IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


අභ්‍යවකාශයේ ඈතින් අමුතු සංඥාවක්

 

අප සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ක්ෂීර පථය යනුවෙනි. ක්ෂීර පථයේ ඈත බ්‍රමනය වන (කැරැකෙමින් පවතින) අසාමාන්‍ය වස්තුවක් ගැන අසන්න ලැබේ. මේ ‘වස්තුව‘ ගැන අනාවරණය කළේ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයන්ය. ඔවුන් පවසන ආකාරයට, මෙවැනි අසාමාන්‍ය වස්තුවක් ඔවුන් මීට පෙර දැක නැත. මෙවැනි වස්තුවක් ගැන ඔවුන්ට මීට පෙර අසන්න ලැබී නැත. ඒ අනුව විද්‍යාඥයන් පමණක් නොව, අප කවුරු කවුරුත් අන්දමන්ද කිරීමට මේ අසාමාන්‍ය වස්තුව පිළිබඳ අබිරහස සමත් විය. 

මේ අසාමාන්‍ය වස්තුව පිළිබඳ පළමුවෙන්ම හෝඩුවාවක් සොයා ගෙන ඇත්තේ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සිසුවෙකි. ඔහු කර්ටින් විශ්වවිද්‍යාලයයේ ගෞරව උපාධි ශිෂ්‍ය ටිරෝන් ඕ’ඩොහර්ටි ය. මේ සිසුවා, විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග අධ්‍යයනය කරන්න වූයේ ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය සකස් කිරීමටය. විශ්වයේ ඈතින්, සෑම මිනිත්තු 18කටම වරක් සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ අධික ගුවන් විදුලි තරංග ශක්තියක් නිකුත් වන බව ඔහු නිරීක්ෂණය කළේය. ටිරෝන් ඕ’ඩොහර්ටි විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග අධ්‍යයනය කළේ බටහිර ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මර්චිසන් වයිඩ්ෆීල්ඩ් ඇරේ‘ තාරකා දුරේක්ෂය ආධාරයෙන් යැයි පැවැසෙයි. ගුවන් විදුලි තරංග හසු කර ගැනීමට ටිරෝන් ඕ’ඩොහර්ටි නව ක්‍රමවේදයක් සකස් කර තිබුණු අතර, අසාමාන්‍ය වස්තුවෙන් නිකුත් කෙරෙන ගුවන් විදුලි තරංග හසු කර ගැනීමට හැකිවූයේ ඒ අනුවය. 
අහඹු ලෙස කළ එම සොයා ගැනීම, මුළු ලොවම මවිතයට පත් කරාවි යැයි විශ්ව විද්‍යාල සිසුවා දැන සිටියේ නැත. දැන්, ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ එම අසාමාන්‍ය වස්තුව ගැන උනන්දු වී ඒ ගැන සෙවීම ආරම්භ කළහ. අපට මේ ගැන දැනගන්න ලැබුණේ ඒ අනුවය. විශ්වයේ ඇති ‘ශක්තිය නිකුත් කරන’ ග්‍රහ වස්තූන් බොහොමයක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒත්, මිනිත්තුවක් පුරා ස්පන්දනය වන මෙම ‘වස්තුව‘ කුමක්දැයි තහවුරු කර ගැනීමට අසීරු බව තාරකා භෞතික විද්‍යාඥ නටාෂා හර්ලි-වෝකර් පෙන්වා දෙයි. ඕ’ඩොහර්ටි, කර්ටින් විශ්වවිද්‍යාලය හා සම්බන්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයෙකි. 


“අපගේ නිරීක්ෂණ කටයුතු සිදුවන අතරේ, පැය කීපයක් තිස්සේ එය පෙනෙමින් අතුරුදන් වෙමින් තිබුණා”‍ යැයි ICRAR මධ්‍යස්ථානය හරහා මාධ්‍ය හමුවකට එක් වෙමින් ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් වැඩි දුරටත් කියා සිටියාය. “එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. තාරකා විද්‍යාඥයන්ට නම්, හිරිගඩු පිපෙන සොයා ගැනීමක්. මේ ආකාරයට ‘හැසිරීමක් පෙන්නුම් කරන’ අභ්‍යවකාශ වස්තුවක් ගැන අප මින් පෙර කිසිවක් දැන සිටියේ නැහැ” යැයි ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් පැහැදිලි කර තිබේ. 
විටින් විට ශක්තිය නිකුත් කරන එසේත් නැතිනම් ගුවන් විදුලි තරංග නිකුත් කරන ‘වස්තූන්’ තාරකා විද්‍යාඥයන්ට අරුමයක් නොවෙයි. මෙවැනි වස්තූන් හැඳින්වෙන්නේ, ‘අචිරස්ථායී වස්තූන් transients’ ලෙස ය. ඒත්, සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ එක දිගට ශක්තිය විහිදවන ග්‍රහ වස්තුවක් යනු තාරකා විද්‍යාඥයන්ට අරුමයක් යැයි ICRAR සහ කර්ටින් විශ්වවිද්‍යාලයේ තවත් තාරකා භෞතික විද්‍යාඥවරියක වන ආචාර්ය ගෙමා ඇන්ඩර්සන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 


වසර ගණනාවක් තිස්සේ එක් රැස් කරගත් දත්ත සියුම් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු මෙම ‘අසාමාන්‍ය වස්තුව’ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000ක් පමණ දුරින් පිහිටන බව තහවුරු කර ගෙන තිබේ. එම වස්තුවට, ඇදහිය නොහැකි තරම් දීප්තිමත් මෙන්ම අතිශයින් ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් ඇතැයි ද තහවුරු කර ගැනීමට ICRAR තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. 


අසාමාන්‍ය වස්තුව කුමක් විය හැකිදැයි යන්න සම්බන්ධයෙන් ද තාරකා විද්‍යාඥයන් අදහස් ඉදිරිපත් කර තිබේ. ඔවුන් පැහැදිලි කරන ආකාරයට එය මෙතෙක් දකින්න නොලැබුණු ආකාරයේ නියුට්‍රෝන තාරකාවක් හෝ සුදු වාමනයකුගේ ශේෂයන් විය හැකිය. නියුට්‍රෝන තාරකා යනු ගුරුත්ව බලය හේතුවෙන් දැඩිව සම්පීඩනයට ලක් වුණු, තාරකාවක පරිණාම ක්‍රියාවලියේ අවසානයයි. අපේ සූර්යයා ද තරුවක් වන අතර, නියුට්‍රෝන තාරකාවක් සූර්යයාට වඩා මිලියන මිලියන වාරයක් ඝනත්වයෙන් යුත් කුඩා තාරකාවකි. නියුට්‍රෝන තාරකා ගැන පළමුවෙන් සොයා ගැනීම සිදුවූයේ 1932 දීය. මේවා මූලික වශයෙන් නියුට්‍රෝනවලින් සංයුක්ත වී ඇති බැවින්, නියුට්‍රෝන තාරකා යන නමින් හැඳින්වීම සිදු වෙයි. සුදු වාමනයා යනුවෙන් හැඳින්වෙන්නේ ද තාරකාවකි. මේවා ප්‍රමාණයෙන් පෘථිවිය තරම්ය. සුදු වාමනයකුට ශක්ති ප්‍රභවයක් හෝ අභ්‍යන්තර න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් හෝ නැත. 
“මේක එක්වරක් සිදුවන ආකාරයේ දුර්ලභ සිදුවීමක් ද, නැතිනම් අප මින් පෙර කිසිදා දැක නැති නව අපූරු සිදුවීමක් ද යන්න වැඩි දුර අධ්‍යයන හරහා තාරකා විද්‍යාඥයන්ට දැනගන්න ලැබේවි. බොහෝ දෙනා උනන්දුවෙන් පසුවන්නේ මේක පිටසක්වළ ජීවීන් හා සම්බන්ධ දෙයක් ද කියලයි. ඒත් පිටසක්වළයන්ගේ සම්බන්ධයක් තිබෙනවා කියා මා හිතන්නේ නැහැ.” යැයි ආචාර්ය හර්ලි-වෝකර් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ. 
බීබීසී ඇසුරිනි.

 

 

ලු‍සිත ජයමාන්න

 



අදහස් (0)

අභ්‍යවකාශයේ ඈතින් අමුතු සංඥාවක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10952 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6218 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5949 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5294 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3252 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1724 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1998 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1774 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site