IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


අලුත් සල්ලිකාරයන් බිහිකළ යූටියුබ් වීඩියෝ

 

  • ගෙදර ඉවුම් පිහුම් කරන අයත්  යූටියුබයෙන්  විශාල ලෙස  ආදායම්  උපයනවා

මේ වන විට ලෝකයේ යූටියුබ් ආදායම් ලබන්නන්ගෙන් ව්‍යාපාරික ඒකාධිකාරියක් ගොඩනැගෙමින් තිබේ. වෘත්තීය බොක්සිං ක්‍රීඩකයකුගේ සිට වයස අවුරුදු 7ක් වූ දරුවකු දක්වා ලෝකයේ ඉහළම ආදායම් ලබන යූටියුබ්කරුවන් පිරිසක් සමාජ මාධ්‍ය අවකාශ තුළින් මේ වන විට බිහි වී සිටියි. 


පසුගිය වසරක කාලයේ දී ඔවුන් උපයාගත් ආදායම් අනුව ඉහළම ආදායම් ලැබූ යූටියුබ්කරුවන් ලැයිස්තුගත කර ඇත. ඔවුන් අතර ත්‍රාසජනක ක්‍රියාවන්හි යෙදෙමින් තමන්ගේත්, අන් අයගේත් ජීවිත පවා අවදානමේ යොදවන පුද්ගලයන්, ඇදහිය නොහැකි අත්හදා බැලීම් සිදුකරන පුද්ගලයන්, කලාවට සම්බන්ධ යූටියුබ් නාලිකා පවත්වාගෙන යන පුද්ගලයන් ආදී වශයෙන් විවිධ පුද්ගලයෝ සිටිති. ගෙදර ඉවුම් පිහුම් කරන අය ද යූටියුබ් නාලිකාවලින් විශාල ආදායමක් උපයති. 


මෙලෙස ඔවුන් ආදායම් ලැබීමට ඔවුන්ගේ නාලිකාවට කැමැත්ත ප්‍රකාශ කර ඇති ග්‍රාහකයන් සංඛ්‍යාව, වීඩියෝ නරඹා ඇති පැය ගණන, ඒවාට ලැබෙන කැමැත්ත ප්‍රකාශ කරන ප්‍රතිචාර මෙන්ම ඉදිරිපත් කර ඇති අදහස් යන සියල්ල වැදගත් වෙයි.

 

සජීව විජේවීර

 

කොබී සහ කොරී කොට්න්, ගැරට් හිල්බට්, කෝඩි ජොන්ස් සහ ටේලර් ටෝනි 

නිවුන් සහෝදරයන් විසින් ආරම්භ කර ඇති මේ ප්‍රහසන කණ්ඩායම DudePerfect නමින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවේ ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 57කි. මිත්‍යා සිදුවීම්වල සිට ගුවන් යානයක පියාපත් මත ඇවිද යාම දක්වා වූ වැඩසටහන් නිපදවා ප්‍රචාරය කරන ඔවුන්, නරඹන්නන්ගේ විනෝදය සහ රසාස්වාදය උද්දීපනය කරන බොහෝ දෑ ඉදිරිපත් කරයි. ඔවුන් මේ සඳහා රට රටවල සංචාරය කරමින් වැඩසහන් නිෂ්පාදනය කිරීම ද විශේෂත්වයකි. පසුගිය වර්ෂයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් හෙවත් රුපියල් මිලියන 4,080ක් උපයාගෙන ඇත.

 

රෙට් ඇන්ඩ් ලින්ක්

විවිධ ආකාරය ගත් අමුතු අමුතු ආහාරවල රස පරීක්ෂා කරන යූටියුබ් යුගලයක් වන රෙට් සහ ලින්ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක හෙවත් රුපියල් මිලියන 6,120ක වාර්ෂික ආදායමක් ලබමින් ලොව ඉහළම යූටියුබ් ආදායම් ලැබූවන් අතර 4 වැනි ස්ථානයට පත්ව සිටියි. 


ඔවුන් පළමුවෙන්ම තම නාලිකාව ආරම්භ කළේ Good Mythical Morning නමින් වූ දිනපතා විකාශය කරන කතාමාලවක් සමගිනි. එය පසුව ආහාර වර්ග හඳුන්වාදීම් දක්වා ක්‍රමයෙන් වෙනස් කළ අතර, එහි සියලු‍ මාතෘකා ‍පිළිබඳ සාකච්ඡා කිරීම ද විශේෂත්වයකි. ක්‍රමයෙන් මේ සාකච්ඡාවට විශේෂ අමුත්තන් පවා සම්බන්ධ කරගනිමින් විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර මිලියන 10කට අධික ග්‍රාහකයන් සංඛ්‍යාවක් සිය නාලිකාව සමග සම්බන්ධ කරගැනීමට ද ඔවුහු සමත්ව සිටිති. යූටියුබ් දැන්වීම්වලින් උපයන මුදලට අමතරව පැය දෙකක සජීවී වැඩසටහනක් පවත්වන ඔවුන් එක් අවස්ථාවක් සඳහා ප්‍රවේශ පත්‍ර 70,000ක් අලෙවි කරයි. එක් ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3,174ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 50කට මිල කර ඇත. 

 

රයන් කාජි

වයස අවුරුදු 4 දී තම සෙල්ලම් බඩු පිළිබඳ විස්තර ඉදිරිපත් කරමින් යූටියුබ් නාලිකාවක් ආරම්භ කළ රයන් දැන් තරුණ යූටියුබ්කරුවෙකි. ඔහු මිලියන 31ක් වන තම ග්‍රාහකයන් සමග විනෝදාත්මක කරුණු, විද්‍යාත්මක අත්හදාබැලීම් සහ විනෝදාත්මක අභියෝග බෙදා හදා ගනිමින් යූටියුබ් නාලිකාව පවත්වාගෙන යයි. ඔහු පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක් හෙවත් රුපියල් මිලියන 5,508ක් උපයාගෙන ඇත.

 

ජිමී ඩොනල්ඩ්සන් (ඇඩම්ස්)

පසුගිය වසරේ දී යූටියුබ් මගින් වැඩිම මුදලක් උපයාගෙන ඇත්තේ ජිමී ඇඩම්ස් විසිනි. ඉතාමත් සංවිධානාත්මකව විවිධ ක්‍රීඩා ඉසව් සිදු කරමින් ඒවා තම නාලිකාවේ ප්‍රචාරය කිරීම දක්වා පුළුල් පරාසයකින් ක්‍රීඩා ඉසව් සිදු කරන ජිමී ඩොනල්ඩ්සන් MrBeast ලෙසින් සිය යූටියුබ් නාලිකාව පවත්වාගෙන යයි. 


ඔහුගේ යූටියුබ් නාලිකාවේ සිටින ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 88.3කි. තම නාලිකාව ප්‍රචාරය කරගැනීම සඳහා ඔහු සර්පයන් සිටින තටාකයක වාඩි වී සිටීමට කැමැති අයගේ තරග පවා සංවිධානය කර තිබිණි. 


ඔහු පසුගිය වසරක කාලයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් හෙවත් රුපියල් මිලියන 10,200ක් උපයාගෙන තිබිණි. ඔහු මේ ලැයිස්තුවේ පළමු වැන්නා වීමට පෙර පසුගිය වසරේ එහි පළමු වැන්නා වී සිටියේ සෙල්ලම් බඩු ගැන විස්තර ඉදිරිපත් කරන 10 හැවිරිදි රයන් කන්ජි නමැති දරුවෙකි.

 

 

ඇනස්ටාසියා යුරයේව්නා රැඩ්සිනස්ඛ්‍යා

ඇනස්ටාසියා වයස අවුරුදු 7ක් වූ දැරියකි. ඇය සතුව ඇත්තේ ලෝකයේ විශාලතම ළමා යූටියුබ් නාලිකාවයි. මේ හත් හැවිරිදි දැරිය පාසලේ ගතකරන ආකාරය, අවට සැරිසරන ආකාරය, නිවසේ කාලය ගතකරන අයුරු, ක්‍රීඩාවන්හි සහ විනෝදාත්මක කටයුතුවල යෙදෙන ආකාරය යන සියලු‍ දේ සිය නාලිකාවේ විකාශය කරයි.


මේ නාලිකාවට ඇයට හිමිව සිටින ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 85කි. ක්‍රීඩා භාණ්ඩ සඳහා ප්‍රචාරාත්මක දැන්වීම් ඇතුළු විවිධ සන්නාමවලින් ලබාදෙන දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පසුගිය වසරේ දී ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක් හෙවත් රුපියල් මිලියන 5,712ක් උපයා ගත්තාය.

 

ලෝගන් පෝල් 

වැඩිම ආදායම් ලබන යූටියුබ්කරුවන් අතර දෙවැනි තැනට පත්ව සිටින බොක්සිං ක්‍රීඩක ජේක් පෝල්ගේ වැඩිමහල් සෙහෝදරයාය. 2017 මතබේදාත්මක වීඩියෝවක් එක්කිරීමෙන් පසු නැවත පසුගිය වසරේ දී යූටියුබ් වෙත පැමිණි ලෝගන් පෝල් තම සහෝදරයා ලෙසම ආදායම ලබාගැනීම සඳහා බොක්සිං ක්‍රීඩාවට නැඹුරු වූයේය.


ලෝක ශූර ෆ්ලොයිඩ් මේවෙදර්ට එරෙහිව ඔහුගේ ප්‍රදර්ශන තරගයට නිල අනුග්‍රාහකයකු නොසිටිය ද එය නොතකා විශාල අවධානයක් දිනා ගැනීමට ඔහුගේ වීඩියෝව සමත්ව තිබිණි. මිලියන 23කට වැඩි ග්‍රාහකයන් සංඛ්‍යාවක් සමග බොක්සිං ක්‍රීඩාවට අමතරව, සංගීත වැඩසටහන් ද පවත්වන ඔහු පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 18ක් හෙවත් රුපියල් මිලියන 3,672ක් උපයා තිබේ.

 

ප්‍රෙස්ටන් ආසෙමෙන්ට්

ප්‍රෙස්ටන් ආසෙමෙන්ට් PrestonPlayz නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යයි. ඔහුගේ ග්‍රාහකයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 12 ඉක්මවා ඇත. ඔහු මෙම නාලිකාව පවත්වාගෙන යන්නේ වීඩියෝ ක්‍රීඩා ‍ඉලක්ක කරගනිමිනි. පසුගිය වසරේ දී පමණක් ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක් හෙවත් රුපියල් මිලියන 3,264ක් උපයාගෙන තිබේ.

 

මාර්ක් එඩ්වඩ් ෆිෂ්බැච්

මාර්ක් එඩ්වඩ් මාර්කිප්ලියර් ‍නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යයි. මිලියන 31.5ක ග්‍රාහකයන් ප්‍රමාණයක් ඔහුගේ නාලිකාව වටා එක්ව සිටින අතර ග්‍රාහකයන්ගේම උසුළු විසුළු දර්ශන, සජීවී උපහාසාත්මක වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා සහ විනෝදාස්වාද කතාබහ සමග සතුට සහ විනෝදය ඇති කිරීම ඔහුගේ නාලිකාවේ ඉලක්කයයි. 


ඔහු උපයන ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ ඔහු විසින් ඉදිරිපත් කරන ටීෂර්ට් ඇතුළු වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරය සඳහා දක්වන විශේෂ කුසලතාවය හේතුවෙනි. ඔහු පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් 38ක් හෙවත් රුපියල් මිලියන 7,752ක ආදායමක් ලබමින් ඉහළම ආදායම් ලැබූ යූටියුබ්කරුවන් අතර තුන්වැනි ස්ථානයේ පසු වෙයි.

 

 

ජේක් පෝල්

පසුගිය වසරේ දී යූටියුබ් මගින් වැඩිම ආදායමක් ලැබූවන්ගේ ලේඛනයේ දෙවැනි තැන හිමි කරගෙන සිටින ජේක් පෝල් ලෝ ප්‍රකට බොක්සිං ශූරයෙකි. මිලියන 20කට වැඩි ග්‍රාහකයන් පිරිසක් සමග නාලිකාව පවත්වාගෙන යන ඔහු පසුගිය වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක් හෙවත් රුපියල් මිලියන 9,180ක් උපයාගෙන තිබේ. 


ඔහු සිය යූටියුබ් නාලිකාව ආරම්භ කළේ විකට රූප නිරූපණය සඳහාය.

 

ඔහුගේ මේ ආදායම් ලැබීමේ වැදගත්ම කරුණ වන්නේ 2017 වර්ෂයේ දී ඔහුගේ සහෝදරයා වන ලෝගන් පෝල්ගේ මතභේදාත්මක වීඩියෝවක් හේතුවෙන් යූටියුබ් වාරණයකට ද ලක්ව තිබී පසුව නැවත ඔහුට යූටියුබ් දැන්වීම් මගින් ආදායම් උපයා ගැනීමට අවස්ථාවක් ලැබීමයි. ඔහු පසුගිය වසරේ දී උපයාගත් මුදලින් සියයට 90ක්ම ඔහුගේ බොක්සිං ක්‍රීඩාවේ තරගකරුවන් වූ බෙන් ඇස්ක්‍රන් සහ ටිරෝන් වුඩ්ලි සමග කරන ලද වීඩියෝ ඉහළ ජනප්‍රියත්වයකට ලක්වීම හේතුවෙනි.

 

නේතන්

නේතන් යනු අන්වර්ථ නාමයකි. මිලියනයකට වඩා අඩුවෙන් සිටින ග්‍රාහකයන් පිරිසක් සමග ත්‍රාසජනක සහ අභියෝගාත්මක ක්‍රීඩාවල යෙදෙමින් සහ විනෝදාත්මක වැඩසටහන් ඉදිරිපත් කරමින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව කෙරෙහි ඔවුන්ගේ ග්‍රාහකයන් කොතරම් කැමැත්තක් දක්වන්නේ ද යන්න පැහැදිලි වන්නේ නේතන් පසුගිය වසරේ දී ලෝකයේ යූටියුබ් නාලිකාවකින් වැඩිම ආදායම් ලැබූ අය අතර පස්වැනි තැනට පත්ව තිබීමෙනි. 


ඔහු වැඩි අවධානය යොමු කරන්නේ ළමා කාලයේ සිදු කළ ක්‍රීඩා කෙරෙහි වීම විශේෂත්වයකි. ඔහුගේ ජනප්‍රියම වීඩියෝ අතර වරක් නිවසක් හිමෙන් පුරවා ගැනීමට ගත් උත්සාහයක්, කිඹුලන් සහිත කාමරයක සිටීම ද ඇතුළත් විය. පසුගිය වසරේ ඔහු ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 28.5ක් හෙවත් රුපියල් මිලියන 5,814කි.

 

 

 



අදහස් (0)

අලුත් සල්ලිකාරයන් බිහිකළ යූටියුබ් වීඩියෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1771 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1602 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site