IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සින්ටෝ හි වසන්ත වූ වසන්ත

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස  ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ  අයෙකු   සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත විජිත කුමාර. රාවණා සීසන් ටූ ටෙලි නාට්‍යය, චන්දෝලි, දියණි වැනි කතා මාලාවන් තම රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත් කරගනිමින්   අදවනවිට ඔහු වසර දහ හතරක කලා ජීවිතයේ සාර්ථකත්වයට පත් වී ඇත . එමෙන්ම මෑත කාලීනව සින්ටෝ ටෙලිනාට්‍යයේ වසන්තගේ චරිතයට පණ පොවමින් ඔහුගේ ගමන් මගෙහි හිණිපෙත්ත කරා පියමැනීමට සැරසෙන වසන්තගේ හඩයි මේ.

ප්‍ර  ඔබ කලාවට යොමු වුණේ කෙසේද?

මගේ උපන් ගම මාතලේ. ඒ කාලෙදි ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෙහෙය වූ ජනමාධ්‍යවේදී  ආයතනයේ පාඨමාලාවක් හැදෑරීමට මට  අවස්ථාවක් ලැබෙනවා. එහිදී  අසංක සායක්කාර  කියන නාට්‍යවේදියා යටතේ  ස්ක්‍රිප්ට් හවුස් එකේ  මම ස්ක්‍රිප්ට්  ලියනවා. එසේ ලියපු ස්ක්‍රිප්ට් එකක්  තෝරාගැනීමත් සමග මට ආරාධනා කරනවා දිගටම ස්ක්‍රිප්ට් ලියන්න කියලා. ඊට  පසුව මම  ඔහු යටතේ  ස්ක්‍රිප්ට් ලියනවා. පසුව මම  කොළඹට එන්නෙ මෙන්න මේ  කියන කාල වකවානුව තුළ.ඒ අතරදි  බබාට නමක්  වැනි ස්ටේජ් ඩ්‍රාමා කිහිපයක් වේදිකාගත වුණා.  ඒ ඩ්‍රාමාවලත්  නාමල් ගමගේ වැනි අය සමග බැක්ස්ටේජ් එකේ වැඩ කරන්න මට අවස්ථාවක් ලැබෙනවා. ඒ විදියට තමයි මුලින්ම මම වේදිකා නාට්‍ය හරහා කලාවට එකතු වුණේ.

ප්‍ර  ඔබට මෙම හැකියාව පවුලෙන් ලැබූ දායාදයක්ද?

නැහැ. මම පාසල් යන කාලයේ පටන්ම  තාත්තා ළඟ තිබුණ නවකතා පොත් කියවනවා. ඉන් පසුව  උසස්පෙළ හදාරන කාලසීමාව තුළ  මට රංගනය සඳහා ආසාවක් ඇතිවීමත් සමග වේදිකා නාට්‍ය පිටපත් ලිවීමට යොමුවුණා.එසේ  නාට්‍ය පිටපත් ලිවීමත් සමග තමයි කලාව කියන දේට මම යොමු වුණේ.ඉතින් මම දකින විදියට  රංගන හැකියාව මට ලැබුණෙ මගේ ස්වෝත්සාහයෙන්ම යි.

ප්‍ර  ඔබ  ටෙලිනාට්‍ය කලාවට සම්බන්ධ වූණේ කොහොමද?

ඉන් පසුව මම  අතුල ජයසිංහ සර්ගෙ ස්ටුඩියෝ එකේ කමර්ෂල් වොයිස්, රේඩියෝ ඩ්‍රාමවලට හඬ කැවීම් කටයුතු සිදුකළා. මේ අතරවාරයෙදී  ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ වැනි ප්‍රවීණයන් හඳුනාගැනීමට මට අවස්ථාව ලැබුණා. එහිදී  සුරංග කුරුප්පු ආරච්චි, අද්‍යක්ෂ තුෂාර තෙන්නකෝන්, සටන් කලා අධ්‍යක්ෂක   සිදත් විශ්ව ජය යන ප්‍රවීණයන්ගේ  දැනහඳුනාගැනීම් මත ලකී රංගල්ල අධ්‍යක්ෂක තුමන් හරහා මට අවස්ථාව ලැබෙනව රාවණා සීසන් 2 ටෙලිනාට්‍යයට රංගනයෙන් දායකත්වය ලබාදීමට. එම ටෙලිනාට්‍ය තමයි මගේ පළමු ටෙලි නිර්මාණය.

ප්‍ර  ඉන්පසුව ඔබ ටෙලිනාට්‍ය ඇතුළු රංගනයෙන් දායකත්වය දුන් නිර්මාණ මොනවාද?

රාවණා ටෙලිනාට්‍යයෙන් පසුව චමිල් පතිරණ මහතාගේ colombo ටෙලිනාට්‍ය , පසුව කැලුම් උඩුවාවල   මහතාගේ black pool, තුෂාරි අබේසේකර   අධ්‍යක්ෂවරියගේ චන්දෝලි, චන්දන ඉරුගල්බණ්ඩාර මහතාගේ දියණි වැනි ටෙලිනාට්‍ය  මගේ ජීවිතයේ හැ‍රවුම් ලක්ෂ බවට පත්වූවා. ඒ වගේම   සිටුවර පුවත වැනි ටෙලිනාට්‍යවලටත්,  කෙටි චිත්‍රපට, මියුසික් විඩියෝ කිහිපයකටත් රංගනයෙන් දායකත්වය දීමට මට හැකියාව ලැබුණා.

ප්‍ර   මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන සින්ටෝ ටෙලිනාට්‍යයට ඔබ සම්බන්ධ වූයේ කොහොමද?

අසංක සායක්කාර කියන මගේ වේදිකා නාට්‍ය ගුරුවරයා හරහා තමයි මට එයට අවස්ථාව ලැබුණෙ.චන්දෝලි නම්  ටෙලිනාට්‍යය දැකල ඔහු මට  ආරාධනාවක් කරා සික්ස්පැක් ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට. ඉන් පසුව තමයි  මට  සින්ටො ටෙලිනාට්‍යට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණෙ.

ප්‍ර  සින්ටො ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මේ දිනවල. සමාජයේ ඉන්න විවිධ තලවල, ඒ කියන්නෙ  වෛද්‍යවරයාගේ පටන් කෑම කඩවල කෑම හදන  මනුස්සයා දක්වාම  ඉන්න   මිනිසුන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.  මේ කතාව ලියන්නෙ අසංක සායක්කාර කියන මගේ ගුරුවරයා. ඔහුට  තියෙන්නෙ වෙනමම ලිවීමේ හැකියාවක්. ඉතින් ඒ ලිවීමේ  රසය  ඔහු මෙම කතාවටත් පාදක කරගෙන තිබෙනවා. එම හේතුකාරණා නිසාම සින්ටො ටෙලිනාට්‍ය  මේ දිනවල කතාබහට ලක්වන, ඉතාහොඳ ප්‍රතිචාර ලැබෙන ටෙලිනාට්‍යයක් බවට පත් වී තිබෙනවා.

ප්‍ර  වසන්ත කියන චරිතය ඔබට දැනෙන්නේ කෙසේද? එය  ඔබේ  පෞද්ගලික ජීවිතය සමග   බැඳීමක් තිබෙනවාද?

වසන්ත කියන්නෙ මගේ ඇත්ත නම.   අසංක සායක්කාර මහතාගේ පුරුද්දක් තියෙනවා ඔහු බොහෝ වෙලාවට ටෙලිනාට්‍ය සඳහා යොදාගන්නේ ඇත්ත ජීවිතයේ නම්. ඕනම මනුස්සයෙක්ට පෞද්ගලික ජීවිතයයි රාජකාරී ජීවිතයයි කියල පැතිකඩයන් දෙකක් තියෙනවා.මෙම කතාවෙ වසන්තගෙ චරිතයත් ඒ වගේ. ටෙලිනාට්‍යය තුළ ඇති   රාජකාරී ජීවිතය සහ මගේ පෞද්ගලික ජීවිතය හාත්පසින්ම වෙනස් වූවක්. නමුත් ටෙලිනාට්‍යයේ යාළුවන් සමග ගතකරන ආකාරය සහ පෞද්ගලික ජීවිතයේ යහළුවන් සමග ගතකරන ආකාරය ඉතාමත් සමීපයි. මට මේ චරිතය තරමක වෙනස් වූ අත්දැකීමක්. කෙසේ නමුත් ඒ සියලු වෙනස්කම් සමබරතාවකින් සහ වසන්ත කියන   චරිතයට උපරිම සාධාරණයක් ඉටු කීරීමට මම බලාපොරොත්තු වෙනවා.

ප්‍ර  වසන්ත කියන චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද? චරිතය සාර්ථක කරගැනීමට  ලැබෙන සහයෝගය ගැනත් කියමු?

ටෙලිනාට්‍යයට වගේම වසන්ත කියන චරිතයටත් මේ  දිනවල ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම දකින විදියට   සින්ටො ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ අසංක සායක්කාර, නිෂ්පාදක ජනක සම්පත් සමරවීර, කැමරා අධ්‍යක්ෂක සජිත් වීරප්පෙරුම ඇතුළු අනෙකුත් සහෝදර රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් ලැබෙන නොමඳ සහයෝගය නිසාම වසන්ත කියන චරිතය  මේ දිනවල ජනාදරයට  පාත්‍ර වීමට හේවතුවක් වී  තියෙනවා.

ප්‍ර  මේ දිනවල ඔබේ වෙනත් වැඩ කටයුතු ?

ස්වාධීන රූපවාහිනියේ  RAT ටෙලිනාට්‍යය, සිරසෙ  රොකී ටෙලිනාට්‍යය වගේම මේ දිනවල ස්වර්ණවාහිනියේ  විකාශනය වන   සින්ටො ටෙලිනාට්‍ය ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. ඒ වගේම දැනට කලා අධ්‍යක්ෂකවරයෙකු ලෙසත්  ටෙලිනාට්‍ය, වෙ​ෙළඳ දැන්වීම්වල සහ චිත්‍රපටිවල හඬ කැවීම් ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා.

ප්‍ර  එතකොට ඉදිරි වැඩකටයුතු කොහොමද?

සිසිර තඩිකාර මහතාගේ මකර ආදරී කියන වේදිකා නාට්‍යය ඉදිරියට වේදිකාගත වීමට නියමිතයි. ඒ වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත වාලම්පුරි චිත්‍රපටයේද ශබ්ද පරිපාලන කටයුතු සඳහාද මා දායකත්වය ලබා දී තියෙනවා.

ප්‍ර  මෙම කලා කටයුතු සඳහා   ඔබේ ගමනට සහය දැක්වූ විශේෂ අය සිටීද?

විශේෂයෙන්ම මගේ කලා කටයුතු සඳහා මුල් කාලයේ ඉඳලම අම්මයි තාත්තයි සහෝදරයයි විශාල සහයෝගයක් දැක්වූවා. ඒ වගේම   දිලීප  විදුශාන්, සඳුන් මදුරප්පෙරුම,අජිත් ප්‍රියන්ත රණසිංහ කියන මගේ ළඟම සහෝදරයන් කිහිපදෙනෙකුත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඔවුන්ගේ සහයෝගය සහ  අවුරුදු 13 ක් 14ක් වැනි කාල සීමාවක් තුළ සිදුකළ අපරිමිත වෙහෙසක ප්‍රතිඵලය තමයි සින්ටො ටෙලිනාට්‍යයේ වසන්තගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් සමීපයට පැමිණී තියෙන්නෙ.

මදූශා දිල්ශානි



අදහස් (0)

සින්ටෝ හි වසන්ත වූ වසන්ත

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 22 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 12 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 11 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 12 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 11 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 11 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 144 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1165 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site