IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හිමාල කඳුවැටිය අනතුරේ

 

 

ලෝකයට කාබන් නිකුත් කිරීම ඉතා ඉක්මනින් නැවැත්වූයේ හෝ අවම කළේ නැත්නම්, හිමාල කඳුවැටිය දිය වී යාමේ අවදානමක් ඇතැයි හින්දු කුෂ් හිමාලයා ඇසෙස්මන්ට් නමැති වාර්තාවකින් හෙළිව තිබේ. 


ඒ අනුව අනාගතයේදී ලෝකයේ උෂ්ණත්වය සෙල්සියක් අංශක 1.5 ට සීමා කර තැබුවත්, හින්දු කුෂ් හිමාලයා කඳුවැටි කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුනකින් පමණ ඉහළ ගොස් පවතිනු ඇතැයි ද, ඉහළ හිමාලයා සහ කාර්කෝරම් කඳුවැටි කලාපවල උෂ්ණත්වය දශම හතකින් පමණ ඉහළ ගොසින් තිබෙනු ඇතැයි ද කියැවේ. 
විශාල පරිමාණයකින් ඒ කලාපයේ උණුසුම ඉහළ යාම, වන සත්ත්ව ජීවිතය ඇතුළු ජෛව විවිධත්වයට හානිකරය. එමෙන්ම කලාපයේ මිනිසුන්ට ජල ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනු ඇත. ග්ලැසියර දියවී යාම නිසා ඒ කලාපයේ ජලවහන රටාව වෙනස් වී, ජල හිඟයක් ඇති වෙන්නට ඉඩ තිබෙන අතර එය සෘජුවම කලාපයේ මිනිසුන්ගේ ප්‍රධාන ජීවිකාවන් වන කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනයට අහිතකර බලපෑම් එල්ල කරනු ඇත. 


සුදු පැහැයෙන් බබලමින් තිබූ හිමාල කඳුවැටියේ දැන් දැන් තැනින් තැන කළු පැහැ පාෂාණ පෙනෙන්නට පටන් ගෙන තිබේ. නේපාලි ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන අන්දමට හිමාල කඳුවැටිය දිය වී යන්නේ අයිස්ක්‍රීම් කෝන් එකක් දියවී යන්නාක් මෙනි. 


දේශගුණ විපර්යාසයෙන් හිමාලයට සිදුවෙන හානිය කෙරෙහි අන්තර්ජාතික අවධානය යොමු කිරීම සඳහා සාගර්මාත් සම්බාද් හෙවත් එවරස්ට් කතිකාව යනුවෙන් වැඩසටහනක් 2020 අප්‍රේල් මස 2- 4 දක්වා පැවැත්වීමට නේපාල රජය තීරණය කර ඇත. නේපාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශය තවත් ආයතන දෙකක් සමඟ සහයෝගයෙන් පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනෙහි තේමාව දේශගුණ විපර්යාසය, කඳුවැටි සහ මානව සංහතියේ අනාගතය යන්නයි. හිමාල පටියේ අනාගතය උදෙසා එවැනි සම්මුති වසරකට දෙකකට වරක් පැවැත්වීමට නේපාල රජය තීරණය කර ඇත. 


2019 දෙසැම්බර් මස 2 - 13 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී, පැරිස් සම්මුතියට අනුව යමින්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට සීමා කර තබාගත යුතු බවට අවම දියුණුවක් ලැබූ රටවල් දැඩි හඬක් නැගූහ. එම රටවලින් එකක් වෙන නේපාලය ද ඒ සම්බන්ධව හඬ අවදි කළේය. නේපාලය, දේශගුණ විපර්යාසයෙන් දැඩි හානියක් සිදුවෙන රටක් ලෙස හඳුන්වා ඇත. හින්දු කුෂ් හා හිමාල වැනි උස කඳුවැටිවලට ගෝලීය උණුසුම ඉහළ යාම ලෝකයේ වෙනත් කලාපවලට වඩා දැඩිව බලපායි. මෙම දැවෙන දේශගුණ ගැටලු නිසා වැඩි හානියක් සිදුවෙන්නේ දුගී සහ එසේ වීම සඳහා වැඩි සම්භාවිතාවක් ඇති රටවලටයි. 


නේපාලයේ කඳුකර පෙදෙස්වල ජනයා දැනටමත් දේශගුණය වෙනස්වීමට ඔරොත්තු දීමට නොහැකිව සිටිති. වැසි රටාව වෙනස් වෙන නිසා කඳුකරයේ ගොවිතැන් කරන මිනිසුන් පත්ව තිබෙන්නේ දැඩි දුෂ්කරතාවකටය. නේපාලයේ දේශගුණය ගැන අනාවැකි පළ කර තිබෙන අන්දමට මේ සියවසේ අවසානය වෙන විට නේපාලයේ දේශගුණය වඩා උණුසුම් හා තෙත් ස්වභාවයක් ගනු ඇත. 

 


නිසංසලා



අදහස් (1)

හිමාල කඳුවැටිය අනතුරේ

dam Sunday, 16 February 2020 03:19 PM

සොබාදහම විනාශ කළ අයට සොබාදහමින් දඩුවම් දෙනු ඇත. එය දැනටමත් ආරම්භ වී ඇත. බුදුන් පවා සොබාදහමට ගරු කළ බව පොත්පත්වල පවා සඳහන් වී ඇත.මිනිසුන්ගේ දියුණුව දිනක මිනිසුන් විනාශ කරගනු ඇති බන මට සිතේ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site