IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ටික්ටොක් ජාලයේ කොරියානු රුවැත්තියෝ

2022 වසරේ සක්‍රීයව කලා කටයුතුවල නිරත වන K-Pop කලාකාරිනියන්ගෙන් පමණක් නිර්මාණය කර ඇති මෙම ලැයිස්තුව තුළ අයි යූ (IU), සුන් මී (Sunmi) වැනි ජනප්‍රිය කොරියානු ගායිකාවන් ද, Weki-Meki කණ්ඩායමේ දෝ යොන් (Doyeon), මොමෝලන්ඩ් (Momoland) හි නැන්සි (Nancy) වැනි ප්‍රබල කාන්තා සංගීත කණ්ඩායම් සාමාජිකාවන් ද ඇතුළත් වී ඇත.   

තම සුන්දර රූපය හේතුවෙන් ප්‍රසිද්ධියට පත් තාරකාවන් අතර එස්පා (Asepa) හි කරීනා (Karina), ඉට්සි (Itzy) හියේජී (Yeji) අයිවීඊ (IVE) හි ජැන්ග් වොන්යැන්ග් (Jang Wonyoung) ට්වයිස් (Twice) හි සානා (Sana) සේ ම Balckpink හි සියලු සාමාජිකාවන් ද වේ.   


මෙවර සුන්දරම K-Pop තාරකාවන් අතරට ඇතුළත් වීමට තරුණ ගායිකා ජීසූට ද හැකි වී ඇත. 1995 වසරේ ජනවාරි මස 03 දින උපත ලද දකුණු කොරියානු ගායිකාවක සහ නිළියක වන කිම්-ජී-සූ (Kim-Ji-Soo) 2016 අගෝස්තු මාසයේ දී YG Entertainment ආයතනය යටතේ Blackpink ගායිකා කණ්ඩායමේ ගායිකාවක් බවට පත්වෙමින් තම කලා ගමන ආරම්භ කළා ය. 


ජීසූ (Jisoo) යන නමින් වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින කිම්-ජී-සූ 2021 වසරේ දී JTBC නාලිකාවේ විකාශය වූ Snowdrop ටෙලිනාට්‍යයට තම රංගන කෞෂල්‍යය ලබා දෙමින් නැඟී එන නිළියක් බවට පත්විය. ඇය 2018 වසරේ දී වඩාත් ජනප්‍රියතම K-Pop තරු අතරින් 10 වන ස්ථානයේ රැඳී සිටි අතර, 2019 වසරේ දී Gallup Korea විසින් මෙහෙයවන ලද වාර්ෂික සමීක්ෂණයේ ද 17 වන ස්ථානයේ පසු වූවා ය. 2021 වසරේ පෙබරවාරී මස වන විට ඉන්ස්ටර්ග්‍රෑම් හි තෙවෙනියට වැඩිම අනුගාමිකයන් පිරිසක් සිටින K-Pop තරුව බවට පත්ව ඇත්තේ ද ජීසූ ය. 


ඇගේ වේශ නිරූපණ ක්‍රම සහ කොණ්ඩා විලාසිතා දකුණු කොරියාව, චීනය, තායිලන්තය, වියට්නාමය වැනි රටවල් ගණනාවක සමාජ මාධ්‍යහි පළවූයේ Jisoo Makeup යන අනුපාඨයත් සමඟ ය. කොරියානු භාෂා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක සොන්ග්-සන්-ලිම් (Seong-sun-Lim) මහතා පවසන්නේ ගෝලීය ප්‍රජාව අතර වේගයෙන් පැතිර යන කොරියානු රැල්ල සාම්ප්‍රදායික බටහිර සංස්කෘතික ආධිපත්‍ය කෙමෙන් කෙමෙන් අඩපණ කරන බවයි. එලෙස ම, ලොව රූපලාවණ්‍ය ප්‍රමිතිය වශයෙන් පිළිගත් ඔලිවියා හුසේ (Olivia hussey) සහ ජේම්ස් ඩීන්ගේ (James Dean) ස්ථානය හිමිකර ගැනීමට ජීසූ සහ ජන්ග්කුක් (Jungkook) සමත්ව ඇති බව ද ඔහු පවසයි.   


1996 ජනවාරි මස 16 වන දින උපත ලද කිම් ජෙනී (Kim Jennie) ද මෙවර ලැයිස්තුව තුළ සිටින තවත් ජනප්‍රිය K-Pop තාරකාවකි. ජෙනී ද Blackpink හි කැපී පෙනෙන සාමාජිකාවකි. ගායිකාවක සේම රැප් ගායිකාවක ද වන ජෙනී 2018 වසරේ නොවැම්බර් මස වන විට තම ප්‍රථම ඒක පුද්ගල ගීතය වශයෙන් ''Solo'' ගීතය එළි දැක් වූ අතර, එය දේශීයව මෙන් ම ජාත්‍යන්තරව ද ශ්‍රාවකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. 2018 වසරේ අගෝස්තු මස 08 වන දින Blackpink කණ්ඩායමේ ''Square One'' ගීත ඇල්බමය නිකුත් කිරීමත් සමඟ ජෙනී තම කණ්ඩායම් සංගීත ගමන ආරම්භ කළා ය. 


ජෙනීගේ කණ්ඩායම් සගයකු වන ජීසූ පවසන්නේ මෙම සුන්දර තරුණිය වෙත Blackpink කණ්ඩායමේ සාමාන්‍ය රාජකාරී සේම, කණ්ඩායම පිළිබඳ තීරණ ගැනීමේ වගකීම ද පැවරී ඇති බවයි.   

 

 


පාර්ක් රොසේන් හෙවත් රොසේ ද මෙවර සුන්දර ම K-Pop තරු අතර ඉදිරියෙන් සිටින තාරකාවකි. 1997 පෙබරවාරී මස 11 වන දින නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි උපත ලද මෙම සුන්දර තරුණිය YG Entertainment ආයතනය සමග එක්වූයේ 2012 වසරේ දී ය. වසර හතරක පුහුණු කාල සීමාවකින් අනතුරුව ඇය 2016 වසරේ අගෝස්තු මස Blackpink සාමාජිකාවක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා ය. 2012 වසරේ දී Gaon Music Chart හි 10 වන ස්ථානයේ රැඳී තිබූ, G-Dragon විසින් එළි දැක් වූ ''Without You'' ගීතයට ද රොසේ තම ගායන දායකත්වය ලබා දී ඇත.   


I.O.I කණ්ඩායමේ ජියොන් සෝමි (Jeson Somi) ද මෙවර K-Pop තරු ලැයිස්තුවේ සිටින තාරකාවකි. 2001 වසරේ මාර්තු මස 9 වන දින උපත ලද ඇය කැනේඩියානු ජාතික ගායිකාවක් වුව ද දැනට කොරියාවේ පදිංචි ව සිටී. මෑතක දී විසුරුවා හරින ලද I.O.I සංගීත කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ සෝ-මී ගායිකාවක වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2019 වසරේ ජුනි මස 13 වන දින ඇය නිකුත් කළ ''Birthday'' ගීතය හරහා ය.


2017 වසරේ ජනවාරි මස 29 වන දින I.O.I කණ්ඩායම විසුරුවා හැරීමෙන් කෙටි කලකට පසු සෝ-මී නිත්‍ය සාමාජිකාවක වශයෙන් Sister's Slam Dunk හි දෙවන දිග හැරුම සමඟ එක් වූවා ය. එම වසරේම මාර්තු මස 9 වන දින ඇය එරික් නම් (Eric Nam) සමග ''You Who'' ගීය එළි දැක්වූවා ය. 2017 වසරේ මාර්තු මස 28 වන දින KBS නාලිකාවේ Drama Operation Team සමඟ ද එක් වූ සෝ-මී කොරියානු කලා ක්ෂේත්‍රය තුළ බැබළෙන දක්ෂ තාරකාවකි.  

 

 

ඉෂානි උපේක්ෂා 
ධර්මපාල

 

 



අදහස් (0)

ටික්ටොක් ජාලයේ කොරියානු රුවැත්තියෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site