IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වාසය කරන ඇයගෙ නම අනෙලි. ඇයගෙ මල්ලිගෙ නම ඕරි බණ්ඩාර අතුරුගිරි එහෙත් ඔහු ජර්මනියේ ප්‍රසිද්ධව සිටින්නේ ‘ඕරි ජැක්සන්’ ලෙසයි. ජර්මනියේ සිටින හොඳම ගායකයින් අතරට අයත් ගායන ශිල්පියකු වන ඕරි ලෝ ප්‍රකට යුනිවර්සල් මියුසික් ආයතනය හා සම්බන්ධව, ගායන ශිල්පියකු, රචකයකු සහ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කරනවා. 

‘ඕරි ජැක්සන්’ ලෙස එයා ප්‍රසිද්ධ වුණේ කුඩා කාලයේදීම යැයි එයාගෙ අම්මා ඉන්ද්‍රානි අතුරුගිරි සඳහන් කරනවා. වයස අවුරුදු 11 දී විතර ඕරි ‘ද ලා මිසරාබ්ල’ කියන ලෝ ප්‍රකට ඔපෙරාවේ රඟපෑම නිසා ප්‍රසිද්ධවෙලා තියෙනවා. පසුව බොන් සුපර් ස්ටාර් තරගාවලියේදී පළමුවැනියාවීමටත් ඕරි සමත් වුණාලු. ඒ විදිහට විවිධ වැඩසටහන් නිසා ජනප්‍රිය වූ ඕරි පසුව අක්කා  අනෙලි එක්ක ගායනය කරන්න පටන්ගෙන තිබෙනවා. ජර්මනියේ සිට තමාගෙ සංගීත කණ්ඩායමක් සමග කටයුතු කළ ඕරි අසල්වැසි ඔස්ට්‍රියාවේ පැවැත් වෙන ‘යුරෝ විෂන්’ යුරෝපීය රියැලිටි තරගයේදී ඔස්ට්‍රියාව වෙනුවෙන් දායකත්වය දී ජනප්‍රියවෙලා, පසුව යුනිවර්සල් මියුසික් හා සම්බන්ධව කළ ගීත 50 ක් විතර ගීත දර්ශකයේ ප්‍රථම ස්ථානයට තේරිලා තියෙනවා. ජර්මනියේ සිට ‘වෝනර් බ්‍රදර්ස්’  සමාගම හා එක්ව කටයුතු කළ ඕරි, ජාත්‍යන්තරව විවිධ ආයතනවලට දායකත්වය ලබා දුන් අතර, හොඳම ගීත රචකයාට හිමි සම්මානය සිව් වතාවක් දිනා ගත්තා. මුළු ජර්මනියේම හොඳම ගායකයින් සොයා කළ සංගීත වැඩසටහනකදී අවසන් 12 දෙනා අතරට තේරුණේ වයස 11 දී වීම විශේෂත්වයකි. ජර්මනිය වෙනුවෙන් යුරෝපය නියෝජන කළ ඕරි හතරවැනි තැන ලැබුවේ ළමා වයසේදී.

ප්‍ර අනෙලි, මල්ලි ‘ඕරි’ සහ ඔබ අතර ඇති බැඳීම කොහොමද?

මම හිතන්නේ ඒක ඉතාම ශක්තිමත් සහෝදර බැඳීමක්. අපි දෙන්නම මියුසික් කරන්න පටන් ගත්තෙ කුඩා කාලයේදීමයි. අපි දෙන්නට දෙන්නා අතර ගරුත්වයක් තියෙන්නෙ. මල්ලි අද ජාත්‍යන්තරව සිටින තැනට එන්න ලොකු කැපවීමක් කළා. විදේශිකයකු ලෙස ජර්මනියේ සිට තරුවක් වීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. බොහෝ දුෂ්කරතා මැද ඒ ගමන ගිහින්. එයා මාවත් එතැනට ගෙන එන්න කටයුතු කළා. එයා ඉහළම විදිහෙ ප්‍රසංගයකදි මාව වේදිකාවට කැඳවන්නෙ නිකම්ම නෙවෙයි. මා ගැන  ලොකු වර්ණනාවකුත් කරලා. මගේ ගීත ලෝකයට හඳුන්වා දෙන්න මුල් වුණේ මල්ලි. වතාවක අපි දෙන්න පොඩි කාලයේදී මෙහි සංගීත කණ්ඩායමක ගීතයක් ගැයුවා. ඒක රස විඳි අපේ ශ්‍රී ලාංකීය ප්‍රජාව වගේම බොහෝ දෙනෙක් බොහෝම සංවේදී වුණා.

ප්‍ර ‘ඕරි’, අක්කා කියන ඒ සියල්ලට ඔබ එකඟද?

අක්කා කියන්නෙ මගේ සංගීත ගමනට මගේ දෙවැනි අම්මා වගේ මට උදවු කළ චරිතය. මට මේ විදිහට නිදහසේ සංගීත ලෝකයේ නිර්මාණ කරන්න ලැබුණෙ මගේ අම්මා තාත්තා සහ විශේෂයෙන්ම අක්කා අනෙලි නිසයි. ලංකාවට ගියාම ටෙලිවිෂන් ෂෝවලට එහෙම සම්බන්ධ වුණාම අක්කා නිතරම කියන්නෙ මා ගැනයි. එයා හරිම ආදරණීය සහෝදරියක්. ජර්මනිය වගේ රටවල ඒ විදිහෙ ශක්තිමත් සහෝදර බැඳීම් හරි අඩුයි. අපි දෙන්නව වේදිකාවෙදි දුටුවාම අපි ගැන අනෙක් අය ආදර්ශවත්ව කතා කිරීම සතුටක්. මම හිතන්නෙ සහෝදර බැඳීම්වල ඇති ශක්තිමත් බව කොච්චර ද කියන එක අපි මෙහේ අයට ලබා දුන්න ආදර්ශයක් කියලයි අපි හිතන්නෙ.

ප්‍ර එතකොට අනෙලි ඔබ සහ මල්ලි උපන්නෙ?

අපි දෙන්නම ඉපදුණේ ජර්මනියේදි. අම්මා ඉන්ද්‍රානි අතුරුගිරි, හරිම ආදරණීය ගුණ යහපත් මවක්. අපේ තාත්තාත් එහෙමයි. අපි දෙන්නට ජර්මන් භාෂාව හැර කුඩා කාලයේ ඉඳලම සිංහලත් පුරුදු කළා. සිංහල හරියටම කතා කරන්න බැහැ. ඒත් සියල්ල තේරෙනවා. මම මෙහේ බෞද්ධ පාසලට ගිය නිසා, නායක හාමුදුරුවො ඉගෙන්වීම් කළා. ඒ නිසා මල්ලිට වඩා මට සිංහල භාෂාවේ දැනුම තියෙනවා. මොන භාෂාව කතා කළත් අම්මා අපිව හැදුවෙ සිංහල විදිහට. මල්ලි සහ මම සංගීත කටයුත්තකට යද්දි අපේ අතේ පිරිත් නූල් පවා බඳිනවා. මල්ලි ඒක නිතරම කරන දෙයක්.

ප්‍ර අනෙලි සහ ඕරි ලංකාවේ ගායක ගායිකාවන් අතරින් කාගේ ගීත අහන්නද වඩා කැමති?

පොඩි කාලයේ ඉඳලම අපි ඇහුවේ පණ්ඩිත් අමරදේව සූරීන්ගෙ, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ජගත් වික්‍රමසිංහ, රූකාන්ත වැනි ශිල්පීන්ගේ ගීත අහන්නත් හරි ආසයි. අලුත් අයගෙ හොඳ ගීතයක් ආවාම, ඒවා අහනවා. ‘සල්ලි සල්ලි’ ගීතය අහන්න මම හරිම ආසයි.

ප්‍ර ‘අනෙලි’ ගෙ නාමයෙහි තේරුම?

ලංකාවටත් ගැළපෙන විදිහට තමයි මව්පියන් මට ඒ නම යොදා තිබෙන්නෙ. ‘අනා එළිසබත්’ නමැති ජනප්‍රිය නාමය කෙටියට අරගෙන’ අනෙලි ලෙස යොදාගෙන. Blessed with Talent එහි තේරුමයි. ජර්මනියෙ තියෙන නම් අතරින් ටික දෙනෙකුට විතරයි ඒ නම තියෙන්නෙ.

ප්‍ර ‘ඕරි’ ට ඒ නම ලැබුණු හැටි?

මාව ලැබෙන්න අම්මගෙ කුසේ සිටියදී’ ඒ දිනවල ජනප්‍රිය වූ Love and war නිර්මාණයට අනුව එහි ප්‍රධාන චරිතයක් තමයි ඕරි මේන්. එයා නිර්භීත චරිතයක්. අම්මගෙ හිතට ඒ නම ආ නිසා. ‘ඕරි’ ලෙස මට ඒ නම යොදාගෙන. මගේ සම්පූර්ණ නම ඕරි බණ්ඩාර අතුරුගිරි.

ප්‍ර එතකොට ඕරි ජැක්සන් වුණේ?

ගායන හා සංගීත ශිල්පියකු වූ පසුව මම භාවිත කරන්නෙ ඒ නම. ඒ නමින් තමයි මාව මෙහි හැමෝම දන්නෙ.

ප්‍ර ‘ඕරි’ කියන නාමයෙහි තේරුම?

අම්මා කියන විදිහට ‘Peace Of God’ සාමයේ දෙවියන් යන තේරුමයි. හැමෝම සතුටු කරවන කියන තේරුමත් ගන්න පුළුවනි.

ප්‍ර අනෙලි කොහොමද ‘බොන්’ හි මේ අක්කයි - මල්ලියි  ගෙවන ජීවිතය?

කුඩා කාලයේ ඉඳලම අපට තිබුණෙ සුන්දර ජීවිතයක්. බොන් හරි ලස්සන නගරයක්. ඕරි පාපන්දු, කරාටේ, මියුසික්, ඇතුළු සියලු දේ කළා. මාත් එහෙමයි. පියානෝ වාදනය පුහුණු කළා. නර්තනය හැදෑරුවා. කරාටේ සහ පිහිනුම් ඇතුළු සියලු දේ කළා. නිවාඩුවට සුන්දර ලංකාවට ගියා. කුඩා කාලයේ ඉඳලම ප්‍රසංගවලටත් සහභාගි වුණ නිසා, ගෙවූ කාලය ඇත්තෙන්ම හරිම සුන්දරයි.

ප්‍ර අනෙලි සහ ඕරි පූර්ණකාලීනව කරන්නෙ?

මල්ලි වෘත්තියෙන් සංගීත ශිල්පියෙක් හා නිර්මාණකරුවෙක්. මම රැකියා කරන අතරේ මියුසික් වැඩවල යෙදෙනවා.

ප්‍ර ජර්මනියෙ සංගීත රසාස්වාදය මොන වගේද?

බටහිර සංගීත නිර්මාණ අහන්න ලැබුණත් ජර්මනිය වඩා ප්‍රකට ශාස්ත්‍රිය නැත්නම් ක්ලැසිකල් සංගීතයට. බිතෝවාන් වගේ මහා සංගීතඥයින්ගේ නිර්මාණ ආශ්‍රිත සංගීතය අහන්න තමයි කැමති. මෙහේ කෙනෙකුට නාමයන් පවා යොදා ගන්නෙ උසස් පැරණි සම්ප්‍රදායයන්ට අනුවයි. වසර 100 ට වඩා ඉහතදී යොදාගත් නම් තමයි දැනට යොදා ගන්නෙ. සංගීත ක්ෂේත්‍රයේදි වත්මන් ලාංකීය පරපුර සම්භාව්‍ය සහ ක්ලැසිකල් මෙන්ම හොඳ ගුණාත්මක සංගීතය වින්දනය කරන ස්වරූපය අඩුයි කියලයි මට හිතෙන්නෙ.

ප්‍ර ‘ඕරි’ ලංකාවේ ප්‍රසංගයකට එන්න කැමැතිද?

ආරාධනා කළොත් අනිවාර්යයෙන්ම එනවා. ලාංකීය ප්‍රේක්ෂකාගාරයට අමතක නොවන රසවත් අත්දැකීමක් ලබාදීමට මට පුළුවන් වේවි.

ප්‍ර අනෙලි සහ ඕරි ලංකාව ගැන කොහොමද හිතන්නෙ?

අපි ලංකාවට හරිම ආදරෙයි. ලංකාවට ගිහින් එන සෑම අවස්ථාවකදීම අපි ආපහු එන්නෙ අඬ අඬා. ඒක වචන වලින් විස්තර කරන්න බැරි තරමේ ආදරයක්. ලංකාව ඉතාමත් ලස්සන රටක්, ලෝකයේ ඇති පුදුමාකාර සුන්දර රටක්. ලස්සන මිනිස්සු සිටින රටක්. ලංකාවට ගියාම පාරේ ඇවිද යමින්, කඩ පිලකට ගිහින්, තැඹිලි ගෙඩියක්, කුරුම්බා ගෙඩියක් බොන්න ආසයි. අපි ජර්මනියේදි පවා කෑම කන්නෙ අතින්. 

ප්‍ර ‘අනෙලි’ මෑතකදී සිංහල ගීතයක් කළා නේද?

ඔව් ඒක මම හරිම ආසාවෙන් කළේ. ‘මන්දා මෙසේ’ නමින් ඒ ගීතය නිකුත් කළා. ඊට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

ප්‍ර එතකොට ඕරි?

මම භාතිය හා සන්තුෂ් එක්ක ගීතයක් කළා.

සඳුන් ගමගේ



අදහස් (0)

ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

චිත්‍රපටයක් කරන්න තමයි බලාපොරොත්තුව උපේක්ෂා ස්වර්ණමාලි
2025 මැයි මස 09 7 0

රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර


සෝණා සමග සිනමාවට එන කැන්ඩි රුවැත්තිය මියෝනා
2025 මැයි මස 09 10 0

මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්


මේ ගමන ආවේ අම්මාගේ ශක්තියෙන්
2025 මැයි මස 09 6 0

කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික


මිහිරි ගීයෙන් කන් පිනවන ගීත්මි මයුරංගි
2025 මැයි මස 09 8 0

බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම


අලුත් විදිහට ලෝකෙට ගිය ලංකාවේ ගැමියා
2025 මැයි මස 09 14 0

කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘


ජර්මනියෙන් ලෝක සංගීත කරළියට ගිය ලාංකීය සම්භවය ඇති අක්කයි, මල්ලියි අනෙලි සහ ඕරි
2025 මැයි මස 09 8 0

මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 125 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site