IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


’’පිරිමි ළමයි’’ හි ගිනි දෙන තිවංක - මනුජ් ජයකොඩි

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියන දේ මේ නිර්මාණය නරඹන අය හොඳින්ම දන්නා කරුණක්.

ඉතින් අපි මෙවර තිවංක චරිතයට පණපොවන මේ රංගන ශිල්පියා වෙනුවෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. ඔහු නමින් මනුජ ජයකොඩි. 

 ප්‍ර  මුලින්ම කියන්නකො තිවංකට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඉතින් තිවංකගෙ චරිතයට යහපත් ප්‍රතිචාර නම් ලැබෙන්නෙ නැති තරම්. ගොඩක් අය බනින එක තමයි කරන්නෙ. නමුත් මේ චරිත රංගනයට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. මගේ චරිතයට විතරක් නෙමෙයි මේ නිර්මාණයට දායක වෙලා ඉන්න හැම රංගන ශිල්පිනි ශිල්පියෙකුම වගේ කතාබහට ලක්වෙලා තියෙනවා. මොකද ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණය මේ වෙද්දි ඉතා ඉහළ ප්‍රේක්ෂක කතාබහකට සහ අවධානයකට ලක්වෙලා තියෙනවා කියන්න පුළුවන් ලැබෙන ප්‍රතිචාර එක්ක. ඉතින් ඒ ගැන හරිම සතුටුයි.

 ප්‍ර  තිවංකට යහපත් ප්‍රතිචාර ලැබෙන්නෙ නැහැ කිව්වනෙ. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?

ඒ ගැන කියනවනම් ඉතින් පාර තොටේ යද්දි වුණත් කට්ටිය කියන්නෙ ගිනිදෙන එක නතරවෙන්න කවදද? කියලා තමයි. ඒකට මට කියන්න තියෙන්නෙ නම් තිවංක ගිනිදෙන්නෙ ඔහුගේ ආදරේ දිනාගන්න බලාගෙනනෙ. ඒක ඉතින් නවතින දවසකුත් එයි. ඒ දේ දැකබලාගන්නනම් ‘‘පිරිමි ළමයි’’ එක්ක රැඳිලා ඉන්න වෙනවා. ඉදිරියේදී ඒක බලමු. 

 ප්‍ර  තිවංක වගේ චරිත සමාජයේ පිළිකුල් සහගත විදියට කොන්වෙන අවස්ථානෙ තියෙන්නෙ. ඉතින් මේ චරිතය ප්‍රේක්ෂකයො කොයි විදියට භාර ගනීද කියන ප්‍රශ්නය මනුජට ආවේ නැද්ද?

අනේ නැහැ. මම රංගන ශිල්පියෙක් විදියට චරිත රංගනයක්නෙ කරන්නෙ. ඒ තිවංක මිස මනුජ නෙමෙයි. ඉතින් මට මේ චරිතය ලැබිලා තිර පිටපත අතට ලැබුණම ඒක කියවද්දි හරිම ආස හිතුණා චරිතයට. මොකද මේ චරිතය ඇතුළෙ මට කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේවගේ චරිත ඇත්තටම අද සමාජයේ බොහෝවිට දකින්න ලැබෙනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර යහපත්ද? අයහපත්ද? කියන දේ ලැබෙන්නෙ අපි සම්බන්ධවන චරිත රංගනයත් එක්කනෙ. අපි ඉදිරිපත් කරන රංගනයට තමයි ප්‍රතිචාර ලැබෙන්නෙ. තිවංක කියන්නෙ සුදු චරිතයක් නොවන නිසා ප්‍රේක්ෂකයො බනිනවා. ඒකට මම කැමතියි. ඒ බැනුම් ඇසීම එක්කනෙ මගෙ චරිතයෙ සාර්ථකත්වය තියෙන්නෙ.

 ප්‍ර  මේ කතාවෙ හැටියට තිවංකගෙ පවුල යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් එක්ක ජීවත්වෙන පවුලක්නෙ. ඒ සම්බන්ධව මනුජගේ විශ්වාසය කොහොමද? 

ඒ සම්බන්ධව මගේ නම් එහෙම ලොකු විශ්වාසයක් නැහැ. මොකද මගෙ ජීවිතේ ඇතුළෙ එවැනි අත්දැකීම් ලබලාත් නැහැ. ඒවා පසුපස එළවලාත් නැහැ. මම කොහොමත් විද්‍යාව පැත්තට සම්බන්ධ කෙනෙක්. ඒ නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන නම් විශ්වාසයක් නැහැ. නමුත් මෙහි තිර පිටපත් රචකයා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්තයා හරි පරිස්සමට මේ නිර්මාණයට ඒ දේවල් යොදාගෙන හරි ලස්සනට පිටපත ලියනවා. ඒක මේ වැඩේ ඇතුළෙ අපි හොඳින්ම දකිනවා.

 ප්‍ර  ඒ කියන්නේ මනුජ තිවංක වගේ ගැහැනු ළමයෙක්ගේ හිත දිනාගන්න අච්චාරු කවන්න උත්සාහ කරලා නැහැ?

අනේ අම්මෝ නැහැ. හිත දිනාගන්න උත්සාහ කරලා තියෙනවා. ඒවගෙන් දිනලාත් තියෙනවා, පැරදිලාත් තියෙනවා. ආදරේ විඳලාත් තියෙනවා. නමුත් අච්චාරු කවන්න නම් උත්සාහ කරලා නැහැ. එහෙම ලබාගන්න ආදරයක් වැඩකුත් නැහැනෙ.

 ප්‍ර  එතකොට දැන් මනුජ ආදරේ විදින කෙනෙක්ද?

නැහැ. දැන් මට ප්‍රේමයක් නැහැ. දැන් ප්‍රේම කරන්නෙ කලාවට විතරයි.

 ප්‍ර  කලාවට ප්‍රේම කරන මනුජ ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම ගියේ  නාඩගම්කාරයෝහි ‘‘දියෝගබදු’’ චරිතයෙන්. ඉන්පසුව නේද තිවංක චරිතය පත්තු වුණේ?

ඔව්. මම රංගන ශිල්පියෙක් විදියට එළියට ආවේ එතැනින්. නාඩගම්කාරයෝ නිර්මාණයට පසුව මම කලාව පැත්තෙන් වැඩ කිහිපයක් කළා. තියටර් ප්‍රොජෙක්ට් කිහිපයක් කළා. නමුත් නැවත තිරයට ආවේ පිරිමි ළමයි හරහා තමයි. 

 ප්‍ර  කොහොමද කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ?

පුංචි කාලෙ ඉඳන් මම රංගනයට හරිම ආසයි. පුංචි කාලෙත් පාසල් කාලෙත් වේදිකාවෙ රංගන කටයුතු වල නියැළුණා. පාසලෙන් ඉවත්වුණාට පස්සෙ සිනමාව සම්බන්ධයෙන් ඉගෙනගත්තා. ඒ වසර 02 ක් පමණ. ඉන් පසුව මම රංගනය ඉගෙන ගන්නවා සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ ප්‍රෆෝමින් ආර්ට් ඇකඩමියෙ. එතැනින් පසුවත් මම සෝමලතා සුභසිංහ ‘‘Play house’’ හරහා ඉගෙනගත්තා. මොකද මට හිතුණා රංගනය කොයිතරම් හැදෑරුවත් මදි කියලා. ඉතින් තවමත් මම ඒ සම්බන්ධව ඉගෙනගනිමින් ඉන්නවා.

 ප්‍ර  මනුජගේ පාසල මොකක්ද?

මම පාසල් ගියේ කොළඹ නාලන්ද විද්‍යාලයට. ඒ තුළ පාසල් වේදිකාවෙ ගොඩක් වැඩ කරන්න හැකිවුණා. ඒ තමයි මගේ මුල්ම වේදිකාව.

 ප්‍ර  මනුජට මේ ගමනට ගෙදරින් ලැබෙන සහය කොහොමද?

ඇත්තටම ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා ගෙදර අයගෙන්. මගේ ගෙදර ඉන්නෙ අම්මයි, තාත්තයි, අයියයි, මල්ලියි, මමයි. ඉතින් අපි තුන්දෙනාට කැමති දේවල් කරන්න ගෙදරින් නිදහස ලබලා දීලා තිබුණා. ඒ අපි කැමති අංශයකට යොමුවෙන්න. ඉතින් අද වෙද්දි මම වෘත්තීමය රංගන ශිල්පියෙක් විදියට වැඩ කරගෙන යනවා. ඒ වගේම සිනමාව සම්බන්ධයෙනුත් මම ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඉදිරියේදී ඒ තුළිනුත් යමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

ධනූ විජේරත්න



අදහස් (0)

’’පිරිමි ළමයි’’ හි ගිනි දෙන තිවංක - මනුජ් ජයකොඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 4 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 6 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 5 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 5 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 11 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 6 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 23 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site