කරන්නද?   


කලා ක්ෂේත්‍රයේ මුදලට විකිණෙන අයත් ඉන්නවා නේද? තමන්ගේ ජනප්‍රියත්වය වැඩිකරගන්න ඉහළ තැනක් හදාගන්න අය මේ තත්ත්වයට වැටිලා නේද? ඔයාටත් එහෙම යෝජනා එහෙම ආවාද?   


ක්ෂේත්‍රයේ එවැනි අය ඇති. නෑ කියන්න බෑ මට. මොකද ක්ෂේත්‍රයේ අය එක්ක කිසිම පෞද්ගලික සම්බන්ධකම් පවත්වාගෙන යන්න මට අමාරුයි. මොකද එහෙම සබඳතා මා පවත්වාගෙන යන්නේ නෑ. මට යාලුවෝ විදිහට ඉන්නේ ක්ෂේත්‍රයට එන්න මුල් කාලයේ තරුණ සේවා සභාවේ රංගන පාසලේ සිටි අයයි. නැතුව වෙන කිසිම කෙනෙක් එක්ක

පෞද්ගලික සබඳතා නැති නිසා ඒ වගේ තොරතුරු එන්නේ නෑ. මම ඒ සම්බන්ධයෙන් හොයන්න යන්නේ නෑ. සෑම ක්ෂේත්‍රයකම ඔය තත්ත්වය දකින්න පුළුවන් නේද?   
අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ඔයාට අයුතු යෝජනා බලපෑම් ගේනවාද? ඔවුන් ඉදිරියට යන්න උදව් කරන්නම් කියලා?   


එහෙම ඔවුන් තුළ කැමැත්තක් ආසාවක් ඇති. ඒත් ඔවුන්ට ඒ ‘ටර්න්’ එක ගන්න බැරිවෙන්න මම කටයුතු කරනවා. මගේ හැසිරීම තමයි එතනදී වැදගත් වෙන්නේ. ගොඩාක් දෙනා එහෙම තමයි එතැනට එන්න නොදී අපි හැසිරුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හැබැයි වැඩ අඩුයි. නම සවුත්තු නොවී ඉන්න පුලුවන්. මෑත කාලයේත් චිත්‍රපටයක් මට අතඅරින්න සිද්ධ වුණා. මොකද එහෙම එනවානම් මට වැඩක් නෑ.   


අනෙක මම වෘත්තීය මට්ටමේ රංගනයේ යෙදෙන්නේ නෑ. ආසාවට කරන්නේ. මොඩ්ලින් කරන්නෙත් ආසාවටයි. වෘත්තිය මගේ රූපලාවන්‍යාගාරය. මම රගපෑවේ නෑ කියලා ජීවත්වෙන්න ප්‍රශ්නයක් නෑ. මට ආදායම් මාර්ගයක් තිබෙනවා. ඒ තත්ත්වය අපි හදාගත යුතුයි. එහෙම වුණොත් කොන්ද කෙළින් තියාගෙන මේකේ වැඩ කරන්න පුලුවන්.   


ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?   


සිනමා නිර්මාණවලට වැඩිපුර දායකත්වය ලබාදෙන්න තමයි කැමති. මේ අවුරුද්දේ මම ප්‍රධාන චරිතය රඟපෑ ‘මොනාලිසා’ හා ‘එදත් දිනුම් අදත් දිනුම්’ චිත්‍රපට තිරගතවෙන්න තිබෙනවා. මේ වසර හොඳවෙයි කියලා හිතෙනවා. සිනමාවට මේ වසර හොඳ වෙන්න පුලුවන්. මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

 

 

 

කතාබහ කළේ 
සමන්ත යහම්පත්

 

 



අදහස් (0)

මොඩ්ලින් පොටෝ ගන්න ගියාම අමුතු යෝජනා එනවා

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5936 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1712 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 380 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1776 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site