IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කට කතා නම් හැමතැනම තියෙනවනේ

පියුමි ශ්‍රීනායක

  • රුවන්වැලි සෑයට කළුපාට ඇඳුමකින් ගියා කියලා පුදුම විදිහට බැණල තිබුණා. ලක්ෂ හය හතක්ම වීඩියෝව නරඹලත් තිබුණා.

 

මෙවර ඉරිද‌ා ලංකාදීපයේ ‘යූ ටියුබ්’ හා ලෝකය විශේෂාංගය වෙනුවෙන් එකතුකර ගන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක්ව සිටින චරිතයක්. ඇය නමින් පියුමි ශ්‍රීනායක. ඇගේ විශේෂත්වය කුමක්ද කියා දැනගන්න මේ ලිපිය කියවමු.  

 

පියුමි ශ්‍රීනායක කියන්නේ සමාජ මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වෙන කෙනෙක් නේද?  


කතාබහට ලක්වෙනවා කියන්නෙ මම එෆ්.බී. එකට එකතු කරන මගේ වීඩියෝ සමහර යූ ටියුබ් නාලිකාවලින් අරගෙන ඒ හරහා ප්‍රචාරය කරනවා. ඒ සමහර වීඩියෝවලට එක එක ගීත කෑලි එහෙමත් ද‌ාල තමයි වෙනස් කරලා හදන්නෙ. ඉතින් ඒ වීඩියෝ එකිනෙකට වෙනස් නිසා ගොඩක් දෙනෙක් බලනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් අතරෙ ෂෙයා වෙනවා. ඒ තුළින් තමයි ඉතින් කතාබහට ලක්වෙන්නෙ.  


මාසෙකට කොයිතරම් වීඩියෝ සංඛ්‍යාවක් එකතු කරනවද?  


ඇත්තටම එහෙම විශේෂයක් කියලා නැහැ. මගේම යූ ටියුබ් නාලිකාවක් තියෙනවා. ‘පියුමි ශ්‍රීනායක’ නමින්. ඒ වෙනුවෙන් මම අප්ලෝඩ් කරන්නේ මම රූගත කිරීම්වලට සම්බන්ධ වුණු දේවල්. ඒ වගේම බ්‍රයිඩ්ල් ෂූට්වලට සම්බන්ධ වුණු වීඩියෝ වගේම ජොලියට වගේ කරපු ඒවත් එකතු කරනවා. ඉතින් ඒ වීඩියෝවලට ලක්ෂ ගණනින් විව්ස් තියෙනවා. ඒවා නරඹන අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඒ වගේම තමයි.  


ලැබෙන ප්‍රතිචාර කොහොමද?  


ඕනෑම දේකදී හොඳ වගේම නරක ප්‍රතිචාර තියෙනවනේ. ඉතින් මගේ වීඩියෝවලටත් කැමැති අය වගේම අකමැති අයත් ඉන්නවා. සමහරු ඉතින් හැමදේකම වරදක්නෙ දකින්නෙ. විවේචනත් ඕනතරම් තියෙනවා. මම නම් ඒ දේවල් ගැන වැඩිපුර හිතන්නෙ නැහැ.  


අද කාලෙ නිරූපණ ක්ෂේත්‍රය ගත්තත්, සමාජ මාධ්‍ය ගත්තත් ටිකක් පහළට ද‌ාලා වගේ නේද කතා කරන්නේ? පියුමි මේ හැම ක්ෂේත්‍රයකම ඉන්න නිසා ඒ ගැන මොකද හිතන්නෙ?  


ඒක ඉතින් කලා ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකටම බලපාන දෙයක්. මොන දේ කළත් බණින මිනිස්සුනෙ ඉන්නෙ. වැරදිම දකින්න බලාගෙන ඉන්න මිනිස්සු පිරිසක් ඉන්නවා. අද වෛද්‍ය වෘත්තියට, ගුරු වෘත්තියටත් බණිනවනේ. ඒ නිසා මේ දේ එකම ක්ෂේත්‍රයක් මතම රඳාපවතින්නෙ නැහැ. හැමදේකම වරදක්ම හොයන්නෙ නැති විදියට මිනිස්සුන්ගේ ඔලු හදන්න ඕනැ. නමුත් ඒ දේ අපිට කරන්න බැහැ. ඒ හැමදේමත්, එක්ක මම හිතන්නෙ නැහැ මොනම රැකියාවක්වත් වැරදියි කියලා. තමන් බලන කෝණය තමයි වෙනස් කරන්න ඕනැ.  


පියුමිට ක්ෂේත්‍රයේ වචන කියන අය ඉන්නවද?  


තවම නම් එහෙම නැහැ. ඇත්තම කිව්වොත් මේ ක්ෂේත්‍රය තුළ පවතින්න බැරි ගැහැණු පිරිසක් ඉන්නවනෙ. නිරූපණ ක්ෂේත්‍රයේ හෝ රංගන ක්ෂේත්‍රයට පිටින් එන තමන්ගෙ නම, චරිතය කැත කරගන්නම එන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ වගේ එක චරිතයක් හිටියත් අනිත් අය ගැනත් බලන්නේ ඒ කෝණෙන්මයි. එක් චරිතයක් ඇති මේ ක්ෂේත්‍රයන් නරකයි කියලා පතුරුවන්න. ඒ නිසා අපි දැනගන්න ඕනැ මේ ක්ෂේත්‍රය මොකක්ද කියලා දැනගෙන හරිපාරෙ යන්න.  


මේ ක්ෂේත්‍රයන් තුළ පියුමිට මුහුණ දෙන්න වුණු ගැටලු තියෙනවද?  


එහෙම ගැටලුනම් නැහැ. තමන් නිවැරදිව ඉන්නව නම් තමන්ගෙ ඇඟට බලෙන් කිසිම දෙයක් එන්නෙ නැහැ. තමන් වැරදි නම් තමයි බාහිර බලපෑම් වුණත් එන්නෙ. කට කතා කියන දේ නම් ඕනෑම ක්ෂේත්‍රයක සිද්ධවෙන දෙයක්. ඒ දේවල් නම් අපිටත් සිද්ධවෙනවා. නමුත් මම ඒවා අහන්නෙත් නැහැ බලන්නෙත් නැහැ.  


පියුමි සමාජ මාධ්‍යයට එකතු කරපු වීඩියෝවලින් වැඩිම ප්‍රතිචාර ලැබුණෙ?  


මම බ්‍රයිඩ්ල් ෂූට් කරලා ඒ එකතු කරන වීඩියෝ තියෙනවා. එහිදී ඉන්දියානු ක්‍රමයට මනාලියකට හැඩවුණා. ඒ වීඩියෝව බොහෝ දෙනෙක් අතර ෂෙයා වෙලා තිබුණා සහ ඉහළම ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම මෑතකදී මම වීඩියෝවක් මුද‌ාහැරියා මගේ යූ ටියුබ් නාලිකාවට. ඒ රුවන්වැලි සෑයට ගිහින්. ඇත්තටම ඒ වීඩියෝවට නම් පුදුමාකාර විදියට විවේචනයක් තමයි කරලා තිබුණෙ. මොකද මම ඒ ස්ථානයට ගිහින් තිබුණෙ කළු පැහැති ඇඳුමකින් සැරසිලා. එහෙම යන්න වුණේ ඒ දිනවල මම අනුරාධපුරයේ රූගත කිරීමකට සම්බන්ධ වෙලා හිටියෙ. ඉතින් ඒ අතරතුර රුවන්වැලි සෑයට යන්න අවස්ථාවක්, වෙලාවක් තියෙයි කියලා මම ඇත්තටම හිතුවෙ නැහැ. මොකද දවස් 10 න් චිත්‍රපටය රූගත කිරීම් අවසන් කරන්නත් අවශ්‍ය වෙලා තිබුණෙ. ඒ නිසාම මම සුදු ඇඳුමක් ඒ තැනට අරගෙන ගිහින් තිබුණෙත් නැහැ. ඉතින් මට රුවන්වැලිසෑයට යන්න ඕනැ වුණා. ඒ ගමනට මම එද‌ා ඇඳගෙන ගියේ දිග කළු සායකුයි කළු ටීෂර්ට් එකයි. හොඳටම සංවරව ඇඳගෙන ගියේ. එහි වීඩියෝවක් කරලා මම ඉතින් මගේ යූ ටියුබ් නාලිකාවට මුද‌ාහැරියා. අම්මෝ ඒකට මිනිස්සු ගොඩක් දොස් කියලා තිබුණා. බැණලා ප්‍රතිචාර දක්වලා තිබුණෙ. වීඩියෝව මුද‌ාහැරලා එක දවසින්ම ලක්ෂ හය හතක් වගේ නරඹලා තිබුණා. ඒ වගේම මේ වෙද්දි මිලියනයකට වඩා ඒ වීඩියෝව නරඹලාත් තියෙනවා. නමුත් විවේචනය තමයි කරලා තිබුණෙ. ඉතින් මට ඇත්තටම මිනිස්සුන්ට කියන්න තියෙන්නේ පන්සලකට යන්න කළුද? රතු ද? සුදුද ? හොයන්න ඕනැ නැහැ. ඒ දේ වැදගත් නැහැ. සංවරව හිතේ ශ්‍රද්ධාවෙන් යන්න ඕනැ. ඒ දේ තේරුම් ගන්න බැරි මිනිස්සු හැමදේම දකින්නෙ වැරදිම තමයි.  


ඒ විවේචනාත්මක ප්‍රතිචාරවලට පිළිතුර දෙන අවස්ථා තියෙනවද?  


අපෝ නැහැ. මම ඒවට උත්තර දෙන්න යන්නෙ නැහැ. පැත්තකටවෙලා බලා ඉන්නවා. තැනට සුදුසු විදියට අඳින්න පළඳින්න මම හොඳට දන්නවා. ඒ නිසා මට එල්ල වෙන විවේචන ප්‍රශ්නයක් නැහැ. මම ඒවා හිතට ගන්නෙ නැහැ.  


විලාසිතා ගැන කතා කළ නිසාම කියමුද ඇඳුම් පැළඳුම්, ආලේපන ඒ හැමදේම ගැන දක්වන ඇල්ම? 


විලාසිතා කියන දේ ඇත්තටම කලාවක්නෙ. ඉතින් ඕනෑම රටක ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ දේවල් කරනවා. මමත් අදටත් මම කැමැති විලාසිතා කරනවා. ඒ වගේම ආලේපන වර්ගත් එහෙමයි. මගේ සමට, පැහැයට ගැළපෙන හොඳ ප්‍රතිඵලයන් දෙන දේවල් කරන්න තමයි බලන්නෙ. මිල අධික ආලේපන එහෙම භාවිතා කරනවා කියලාත් නැහැ. මට ගැළපෙන නිෂ්පාදන භාවිතා කරනවා. අවශ්‍ය නම් සැලෝන් ගිහින් ඒ දේවල් කරගන්න අවස්ථා තියෙනවා. සමහර වෙලාවට ස්වභාවික ද්‍රව්‍ය ගෙදරදීම පාවිච්චි කරනවා. ඇඳුම් වලට වුණත් ලොකු ගණං වියදම් කරන්නෙ නැහැ. පොඩි ගණන්වලට වුණත් ලස්සන ඇඳුම් තියෙනවා. ඉතින් මගේ ඇගේ හැඩයට ගැළපෙන විදියට තමයි ඒවා තෝරාගන්නෙ. කොටට අඳිනවා දිගට අඳිනවා කියලා නැහැ. ඕනෑම විලාසිතාවක් තැනට සුදුසු විදියට මම අඳිනවා සහ තැනට සුදුසු විදියට ඒ විලාසිතාව තෝරාගන්නවා.  


පියුමිගෙ පුංචි කාලෙ විස්තර ටිකකුත් කියමු?  


මම ඉපදුණේ හසලක. ඒ ලස්සන ගමක. පුංචි කාලෙ ඒ ගමේ හැදුණත් දෙක වසරෙදි කඳානෙ ජීවත් වෙන මගේ ලොකුඅම්මා ළඟට ආවා. එතැනින් පසුව කොළඹ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයට තමයි පාසල් ගියේ. ඉතින් ඒ කාලෙ නිවාඩු කාලෙට විතරයි ගමට යන්න, එන්න අවස්ථාව ලැබුණෙ. නමුත් දැන්නම් නිතරම යනවා ඒ සුන්දරත්වය විඳින්න.

 

 

ධනු විජේරත්න

 



අදහස් (0)

කට කතා නම් හැමතැනම තියෙනවනේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site