IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


බර්මුඩා ත්‍රිකෝණයේ අභිරහස් හෙළිවෙයි

නව ලොව හා විදුලොව

 

පසුගිය දශක කීපය තුළ ලෝකයේ වඩාත්ම අභිරහස් ස්ථානය ලෙස සැලකුවේ ෆ්ලොරිඩා, පෝටෝ රිකෝ හා බර්මුඩා ඇතුළත් මුහුදු කලාපය වූ බර්මුඩා ත්‍රිකෝණයයි. වර්ෂ 1800 සිට 2017 ජූලි දක්වා වූ කාලය තුළ අභිරහස් ලෙස අතුරුදන් වූ ගුවන් යානා ප්‍රමාණය 15 ක් වන අතර නැව් ප්‍රමාණය 10 ක් බව වාර්තා වී ඇත. නැතිවූ ජීවිත දහස් ගණනක් විය. 1969 වසරේදී බහමාස්හි පිහිටි ග්‍රේට් අයිසැක් ප්‍රදීපාගාරයේ සේවය කළ පාලකයින් දෙදෙනෙකු අභිරහස් ලෙස අතුරුදන් වූ බවද වාර්තාවේ. මේ නිසා බර්මුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රා කළ නැවියන් මෙම ප්‍රදේශය හදුන්වා ඇත්තේ යකාගේ ත්‍රිකෝණය (Devils Triangle) යනුවෙනි. 

 
බර්මුඩා ත්‍රිකෝණය හරහා නිරතුරුවම නැව් යාත්‍රා කළ අතර අැ​ෙමරිකාව යුරෝපය හා කැරිබියන් දූපත්වලට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය කළ කාර්යබහුල මුහුදු මාර්ගයක් විය. එසේම ගුවන් යානා මාර්ගයද වැටී තිබුණේ බර්මුඩා ත්‍රිකෝණය හරහාය. වාර්තාවී ඇති අන්දමට ප්‍රථමයෙන්ම නැවක් අභිරහස් ලෙස අතුරුදන් වී ඇත්තේ 1800 වසරේය. එය ‘‘යූඑස්එස් පිකරිය’’ නෞකාවයි. එහි ගමන් ගත් මගීන් 90 දෙනකු සමග නැව අභිරහස් ලෙස අතුරුදන්වී තිබුණි. අතුරුදන්වූ ප්‍රථම ගුවන්යානය ලෙස වාර්තාවී ඇත්තේ 1945 ජූලි 10 වැනි දින ‘‘තෝමස් ආතර් ගානර්’’ ප්‍රමුඛ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනකු සමග ෆ්ලොරීඩාවේ බනානා රිවර් නාවික ගුවන් මධ්‍යස්ථානයෙන් රේඩාර් පුහුණු වීමේ කාර්ය සඳහා බහමාස් හි ග්‍රේට් ටික්සවා වෙත යමින් තිබූ යූඑස් නේවි PBN3S මුර සංචාරක සී ප්ලේන් යානයයි.   


ගුවන්යානා හා නැව් අතුරුදන් වීම පිළිබඳ සමහරුන් ප්‍රකාශ කළේ එය සාමාන්‍ය සිද්ධියක් බවය. තවත් සමහරුන් ප්‍රකාශ කළේ බර්මුඩා ත්‍රිකෝණ ප්‍රදේශයේ සාගරයෙහි ජීවත්වන විශාල අත්භූත සත්වයකු විසින් නැව් හා ගුවන්යානා විනාශ කරන බවය. තවත් මතයක් වූයේ මෙහි ජීවත්වන විශාල බූවල්ලකු විසින් මෙම විනාශය සිදුකරන බවය. ශතවර්ෂ ගණනාවක් පුරාම මෙම ජනප්‍රවාදය ඒ අවට ජනතාවගේ සිත්තුළ පලපැදියම් වී තිබුණි. මෙය වඩාත් තහවුරු කිරීමට එක්තරා සිදුවීමක්ද හේතුවිය. එනම් 1896 දී ශාන්ත ඔගස්ටින් වෙරළට ගසාගෙන ඇවිත් තිබූ අඩි 200 ක් දිග ජලජ ජීවියකුගේ මළසිරුරක් හමුවීමයි. මෙය පළමුවෙන්ම දුටු පිරිමි ළමයින් දෙදෙනකු විසින් ඒ බව යේල් විශ්වවිද්‍යාලයට දන්වා ඇති අතර එහිදී තීරණයකර ඇත්තේ මියගිය යෝධ බූවල්ලකුගේ සිරුරේ කොටස් බවය. නමුත් 1995 දී කරන ලද පර්​ෙ‌ය්ෂණයකදී එය තල්මසකුගේ මේද තට්ටුවක් ලෙස හඳුනාගැණුනි. වැන්කුවර් මසුන් ඇතිකරන මධ්‍යස්ථානයේ ආචාර්ය ජේෆ් මාලියේව් (Jeff Marliava) සඳහන් කළේ බර්මුඩා ත්‍රිකෝණයට අයත් මුහුදු ප්‍රදේශයේ එවැනි විශාල බූවල්ලන් සිටිය නොහැකි බවය.   


2005 වර්ෂයේදී සාගර ජීවි විද්‍යාඥ සුනෙමි කුබොඩෙරා හා කියෝචි මෝරි බර්මුඩා ත්‍රිකෝණයේ කිමිදුන් කරමින් සිටියදී විශාල දැල්ලකු ගොදුරක් පසුපස ආක්‍රමණශීලි ලෙස හඹායන ඡායාරූපයක් මුදාහැරිය අතර එය නැරඹූ බොහෝ දෙනකු පවසා සිටියේ බර්මුඩා ත්‍රිකෝණයේදී නැව් විනාශ කර ඇත්තේ විශාල බූවල්ලකු විසින් බවට වූ නිගමනය තවදුරටත් මිථ්‍යාවක් නොවන බවය.   


පසුගිය වසරේ ප්‍රවීණ කිමිදුම්කරුවකු මෙන්ම සාගර ජීවි විද්‍යාඥයකු වන මයිකල් බානට් හා බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වූ ගයි වෝල්ඩර්ස් ඇතුළු කණ්ඩායමක් ෆ්ලොරීඩාවේ ශාන්ත ඔගස්ටින් වෙරළට නාවික සැතපුම් 35 ක් ඈතින් සාගරයේ මුහුදුබත් වූ නැව් පිළිබඳ ගවේෂණයක් කර ඇත. මෙහිදී ගන්නා ලද ඡායාරූප විද්‍යාව පිළිබඳ රූපවාහිනී නාලිකාවක මුහුදු බත් වූ නැව්වල රහස් (Shipwreck Secrets) යන විශේෂාංගය යටතේ විකාශනය විය. මෙහි ඇතුළත් ඡායාරූප 1925 නොවැම්බර් 29 වැනි දින දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් සිට හවානා බලා ගල් අඟුරු පටවාගෙන යාත්‍රා කළ මීටර් 77 ක් දිග අඩි 25 අඟල් 6 ක් උස් වූ වාෂ්ප බලයෙන් ක්‍රියාකළ එස්ට්ස් කොටොපැක්සි නෞකාවේ සුන්බුන් බවට හඳුනාගැනීමේ ඉතිහාසඥයකු වූ ගයි වෝල්ටර්ස් මෙම ගවේෂණයේදී එස්එස් කෝවෝ පැක්සි නෞකාව චාර්ල්ස්ටන් වරායෙන් ගමන් ආරම්භ කර දින දෙකකට පසුව එනම් 1925 දෙසැම්බර් 01 වැනි දින මෙම නෞකාවෙන් ආපදා හඟවන ගුවන් විදුලි සංඥා නිකුත්කර ඇති බවද සොයා ගත්තේය. මෙම ගවේෂණය සඳහා සහභාගි වූ කිමිදුම්කරුවකු වූ ජෝ සිටෙල්ලි බර්මුඩා ත්‍රිකෝණයේ නිවර්තන කුණාටු හා දියවැල් හැරුණුකොට අද්භූත කිසිම දෙයක් නොමැති බව ෆොක්ස් නිව්ස් වෙත පවසා ඇත. මේ අනුව 55 කොටෝපැක්සි නෞකාව මගීන් 32 ක සමග විනාශ වූයේ කුණාටුවකට හසුවීමෙන් බව තීරණය කෙරුණි.   


බර්මුඩා ත්‍රිකෝණය හරහා යාත්‍රාකළ නැව් හා ගුවන්යානා විනාශ වූයේ එහි වාසය කරන අද්භූත සත්වයකු විසින් බවට පැවති මතය සාවාද්‍ය බව පැහැදිලි වුවද ඒවා විනාශ වූයේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි හා නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. එහෙත් නාසා ආයතනය විසින් කක්ෂගත කරන ලද ටෙරා මෝඩ්ස් චන්ද්‍රිකාවට පින්සිදුවන්නට මෙහි අභිරහස පසුගිය වසරේ හෙළිදරව් කරගැනීමට හැකිවිය. මෙම චන්ද්‍රිකාව මගින් සෑම දින 1 ක් 2 ක් අතර කාලය තුළ අපගේ පෘථිවිය පිළිබඳ ඉතාමත් නිවැරදි දත්ත හා ඡායාරූප නාසා ආයතනය වෙත ලබා දෙනු ලැබේ. මෙමගින් උතුරු අත්ලන්තික් සාගරට සැතපුම් 450 ක් ඉහළින් ෆ්ලොරිඩා මුහුදු තීරයට සැතපුම් 150 ක් ඈතින් ලබාගන්නා ලද ඡායාරූප නාසා ආයතනයට සම්ප්‍රේෂණය කර තිබුණ අතර ඒවා නිරීක්ෂණය කිරීමෙන් කාලගුණ විද්‍යාඥයන් මහත් විමතියට පත්ව ඇත. ඔවුනට දැකගත හැකිවී ඇත්තේ සැතපුම් 20 සිට 55 දක්වා ප්‍රමාණයේ වූ ෂඩාශ්‍රාකාර වලාකුළු පටි ය. මෙම ඡායාරූප නිරීක්ෂණය කළ ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ කාලගුණ විද්‍යාඥ ආචාර්ය රැන්ඩි සවෙනි මෙම වලාකුළු පිහිටා ඇති ආකාරය අරුම පුදුම බවත් මෙම ෂඩාශ්‍රාකාර වලාකුළු වායු බෝම්බ ලෙස ක්‍රියාකරන බවත් ප්‍රකාශ කළේය. මේවායින් ඇතිවන අති ප්‍රබල වායුධාරා වලාකුළුවලට යටින් හටගෙන අධික වේගයෙන් සාගරයට කඩාවදින බවත් ඉන් විශාල මුහුදු රැළි ඇතිවන බවත් තවදුරටත් ප්‍රකාශකර ඇත. මෙසේ ඇතිවූ ප්‍රබල වායු ධාරාවන්ගෙන් හා විශාල මුහුදු රැලි මගින් පසුගිය ශතවර්ෂයක කාලයක ගුවන් යානා හා නෞකා විනාශ වී ඇති බව හෙළිදරව් විය. මෙසේ බර්මුඩා ත්‍රිකෝණයේ අභිරහස හෙළිකර ගැනීමට නාසා ආයතනය විසින් අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද ටෙරා මෝඩ්ස් චන්ද්‍රිකාවට හැකිවිය.   

 

 

ශාස්ත්‍රවේදී පී.ඩබ්ලිව්. ගුණතිලක   
විස්තර හා ඡායාරූප අන්තර්ජාලයෙනි.

 

 

 

 



අදහස් (1)

බර්මුඩා ත්‍රිකෝණයේ අභිරහස් හෙළිවෙයි

jpc perera Monday, 17 January 2022 05:04 PM

සාගරයේ අනිකුත් අභිරහස් කටයුතුත් සොයාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 838 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site