ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බොහොම ආන්දෝලනාත්මක චරිතයකි. පසුගිය හය වැනිදා, ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස පිළිගත්තේය. එය නව අර්බුදයකට මුලපිරුවේය. පසුගිය 11 වැනිදා ට්‍රම්ප්, ධවල මන්දිරයේ සිට, විශ්‍රාමික ගගනගාමීන් සහ ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනයේ නිලධාරීන් ද පිරිවරා ගනිමින්, කියා සිටියේ ඇමෙරිකාව යළි සඳ තරණයටත්, ඉන්පසු කවදා හෝ දිනක අඟහරු තරණයටත් ගගනගාමීන් යැවිය යුතු බවය.
යළිත් වරක් සඳ තරණය කිරීමටත්, අඟහරු ග්‍රහයාට ගගනගාමීන් යැවීමටත් කටයුතු කළ යුතු යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා නාසා විද්‍යාඥයන්ට උපදෙස් දුන් අවස්ථාවේදී විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණි. නාසා ප්‍රධානී රොබට් ලයිට්ෆුට්ට අවශ්‍ය බලතල ලබා දෙමින්, ඊට අදාළ ලියවිල්ලට ද ට්‍රම්ප් එම අවස්ථාවේදී අත්සන් තැබුවේය. අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා ඇමෙරිකාව විය යුතු බවත්, එය ඇමෙරිකාවේ අභිමානය බවත් ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
‘ඇමෙරිකානුවන් ආපසු සඳට යන්න ඕනෑ. ඊට පස්සේ අඟහරු වෙත යන්න ඕනෑ. පළමුවෙන් හඳට ගියේ අපි ඇමෙරිකානුවෝ. මුලින්ම අඟහරු යන්න ඕනෑ ඇමෙරිකානුවෝ’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, ඔහුගේ දෙවැනියා උප ජනපති මයික් පෙන්ස් සහ විශ්‍රාමික නාසා ගගනගාමීන් පිරිසක් ද පිරිවරාගෙනය. මෙම අවස්ථාවට ඇමෙරිකා නාසා ආයතනයේ බලධාරීන් කිහිප දෙනකු ද ධවල මන්දිරයට පැමිණ සිටි බව වාර්තා විය. නාසා බලධාරීන් කුඩා ගගනගාමියකුගේ රූපයක් ද සමරු තිළිණයක් ලෙස ට්‍රම්ප්ට පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
නාසා ආයතනයේ නව ප්‍රධානියා පත් කිරීම ද ට්‍රම්ප් අතින් සිදුවෙයි. ජනපති ට්‍රම්ප්, ඒ වෙනුවෙන් ඔක්ලහෝමා කොංග්‍රස් සභික රිපබ්ලිකන් පාක්ෂික ජිම් බ්‍රයිඩ්ස්ටයින් නම් කර ඇත. ජිම් බ්‍රයිඩ්ස්ටයින්ට එම ධුරය හිමිවන්නේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරන අන්දමට සෙනෙට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය බ්‍රයිඞ්ස්ටයින්ට හිමිවී ඇති බව ද වාර්තා වේ. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින් ඊශ්‍රායල යුදෙව් වැසියන් වෙනුවෙන් ‘යමක් කිරීම’ ජනපති ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවක් විය. එසේම, ඇමෙරිකානු ගගනගාමීන් යළි සඳට යැවීමට කටයුතු කරන බව ද ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. උප ජනපති මයික් පෙන්ස්ගේ සහාය ද මේ සඳහා ට්‍රම්ප්ට උපරිමයෙන් හිමිවෙයි.
ඇමෙරිකා ගගනගාමීන් යළි සඳ තරණයට යොමු කිරීමට කටයුතු කරනවා යැයි ට්‍රම්ප් පොරොන්දුවක් ලබා දුන්නේ පසුගිය 2016 වසරේ ෆ්ලොරීඩාවේ, නාසා කෙනඩි අභ්‍යවකාශ ආයතනය අසල පැවැති රැලියකදීය. ‘ට්‍රම්ප් පරිපාලනය යටතේ ඇමෙරිකාවත්, නාසා ආයතනයත් ඈත විශ්වය ජයගනීවි’ යැයි ට්‍රම්ප් එදා පවසා තිබුණැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
අද වනවිට සඳට යෑමට ප්‍රමාණවත් තාක්ෂණයක් තමන් සතුව පැවැතියත්, අඟහරු යෑමට එම තාක්ෂණය ප්‍රමාණවත් නැතැයි නාසා විද්‍යාඥයෝ කියති. අඟහරු වෙත ගගනගාමීන් යැවීමට හැකි ප්‍රබල රොකට්ටු තවමත් ඉදිවෙමින් පවතී. අඟහරු බලා යන දුර ගමනකදී, ගගනගාමීන්ට කායිකව සහ මානසිකව මුහුණ දීමට සිදුවන අභියෝග ජය ගැනීම ද අසීරු කාර්යයක් බව නාසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
යළිත් වරක් සඳ තරණයටත් අඟහරු තරණයටත් ඇමෙරිකාව මෙසේ සූදානම් වෙද්දී, සඳ තරණයට තවත් පිරිසක් සූදානමින් සිටින බව ද වාර්තා වේ. මේ වතාවේ ඇමෙරිකාවට අභියෝග කරන්නේ රුසියාව නම් නොවෙයි. සඳ තරණයට ලකලෑස්ති වෙන්නේ චීනය, ඉන්දියාව, ජපානය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි. යුරෝපා අභ්‍යවකාශ ආයතනය පෙන්වා දී ඇත්තේ, ඔවුන් සඳ තරණය කරනවා පමණක් නොව, 2030 වසර වෙද්දී, සඳ මතුපිට ජනාවාස පවා පිහිටුවන බවය. මෙම නිවාස කෙසේ ඉදිකරන්නේදැයි පෙන්වා දෙන නව ත්‍රිමාණ නිවාස පද්ධතියක් පවා ලොවට ප්‍රසිද්ධ කිරීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ඉන්ජිනේරුවන් සහ විද්‍යාඥයන් කටයුතු කර තිබේ.
2030 වසර යනු තව වසර 15 ක කාලයකි. සඳ මතුපිට කුඩා ජනාවාසයක් එසේත් නැතිනම් ‘චන්ද්‍ර ගම්මානයක්’ පිහිටුවීම එම වසර 15 ක කාලයේදී පහසුවෙන් කළ හැකි බව යුරෝපා අභ්‍යවකාශ ආයතනය වැඩි දුරටත් කියා සිටී. මෙම කටයුත්තට යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඇමෙරිකාව සහ රුසියාව පමණක් නොව, සෙසු රටවල ද සහාය ලබා ගෙන ඇතැයි පැවැසෙයි. දැනට පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ දවසක අතහැර දැමුණහොත්, ස්ථිර නැවැතුම්පොළක් ලෙස මෙම චන්ද්‍ර ගම්මානය භාවිතයට ගැනීමට හැකි බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් විශේෂඥයෝ සහ එම අංශයේ ප්‍රවීණයෝ රැසක් නෙදර්ලන්තයේ නූර්වික් නුවරදී හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ. මීට ලොව අභ්‍යවකාශ ආයතන නියෝජනය කරමින් බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. ඔවුහු වසර 2020 සිට 2030 තෙක් කාලයේ අභ්‍යවකාශ ගවේෂණ සහ චන්ද්‍ර නිවහන ගැනත්, මනුෂ්‍ය වර්ගයා එකමුතු වී නව තාක්ෂණය ද යොදා ගනිමින් සිදු කරන අභ්‍යවකාශ මෙහෙයුම් ගැන සාකච්ඡා කළහ.
මීට පෙර පර්යේෂකයන්ට හමුනොවුණු ටයිටේනියම් පිරුණු පාෂාණ තට්ටු සඳ මතුපිට ඇති බව මේ වනවිට සොයා ගෙන ඇත. මේ සොයා ගැනීම කළේ චීනය සඳට යැවූ රොබෝ ගවේෂණ යානය ‘ජේඞ් රැබිට්’ ය. එම ටයිටේනියම් පාෂාණ ස්ථරවලින් ලබා ගත් සාම්පල පර්යේෂණවලට යොදා ගනිමින් සඳේ භූ විද්‍යාත්මක තොරතුරු එක් රැස් කර ගන්නා බවත් පෘථිවි විද්‍යාඥයෝ පෙන්වා දෙති. සඳේ පාෂාණවල ටයිටේනියම් ඩයොක්සයිඞ් සහ ඔලිවයින් මිශ්‍රණයක් ද ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාවේ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම්වල ඇපලෝ මෙහෙයුම්වලදී පෘථිවියට රැගෙන ආ පස් සාම්පලවලට වඩා ‘ජේඞ් රැබිට්’ ගවේෂණ යානය සොයා ගත් පස් සාම්පල වෙනස් බව විද්‍යාඥයෝ පවසති.
පළමුවෙන්ම සඳ මත ගොඩබෑවේ සෝවියට් රුසියාවේ නියමුවන් රහිත ගවේෂණ යානයකි. මෙය ‘ලූනා 9’ ය. මෙම රොබෝ යානය සාර්ථකව සඳට ගොඩබෑවේ 1966 වසරේදීය. සෝවියට් දේශය එසේත් නැතිනම් සෝවියට් රුසියාව සමඟ නිරවි යුද්ධයකට පැටැළී සිටි ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඇපලෝ’ මෙහෙයුම් ආරම්භ කර තිබුණි. ඒ, මිනිසකු සඳට යැවීමේ ඒකායන අරමුණින්ය. ඒ අනුව, 1968 දී ගගනගාමීන් තිදෙනකු රැගත් ‘ඇපලෝ 8’ යානය සඳේ කක්ෂයට ගොස්, වටයක් කැරැකී ආපසු යහතින් පෘථිවියට ආවේය. 1969 වසරේ ජූලි 20 වැනිදා, ඇමෙරිකන් ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් බස් ඔල්ඩී්‍රන් සහ මයිකල් කොලින්ස් රැගත් චන්ද්‍ර යානය සඳට ගියේය. සඳමත පය තැබූ පළමු මිනිසා නීල් ආම්ස්ට්‍රෝං ය. මේ වනවිට ජීවතුන් අතර සිටින්නේ ඔල්ඩී්‍රන් සහ කොලින්ස් පමණි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
ට්‍රම්ප් හඳට යන්න හදයි