IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය

ත්‍රීතාල්

මනෝජ්ගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්!

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත් වෘත්තීන්වලද නියැළෙන බොහෝ දෙනා ඔහුගේ සංගීත මෙහෙයවීම යටතේ, ගී ගැයීම, එය නිරන්තරයෙන් සිදුවන්නකි. වසර කීපයකට පෙරදී ඔහු ලෝකයේ නොගිය රටක් නැති තරම්ය. වාද්‍ය ශිල්පියකු ලෙස විටෙක එය වාර්තාවක්ද විය හැකිය. අද එදා මෙන් නිරන්තරයෙන් සංචාරය නොකරන්නේ, සතියේ සෑම දිනකම පාහේ මෙරට රූපවාහිනී නාළිකා ඔස්සේ, තරු පිරි සංගීත වැඩසටහන් වෙනුවෙන් සංගීතය මෙහෙයවන නිසාය. විශාරද මනෝජ් පීරිස් ඒ කටයුත්ත අද මෙහෙයවන්නේ, ඔහුගේ ‘ත්‍රීතාල්’ වාදක මඩුල්ල සමග එක්වය. එහිදී විශාරද මනෝජ් පීරිස් තබ්ලාව ඇතුළු තාල වාද්‍ය භාණ්ඩ වයද්දී, සරපුවරුව – ශෂික අතපත්තු, ලීඩ් ගිටාරය – සමන් ප්‍රියන්ත, රිදම් ගිටාරය – ලක්ෂ්මන් කන්නංගර, බේස් ගිටාරය - චානක සේනාධීර, ඩ්‍රම්ස් - යසිරු සහ ඔක්ටා පෑඩ් වාදනයෙන් තරිඳු චතුරංග දායක වේ. වසර ගණනාවක් තිස්සේ මෙලෙසින් මෙරට සියලුම රූපවාහිනී නාලිකා ඔස්සේ ‘තාල’ මවන මනෝජ්ගේ ජීවිතයේ තාලය අද කියැවෙන්නේ මෙලෙසින්ය.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ මහා පවුල

මෙරට සංගීත කලාවේ, ලොකුම පවුල ලෙස මනෝජ් පීරිස්ගේ කලා පවුල හැඳින්විය හැකිය. ඒ ගැන අපි අතීතයේදී කතා කර ඇත. මනෝජ් ඒ පවුල ගැන අද අපට කියන්නේ මේ විදියටයි.

‘‘අපේ පවුලේ මුලින්ම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් සිටියේ මල්කාන්ති අක්කා. එයා සංගීතය හදාරමින් සිටියදී සනත් අයියගෙ හමුව ඇති වෙලා. කොහොම වුණත් මම විශ්වාස කරන විදියට අපේ මුළු පවුලටම මහා වෘක්ෂය වුණේ ‘සනත්’ අයියා. සංගීත ක්ෂේත්‍රයේ විවිධ පැති ඔස්සේ අපට විහිදී - විසිරී යන්න ‘උල්පත’ හැදුවේ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි නමැති මගේ ලොකු මස්සිනායි. ඒ එක්කම නිර්මලා අක්කා සහ නිරංජලා අක්කා විවාහ වුණෙත් සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත දෙකක් එක්ක. විශාරද විජේරත්න රණතුංගයන් සහ අබේවර්ධන බාලසූරිය හෙවත් අපේ ආදරණීය අබේ අයියා නිසා අපේ පවුලටම ලැබුණෙ තවත් මහා අරුතක්. කොහොම වුණත් ඔබ කියු විදිහට අපේ පවුල මහා සංගීත වෘක්ෂයක් බවට පත්වීමේ මූලික අඩිතාලම ලැබුණෙ සහ ශක්තිය වුණේ සනත් අයියා. අපේ පවුලේ ඔක්කෝම ගායනා අංශය තෝරගනිද්දි, මගේ හිත තබ්ලාවට ගියේ, සනත් අයියා නිසයි. එයාගෙ ‘තබ්ලාව’ ගෙදර තිබියදී මට මතකයි මම ඒ දිනවල ගිහින් ඒකට හොරෙන් තට්ටු කරලා බැලූ හැටි. ඒ ඇතිවුණ ආසාව නිසා, ගායනයට උනන්දුවක් නැති බව එතුමා වටහා ගන්න ඇති. එතකොට මම හරි පොඩියි. අවුරුදු 8ක් විතර ඇති. ඒ කාලයේදීම සංගීතය ඉගෙනගැනීමට මාව යොමු කළේ එතුමා. ඒ පටන් ගත්ත ගමන තමයි, විශාරද දක්වා දුර ගමනක් ආවේ. ඉන්පසුව සංගීත ශිල්පියකු ලෙස ලෝකයේ රටවල් 42කට විතර මට යන්න ලැබුණා. ඒ ඔක්කෝටම මුල මල්කාන්ති අක්කයි, සනත් අයියයි, හදා දුන් මාර්ගය නිසයි. ඒ වගේම මහා චරිත ලෙස විජේරත්න රණතුංග අයියා සහ අබේ අයියාගෙන් ලැබුණෙත්, මගේ අක්කලා, ඔක්කොමගෙන්ම ලැබුණෙත් ලොකු සහයෝගයක් සහ ආදරයක්.

කොහොමද අද මනෝජ්ට මේ අක්කලා එක්ක තියෙන බැඳීම?

අපි අතර හොඳ ආදරණීය බැඳීමක් තියෙන්නෙ. පවුලේ අපේ සහෝදර සහෝදරියන් හත් දෙනයි. දෙදෙනෙක් ඒ කාලයේදීම නැති වෙලා. මල්කාන්ති අක්කාට පසුව දෙවැනියා අයියා. එයා විතරයි සංගීතය නොකළේ. අද මම සංගීත ක්ෂේත්‍රයේ වඩාත් කාර්යබහුල නිසා නිතරම අපට හමුවන්න ලැබෙන්නෙ නැහැ. චැනල් හතරක – පහක විතර සංගීතමය වැඩසටහන්, විවාහ මංගල්‍ය උත්සව, සහ වෙනත් සමාගම් සහ ප්‍රසංග-උත්සවවල සංගීත කටයුතු නිසා අපේ මුණ ගැසීම හරිම අඩුයි. ඒත් දුරකථනයෙන් හරි කතා කරනවා. හදවතේ බැඳීම සදාකාලිකයි, ඒත් මුණ ගැසීම තමයි නිතර සිද්ධ නොවෙන්නෙ. නිරංජලා අක්කා බොහෝ වෙලාවට ලොකු අක්කා හරි හමුවන්න යනවා. 

මේ අක්කලාගෙන් කවුද වැඩිපුරම කෑම හදන්නෙ?

මම හැදී වැඩුණෙ ලොකු අක්කා මල්කාන්ති ළඟනෙ. එයා උයන කෑම තමයි වැඩිපුරම කාලා තියෙන්නෙ. ඒ කෑම තමයි මට රසම.

මනෝජ් අපි කැමතියි ඔබගෙ අද දවසේ ජීවිතය, දැනෙන විදිහ ගැන අහන්න? තනිකඩව ගෙවන ජීවිතයෙ තනිකමක් දැනෙන්නෙම නැද්ද? 

ගොඩාක්ම තදින් දැනෙනවා. ඒත් ඒක මනසින් පාලනය කර ගන්නවා. 

දැන් විවාහයක් ගැන හිතන්න ප්‍රමාද වැඩිද?

මම හිතන විදිහට ප්‍රමාද වැඩියි. මට ආදරය කරන අය ඇති. කෙනෙක් තෝරා ගත්තාය කියලා හිතමු? ඒත් විවාහය කියන්නෙ බැඳීමක්නෙ. එතකොට මේ දැන් ගෙවන කාර්යබහුල දිවිය එක්ක, මට ඒ බැඳීම වෙනුවෙන් සාධාරණය කරන්න බැරි වෙනවා. ඇය එක්ක නිවාඩුව ගත කරන්න, නෑදෑ ගෙවල්වල යන්න, විනෝද ගමන් යන්න, ඒ සියල්ල වෙනුවෙන් කාලය වැය කරන්න බැරි නම්? මම කරන්නෙ අසාධාරණයක්.

අපි හිතමු ඔබ විවාහ වූ කෙනෙක්ය කියලා? එහෙම නම් ඔබ මොන විදිහෙ ස්වාමියකු වේවිද?

එහෙම වුණා නම් මම හිතන්නෙ මම වගේ ආදරය කරන මනුස්සයෙක් තවත් මේ ලෝකෙ නැතුව ඇති. මැරීගෙන ආදරය කරනව වගේම ඇයට උපරිම ගෞරවය දක්වන කෙනෙක් වේවි. කාන්තාවකට ගෞරව කළ යුතුමයි. මම ආදරය නොකරපු කෙනෙක් නෙවෙයිනෙ. ඒ සෑම ආදරයකදීම මම එහෙම වුණා.

මොන තරම් නම් ප්‍රේම තියෙන්න ඇතිද? ආදර සබඳතා?

ගණන් කරන්න බැරි තරමට. 

ඒ අතරින් හදවත පතුලටම කිඳා බැස තිබූ ආදර?

හතරක් - පහක් විතර.

මිල්ටන් මල්ලවාරච්චි සූරීන්, එයාගේ දූ - පුතුන්ගෙ නම් වලට හැර වෙන කාගෙවත් නාමයන්ට ගී ගැයුවෙ නැහැ, ඒත් ඔබගෙ ආදරයක් නිසා නේද එතුමා ‘‘සීතල හිම රටේ’’ ගීතය ගැයුවේ?

එතුමා එයාගෙ වැඩිමල් දියණිය ‘හර්ෂණීට’ විතරයි දුවේ හර්ෂණී ගීතය ගැයුවෙ. හැබැයි මම තබ්ලා වාදනය කරද්දි එතුමා පුදුම විදිහට මගේ වාදනය රස වින්දා. එතකොට එතුමා කැසට් කිරීම නතර කරලා තිබුණෙ. ඒත් නිෂ්පාදකවරයෙකුගේ ඉල්ලීම නිසා මම එතුමා හමුවෙන්න ගිහින් මේ ගැන කිව්වා. නැවත මගේ කීමට තමයි වසර පහක විතර විරාමයකින්  පසුව කැසට් පටයකට ගී ගැයුවෙ. ඊට එයාගෙ පැරණි ගීත 11ක් විතර ගැයුවා. අලුත් ගීතයකට ගැයුවෙ ‘‘සීතල හිම රටේ’’ ගීතය. එය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් සංගීතඥයා. ගීතය ලියුවේ ආනන්ද පද්මසිරි.

ඇයි ඒ ගීතය ඔබටම ගයන්න බැරිවුණේ?

මට ගැයීමේ හැකියාව නැහැ. අනෙක මිල්ටන් මල්ලවාරච්චි සූරීන් ආදර ගීතයක් ගැයුවොත් ඉතින් ආයේ ඒක සිහිවටනයක්ම තමයි. මැරෙනතුරා මම ලැබූ වාසනාවක් තමයි එතුමා ඒ ගීතය ගැයීම.

සනත් අයියා එක්ක පුංචි මනෝජ්

මනෝජ් ඔබගේ ආදරණීය සිහිවටනවලින් එහාට ගොසින්, අද දවසේ ඔබ දවස ගත කරන විදිහ ගැන කතා කරමු? මොන විදිහටද දවස ගෙවන්නෙ?

මම විවාහ වෙලා නැති නිසා, සමහර විට සමහර අය හිතනව ඇති මට ඕනෑතරම් වෙලාව තියෙනව කියලා. මගේ ජීවිතයේ ගොඩාක්ම කාර්යබහුල වීමට හේතුව සංගීතය නිසා විතරක්ම නෙවෙයි. මගේ ළඟ බළලුන් දහ දෙනෙක් ඉන්නවා. අමතරව තවත් බළලුන් හතළිහක් විතර මම බලාගන්නවා. මේ ඔක්කෝටම දිනපතා උදේ හවස එයාලගෙ කෑම දෙන්න ඕනෑ. මොන වැඩේ තිබුණත් එයාලට ඒවා වලංගු නැහැ. එයාලගෙ කෑම ටික වෙලාවට ලැබෙන්න ඕනෑ. මේ ඔක්කෝමලා මම බලාගන්නෙ දරුවො වගේ. මගේ ඇඳේ තුන්දෙනෙක් නිදා ගන්නවා. සමහර පූසන්ව ප්‍රතිකාර ලබාදීමට සත්ව රෝහල් වෙත නවත්වනවා. ඊයේ පෙරේදා එක්කෙනෙක් නැතිවුණා. එයාව බේරා ගන්න උපරිමය වියදම් කරා, උත්සාහ ගත්තා. ඒත් බැරි වුණා. ඉතින් මගේ දවස ගැන කතා කළොත්, උදේම පහන තියලා දෙවියන්වහන්සේ - බුදුන්වහන්සේ වැඳලා, ඊළඟට කරන්නෙ මේ සතුන්ගෙ ආහාර දෙන එකයි. මම කතෝලික ආගමික වුවත්, ජේසුස් වහන්සේ සහ බුදුන්වහන්සේගේ රූප එක ළඟ තිබෙන්නෙ. වඳින්නෙත් එකවර. රාත්‍රියට නිදා ගන්නෙත් දේවමෑණියන් වැඳ – බුදුන් වැඳලා. සමහරදාට ප්‍රසංග ඉවරවෙලා ගෙදර එද්දි පාන්දර හතරට ඇවිත් නිදාගන්නෙ. ඒත් අනිවාර් යෙන්ම හයට නැගිටින්න වෙනවා. නැත්නම් මට ඇවිත් ඔළුවට ඇඟට ගහන්නෙ මගේ පූස් ලොක්කො ටික. මම කීයටද ආවේ කියන එක එයාලට අදාළ නැහැ. ගේ සුද්ද පවිත්‍ර කරන සියල්ල කරන්නෙ මම. ඇත්තටම මේ තියෙන වැඩ දිහා බැලුවාම මට දවස මදි. කොහොම වුණත් ඒ සතුන්ට සප්පායම් කරමින් ගෙවන ජීවිතය හරිම සුන්දරයි. මගේ අතේ ඇඟිලි දෙකක් පූසෝ හපලා තුවාල වුණා. එයාලට කෑම දෙන්න ගිහින්. කෑම කන්න තියෙන හදිස්සියට මගෙ අත කෑවෙ. ඒත් මම ඒ සතුනට අනුකම්පා කරනවා. 

ඒ කියන්නෙ මනෝජ්ගෙ විනෝදාංශය තමයි බළලුන් - බල්ලන් වැනි අසරණ සතුනට පිහිට වීම?

ඒක මම බොහොම සතුටින් කරන්නෙ. මගේ වාහනේ වෙනමම කූඩයක් (දැල් පෙට්ටියක්) තියාගෙන ඉන්නෙ. පාරේ අසර‌ණ වෙච්ච අය රැගෙන යන්න.

මනෝජ් ඒ විදියට ජීවිතය ගෙවන ඔබ අපට නම් පෙනෙන්නෙ මුළු රූපවාහිනී ජාලයම ආක්‍රමණය කරගෙන සිටිනව වගෙයි! චැනල් කීයකට දායකත්වය ලබා දෙනවද?

පහකට විතර.

මේ විදියට රූපවාහිනී චැට් ෂෝ සංගීතයෙන් රස ගන්වන්න මුලින්ම ආවේ කොයි කාලයේදිද?

අවුරුදු 20 ගණනකට වැඩියි. රංගන එක්ක ටි.එන්.එල් එකේ චැට් ෂෝ එක පටන් ගන්නෙ අවුරුදු 22 කට කලින්. ඉන් පසුව රූපවාහිනියෙ රිදම් චැට්, ITN එකේ චැට් ඇන්ඩ් මියුසික්. එතැනින් පසුව සියත සෙවන් නෝට්, අද සියත ගෙන එන තරු පිරි රෑ, රංගනගේ මෙහෙයවීම යටතේ කරනවා. මොනරා ටී.වී පටන් ගත්තාම චැට් ඇන්ඩ් ටියුන් වැඩසටහනට එක් වුණා. මේ අවුරුදු සමයේදී විතරක් චැනල් හතරක අවුරුදු වැඩ සටහන් කළා.

දැන් එතකොට මනෝජ් ප්‍රමුඛ ත්‍රීතාල් සංගීතය ලබා දෙන්නෙ මේ විදියට චැට් ෂෝ වලට විතරමද? 

අපෝ නැහැ. ඊට අමතරව විවිධ සංගීත ප්‍රසංග, මංගල්‍ය උත්සව සහ සමාගම්වල අනෙකුත් උත්සව, ඇතුළු විවිධ ප්‍රසංගවලට දායකත්වය ලබා දෙනවා. විදේශ සංචාර ගත්තොත් එදා පණ්‍ඩිත් අමරදේවයන්ගේ සිට, විශාරද නන්දා මාලිනී මැතිනිය, ආචාර්ය රෝහණ වීරසිංහයන් ඇතුළු ප්‍රවීනයන් සියලුම දෙනා එක්ක විවිධ ගායකගායිකාවන් සමග රටවල් හතළිහක විතර ප්‍රසංගවලට දායක වෙලා තියෙනවා. ත්‍රීතාල් බෑන්ඩ් එක අද එළිමහන් ප්‍රසංග වලට ගන්න විරංජිත් තාඹුගල මහතා මට අවස්ථාව ලබා දුන්නා. ඒකත් ලොකු අවස්ථාවක්. අද ගෘහස්ථ ප්‍රසංග වැඩිම ගණනාවක සංගීතය මෙහෙයවන්නේ ‘ත්‍රීතාල්’. ඒක ඇත්තටම මට සහ අපේ කණ්ඩායමට ආඩම්බරයක්. ත්‍රීතාල් මැදපෙරදිග ප්‍රසංග වලටත් දායකත්වය ලබා දෙන්න සූදානමින් ඉන්නෙ.

සඳුන් ගමගේ

විදෙස් සංචාරයකදී

වාස්-මනෝජ්-කලූ

දෙස් විදෙස් සිහිවටන

ධවල මන්දිරය ඉදිරිපිටදී

අනුරාධා-නිර්මලා-මනෝජ්-මල්කාන්ති-සෙව්වන්දි

සත්ව කරුණාව



අදහස් (0)

විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 21 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 12 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 11 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 12 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 11 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 11 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 544 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 143 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1164 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site