IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


ජීවිතය දිනවන්න පළඳින මැණික්

 

 

විශ්ව ලෝකයේ (COSMOS) ඇති සෑම දෙයකටම කිසියම් ක්‍රියාකාරිත්වයක් සහ ප්‍රයෝජනයක්ද ඇත. මිනිසුන් වන අපගේ යුතුකම වන්නේ මේ රහස හෙළිදරව් කරමින් මනුෂ්‍ය ප්‍රජාවට කිසියම් සේවයක් කිරීමය. මෙවැනි වටිනා එක් ද්‍රව්‍යයක් වන්නේ මැණික් ගල්ය. මේවා පැළඳ ගැනීමෙන් මිනිසාගේ ග්‍රහ අපල දුරුකර මිනිසාට ශාන්තිය හුදුනොව බලය සහ ගෞරවයද උදාකරගත හැකි බව කියවේ.   

විශ්ව ලෝකය තුළ බොහෝ ග්‍රහයන් සහ තාරකා මණ්ඩල පිහිටා ඇති බව විද්‍යාත්මක සාධකයක් වේ. එවැනි එක් ග්‍රහයකු වන පෘථිවිය, සූර්යයාගේ ආකර්ෂණ ශක්තිය මතින් කක්ෂය මත රැඳී තිබේ. පූර්වෝක්ත වටිනා මැණික්, විශ්ව කිරණ (Cosmos rays) උරාගෙන ආගන්තුක ක්‍රියාකාරිත්වයන් නිෂ්පාදනය කරයි. මෙහිදී මෙම මැණික් ගල් විශ්ව කිරණ තුළින් විවිධ වර්ණයන් උරාගනු ලබයි. කෙනකු විවිධ වර්ණ ඇති මෙකී මැණික් ගල් පැළඳ ගත් කල්හි විවිධ වර්ණ ඇති මැණික් ගල් උරාගත් එකී විවිධ වර්ණ කිරණ ඒවා පැළඳගත් අයකුගේ ශරීරයටද ඇතුල් වෙයි.   
 
වෛද්‍ය ප්‍රතිකාරවල ලෙසටම පාරජම්බුල කිරණ සහ සූර්යයාගෙන් නිකුත්වන සෙසු කිරණවල වැදගත් ක්‍රියාදාමයක් ඇත. විවිධ වර්ණ ඇති මැණික් ගල් පළඳින අයකු කිසියම් කිරණ ප්‍රතිකාර ක්‍රමයකට බඳුන් වෙයි.   
 
මැණිකක් පළඳින අයකු නිතරම එම මැණික ශරීරයේ ස්පර්ශ වෙන ලෙසට පැළඳිය යුතුය. කිරණ ලෙසට එසේ ශරීරයට ඇතුල්වන ඕනම වර්ණයකින් ශරීරය තුළ කිසියම් ශාරීරික ප්‍රතික්‍රියාවක් (Physiological effect) ඇති කරනු ලබයි. මෙම වර්ණ කිරණ තුළින් කෙනකුගේ රුධිර පීඩනය, ස්වසනය සහ මොළයේ සියුම් පටලයන්ටද කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති කරයි.   
 
විවිධ වර්ණ සහ මිනිස් හැඟීම් අතර ගැඹුරු සම්බන්ධතාවයක් ඇත. අපගේ භෞතික ශරීරය තුළ විවිධ වර්ණයන් තිබෙන අතර ඒවායින් සමහර වර්ණයන් පැහැයෙන් අඩුවෙත්ම විශේෂිත අපහසුතාවයන් ඇතිවේ. මෙවැනි අවස්ථාවලදී වර්ණ ප්‍රතිකාරය උපයෝගී කර ගන්නේ විවිධ වර්ණයේ මැණික් පැළඳීමෙනි. අපගේ ශරීරය තුළ වර්ණ හතක් දම්, කළු, නිල්, කොළ, කහ, රතු මිශ්‍ර කහ සහ රතු ආදී වශයෙන් අැතැයි කියනු ලැබේ. කිසියම් වර්ණයකට අපගේ කැමැත්ත වැඩියෙන් ඇතිවෙන්නේ ඒ වර්ණය අපගේ ශරීරය තුළ ඌන වූ කල්හිය. විවිධ වර්ණයේ මැණික් පැළඳීමෙන් එකී ඌනතාවය මකන අතර එයින් අපගේ ශරීරයේ සමබරතාවය රැකේ.   
 
විවිධ මැණික්වල විශේෂතා සහ ඒවා පැළඳීමෙන් අපට ලැබෙන ප්‍රතිඵල මෙසේය.   
 
1. මුතු (Pearl)   
 
තරුණ කාන්තාවෝ මුතුවලට ලොල්වන අතර ඔවුහු ඒවා මාල, වළලු නැතිනම් අරුංගල් ලෙසට පළඳිති. තමාගේ හද ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට ආශාවන කාන්තාවන් විසින් මුතු පැළඳිය යුතුය. තරුණ්‍යන්ට මුතු පැළඳ ගැනීමෙන් සිතෙහි සතුට, සාමය ළඟාකර ගත හැකිය. කාන්තාන්ගේ විශේෂිත ආබාධයන් දුරුකර ගැනීමටද ඒවා උපකාරී වේ.   
 
2. මරකත මැණික් (Emerald)   
 
මරකත මැණික් සාමාන්‍යයෙන් කොළ පැහැයෙන් යුතුවන අතර එයින් සංකේතවත් වෙන්නේ ගහ කොළය. ඒවා බොහෝ විට පොහොසත් උදවිය විසින් පළඳිනු ලබන අතර ඔවුන්ට තම ධනවත් බව රැක ගැනීමට ඒවා උපකාරී වේ. පළඳින්නන්ගේ ආදරයේ අඩු වැඩි බව අනුව එහි වර්ණයද වෙනස්වන බැවින් ඒවා ආදරයේ මැණික් ලෙසට හඳුන්වනු ලැබේ. මේවා පැළැඳි අයෙකුට විරුද්ධ පාර්ශ්වය ආකර්ෂණය වේ. වස්තුව සහ සෞඛ්‍යයද ලැබේ.   
 
3. ඉඳුනිල් මැණික් (Sapphire)   
 
නිල් පාට ඉඳුනිල් මැණික් පැළඳ ගැනීම සියලු දෙනාටම ගැළපෙන්නේ නැත. මේවා පැළඳ ගැනීමට ප්‍රථම ඔබ මේ පිළිබඳව විශේෂඥයකුගෙන් උපදෙස් ලබාගත යුතුය. මේ වර්ගයේ මැණික් පැළඳ ගැනීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නම් මෙවැනි මැණිකක් ඔබගේ ගෙදරට ගේන්න. පළමුව එය කිරෙන් සෝදා, වේලා, ඔබගේ නිදන කොට්ටය යට දින තුනක් තබා ගන්න. එහිදී රාත්‍රියේදී ඔබට රසවත් සිහින පෙනුණේ නම් ඔබට ඒ මැණික් පැළඳීම යෝග්‍යය. ඔබ නපුරු හීන දුටුවේ නම් ඒ මැණික ආපසු දෙන්න. එසේ නැතිනම් ඔබ හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩකඩ ඇත. ඉඳුනිල් මැණික් පැළඳීමට යෝග්‍ය අයට ඒවා පැළඳීමෙන් සමාජයෙන් ගෞරවය සහ කීර්තිය ලබාගැනීමට හැකිවේ. මේ මැණික් විශේෂය පළඳින්නකුගේ දිළිඳු භාවය දුරස්ව ගොස් ඉක්මනින්ම පොහොසතකු වෙන්නේය. කෙනෙකුට ඒවා පැළඳීමෙන් සෞඛ්‍යය සහ වස්තුවද ලැබේ.   
 
ශිෂ්‍යයන් විසින් පැළඳිය යුතු වෙන්නේ කහ පැහැති ඉඳුනිල් මැණික්ය.   
 
4. වෛරෝඩි (Cat's Eye)   
 
ඇස්වහ වැදීමෙන් ජීවිතේ බොහෝ ගැටලු ඇතිවේ. නැතිනම් ඔබට සමීප අයකු ඔබට ඊර්ෂ්‍යා සහගතව ජීවත්වේ නම් ඒ හේතුවෙන් ඔබ වෙතට නරක තරංගයක් ඇතිවේ. මෙවැනි දෙයකින් සිදුවන නරක විපාකවලින් මිදීමට කෙනෙකු විසින් වෛරෝඩි මැණික් පැළඳීම උචිතය. සූදුවලින් දිනීමට උත්සුක වන්නන් ඔවුන්ගේ අතැඟිලි මුදුවලට වෛරෝඩි මැණික් ගල් ඇල්විය යුතුය.   
 
5 පබළු (Coral)   
 
පබළු මැණික් පැළඳීමෙන් ඇස්වහ කටවහ දුරුවේ. ඔබට තරුණ වයසේ දරුවකු සිටී නම් පබළු මැණිකක් පළඳවන්න. මෙයින් ඇයට හෝ ඔහුට මේ වයසට ඇතිවන තදබල කාමාශාවන් මැඩපැවැත්වෙන්නේය.   
 
6. සුදු නීල (Aquamarine)   
 
ආදර වන්තයින්ට මේවා පැළඳ ගැනීමට උපදෙස් දෙනු ලැබේ. මෙම මැණික් විශේෂය විවාහක දිවිය සතුටු කරවන අතර එය සමබරතාවයකින් පවත්වා ගැනීමට උපකාරවත් වේ. 
 
7. දියමන්ති (Diamond)   
 
විවාහ ජීවිතයේ තිරසාර භාවය ඇතිකර ගැනීමට එය ශක්තිමත් කිරීමට දියමන්ති මැණික් පැළඳීම යෝග්‍ය බව මැණික් පිළිබඳ විශේෂඥයෝ ප්‍රකාශ කරති.   
 
8. චන්ද්‍රකාන්ත (Moonstone)   
 
චන්ද්‍රකාන්ත මැණික් පැළඳීමෙන් ඔබගේ සිතට සාමකාමී බවක් දැනේ. මිතුරන් දිනා ගැනීමට මේවා පැළඳීමෙන් හැකිවේ.   
 
9. අඹතේස්ත (Amethyst)   
 
ඔබ නඩු හබවල පැටලී සිටින්නෙකු නම් ඔබට මේවා පැළඳීමෙන් ජයග්‍රහණ ලැබෙන්නේය.   
 
10. තෝරමල්ල (Tourmaline)   
 
මෙම මැණික් විශේෂය ශිෂ්‍යයිනට සහනය ගෙන දේ.   
 
11. අගස්ති (Agate)   
 
ගොවිතැන් කටයුතුවල නියලෙන්නන් හට මේ වර්ගයේ මැණික් පැළඳීමෙන් හොඳ අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිය. සතුරන්ගෙන් ජය ලබා ගැනීමටද මේවා පැළඳීම හේතු භූත වේ.   
 
12. නිල් මැණික් (Turquoise)   
 
මෙම මැණික් වර්ගය පැළැඳි අයෙකු හදිසි අනතුරුවලට පාත්‍රවන්නේ කලාතුරකිනි. ඉතින් ඔබ නිරන්තරයෙන් වාහනවලින් ගමන් යන්නෙකු නම් නිල් මැණිකක් පැළඳ ගැනීම උචිත කාරණාවකි.   
 
13. රබහ (Garnet)   
 
මෙවැනි මැණික් පැළැඳි අයෙකුට නිර්භීතකම ඇතිවන බැවින් හමුදා භටයෙකුට මේවා පැළඳීම යෝග්‍යය. 
 
උපන් මාසය අනුව පැළඳිය යුතු මැණික් වර්ග   
 
1. ජනවාරි - පද්මරාග, ගෝමේධ   
2. පෙබරවාරි - අඹතේස්ත   
3. මාර්තු - සුදු නීල   
4. අප්‍රේල් - දියමන්ති   
5. මැයි - මරකත මැණික්   
6. ජුනි - අගස්ති, මුතු   
7. ජුලි - පද්මරාග   
8. අගෝස්තු - පෙරිඩොට්   
9. සැප්තැම්බර් - ඉඳුනිල් මැණික්   
10. ඔක්තෝබර් - තෝරමල්ලි   
11. නොවැම්බර් - මොපෑෂ්   
12. දෙසැම්බර් - නිල් මැණික්   
 
ඒ ඒ රෝගවලට පැළඳිය යුතු මැණික් වර්ග   
 
1. රුධිර පීඩනය - මරකත මැණික්   
2. පිළිකා - මරකත මැණික්   
3. වකුගඩු ආබාධ - ඕනම කොළ පැහැ මැණිකක්   
4. ඔඩු සහිත වණ - මරකත මැණික්, පද්මරාග   
5. නාසයෙන් ලේ ගැලීම - පද්මරාග   
6. අර්ශස් - පබළු   
7. ඉරුවාරදය - මුතු   
8. උගුරේ ආබාධ - ඉඳුනිල් මැණික්   
9. දියවැඩියාව - දියමන්ති   
10. වාතසන්නිය - කහ ඉඳුනිල් මැණික්   
11. හිසරදය - මරකත මැණික්   
12. ලාදුරු රෝගය - පද්මරාග   
13. පාණ්ඩුව - කහ පාට ඉඳුනිල් මැණික්   
14. පෙණහළු ඉදිමුම - දියමන්ති   
15. මාසික අපහසුතාවන් - අඹතේස්ත   
16. වායුගෙඩි - කෝනිලයන්   
 
(The power of Number by P. Khurrana ලිපියක් ආශ්‍රයෙනි)
 
 
 
පරාක්‍රම ඇස්. විජේවර්ධන

 



අදහස් (0)

ජීවිතය දිනවන්න පළඳින මැණික්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site