කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘ගැමියා’ ගැන අපටත් වඩා දන්නේ විදෙස් රටවල ජනතාවය.
‘‘කොහෙ හරි රටකට ගියාම මම එන වග දැනගෙන අඩු තරමින් මිනිස්සු සිය දෙනෙක්වත් මාව වටකර ගන්නවා. එහෙම වට කරගෙන සෙල්ෆි ගහනවා’’
‘කැලුම් රන්දිම’ එයාට ලැබෙන අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියන්නෙ එහෙමයි. කොළඹ මහානාමයේ ඉගෙන ගෙන පසුව පරිගණක අංශයේ උපාධියක් ලබාගෙන සිටින ඔහු ජීවිතය ජයගෙන ඇත්තේ මොඩ් ගොවියකු ලෙස කිව්වොත් එය වඩා නිවැරදිය. යහපත් ලෙස වස-විසවලින් තොරව වගාවක යෙදෙන ඔහුගේ අරමුණ වන්නේ හොඳම ඵලය මිනිසුන්ට ලබාදීමටය. වගාව නවීන හැඩයකින් පවත්වාගෙන යන අතර හරිතාගාර පවා අද ඔහු සතුය. සමාජ මාධ්‍යයේ ඔහු ගැන බොහෝ දෙනා දන්නේ, ‘ගැමියා’ යන නාමයෙනි. ‘ගැමියා’ ලෙස දෙස්-විදෙස් ප්‍රේක්ෂකයන් අතර ප්‍රකටව සිටින ඔහු සමග සඳැල්ල කළ පිළිසඳරකි මේ.
ප්‍ර කැලුම්. හෙවත් ‘ගැමියා’ ගෙ ගම් පළාත් එහෙම කොහෙද?
පාදුක්ක වටරැක.
ප්‍ර මොන විදිහෙ පවුලක කෙනෙක්ද?
අපේ අම්මා හෙද සේවයේ නිරත වුණේ තාත්තා කඩයක් එහෙම පවත්වාගෙන යමින් ව්‍යාපාර කළේ. පවුලේ මමයි -මල්ලියි.
ප්‍ර කැලුම් ඉගෙන ගන්නෙ?
කොළඹ මහානාම විද්‍යාලයෙන්. ඉන්පසුව උසස් අධ්‍යාපනයට කළේ පරිගණක විෂය. පසුව ඒ අංශයේම ලෙක්චර් කෙනෙක් විදිහටත් කටයුතු කළා. උපාධිය තියෙන්නෙ‘පරිගණක’ අංශයෙන්.
ප්‍ර ඒ විදිහට කටයුතු කළ ඔබ වෙනමම අංශයක් තෝරාගැනීමට හේතුව වුණේ?
මම නිදහසේ ජීවිතය ගෙවන්න කැමති කෙනෙක්. තව කෙනෙක් යටතේ ජොබ් එකක් කරනවට වඩා නිදහසේ මට කැමති විදිහෙ දෙයක් කිරීම මගේ ආසාවයි. උද්‍යාන අලංකරන කටයුතු පටන් ගත්තෙ විනෝදාංශයකට වගෙයි. වගාව කියන්නෙ, ස්වභාවයෙන්ම සිදුවන දෙයක්නෙ. වැස්සත්- පෑව්වත්, අස්වැන්න ලැබෙනවනෙ. ඒ නිසා තමයි උද්‍යාන අලංකරණ කටයුතු අතරේ හරිතාගාර වගා කටයුතුවලට යොමුවුණේ. එයින් ලැබෙන මුදල් ගලාඒම එක්ක මට නිදහසේ මම කැමති විදිහට ජීවිතය ගෙවන්න පුළුවනි. අනෙක ජොබ් එකක් කරලා විශ්‍රාම සුවයෙන් සිටින විටදී තමයි මේ වගේ දේට සමහර විට යොමුවන්නෙ. විශ්‍රාම සුවයේ පාළු මකා ගන්න. හැබැයි මට ඒ නිදහස කලින්ම ලැබුණෙ. නවීන විදිහට හිතලා නවීන තාලයට වගා කටයුතුවලට පෙලඹීම නිසයි. මම ඒ අංශය ඉගෙනගෙන තිබුණෙ නැති නිසා තවමත් මේ කටයුතු කරගෙන යන්නෙ. ඉගෙනගනිමින්.
ප්‍ර මේ වගා කටයුතු සහ ‘ගැමියා’ගෙ වගාවන් සඳහා පරිසරය හදා ගන්නෙ? වගා භූමිය වෙනුවෙන් අයෝජනය කළ හැටි?
මුලදි නම් අපේම ස්ථානවල ඉඩ තියෙන විදිහට ඒ කටයුතු කරගෙන ගියා. ඉන්පසුව ඒ අවට අති ඉඩම් එහෙම මිලදී ගන්න කටයුතු කළා. ඉඩම් වගේ දේ අපතේ යන දෙයක් නොවෙයිනෙ.
ප්‍ර මුලින්ම වගා කරන්න පටන් ගත්තෙ?
මුලින්ම නම් කළේ මාළු මිරිස් වගාව. ඒ අතරේ උද්‍යාන අලංකරණ කටයුතු කරමින් සිටි නිසා, විසිතුරු මල් වර්ග සහ පැළ වර්ග එහෙම වගා කළා. උද්‍යාන අලංකරණ කටයුතු නිසා දැනටත් ඒවා කරනවා. ඒත් අද වැඩිපුර කරන්නෙ එළවළු වර්ග.
ප්‍ර ‘මුලින්ම’ මොන වගේ නමකින්ද මේ කටයුතු කළේ.
මුලදි උද්‍යාන අලංකරණ කටයුතු කළ නිසා ‘garden.lk නමින් තමයි මුලින් එය පවත්වාගෙන ගියේ. උද්‍යාන අලංකරණ කටයුතු කළත්, ඒවා ඉතා ප්‍රමිතියකට කරන්නයි උත්සාහ කළේ. බොහෝ දේ අධ්‍යයනය කරලා එය කළේ. ඒ ගැන බොහෝ වැඩසටහන් පවා සියලුම ටී.වී නාළිකාවල වගේ ප්‍රචාරය වුණා. මේ අතරෙදි කොරෝනා, ඒමත් සමග බොහෝ දෙනෙක් පුළු පුළුවන් විදිහට වගාවක් කරන්න. එහෙම පටන් ගත්තනෙ. ඉතින් ඒ දිනවල වගාවක් කරන්න පෙර මගෙන් ඒ ගැන විස්තර එහෙම ඇහුවා. එතකොට මම කළේ පුළුවන් විදියට විඩියෝවක් එහෙම කරලා යුටියුබ් එකට දාපු එකයි. එහි වීඩියෝ එකක් කරලා නතර කරන්න ලැබුණෙ නැහැ. පැළයක් හිටවලා ඊට පස්සෙ එන ප්‍රශ්න ගැන මිනිස්සු අහන්න පටන් ගත්තාම ඒ ඒ සියලු දේට අදාළව එයාලට දැනුම්වත් වෙන්න. පුළුවන් විදිහෙ විඩියෝ කරලා දැම්මා. කොළඹ දිස්ත්‍රික්කයේ වුණාට මම ජීවත්වන පළාත් ගැමි පරිසරයක් වගේන. ඒ නිසා ගමේ දේ වීඩියෝවලින් ප්‍රචාරයවීමත් සමඟ ‘ගැමියා’ කියන නම යොදාගන්න. තීරණය කළා. මොන දේ කරන්නත් සල්ලි තියෙන්න එපායැ. ඉතින් ඒ විදිහට ගොවිතැන ගැන වගා කටයුතු ගැන විඩියෝ කරන්න නම්. මට මුදල් ලැබීමත් තිබිය යුතුයිනෙ. එහෙම නැහැවුණොත් නිදහසේ මගෙන් කටයුතු කරගෙන යන්න බැහැනෙ. ඒ නිසා තමයි හරිතාගාර සංකල්පයට ගියේ. පරණ විදිහට වගා කළොත් ඒක කරන්න බැහැ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් එක්ක. වස-විස වලින් තොර දේ ලබා දීම මගේ අරමුණ වුණා. සමහර ක්‍රමවේදයන් අපේ රටේ අසාර්ථක බව දැනුණාම, ඊළඟට මම කළේ ඒ ඒ වගාවන් සාර්ථකව කෙරෙන රටවලට ගිහින්, අත්දැකීම් සහ දැනුම ලබා ගැනීමට පෙලැඹීමයි. ඒ-ඒ රටවල ගිහින් මම හෝටලවල නතර වෙලා හිටියෙ නැහැ. වගා භූමි සොයාගෙන ගියා. ගිහින් දැනුම ලබා ගන්න උත්සාහ කළා. මෙහිදී හරිතාගාර සහ වගා කටයුතුවලින් ලැබෙන මුදල් තිබුණු නිසා මට ඒ විදිහට රටින් රටට ගිහින් දැනුම ලබාගන්න පුළුවන් වී තිබෙනවා. ඒ විදිහට කරගෙන යද්දි තමයි ඉබේටම වගේ මට හොඳ ෆලෝ බේස් එකක්, නැතින්ම සමාජ මාධ්‍ය ඔස්සේ පිරිසක් මාව ලුහුබඳින්න පටන් ගත්තෙ. විශාල පිරිසක් ‘ගැමියා’ වටා සහ ගැමියා ට්‍රැවල් වටා එක් වුණේ ඒ විදිහටයි.
ප්‍ර මෙහිදි කෙරෙන වගාවේ අස්වැන්න පිටරටවලටද යවන්නෙ?
නැහැ- නැහැ- අපේම රටේ ආර්ථික මධ්‍යස්ථාන වගේ ස්ථානවලට යොමු කරන්න පටන් ගත්තා. අනෙක පිටරටට යවන දේ ඕනෑ වෙලාවක කරන්න පුළුවන් පරිසරය දැන් හැදිලනෙ තියෙන්නෙ. ඉතින් ඒක ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. වෙනත් රටක ඒවා කරනව නම් ඒ රටේ දැන හඳුනන අය වගේම ඒ සංස්කෘතින් සහ වගාවන් ගැනත් අවබෝධය තියෙන්න ඕනෑ. ඉතින් මම රටකට ගියාම නිකම්ම සංචාරකයෙක් නොවෙයි. කොහේ හරි ගියාම අඩු තරමින් සිය දෙනෙක්වත් මාව වටකර ගන්නවා. එහෙම වට කරගෙන සෙල්ෆි ඡායාරූප ලබා ගන්නවා. මම ආවා කියලා දැනගත්තාම ඒ-ඒ රටවල අය මට එයාලගෙ ගෙවල්වලට එන්න ආරාධනා කරනවා. ඒ නිසා එයාලගෙ රටේ සැබෑ අත්දැකීම් ලබන්න වෙනත් සංචාරකයකුට වඩා මට මහඟු අවස්ථාවක් ලැබී තිබෙන්නෙ. එයාලා ගිහින් එයාලගෙ වගාවන් පවා මට පෙන්වනවා. එයින් ලබන දැනුම අපේ වගාවන්ට ගැළපෙන විදිහට යොදා ගන්නවා. අපි කරන මේ මොඩර්න් වගාව නිසා අපේ රටේ පිරිසක් දැන් ඒ විදිහ කරන්න පටන් ගෙන. ඒක හොඳ දෙයක්.
ප්‍ර කොහොමද සෝෂල් මීඩියා එකෙන් ලැබෙන ඉන්නකම් එක? වැඩියෙන්ම ඉන්නකම් එකත් ලැබෙන්නෙ?
වැඩියෙන්ම මුදලක් ලැබෙන්නෙ යු-ටියුබ් එකෙන්. ගැමියා සහ වඩා ගැමියා ට්‍රැවල් එකෙන් තමයි වැඩිපුර ලැබෙන්නෙ. ඒකට හේතුව ලංකාවෙ ග්‍රාහක පිරිස සියයට 4%යි සියයට 96%ක්ම සිටින්නෙ විදෙස් රටවල ග්‍රාහකයින්. පිටරට ඕඩියන්ස් එකක් සිටින විට සහ නැරඹුම්වාර වැඩිවන තරමට මට ලැබෙන ඉන්කම් එකත් වැඩියි. එයාලට කැමති එයාලා ආස දේ තමයි. මම ඉදිරිපත් කරන්න.
ප්‍ර මේ ගැමියා ගැන දැන් අපේ රටේ අයටත් වඩා දන්නෙ පිටරටවල ජනතාව නේද?
එහෙම කිව්වොත් හරි.
ප්‍ර ගැමියාගෙ- පවුලේ තොරතුරු එහෙම කොහොමද? ගම හාමිනේ කෙනෙක් එහෙම ඉන්නවද?
මම විවාහකයි. දරුවො තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්.
සඳුන් ගමගේ
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා