IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


බඳින් නැද්ද ඔයාලත් එහෙමද?

 

  • මිලියන ගාණක් විව්ස් ආවොත් නම් හොඳ ගාණක් එනවා. නැතිනම් සුළු ගාණක් ලැබෙන්නේ.
 
බෙරේ ගහන්න බැරිනම් බඳින්න හදන්න එපා   
හුරේ දැම්මට ඇන්ටිලා වතුරට පනින්න එපා   
කලබල වෙලා රැවටිලා පස්සට තැවෙන්න එපා   
හැබැයි හොඳම කෙනා ලැබුණොත් නොබැඳ ඉන්න එපා   
එතකම් ආන්ටි ප්ලීස් අපි ගැන වදවෙන්න එපා   
අංකල් ප්ලීස් අපි ගැන වදවෙන්නෙ එපා 
 
බඳින් නැද්ද’ මේ වීඩියෝව මේ දිනවල සමාජජාලා ඔස්සේ වැඩි වශයෙන් ෂෙයා වෙනවා. ඇයි මේ වගේ වීඩියෝවක් කරන්න හිතුවෙ?   

ඒක ඇත්තටම කරන්න හිතුවෙ මේ මගේ ජීවිතේ නිතරම අහන්න ලැබෙන සිදුවීමක්, කොහේ ගියත් යන යන තැන වටේ පිටේ අය අහන්නෙ ‘බඳින් නැද්ද කියලා’. මට දැන් අවුරුදු 29ක්. සමහරු හිතාගෙන ඉන්නවා අවුරුදු 29 කියන්නෙ හොඳටම වයසයි කියලා. ඒක ඇත්තටම හිතට වදයක් වගේම සමහර වෙලාවට පීඩනයක්.   

ඒක තනිකඩව ඉන්න ඕනෑම ගැහැණු ළමයෙකුට පිරිමි ළමයෙකුට අත්විඳින්න වෙන දෙයක්. තමන්ගේ ගෙදර අයටත් වඩා වටේ පිටේ අයට තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ නිසා තමයි අපිට මේ අපේ අත්දැකීම් අරගෙන තරුණ පරපුර වෙනුවෙන් මේ වීඩියෝව කරන්න හිතුණෙ. ඉතින් නොහිතපු විදියට මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රතිචාර මේ වීඩියෝවට තියෙනවා වගේම ගොඩක් දෙනා අතර ෂෙයා වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් දක්වපු ප්‍රතිචාරයක් තමයි අපි මේ වීඩියෝව තුළින් සමාජ මෙහෙවරක් කළේ කියලා.   

ඒ විදියෙ කතා බහකින් මෙවර ‘යූ ටියුබ් ලෝකය’ සමඟින් අපිත් එක්ක සම්බන්ධ වෙන්නෙ සමාජජාලා ඔස්සේ වැඩි කතාබහකට ලක්වන චරිතයක් වන චේතනා කැටගොඩ.   

​චේතනා සමාජ මාධ්‍යයට එකතු කරන වීඩියෝ ගොඩක් ෂෙයා වෙනවා. ඉතින් මුලින්ම ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරමුද?   

මගේ වීඩියෝවලට එක එක විදියෙ ප්‍රතිචාර තමයි තියෙන්නේ. මොකද මම විවිධාකාර විදියෙ දේවල් මගේ යූ ටියුබ් නාලිකාවට එකතු කරනවා. මගෙ හඬකැවීම්, රංගනයන්, ගීත ගායනා හැමදේම. නමුත් මම එකතු කරන වීඩියෝ අතරින් වැඩිම ප්‍රතිචාරයක් තියෙන්නෙ සහ වැඩි අවධානයක් යොමුවෙලා තියෙන්නෙ අපි කරන කොමඩි වැඩවලට. ඒවා තමයි වැඩිපුර ෂෙයා වෙලා තියෙන්නේ. ඒ තුළ අපි ගැහැනු චරිත, පිරිමි චරිත හැමදේම රඟ දක්වනවා. ඉතින් ඒ දේවල් ටිකක් විශේෂ නිසා ප්‍රතිචාර වැඩියි අනිත් වීඩියෝවලට වඩා. මෙහිදි අපි මිනිසුන්ගේ ඇත්ත ජීවිතේ සිද්ධවෙන දෙයක් මාතෘකාවක් කරගෙන ගොඩක් වීඩියෝ හදන්නේ. ඒවා ඇත්තටම ගොඩක් අය වැළඳ ගන්නවා. ඇත්ත ජීවිතේ සිද්ධ වෙන දේවල් කළාම ඒක මිනිස්සුන්ට වදිනවා වැඩියි. කොමඩියක් තුළින් වුණත් මිනිස්සුන්ගේ හිතටම ඒක දැනෙනවා නම් වැදෙනවා නම් ගොඩක් දෙනෙක් ඒ තුළ ජීවත් වෙනවා. අපේ වීඩියෝවල වැඩිපුර තියෙන්නෙ ඇත්ත ජීවිතේ දේවල් නිසා තමයි වැඩිපුර ෂෙයා වෙන්නේ.   

මේ ටික්ටොක් කරන්න පටන් ගත්තෙ කොයි කාලෙ වගේද?   

මම 2016 වසරේදී වගේ තමයි ටික්ටොක් කරන්න පටන් ගත්තෙ. නමුත් මගේම නාලිකාවක් හදාගෙන දැන් අවුරුද්දක් වගේ වෙන්නෙ. ඊට පෙර මම වෙනම කණ්ඩායමක හිටියා ‘මන්ඩි’ කියලා. අපි ඔක්කොම හත් දෙනෙක් ඒ තුළින් සම්බන්ධවෙලා හිටියා. ඉන්පසුව මම යූ ටියුබර්ස්ලාගේ විවිධ නිර්මාණ ඔස්සේ එකතුවෙලා හිටියා. වැඩිපුරම එකතුවෙලා හිටියෙ ලංකාවේ ගොඩක් දෙනා දන්න හඳුනන ටික් ටොක්වල ගොඩක් රැඳිලා ඉන්න ‘යූ ටියුබර්’ කෙනෙක් වන ලෝචිත් එක්ක තමයි. ඉතින් ඇයත් එක්ක එකතුවෙලා කරපු වීඩියෝවලට ඉහළ ප්‍රතිචාරයක් ලබාගන්න හැකිවුණා.   

මේ තුළ ඔබ දෙදෙනාගේම හාස්‍යෝත්පාදක රංගනයන් බොහොමයක් තියෙනවා කෙනෙක් හිනස්සනවා කියන එක ලොකු අභියෝගයක් නේද? 
 
ඔව්. ඇත්තටම මම රංගනය කියන දේ ලොකුවට හදාරපු කෙනෙක් නෙමෙයි. පාසලේදී වුණත් සම්බන්ධ වෙලා හිටියෙ නර්තනයට විතරයි. නමුත් හඬකැවීම්වලට ගායනයට, රංගනයට හැකියාවක් තිබුණා. රංගනය කියන දේ ඇත්තටම ස්වභාවිකව පිහිටන්න ඕනා දෙයක්. ඉතින් මේ කලා හැකියාවක් යම් දක්ෂතාවක් මට දෙවියො දීලා තියෙනවා. ඒ නිසා පුංචි කාලෙ ඉඳන් එක් එක් අංශවල නිරතවෙලා හිටියා. ඒ වගේම මේ අංශවල නිරතවෙනවා. ගෙදරිනුත් ලොකු තල්ලුවක් තිබුණා. ඒ නිසා පොඩි කාලේ ඉඳන් ඕනෑම දේකට ඉදිරියට යන්න බයක් ලැජ්ජාවක් තිබුනෙ නැහැ. ඉතින් මේ තුළත් සමහර වෙලාවට අපිම ගැහැණු පිරිමි චරිත ඔක්කොම රඟදක්වනවා. ඇත්තටම ලැජ්ජාව බය තියාගෙන ඒ දේවල් කරන්න බැහැ. අපිම විටෙක අම්මා, ආච්චි, සීයා, තාත්තා, අක්කා, නංගි මේ හැම චරිතයක්ම රඟදක්වනවා. ඉතින් ඒ දේවල් කරන්න දක්ෂතාවක් එක්ක ඉදිරියට යාමේ හැකියාවක් තියෙන්න ඕනෑ. ඒ හැමදේම අපේ දැන් හැදිලා තියෙන්නෙ. ඉතින් අපිට මේ වෙද්දී හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙනවා. අපේ කොමඩිවලට ඔවුන් ගොඩක් කැමතියි.   

​චේතනා මෑතකදීම එකතු කරලා තිබුණු ‘ඉවසනු බෑ’ වීඩියෝවටත් හොඳ ප්‍රතිචාරයක් තිබුණ නේද?   

ඔව්. ඒක ඇත්තටම නිකමට වගේ ෆෝන් එකෙන් වීඩියෝ කරලා දාපු වීඩියෝ ක්ලිප් එකක්. ඒකෙ තනිකරම පෙන්නන්නෙ ගෑනු ළමයෙක් ඔෆීස් ඇරලා දුවගෙන දුවගෙන යනවා. ඇය අඬන්න ඔන්න මෙන්න වගේ පෙම්වතා දාලා ගිහින් වගේ හැසිරීමක් මුලින්ම දකින්න තියෙන්නෙ. නමුත් ඒ කිසිදෙයකට නෙමෙයි ඔෆිස් ඇරලා ඇය දුවන්නෙ පුංචි අවශ්‍යතාවකයට. ඒ වොෂ් රූම් යන්නයි ඕන වෙන්නෙ. ඉතින් ඒවගේ සිදුවීම් අපිට නිතර දෙවේලේ කොහෙහරි ගියාම සිද්ධ වෙන ගෙදර දුවගෙන එන අවස්ථා ඇත්ත ජීවිතේ ඕනෑ තරම් තියෙනවා. ඉතින් ‘ඉවසනු බෑ’ කියන ඒ වීඩියෝව මුලින් කුතුහලයත් එක්ක ගොඩක් දෙනෙක් බලලා තිබුණා.   

මේ වීඩියෝවලට බනින අයත් ඕන තරම් නේද?   

අම්මෝ ඔව්. කමෙන්ට් 100ක් ගත්තොත් හොඳ ඒවා 80ක් අතර 20ක් වගේ බලු බැනුම් බනිනවා. මොනවද මේ ගෑනි දාලා තියෙන්නෙ කියලා බනිනවා. ඒ වගේම අපේ වීඩියෝවල පොඩි වරදක් තිබුණත් ඒක අල්ලගෙන කියවන අය ඕනැ තරම් ඉන්නවා. ඉතින් බනින අයගෙනුත් අපිට වාසියක් වෙන්නෙ. මොකද ඒ තුළින් අපේ කන්ටෙන්ට් රීච් වෙන එකනෙ වෙන්නෙ.  

මේ වීඩියෝ කරන්නෙ මුදල් ඉපයීමේ ​චේතනාවෙන්ද?  

මේ ක්ෂේත්‍රවල රැඳිලා ඉන්න කෙනෙක්ගෙන් මේ කතාව අහලා ඒ කෙනෙක් කිව්වොත් මේ තුළින් උපයන්නෙ නැහැ, මම එන්නෙ කලාවට ආසාවට විතරයි කියලා. මුලදි ඇත්ත වෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දි ඒ හැමදේම වෙනස් වෙනවා. මොකද දිගටම මෙහි රැඳිලා ඉන්නවා නම් ෆයිනෑන්ෂල් පරමාර්ථයක් තමයි තියෙන්නේ. නමුත් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ තුළ උපයන්න ගොඩක් ලේසියි කියලා. නමුත් හිතන තරම් ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. හිතනවාට වඩා ගොඩක් බැරෑරුම් දෙයක්. ගොඩක් මහන්සි වෙන්න ඕනෑ. මුලින් තමන් වියදම් කරන්න ඕනෑ හොඳ වීඩියෝ කරලා මිනිස්සු අතරට යන්න.   

ඒ​ දේවල් හරියට කර ගත්තොත් මිලියන ගණන් views එනවා. ඒ තුළින් හොඳට උපයන්න පුළුවන්. නැත්නම් සුළු ගාණක් ලැබෙන්නෙ.   

මේ ක්ෂේත්‍රය අද ගොඩක් පහළට දාලා නේද කතා කරන්නේ? ඒ පිළිබඳ ​චේතනාගේ මතය?   

ඒක ඇත්තටම මතයක්. සමහරු හිතාගෙන ඉන්නවා මේ දේ නරකයි කියලා. මේ දේ ඇත්තටම වැද්දා හිතුවා නම් අද වෙද්දිත් අපි ඉන්නෙ කැලේ. උදාහරණයක් විදිහට වැද්දෝ ගින්දර පළවෙනි වතාවට දකින්න ඇතිනේ. ලෝකෙ ආදිවාසින් එතකොට ගින්දර දැකලා අම්මටසිරි මොකක්ද මේ මගුල කියලා ඒ දේ පාවිච්චි නොකර හිටියා නම් අදත් අපි ගින්දර කියන දේ දන්නෙ නැහැ. මේ තුළ හොඳ සහ නරක දෙකම තියෙනවා. ඉතින් සමාජය ඉදිරියට යන්න නම් අලුත් දේවල් අත්හදා බලන්න ඕනෑ. ඒවට බනින්නෙ විවේචනය කරන්නෙ නැතිව පාවිච්චි කරලා බලන්න ඕනෑ. ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍යයත් ඒ වගේම තමයි. අද මේව තුළින් ප්‍ර​යෝජනවත් දේවල් කරන මිනිස්සු කොච්චර ඉන්නවද? මේ හැමදේම තුළ හොඳ නරක දෙකම තියෙනවා. වෛද්‍යවරු, සූපවේදීන්, ගුරුවරු, දේශපාලනඥයින්, නීතිඥයින් හැම අංශයකම පුද්ගලයින් මේ තුළ ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ තුළ ජෝගි බලන්න මිසක් හොඳ දෙයක් බලන්න පුරුදු වෙලා නැහැ. ඒ නිසා තමයි මේවාට බනින්නේ.   

සමාජ මාධ්‍ය ඔස්සේ රටම හිනස්සන චේතනාත් නීතිඥවරියක් නේද?   

ඔව්. මම වෘත්තිය වශයෙන් නීතිඥවරියක්. නමුත් මම ඒත් එක්කම කලා අංශයේ ක්ෂේත්‍ර රැසකම නිරතවෙලා ඉන්නවා. මුලින්ම ටික්ටොක් වගේ දේවල් පටන් ගත්තෙ විනෝදාංශයක් විදියට. නමුත් කොරෝනා තත්ත්වයක් එක්ක මේ දේවල්වලට සම්බන්ධ වීමක් සමග මේ අංශයන් මගේ ආදායම් මාර්ගයක් බවටත් පත්වුණා. 
 
මේ ක්ෂේත්‍රයන් ගැහැනු ළමයෙකුට සුදුසුද? චේතනාට අනවශ්‍ය යෝජනා එහෙම එනවද මේ තුළ?   

අනවශ්‍ය යෝජනා නම් ඇත්තටම නැහැ. මට ආවොත් එන්නෙ මගේම වීඩියෝවලට කමෙන්ට්වලින් බැනලා තමයි. නාකියි කියලා නම් බනිනවා. ඒ ඇර අයුතු යෝජනා නම් නැහැ. සමහර විට මම මිනිස්සු එක්ක රියැක්ට් කරන විදියත් එක්ක මට එහෙම යෝජනා එන්නෙ නැතිව ඇත්තෙ. මට ගොඩක් අය බයයි.    
 
 
 
සටහන : ධනු විජේරත්න
 
 

 

 



අදහස් (0)

බඳින් නැද්ද ඔයාලත් එහෙමද?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5936 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1712 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 381 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1777 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1609 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site