IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


අලුත් පාතාලයේ අලුත් සෙල්ලම්

ශාන්-ගවරියා සහ අසංකගේ “චණ්ඩි වැඩ”

පාතාලය පිළිබඳව කතා කරද්දී මතකයට නැගෙන්නේ කොළඹය. කොළඹින් උපන් පාතාලය පසුව ගම්පහට ද පැතිරුණි. කොළඹට ආසන්නයෙන්ම පිහිටි පානදුර ද පාතාලයේ අහුකොන් හමුවන තැනක් සේ කලක් පැවති අතර පසුව පාතාලයේ පතාකයන් හමුවන තැනක් බවට පත්විය. එහෙත් කලුතර දිස්ත්‍රික්කයක් ලෙස පාතාලයන්ගේ රජ දහනක් නොවීය. එහෙත් දැන් දවසින් දවස පාතාලයත් සමග ඇඳී කලුතර නාමය පෙරට පැමිණ තිබේ. ඒ සඳහා දායකත්වය ලබාදීමට හොරණ නීලක මෙන්ම මතුගම ශාන් ද සමත් විය. 

කලුතරට පාතාල නාමයක් ගෙනාවේ මතුගම ශාන්ය. එහෙව් හයියක් ඇති මතුගම ශාන් කියන්නේ කවුද ? 
ශාන් යනු මේ වන විට හතළිස් වියේ පසුවන මතුගම පදිංචිකරුවෙකි. පවුලේ එකම දරුවා වූ නිසා දෙමාපියන් හරිහම්බ කළ සියල්ල ඔහු නමට පැවරිණ. මහත් වූ පොහොසතුන් නොවුණ ද ශාන්ගේ දෙමාපියන් මතුගම යම් වත්කමක් සහිත වැදගත් යැයි ප්‍රදේශවාසීන් හඳුනාගත් පවුලක දරුවෙකි. 


මතුගම පාතාලය ගැන වඩාත් ඉහළින් මේ දිනවල කතා බහ කළ ද මීට බොහෝ කලකට පෙර ද මතුගම පාතාල ගිනි පුළිගු නොතිබුණා නොවේ. කලක් ඒ මහින්ද ලාල් හා කේ.වී. ශාන්තලාගේ කෙරුවාවල්ය. ඔවුන් හැපුණේ තමන්ගේ පෞද්ගලික මිතුරෙකුගේ ඝාතනයේ පළිය ගැනීමටය. ඔවුන් මතුගම පදිංචිකරුවන් නොවේ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඒ පළිගැනීම කෙළවර වූයේ ඔවුන් දෙදෙනා විසින් වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කරනු ලැබීමෙනි. එයින් ඔවුන්ට මහත් බලයක් ආරුඨ විය. ඒ බලයෙන් අන්ධ වූ ඔවුන් එය භාවිත කරමින් තවත් අපරාධ රැසක් කළේය. සභාපති ඝාතනයට ඔවුන් අත්අඩංගුවට පත්විය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. 


ඔවුන් කලකට පසුව ඇප මත එළියට ආවේ අලුත් යාලුවෙක් ද හොයාගෙනය. ඒ බන්ධනාගාරයේ සේවය කර වැඩ තහනමට ලක්වූ මංජුය. මංජු ද මතුගම පදිංචිකරුවෙකි. මංජු යනු මතුගම ශාන් ආදරය කළ පෙම්වතිය සමග පසුව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගත් බව කියන එකම පාසලේ ඉහළ පංතිවල ඉගෙන ගත් සිසුවෙකි. ඒ නිසා ශාන්ට, මංජු සමග රණ්ඩුවක් තිබුණේය. කෙසේ නමුත් මංජු පසු කලෙක මහින්දලාල් සමග නොහොඳ නෝක්කාඩුවක් ද ඇති කර ගත්තේය. ඒ අතර තුර මංජුට වෙඩි තබා ඝාතනය කෙරිණ. එය කවුරු අතින් සිදු වුවාද යන්න ගැටලු සහගත නමුත් එහි වරද පැටවුණේ ශාන්ටය. 


ශාන් ඒ වෙනුවෙන් අත්අඩංගුවට පත් විය. ඒ 2009 වසරේදීය. ඔහු සමගම බන්ධනාගාර ගතවූ තවත් පාතාල සාමාජිකයෝ කීප දෙනෙක් වූහ. ඒ ආමි රොෂාන් හා ආමි රොෂාන්ගේ මල්ලීය. ඔවුන්ගේ මිතුදම හඳුනාගන්නට පෙර ශාන්ට එළියේ තවත් යාලුවෝ දෙන්නෙක් විය. ඒ ඔහුලේ ඥාති සහෝදරයෙක් වූ අසංක හා ගයාන් කුමාර නොහොත් ගවරිය. මතුගම හොල්ලාගෙන සිටියේ මේ තුන් කට්ටුවය. ඔවුන් පාසල් කාලයේ සිටම මිතුරෝ වූහ. මතුගම ප්‍රදේශයේ කොතැනක හෝ ගැටුමක් ඇති වුවහොත් එහි කොනක මේ තිදෙනා ද සිටියහ. ඔවුන්ට තවත් මිතුරෙක් පසුව හමුවිය. ඒ යුද හමුදාවේ කලක් සේවය කර පළා ආ බුද්ධිකය. 
ශාන් බන්ධනාගාර ගත වූ පසු බුද්ධික ශාන්ගේ තැන ගන්නට තැත් කළේය. ඔහුට ආයුධ හැසිරවීමේ හැකියාව තිබූ නිසාත් යුද පුහුණුවක් තිබූ නිසාත් ආයුධ සොයා ගැනීමේ සම්බන්ධකම් පැවති නිසාත් ඒ තැන ගන්නට පහසු බවක් පෙනිණ. එහෙත් වැඩිය දඟලන්නට ඉඩ නොතබා ශාන් බන්ධනාගාරයේ සිටම බුද්ධිකව ඝාතනය කර වූයේය. 


ශාන් යළි බන්ධනාගාරයෙන් එළියට එනවිට 2010 මහමැතිවරණය ආසන්නව පැවතිණ. ඒ කාලයේ ඔහු මතුගම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේශපාලනඥයෙකු සමග සම්බන්ධ විය. ඒ තම සගයන් ද සමගය. 
මේ අතර මහින්දලාල් නොහොත් කළුමල්ලී හා කේ වී ශාන්තලා බේරුවල ප්‍රදේශයේ දේශපාලනඥයෙකුට සහය දුන්හ. පසු කලෙක කේ වී ශාන්තගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් ඇතිකරගත් දකුණු පළාතේ පුද්ගලයකුගේ නිවසට ගොස් වෙඩි තබා තර්ජනය කළේ බිරිඳා සමග පැවති සම්බන්ධය නවත්වන ලෙසට බලපෑම් කරමිනි. එහෙත් ඒ වෙනුවට සිදු වූයේ ඔහුගේ හතුරන් එක්ව කොට්ටාව ප්‍රදේශයේ දී ගෙල සිඳ එය මීගමුව ප්‍රදේශයට ගෙන ගොස් දැමීමය. මේ සියල්ල සමග බියට පත් මහින්දලාල් රටින් පළා ගියේය. 
ශාන් දෙදාස් දහයේ මහමැතිවරණයේ දී සේවය කළ දේශපාලනඥයා ඇමැතිකමක් ලැබුවේය. ඔහු යටතේ පැවති ආයතනයක සභාපතිකම ද පැවරුණේය. එසේම එකල ලැබුණ දේශපාලන හයිය ද සොයා ගෙන ඔහු එල්ආර්සී ඉඩම් යනුවෙන් හඳුන්වන රජයේ ඉඩම් අක්කර විස්සකට අධික ප්‍රමාණයක තේ වගා කළේය. 
ශාන් හා ඔහුගේ මිතුරු මේ තිදෙනා පාතාලයේ මිනිස් ඝාතකයන් බවට පත් වූයේ පසු කලෙකය. පාසල් හැරගොස් සිටි ඔවුන්ට නිදහස් කාලයක් ද විය. දෙමාපියන්ගේ වත්කම් අත දිග ශැර වියදම් කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබිණ. ඒ නිසා රැකියාවක අවශ්‍යතාවයක් නොවුණ ද යම් බලයක් දේශපාලකයන් පසු පස යාමෙන් ආරූඨ වීම ගැන ඔවුන් සිටියේ උද්දාමයෙනි. 


ඒ අනුව ඔවුන් තිදෙනා පෙර කී දේශපාලනඥයා වෙනුවෙන් පෝස්ටර ඇලවීමට, රැස්වීම්වල ආරක්ෂාව සැපයීමට, දේශපාලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙර ගමන් යාමට පටන් ගත්හ. මෙයින් මතුගම ප්‍රදේශයේ පොලිසිය ද හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබිණ. ඒ නිසා කුමන හේතුවක් මත තනිවම පොලිසියට ගිය ද ඔවුන්ට පොලිසියෙන් සැලකිල්ලක් ලැබිණ. එයින් ඔවුහු උද්දාමයට පත් වූහ. තමන්ට ආරෝපනය වූ බලය ඔවුන්ට දරාගත නොහැකි විය. ඒ නිසා පාසල් කාලයේ පටන් පැවති චණ්ඩි ගතිය දේශපාලන බලයේ ඇසුර නිසා තව තවත් ඉහළට එසවෙන්නට විය. තමන්ට විරුද්ධව හෝ තම දේශපාලන නායකයාට විරුද්ධව එක වචනයක් හෝ කියූ කෙනෙකුට නිකම්ම යන්නට ඉඩ නොහැර පහර දෙන්නට හෝ අවම වශයෙන් තර්ජනය කරන්නට හෝ ඔවුන් පෙළඹුණේ ඒ දේශපාලන හයිය දරාගත නොහැකිවීමෙනි. 


මැතිවරණය අවසන් වූ පසු ඒ දේශපාලන බලය ද පවුල් පසුබිම ද ප්‍රයෝජනයට ගනිමින් ශාන් ඇතුලු පිරිස මුදල් පොලියට දීමත් බස්වලින් හා ව්‍යපාරිකයන්ගෙන් කප්පම් ගැනීමත් කරන්නට පටන් ගත්හ. ඒවායේ දී තමන්ට විරුද්ධ වන්නන්ට පහර දීමට හෝ කපා කොටා තුවාල සිදුකිරීමට ශාන්ලා හිත හිතා හිටියේ නැත. ප්‍රශ්නය ඇති වූ වහාම තමන් හිතපු දේ ප්‍රතිචාර ලෙස කළේය. දේශපාලන සම්බන්ධකම් සමග ඔවුන්ට අවි ආයුධ අතපත ගාන්නට ද අවස්ථාව ලැබිණ. පොලිසිය නිතර යන එන තැනක් බවට පත්විය. ඒ නිසා පහර කෑ අය පොලිසියෙන් සාධාරණයක් ඉටු කරගන්නට සිතුව ද එය සිහිනයක් පමණක් විය. ඔහු නිකම්ම නිකම් දේශපාලන සම්බන්ධයක් පැවති අයෙක් නොවේ. පෙර කී ප්‍රබල දේශපාලනඥයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙක් විය. ඒ කාලයේ ඔහු මතුගම ක්‍රීඩාංගනයේ දී සිඟිතිව ඝාතනය කළේය. සිඟිති යනු සූදු කෙළියේ කප්පිත්තෙකි. මේ ඝාතනයට ශාන්තගේ ගුරුවරයෙක් වූ උදය නමැත්තා ද අත්අඩංගුවට පත්විය. 


මේ ආකාරයට ශාන්ලා අපරාධ රැසක් සිදු කළහ. ඒ සියල්ලේ ප්‍රමුඛයා වූ ශාන්ගේ නමට ටී 56 ගිනි අවියක් ළඟ තබා ගැනීම, මීලිමීටර් නවය වර්ගයේ ගිනි අවියක් ළඟ තබා ගැනීම, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ළඟ තබා ගැනීම, මතුගම යටදොළ ප්‍රදේශයේ සුරංග නමැති අයෙක් වෙඩි තබා ඝාතනය කිරීම, ඩන්කන් නමැත්තා ඝාතනය කරවීම, වෑත්තෑව රෝහලේ වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීම, තමන්ට එරෙහි වූ කාන්තාවකගේ පියයුරක් කඩු පහරකින් කපා දැමීම, මතුගම නවුත්තුඩුව ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි අයකු කපා කොටා ඝාතනය කිරීම වැනි චෝදනා රැසක් එල්ල විය. එසේම ඔහු ඇතුලු කණ්ඩායම මේ බොහෝ කාරණා වෙනුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර ඇත. එහෙත් මේ දක්වා ඔහුට එරෙහි ඝාතන චෝදනා ඔප්පු කරන්නට නිලධාරීන් සමත්ව නැත. 


මතුගම සම්පූර්ණයෙන්ම ගිනිකෙළි බිමක් බවට පත්වන්නේ මේ තුන් කට්ටුව වෙන වෙනම තමන්ගේ අනන්‍යතාව ගොඩනගා ගන්නට උත්සාහ කිරීමත් සමගය. 


ඔවුන්ට සහාය දැක් වූ ඇමැතිවරයාගේ කල දසාව ද පසුගිය කාලයේ නරක අතට හැරිණ. ඒ නිසා අසංකලාගේ, ශාන්ලාගේ තත්ත්වය ද නරක අතට හැරිණ. අසංක විදේශ ගත විය. විදේශ ගතව පැමිණ අසංක මතුගම නගරයේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියේය. එසේම ජංගම දුරකථන අලෙවි සැලක්ද ආරම්භ කළේය. ඒ නිසා ඔහු මතුගම නගරයේ ව්‍යාපාරිකයන් අතරට ද එක්විය. ශාන් තම දෙමාපියන්ගෙන් උරුම වූ තේ ඉඩම් බලා කියාගෙන සිටින අතර මුදල් පොලියට දෙමින් විශාල මුදලක් හම්බකර ගත්තේය. ඔහුට දෙමාපිය උරුමයෙන් ලැබුණු ධනය ද යොදවා ලබාගත් බස් රථ පහක් මගී ප්‍රවාහනයට යෙදෙව්වේය. ‘‘ගවරියාද’’ ශාන්ගෙන් වෙන්ව වෙනම මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. එය ශාන්ට රිස්සුවේ නැත. ශාන්ට අවශ්‍ය වූයේ ඔහුව තමන් යටතේම තබා ගැනීමටය. එසේ නොවි ගවරියා වෙනම ගමනක් යාම දේශපාලන සම්බන්ධකම් ද බිඳ වැටි ඇති මොහොතක බලය බෙදි යාමක් සේ ශාන් දකින්නට ඇත. ඒ නිසා මුලින්ම ඔවුන් අතර ගැටුම ඇති වූයේ මුහුණ පොත් හරහාය. එය කලක දී එකිනෙකා මුණ ගැසී ගුටිබැට හුවමාරු කරගන්නා ගැටුමක් දක්වා වර්ධනය විය. ගවරියා සමග අසංක ද එක්ව සිටින බව ඔහුට දැන ගන්නට ලැබිණ. 


මේ සියල්ල තුළ තමන් තනිවන බවක් දැනුණ ශාන් මතුගමින් පිටවන්නට තීරණය කළේය. ඒ නිසා ඔහු දරුවන් කොළඹ පාසල්වලට ඇතුළත් කළ බවක් ද දැන ගන්නට තිබේ. එසේ සිදුකරන අතුරතුර හිටි ගමන් ශාන් අතුරුදන් බවට ශාන්ගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් කළේය. ඉන් පසු ශාන් කිසිවෙකුට දකින්න ලැබුණේ නැත. මේ වන විට ඔහු රටින් බැහැරව සිටිනවා වන්නට ද හැකිය. යළි දේශපාලන රැකවරණයක් ලැබෙන තුරු මෙසේ පිටව සිටීම සුදුසු යැයි ඔහු සිතුවා විය හැකිය. මන්ද පැරණි නඩු දේශපාලන හයියෙන් යටපත්කරගෙන සිටිය ද දැන් ඒවා වෙනස් අතකට ගමන් කළ හැකි වෙතැයි ඔහු සැක කළා වන්නට ද හැකිය. කෙසේ නමුත් දැන් ඔහු සිටින්නේ කොතැනකදැයි කිසිවෙක් නිශ්චිතව දන්නේ නැත. 


මේ තත්ත්වය තුළ මතුගම නගරයේ ශාන් පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයකට කඩා පැන්න කිසියම් පිරිසක් එය විනාශ කළේය. මෙය සිදු කළ ස්ථානයට අසංක ද පැමිණ ඇතැයි පැවසේ. 
මෙම සිදුවීමෙන් පෙට්ටියට වී සිටි නයා කෝප ගන්වනු ලැබීය. නයා වහාම තමන් දන්නා කියන පිරිසක් ගවරිගෙන් හා මිතුරාගෙන් පළි ගැනීම සඳහා අසංකලාගේ ගෙදරට යොමු කළේය. 


ආයුධ පුරවාගෙන ගිය ඔවුන් දැක අසංකගේ බිරිඳ බියට පත් වූවාය. ඇය මහ හයියෙන් කෑ ගැසුවේ වෙඩි තැබීමක් සිදුවුණා වැනි තැති ගැන්මකිනි. ඒ හඬ ඇසී අසංක දරුවන් දෙදෙනා සමග කාමරයට වැදුණේය. අසංක හොයාගෙන පැමිණි ඝාතකයෝ ඔහු සිටි කාමරයට ද වෙඩි තැබූහ. 

 


අනේ මහත්තයාට කරදරයක් නම් කරන්න එපා යැයි අසංකගේ බිරිඳ ඉල්ලා සිටිද්දී කෙනෙක් ඇයව පැත්තකට තල්ලු කළේය. ඇය ක්ලාන්තව බිම ඇද වැටුණි. එසේ බිම වැටුණු කාන්තාවට වෙඩි තබා ඝාතකයෝ පළා ගියහ. ඒ ශාන්තගේ පළිගැනීමේ රටාවය. දේශපානයට පිවිසීමේ දැඩි උනන්දුවෙන් කල් ගෙවන ශාන් හෙට දවසේ ඒ සඳහා පිවිසුනහොත් යළි මතුගමට පාතාලය පැමිණෙන්නේ ඉතා ඉහළ සම්බන්ධකම් රැසක් එකතු කරගෙනය. එයට හේතු ද තිබේ. 


ශාන්ට දකුණෙන් කොස්ගොඩ සුජීගෙත්, කොළඹින් මොරටුවේ කුඩු අංජු ගේත් සම්බන්ධ කම් තිබේ. එසේම කලක් අංජුගේ වෛරක්කාරයෙක් වූ රත්මලානේ ගොනාකෝවිලේ රොහා සමගම ද ශාන් සම්බන්ධකම් පැවැත්වූයේය. පානදුරේ පසුගිය කාලයේ සිදු වූ ඝාතන රැසකට සම්බන්ධ බව කියන සළිඳු සමග ද සමීප සබඳකම් පැවැත්වූයේය. මේ සම්බන්ධකම් සියල්ල සමග මතුගම ශාන් ලංකාවට පැමිණියහොත් ඔහුට තිබෙන බලය කවදාවත් බිඳින්නනට හැකිවේද යන්න ගැටලු සහගතය.

 

 

මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

 



අදහස් (0)

අලුත් පාතාලයේ අලුත් සෙල්ලම්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10929 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6213 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5935 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5268 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3242 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1711 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site