IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


නීති කඩන මුස්ලිම් යුවතියෝ

 

මුස්ලිම් කතක්; තරුණියක් පිළිබඳ කතා කරන විට අප බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ හිජාබයෙන් හිස වසාගත්, බුර්කාවෙන් ගත වසාගත් කාන්තා රූපයකි. සත්‍ය වශ‍යෙන් ම බුර්කාවෙන් ගත වසාගත් පමණින් තරුණියක; කාන්තාවක වශයෙන් ඇයට ලැබිය යුතු ආරක්ෂාව කෙසේ වුවත් ගෞරවය හිමි වන්නේ ද යන්න යළි යළිත් සිතා බැලිය යුතු කරුණකි. අනෙක් අතට ශ්‍රී ලංකාව ඇතුළු ව බහුතරයක් ආසියාතික රටවල දක්නට ලැබෙන සාම්ප්‍රදායික මුස්ලිම් කත බටහිර සමාජයෙත් ඒ ආකාරයට ම දක්නට ලැබීම ද අද වන විට විරල දසුනක් බවට පත් ව ඇත. අතීතයේ සිට ම මුස්ලිම් ජාතික කාන්තාවන් තමා වටා බැඳි සීමා පසුකර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියට ගමන් කර ඇති බව අතීතය දෙස යළිත් වරක් හැරී බැලීමේ දී පසක් වන කරුණකි. විශේෂයෙන් ම, කයිරෝ විශ්වවිද්‍යාලයෙන් පරමාණුක විකිරණ පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කරගත් ප්‍රථම කාන්තාව මෙන් ම ඊජිප්තුවේ ප්‍රථම න්‍යෂ්ටික විද්‍යාඥවරිය (1917-1952) වන සමීරා මෞසා, එංගලන්තයේ කාන්තා සහායක ගුවන් හමුදාවේ විශේෂ මෙහෙයුම් විධායකයේ ප්‍රථම ගුවන් විදුලි ක්‍රියාකරවන්නිය බවට පත් වූ නූර් ඉනායත් ඛාන් (1914-1944), ඉරාකයේ උපත ලබා, බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ගෘහ නිර්මාණ ශිල්ප ක්ෂේත්‍රයේ අද්විතීය වෙනසක් සිදු කළ සාහා හැඩිඩ් (1950-2016) වැනි ශක්තිමත් කාන්තා පෞරුෂ මුස්ලිම් සමාජය තුළින් නිර්මාණය වූ අපූරු නිර්මාණ ලෙස පෙන්වා දීමට හැකි ය.  


සමස්තයක් වශයෙන් ගත් කළ වර්තමාන ලෝකය තුළ කාන්තාවන්ට පෙරට වඩා නිදහසක්, ස්වාධීනත්වයක් හිමි ව ඇති බව පෙනෙන්නට තිබෙන්නාක් මෙන් මුස්ලිම් කාන්තාවන්හට ද ස්වාධීන ව කටයුතු කිරීමට අවස්ථාව උදා වී ඇති බව දක්නට ලැබේ. මේ නිසා බහුතර මුස්ලිම් ප්‍රජාවක් වෙසෙන ඇතැම් රටවල පවා කාන්තාවන්ට, කාන්තාවකගේ ගරුත්වය රැකෙන පරිදි තම අභිමතයන්ට අනුකූල ව කටයුතු කිරීමට අවශ්‍ය නිදහස හිමි ව ඇති බව දක්නට ලැබේ. විශේෂයෙන් ම, මුස්ලිම් ජාතික තරුණියන්ට උරුම ව තිබූ බාල වයස් විවාහ, අධ්‍යාපන සීමා, කුඩා වයසේ දී ම දරුවන් හදාවඩා ගැනීමට සිදු වීම, විලාසිතා සීමා වීම්, සෞන්දර්යාත්මක කටයුතු, කලා කටයුතු ආදියෙන් ඈත් ව සිටීමට සිදු වීම වැනි පීඩාකාරී බාධක වර්තමානය වන විට මුස්ලිම් සමාජයෙන් බොහෝ දුරට ගිලිහී ගොස් ඇති බව පැහැදිලි කරුණකි. බටහිර සමාජය සහ ඇතැම් මුස්ලිම් ජාතික රටවල් දෙස බැලීමේදී මේ සම්බන්ධ නිදසුන් ගණනාවක් සොයා ගැනීමට හැකියාවක් ඇත්තේ ය.   


බහුතර මුස්ලිම් ජනගහනයක් වෙසෙන මැද පෙරදිග රටක් වන තුර්කියේ ජීවත් වන එලිෆ් ෂර්ෆාර්ක් එලෙස මුස්ලිම් කාන්තාව වටා බැඳී ඇති වැට කඩුලු‍ බිඳ දමා ඉදිරියට පැමිණි අතිදක්ෂ ලේඛිකාවකි. ඇගේ නිර්මාණ සඳහා මැද පෙරදිග පමණක් නොව බටහිර පාඨකයන් ද දැඩි ලෙස ඇලු‍ම් කරන බව ඇය විසින් දේශීයව මෙන් ම විදේශීයව ද දිනා ඇති සම්මාන දෙස බැලීමේදී පසක් වේ. 


මුස්ලිම් කාන්තාවන්ට දැඩි වාරණ පැනවෙන ක්ෂේත්‍රයක් වන නිරූපණ ක්ෂේත්‍රය අතික්‍රමණය කිරීමට ද අද වන විට මුස්ලිම් තරුණිය සමත් ව තිබීම සතුටු විය හැකි කරුණකි. හිජාබිය පැලඳි ලොව පළමු නිරූපිකාව වන මරියා ඉද්‍රිස්සි ද මුස්ලිම් ජාතික තරුණියකි. ස්වීඩනයේ H & M නම් දැවැන්ත රෙදිපිළි සමාගමේ නිරූපිකාවක් ලෙස කටයුතු කරන මරියාහ් සෙසු මුස්ලිම් ජාතික තරුණියන්ට සාම්ප්‍රදායික බුර්කාවෙන් බැහැර ව නවීන විලාසිතා අනුගමනය කිරීමට අනුබල ලබාදෙන තවත් මුස්ලිම් තරුණියකි. විද්‍යුත් වාණිජ්‍ය විලාසිතා සන්නාමයක් වන Fashion Valet සන්නාමය 2010 වසරේ දී නිර්මාණය කළ සම නිර්මාතෘවරියක වන, මැලේසියාවේ විලාසිතා ක්ෂේත්‍රයේ රැජින වැනි විවි යූසුෆ් ද මුස්ලිම් ජාතික තරුණ ව්‍යවසායිකාවකි. 


සෞන්දර්යාත්මක කටයුතුවල නිරත වීමට මුස්ලිම් කාන්තාවන්ට ඇති සීමා මඟහැර අතිශය ජනාදරයට පත් ගායිකාවක් වීමට මැලේසියාවේ වෙසෙන යුනාට ද හැකි ව තිබේ. නීතිඥවරියක වීමට ඉගෙනගත් ඈ පසුව එම වෘත්තීය හැර දමා පූර්ණකාලීන ගායිකාවක වී ඇත්තේ ද තම අභිමතය පරිදි ය. ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය පිළිබඳ ව කුඩා කල සිට ම අභීත ව හඬ නැඟූ, මලාලා යූසුෆ් සායි ද පාකිස්ථානයේ වාසය කරන මුස්ලිම් තරුණියකි. සමස්ත කාන්තා ප්‍රජාව වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැපකරන මලාලා 2014 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය හිමිකරගන්නා ලද්දේ එය හිමිකරගත් ලාබාලතම පුද්ගලයා බවට ද පත්වෙමිනි. 


වර්තමාන ලෝකය දෙස බැලීමේ දී මේ ආකාරයේ නිදසුන් ගණනාවක් සොයාගැනීම අපහසු කටයුත්තක් නොවේ. විශේෂ‍යෙන් ම මුස්ලිම් ජනගහනය බහුල තුර්කිය, මැලේසියාව වැනි රටවල පවා අද වන විට මුස්ලිම් තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම, නිසි වයසට පෙර විවාහ කටයුතු සඳහා බල නොකිරීම, ගැළපෙන විවාහ සිදු කරගැනීමට නිදහස ලබාදීම ආදී වරප්‍රසාද ලබාදීමට තරම් නම්‍යශීලීත්වයක් දක්නට ලැබේ. ඒ කෙසේ වුවත්, මෙම තත්ත්වය මේ අයුරින් ම ශ්‍රී ලංකාව තුළ ද තිබේ ද යන්න නම් මඳක් සැක සහිත ය. වර්තමානය වන විට යම්තාක් නිදහසක් මුස්ලිම් තරුණිය වෙත හිමි ව තිබුණ ද එය ප්‍රමාණාත්මක නිදහසක් දැයි නැවත වරක් සිතා බැලිය යුතු ය. සත්‍ය වශයෙන් ම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සමාජය තුළ තරුණියට පෙරට වඩා උසස් අධ්‍යාපනය ලැබීමට වැඩි අවස්ථාවක් උදා වී තිබුණ ද, මිත්‍යා මත වටා බැඳී පවතින, කලා කටයුතුවල නිරත වීම, ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාම, දේශපාලනයට අවතීර්ණ වීම වැනි දෑ තවමත් ඇත්තේ වාරණ කිරීම් යටතේ ය. බහුතර මුස්ලිම් ජනකායක් සිටින රටවල පවා හිමි නිදහස ශ්‍රී ලාංකීය මුස්ලිම් තරුණියට; කාන්තාවට හිමි නොවන්නේ මන් ද? මේ සඳහා මූලිකව ම බලපාන හේතුවක් වන්නේ, වැඩිහිටි සමාජය විසින් දරනු ලබන ආකල්ප සහ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමයි. වඩාත් කල්පනාකාරී ව ශ්‍රී ලාංකීය සමාජය දෙස අවධානය යොමු කළහොත්, සාපේක්ෂ ව ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත, ලෝකය සමඟ යාවත්කාලීන වන දෙමවුපියන්, වැඩිහිටියෝ පෙර මෙන් තම අභිමතය අනුව මුස්ලිම් තරුණියගේ නිදහස අහුරා දැමීමට ප්‍රයත්න නොදරති නමුත්, මොහොතින් මොහොත යාවත්කාලීන වන ලොව තුළ යල්පැන ගිය මිත්‍යා විශ්වාස මත පමණක් රඳා පැවතෙමින් වෙනස් වීම් කෙරෙහි අනුගත නොවී අතීතයේ ජීවත් වන පුද්ගලයන්ගේ වැරදි ආකල්ප මෙන් ම අඩු අධ්‍යාපන මට්ටම් සහිත වැඩිහිටියන්ගේ පීඩාකාරී බලපෑම් ද ශ්‍රී ලාංකීය මුස්ලිම් කාන්තාවන්ගෙන් බහුතරය තවමත් රාමුවකට සිර වී සිටීමට හේතු කාරණා වී ඇත. මනුෂ්‍යයකු වශයෙන් නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය; තමා පිළිබඳ තීරණ ගැනීමට ඇති අයිතිය හෝ මෙම තරුණියන්ට හිමි නොවීම ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන රටක කොතෙක් දුරට සාධාරණීයකරණය කළ හැකි ද යන්න නැවත වරක් සිතා බැලිය යුතු නොවේ ද? 

 


ඉෂානි උපේක්ෂා ධර්මපාල

 

 

 



අදහස් (0)

නීති කඩන මුස්ලිම් යුවතියෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10952 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6218 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5949 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5294 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3252 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1724 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1998 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site