IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


අවුරුදු එකොළොස්ද‌ාහක් පැරැණි ගමක් මතුවෙයි

නව ලොව හා විදු ලොව

මතුකරගත් නටබුන්

 

තු ර්කියේ ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර සිරියා දේශසීමාව ආසන්නයේ සැන්ලිඋරුෆා ප්‍රාන්තයේ ගිනිකොණ දෙසින් වූ හුණුගල් කඳු බෑවුමක පිහිටි සානුවක පිහිටි ‘කර්හන් ටෙපේ’ පුරාවිද්‍යාත්මක නටබුන් අතරින් වසර 11,400ක් පැරැණි ගමක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත්වී තිබේ.   


ලෝකයේ පැරැණිතම දෙවොලවන ‘ගොබෙක්ලි ටෙපේ’ දෙවොලේ සිට කිලෝ මීටර් 35ක් නැගෙනහිරට වන්නට ‘කරහන් ටෙපේ’ පුරා විද්‍යාත්මක භූමිය පිහිටා ඇත. මෙම භූමිය සොයාගෙන ඇත්තේ 1997 වුවද 2019 වනතුරු කැණීම් සිදුකර තිබුණේ නැත. ඒ අතර කාලයේදී පුරා විද්‍යාඥයින් කර ඇත්තේ පුරා විද්‍යාත්මක මැනුම් කටයුතු කීපයක් සිදු කිරීම පමණය. කැණීම්වලින් (ටී) T හැඩයේ ශිලා ස්ථම්භ හා ඉහළට යනවිට ක්‍රමයෙන් සිහින් වූ චතුරශ්‍රාකාර ගල් කුළුණු 250ක් පමණ හමුවී ඇත. පුරා විද්‍යාඥයින් පවසන්නේ ‘ගොබෙක්ලි ටෙපේ’ හා ‘කරහන් ටෙපේ’ අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති බවය. වර්තමානයේ පුරා විද්‍යාඥයින් මෙම පුදබිම් දෙක අතර ඇති සම්බන්ධතාව සොයා ගැනීමට කටයුතු කරමින් සිටී. ප්‍රාදේශීය ජනතාව ‘කරහන් ටෙපේ’ හඳුන්වා ඇත්තේ 'Kesili Tepe' යනුවෙනි. මෙම භූමියේ ඇති ගොඩනැගිලි වළං භාවිතයට පෙර නවශිලා යුගයේ පෙර හා පසු යුගයන්ට අයත්වන බව පුරා විද්‍යාඥයෝ සඳහන් කරති. කැටයම් කරන ලද සර්පයකුගේ සිරුරක් හා යටි රැවුලකින් යුත් මිනිස් හිසක් හා ඍජු ශිෂ්ණ ආකාරයේ සිත්ගන්නාසුළු ගල් කණු 11ක් මෙහිදී මතුකරගෙන ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණය කොටස් තුනක් ඇතිවනසේ සම්බන්ධකර තිබේ. ආගමික සංකේතවලින් පිරුණු විශාල වෘත්තාකාර කුටියක් භාවිතාකර ඇත්තේ ආගමික කටයුතු සඳහාය. අතීතයේ මෙම ප්‍රදේශයේ වාසය කළ ජනතාව ගොඩනැගිලි සංකීර්ණය හරහා ආගමික චාරිත්‍රානුකූල පෙරහැරක් පවත්වා ඇති බව මෙහි කැණීම් භාරව කටයුතු කරන ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය ‘නෙක්මි කාරුල්’ පවසයි. හමුවී ඇති පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව මෙහි පැමිණි ජනතාව ගොඩනැගිල්ලේ එක් පැත්තකින් ඇතුළු වී මානව හිස සහිත ප්‍රතිමාව හා ඍජු ශිෂ්ණාකාර කුළුණු ඉදිරියේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර අනිත් පසින් පිටව ගොස් ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. 

 

 


කරහන් ටෙපේ දෙවොල අත්හැර දැමීමට පෙර කරන ලද චාරිත්‍රානුකූල පුද පූජාවල කසළවලින් ගොඩනැගිලි පිරීගොස් තිබී ඇත. ​ගොබෙක්ලි ටෙපේ පුද බිමේ කරන ලද කැණීම්වලින් නිවාසවලට අයත් ගොඩනැගිලි හමුවී නැත. පර්​ෙ‌ය්ෂණවලින් හෙළිවී ඇත්තේ ‘ගොබෙක්ලි ටෙපේ’ දෙවොල ඉදිකිරීමට පෙර ‘කරහන් ටෙපේ’ ඉදිකර ඇති බවය. ‘කරහන් ටෙපේ’ සිත් ඇදගන්නා ස්මාරක නිසා වැදගත් වනවා පමණක් නොව කැණීම්වලින් සොයාගත් කරුණු අනුව ආදි මානව ශිෂ්ටාචාරයේ ආරම්භය සිදුවූයේ කෙලෙසද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකිවන බව මෙම පර්​ෙ‌ය්ෂකයන්ගේ අදහසයි. කෘෂිකර්මාන්තයේ ආරම්භය හා නූතන ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව වූ මතයන් මෙම සොයා ගැනීම් තුළින් ප්‍රතික්ෂේප වන බව පර්​ෙ‌ය්ෂකයෝ සඳහන් කරති.   


කරහන් ටෙපේ භූමියේ කළ කැණීම්වලින් සොයාගත් තොරතුරු අනුව වසර 11,400ක් පැරැණි ග්‍රාමයක් හඳුනාගෙන ඇත. ස්ථිර වාසස්ථාන, භාවිතා කළ මෙවලම් හා ඔවුන් කළ නිර්මාණ යනාදියෙන් මෙම ග්‍රාමය පරිපූර්ණ වී තිබූ බව පර්​ෙ‌ය්ෂකයෝ සඳහන් කරති. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආදිවාසී ජනතාව පළමුව එක් රැස්වී ඇත්තේ ආගමික කටයුතු වෙනුවෙන් බවය. ඉන්පසු ජනාවාස ඇතිවී ඇති අතර පසුව කෘෂිකර්මාන්තය සඳහා යොමුවී ඇති බව තව දුරටත් සඳහන් කර තිබේ. කෘෂිකර්මාන්තය ආරම්භවීමට වසර 1500 කට පෙර ආගමික කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකළ බව ​​​​ඓතිහාසික සාක්ෂි අනුව පැහැදිලි වන බව පර්​ෙ‌ය්ෂකයින් පෙන්වාදී තිබේ.   

 


‘කරහන් ටෙපේ’ ගොඩනැගිලිවල ඇති කැටයම් හා නිර්මාණ සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් ඒවා ඉදි කිරීමට පෙර ඉතා හොඳින් සැළසුම්කර ඇති බව පෙනේ. ඍජු ශිෂ්ණාකාර කුළුණු හා මිනිස් හිසක් ඇති නිර්මාණවලින් ආදි මානවයන්ගේ ජීවිත හා ආගම කෙරෙහි ඔවුන් තුළ තිබූ ගෞරවය හා භක්තිය මනාව පිළිබිඹු වන බව මෙම පර්​ෙ‌ය්ෂකයන්ගේ අදහසයි.   
තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

පී. ඩබ්ලිව්. ගුණතිලක  

 



අදහස් (0)

අවුරුදු එකොළොස්ද‌ාහක් පැරැණි ගමක් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10932 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5939 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5271 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3247 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1714 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 407 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1815 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1632 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site