IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


​ඩොලර් 200 ක කොස් ගෙඩියක් ලන්ඩන් වෙළඳපොළේ

ලෝකෙන් ටිකක්

මෙම ඡායාරූපය බීබීසී වාර්තාකරුවෙකු වන රිකාඩෝ සෙන්රා විසින් ගන්නා ලද අතර, එය ඔහුගේ මව්රට වන බ්‍රසීලයේ Twitter ප්‍රජාව අතර සැණින් ප්‍රචලිත විය. ”‍ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම ආහාර වෙළඳපොළක් වන බරෝ මාකට්හි කොස් ගෙඩියක් පවුම් 160කට (රු. 44,000කට පමණ) විකිණීමට තබා ඇත,”‍ යන මැයෙන් පළකෙරුණු එය 100,000 වාරයකට වඩා ෂෙයා විය. 

 

කොස් ගෙඩියේ ඉහළ මිල සටහන දුටු ට්විටර් පරිශීලකයින් තිගැස්මට පත්වූ අතර, බොහෝ දෙනෙකු කොස් විකිණීමෙන් “කොස් කෝටිපතියන්”‍ බවට පත්වීම සඳහා බ්‍රිතාන්‍යයට පියාසර කළ යුතු බවට විහිළු කළහ.   
බ්‍රසීලයේ බොහෝ ප්‍රදේශවල දී නැවුම් කොස් ගෙඩියක් ඩොලර් 1.10ට සමාන මිලකට (රු. 230ක පමණ මිලකට) සොයාගත හැකි අතර අනෙකුත් බොහෝ නිවර්තන රටවල ද ඒ හා සමානව දැරිය හැකි මුදලකට මිලට ගත හැකි ය.   


බොහෝ තැන්වල බහුලව පිහිටා ඇති කොස් ගස්වලින් නොමිලේම ගෙඩියක් නෙළාගත හැකි නමුත්, ඵලදාවෙන් අතිබහුතරය බ්‍රසීලයේ වීදි අයිනේ වැටී, නරක් වී යනු දක්නට ලැබේ.   


එබැවින් ඇතැම් පාරිභෝගිකයින් ”‍විදේශීය”‍ ලෙස සලකනු ලබන කොස්වලට මෙතරම් ඉහළ මිලක් අයකෙරෙන්නේ ඇයි? එසේම, කොස්වලට ඇති ජාත්‍යන්තර ඉල්ලු‍ම මෑතක දී වර්ධනය වී ඇත්තේ කෙසේ ද?   
මෙහිදී වැදගත් මූලික රීතියක් සිහිපත්කර ගනිමු. එනම්, නිෂ්පාදනය විකුණන ස්ථානය එහි මිලට බලපාන බව ය. මෙය ඕනෑම නිෂ්පාදනයක් සඳහා අදාළ වන්නකි.   


“බ්‍රසීලයේ පවා කොස්වල මිල වෙනස් වෙනවා. නොමිලයේ ගසෙන් නෙළාගත හැකි තැන් තියෙනවා. තවත් තැන්වල දී ඒවා ගොඩක් මිල යි,”‍ සාඕ පෞලෝ ප්‍රාන්තයේ පිහිටි, පලතුරු විශේෂ 3000ක් වගා කරන ‘ඉස්ටන්සියා දස් ෆෘතස්‘ නමැති පලතුරු වත්තේ ප්‍රධාන විධායක නිලධාරිනී සබ්‍රිනා සාටෝරි බීබීසියට පවසා සිටියා ය.   


එසේම, එක්සත් රාජධානිය වැනි ශීතල රටවල වාණිජමය වශයෙන් කොස් වගා කළ නොහැකි ය.   
නමුත්, මෙහි අධික මිලට තවත් හේතු තිබේ. විශේෂයෙන්ම, කොස් ජාත්‍යන්තර වෙළඳාම තරමක් සංකීර්ණ සහ අවදානම්සහගත බව විශේෂඥයින් පවසන්නේ කොස් ගෙඩියේ ඇති ඉක්මණින් නරක්වන ස්වභාවය, ඒවා වසරේ එක් වාරයක දී පමණක් ඵලගැනීම සහ ඒවායේ විශාලත්වය ඇතුළු හේතු කිහිපයක් නිසා ය.   
“කොස් ගොඩක් බරයි, ඉක්මනින් ඉදෙනවා. ගොඩක් අය ආසා නැති අමුතු සුවඳක් තියෙනවා,”‍ සාටෝරි වැඩිදුරටත් පැවසීය.   


ආසියාවෙන් ආනයනය කෙරෙන මේ කොස් ගෙඩියක් කිලෝග්‍රෑම් 40ක් දක්වා බරින් යුක්ත වන අතර, ඉතා ඉක්මනින් ඉදීගොස් නරක්වන බැවින් සුපිරි වෙ​ෙළඳසැල්වල පවතින්නේ කෙටි කාලයකි.   
කොස් වැවෙන බොහෝ රටවල ස්වදේශිකයින් ඒවා ආහාරයට ගැනීමට අකමැත්තක් දක්වනු දකින්නට ලැබේ. එහෙත් සංවර්ධිත රටවල දී නිර්මාංශිකයින් විසින් එය මස් සඳහා විකල්පයක් ලෙස සලකන නිසාවෙන් ඉල්ලු‍ම ඉහළ යමින් පවතියි.   


පිසූ විට, එහි ස්වභාවය හරක් මස් හෝ ඌරු මස්වලට සමානයැයි සැලකෙන අතර, එය ටෝෆු, ක්වෝන්, සහ ග්ලූටන් රහිත සෛටාන් වැනි ජනප්‍රිය මස් ආදේශකයක් ලෙස ද සැලකේ.   
එක්සත් රාජධානිය තුළ පමණක් වෙසෙන නිර්මාංශිකයින්ගේ සංඛ්‍යාව මිලියන 3.5ක් ලෙස ගණන් බලා ඇත.   
කෙසේ වෙතත්, කොස් හොඳින් ඉදුණු විට (මෙම ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවේ) එය පැණි රසයක් ලබා ගනියි. එවිට ඒවා අතුරුපස සඳහා පමණක් භාවිතා කළ හැකි ය.   
එබැවින් පාරිභෝගිකයින් සඳහා වඩාත් දැරිය හැකි මිලැති විකල්පයක් වන්නේ ටින්කළ කොස් මිල දී ගැනීම යි.   


බ්‍රිතාන්‍ය සුපිරි වෙ​ෙළඳසැල්වලින් කොස් ටින් එකක් සාමාන්‍යයෙන් ඩොලර් 4කට පමණ ලබාගත හැකි නමුත් බොහෝ දෙනා පවසන්නේ එහි රසය වෙනස් බව යි.   


කොස් ඉතා විශාල පළතුරක් බැවින් ප්‍රවාහනය අපහසු වන අතර එහි අස්වැන්න වසරේ එක් කාලයකට සීමා වේ. අසමාන හැඩය, ප්‍රමාණය සහ බර නිසා ඇසුරුම් කිරීම ද අපහසු ය. එය අනෙකුත් පලතුරු මෙන් සම්මත ප්‍රමාණයේ පෙට්ටිවල දැමිය නොහැකි ය. එහි බාහිර පෙනුම දෙස බලා අභ්‍යන්තරය හොඳ තත්ත්වයේ තිබේදැයි දැනගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් ද නොමැත.   
ඊට අමතරව, එය වගා කර අපනයනය කරන ප්‍රධාන රටවල, උදාහරණ ලෙස දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල (කොස් යනු බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික පලතුර යි), බොහෝදුරට අලෙවි දාමයන් දුර්ලභ අතර, අස්වනු නෙළීමෙන් පසුව පළතුර හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා පිළිපැදිය යුතු ක්‍රමවේදයන් ද භාවිතාවට නොගැනේ. එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත නිෂ්පාදනයෙන් 70%ක් අහිමිවන බවට ගණන් බලා ඇත.   


නිදසුනක් වශයෙන්, ඉන්දියාවේ දී කොස් කෑම නොකළ යුතු ක්‍රියාවක් ලෙස සලකනු ලබන අතර, ග්‍රාමීය ප්‍රදේශවල දී ‘දුප්පතුන්ගේ කෑමක්‘ ලෙස අපකීර්තියට පවා පත් වේ.   
විශේෂඥයන් පවසන්නේ දැනුවත් භාවයක් නොමැතිකම ද අමතර හේතුවක් බව යි. කොස් වැඩි වැඩියෙන් ජනප්‍රිය වී ඇතත්, බොහෝ පාරිභෝගිකයින් කිසි විටෙකත් එය රස බලා නැති අතර ඔවුන් කොස් සකසන ආහාර වට්ටෝරු කිසිවක් ද නොදනියි.   


නෙදර්ලන්තයේ විදේශීය පලතුරු ආනයනකරුවෙකු වන ටොරෙස් ට්‍රොපිකල් ‘බීවී’ හිමිකරු ෆැබ්‍රිෂියෝ ටොරෙස් පවසන්නේ කොවිඩ්-19 වසංගතය සමග ගුවන් මඟින් භාණ්ඩ ආනයනය සඳහා වැයවෙන වියදම සැලකිය යුතු ලෙස ඉහළගොස් ඇති බව යි.   
“ආසියාව සහ දකුණු ඇ​ෙමරිකාව වගේ ප්‍රදේශවලින් එන බොහෝ පලතුරු යුරෝපයට එන්නේ මඟී ගුවන් යානාවලින්. ගුවන් සමාගම් දැන් ප්‍රවහනය සඳහා ඉහළ අගයෙන් යුත් නිෂ්පාදන සොයමින් ඉන්නේ. කොස් ඉක්මනින් නරක්වෙන නිසාත්, වෙළඳපොළ කුඩා නිසාත් විශාල වශයෙන් ආනයනය කිරීම පාඩු යි. ඉතින් අවසානයේ මිල ඉහළ යනවා,”‍ ඔහු පවසයි.  


අනාගතය සුබයි   


සියලු‍ බාධක මධ්‍යයේ වුව ද, මෑතකාලීන අධ්‍යයනයන් මඟින් කොස් සඳහා ජාත්‍යන්තර 
වෙ​ෙළඳපොළ වර්ධනයක් සිදුවන බවට ඇස්තමේන්තු ගතකර ඇත.   
උපදේශන ආයතනයක් වන Industry ARC හි ඇස්තමේන්තුවලට අනුව, 2026 වන තෙක් එය 3.3%ක වාර්ෂික අනුපාතයකින් වර්ධනය වී ඩොලර් මිලියන 359.1 දක්වා ළඟාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.   


2020 දී, ආසියා-පැසිෆික් කලාපය කොස්  වෙ​ෙළඳපොළේ විශාලතම කොටස වූ 37%කට හිමිකම් කීය. යුරෝපය 23%ක්, උතුරු ඇමරිකාව 20%ක්, ලෝකයේ අනිත් රටවල් 12%ක්, සහ දකුණු ඇ​ෙමරිකාව 8%ක් වශයෙන් සෙසු අවශ්‍යතාව සපිරෙයි. මින් පෙනී යන්නේ දකුණු ඇ​ෙමරිකානුවන්, විශේෂයෙන්ම බ්‍රසීලියානුවන්, කොස්වලින් වැඩක් ගන්නේ නැති බව යි.  

 

 

බීබීසී ලෝක සේවයෙනි   



අදහස් (0)

​ඩොලර් 200 ක කොස් ගෙඩියක් ලන්ඩන් වෙළඳපොළේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site