IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ "කිරි පුතා"  එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අතර  ජනප්‍රිය "පොඩි මහත්තයා"  නවක රංගන ශිල්පීන් අතර ඉහළින්ම සිටින චරිතයක්. විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂකාගාරයට වෙනම රසයක් ගෙන එන පසිඳු වෙනුවෙනුයි මේ ඉඩකඩ .

ප්‍ර  අපි පොඩි මහත්තයාගෙන්ම කතාව පටන් ගමු?

මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකකට දායක වෙලා ඉන්නවා විසේකාරි, සහ පිරිමි ළමයි. වැඩිම කාලයක් ගෙවෙන්නේ පිරිමි ළමයි එක්ක තමයි.   පොඩි මහත්තයා මට වෙනම අත්දැකීම්, ප්‍රේක්ෂක ආදරයක් දුන්න චරිතයක්.  පොඩි මහත්තයා විටක් කාගෙන ගැම්මෙන් හිටියාට මොකද  මේ චරිතය ඇතුළේ මට තියෙන එකම අභියෝගය තමයි බුලත් විට කන එක,  මම ජීවිතේ කවදාවත් බුලත් විට කලා නැහැ.  ෂූට් එක වෙලාවට බුලත් විට කාපු ගමන් මට හුණු වලට මත්වෙනවා කට තුවාල වෙනවා . පිරිමි ළමයි එකේ ෂුට් එක ඉවර කරලා ආවම මට දවසක් විතර ඉන්නවා දත් මදින්න බැරිව , බුලත් විට  කෑවම කට තුවාල වෙලා.  ඒ කොහොම වුණත්  පොඩි මහත්තයාගේ චරිතේ මම  නිතරම විඳින චරිතයක්. ඒ චරිතයට මම මාරම ආසයි. කොහොමත් මම ආසයි මම කරන චරිත දිහා බලලා ඒක මමම විඳින්න.

ප්‍ර  පොඩි මහත්තයාට වැඩිපුරම ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?

පොඩි මහත්තයට වැඩිපුර ලැබෙන්නේ ආදරය.  සමහර තැන් වලදි ප්‍රේක්ෂක බැනුම් එන අවස්ථාත් තියෙනවා. උක්කු බබාට තම්මැට්ටමෙන් ගහපු වෙලාවෙ නම් අම්මෝ ලැබුණ ප්‍රතිචාර. හොඳ බැනුම් ආදරේ ඔක්කොම ඒ ප්‍රතිචාරවල තිබුණා. ඒ කොටස විකාශය වුණාට පසසේ උක්කු බබාට ගැහුවේ ඇත්තටමද කියලා බොහෝ අය කතා කරලත් ඇහුවා.  
ප්‍ර  ඇත්තටම පසිඳුට වාසනාව ගෙනාවේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙ කිරි පුතාද ?

නාඩගම්කාරයෝ කියන්නේ මගේ 9 වෙනි ටෙලි නාට්‍යය. ඊට කලින් මම  නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඒත් මම මෙතෙක් කල් කරපු චරිත වලින් මගේ ජීවිතේ වෙනස් කළේ  නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කිරි පුතාගේ චරිතේ. මගේ කලා ජීවිතේ විතරක් නෙමෙයි  පෞද්ගලික ජීවිතේ  හැරවුම් ලක්ෂය වුණෙත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය. එච්චර ජනප්‍රියත්වයක් මට කිසිම චරිතයකින් ලැබිලා නැහැ. ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් කිරි පුතාට ලැබුණා. කිරි පුතා කියන චරිතයට මම අදත් හෙටත් මතුවටත් ආදරෙයි . අදටත් ගොඩාක් ප්‍රේක්ෂකයෝ මට කතා කරන්නේ කිරි පුතා කියලා.

ප්‍ර  පසිඳු අනුරාධපුරේ මැදවච්චියේ  ඉඳලා කොළඹට එන්නේ ම  නළුවෙක් වෙන්නමද?

මම කවදාවත් නළුවෙක් වෙන්න හිතාගෙන ඉඳපු කෙනෙක් නෙමෙයි. මට ඕන වුණා උසස් පෙළ කළාට පස්සේ මීඩියා පැත්තේ රැකියාවක් කරන්න. ඒක ඇතුළෙත් මම යන්නේ කොයි පාරෙ ද කැමරාකරණය පැත්තෙන් ද, නිවේදන පැත්තෙන් ද කියන එක ගැන අයිඩියා එකක් තිබුණේ නැහැ. ඒ ආසාව නිසාම මම කොළඹට එන්නෙ මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් හොයාගෙන. ඊට පස්සේ එක්  ආයතනයකට යනවා කැමරාකරණය පිළිබඳව ඉගෙන ගන්න. නමුත් ඒ ආයතනයෙන් මට කිව්වා පාඨමාලාව කරන්න කලින් එයාලාගේ යුනිට් එකේ වැඩ කරන්න කියලා. එතන වැඩ කර කර ඉන්නකොට  මට වෙෙළඳ දැන්වීමක පුංචි කෑල්ලකට පෙනී ඉන්න ලැබුණා. තත්පරයකටත් අඩු කාලයක කොටසකට තමයි පෙනී ඉන්න ලැබුණේ. ඇත්තම කියනවනම් ඒකේ මාව පේන්නෙත් නැති තරම්,  එතනින් තමයි මට රඟපෑමේ අසාව ඔළුවට ගැහුවේ.

ප්‍ර  රංගනය ඉගෙන ගත්තේ?

සද්ධාමංගල සූරියබණ්ඩාර සර්ගේ ඉන්පාස් ඇකඩමි එකේ  නාට්‍ය පිළිබඳ  ඉගෙන ගත්තා. ප්‍රසන්න මහගමගේ සර් තමයි මගේ නාට්‍ය ගුරුතුමා. එතැනින් පස්සේ මුලින්ම වේදිකා නාට්‍ය වල ඊට පස්සේ ටෙලි නාට්‍ය වලටත්  අවස්ථාව ලැබුණා. ඒ අතර තුර තමයි සද්ධා සර් මට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයට කතා කරන්නේ. ඒත් මම කවදාවත් හිතුවේ නෑ කිරි පුතා මාව මේ තරම් දුරක් අරගෙන ඒවි කියලා. මට රංගනය ගැන අකුරක් හරි කියලා දුන් මට අවස්ථාවන් දුන් හැම කෙනෙක්වම ගෞරවයෙන් මතක් කරනවා.  

ප්‍ර  මීඩියා ඉගෙන ගන්න කොළඹ ආපු පසිඳු අද රටම දන්න නළුවෙක් , මොකද හිතෙන්නේ?  

මම  මං ගැන ගොඩාක් සතුටු වෙනවා. අමාරුම කාල වල මම මාව දරාගත්තාට නිතරම මම මටම ස්තූති කරනවා. නළුවෙක් වීමේ ආසාව එක්ක මගේ අරමුණට යන්න ලොකු කට්ටක් කෑවා. ජීවිතේ රස තිත්ත තැන් ගොඩාක් පසු කළා. ජීවිතේ කලකිරුණ තැන තමයි කැමරා ඉගෙන ගන්න ගිහින් යුනිට් එකේ වැඩ කරන්න වුණු කාලේ. ඒක මට රැග් එක් ලැබුණ කාලයක්. ඒ කට්ටත් එක්ක මට කොළඹ එපා වුණා. මම ආයෙම හැම දේම දමලා ගහලා ගමට ගියා. ඒ අතරතුර මාව මොරටුව විශ්ව විද්‍යාලයටත් තේරිලා තිබුණේ. පස්සේ හිතුවා උපාධිය අරගෙන ඒ පැත්තෙන් රස්සාවක් කරන් පාඩුවේ ඉන්නවා කියලා. ඒත් මට අර වෙ​ෙළඳ දැන්වීමෙන් පස්සේ හැදුන නළු පිස්සුව හොඳ වුණේ නැහැ. කැම්පස් යන අතර තුර තිර පරීක්ෂණ වලටත් ගියා. ඔහොම ගිහින් තමයි සද්ධා සර් යටතේ නාට්‍ය ඉගෙන ගන්න ගියේ. ඉතින් අද ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන ගොඩාක් සතුටුයි. ටෙලි නාට්‍ය  වල රඟපෑවට පස්සේ චිත්‍රපට නළුවෙක් වෙන පිස්සුවත් ඔළුවට ගැහුවා. ඒකත් පසුගිය වසරේ සැබෑ කරගත්තා.

ප්‍ර  මේ වෙනකොට උපාධිය අවසන්ද ?

ඔව් අවසන් .

ප්‍ර  චිත්‍රපට වැඩ කටයුතු?

මේ අවුරුද්දේ චිත්‍රපටි දෙකක් එන්න තියෙනවා.  එකක් තමයි ශර්ලි සමරසිංහ මහත්මයාගේ  "සිලිලාරි"  කියන චිත්‍රපටය එහි මම ප්‍රධාන චරිතයෙන් දායක වෙනවා. තව තිළිණ බොරලැස්සගේ "මං හොයන්නේ ප්‍රේමයක් කියලා"  තව චිත්‍රපටයකට දායක වුණා.  මේ චිත්‍රපට දෙකම මේ වසරේ තිරගත වේවි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ප්‍ර  පසිඳුත් තාම ප්‍රේමයක් හොයනව ද ?

ප්‍රේක්ෂක ආදරේ වෙනසක් නැතුව ලැබෙනවා ,හැබැයි මං තාමත් හොයන්නේ ප්‍රේමයක්.  විශේෂ ආදරයක් තාම හොයනවා.

නදීශා අතුකෝරළ



අදහස් (0)

පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

ඇඟ පුරා ටැටූ 25ක් සීටා - කියූ කතාව
2025 මැයි මස 02 21 0

හර්ෂි කියන්න ද? රසාංගා කියන්න ද?


මම වාසනාවන්ත රංගන ශිල්පියෙක් එස්.අයි. සමරක්කොඩි
2025 මැයි මස 02 12 0

වේදිකාව හරහා කලා ලොව තරණය කරන්නෙකු පුංචි තිරයේ හෝ සිනමාවේදී කිසිදා අතරමං නොවන්නේ රංගනයේ හතර මායිම් පිළිබඳ ඔහුට හෝ ඇයට හොඳ අවබෝධයක් තිබෙන නිසාය. එස්. අය


විශාරද මනෝජ් පිරිස්ගේ අද දවසේ ජීවිතය
2025 මැයි මස 02 11 0

ඔහුගේ තබ්ලාවේ තාලයට නොගැයූ කෙනෙක් නැති තරම්ය. ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් හට පමණක් නොව, විවිධ අංශවලට අයත් තරු මෙන්ම ව්‍යාපාරික, දේශපාලන හා අනෙකුත්


පොඩි සහත්තයා ගැම්මෙන් හිටියාට මොකද බුලත් විට කන එකම තමයි අභියෝගය - පසිදු විතානගේ
2025 මැයි මස 02 12 0

පසිඳු විතානගේ කිවු පමණින් ඔහුව මතකයට නාවත් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ’’කිරි පුතා’’ එහෙමත් නැත්නම් මේ දවස්වල නම් පිරිමි ළමයි නාට්‍යයේ රසික ප්‍රජාව අ


මට තරගෙ තියෙන්නෙ මගෙත් එක්කමයි - ෂෙරිල් ඩෙකර්
2025 මැයි මස 02 11 0

’’අමා’’ කියන්නේ ලාංකීය ටෙලිනාට්‍ය අතුරින් බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් කිව්වොත් නිවැරදියි. ඒ ආදරය කොයි තරම්ද කියනවා නම් එහි රඟපෑ ෂෙරිල


සින්ටෝ හි වසන්ත වූ වසන්ත
2025 මැයි මස 02 11 0

වේදිකා නාට්‍ය කලාව හරහා රංගනයට පිවිස ටෙලිනාට්‍ය කලාව ඇතුළු කලා ක්ෂේත්‍රයේ නොමැකෙන චරිතයක් බවට පත් වූ අයෙකු සමගයි මේ කතාබහ. ඔහු කවුරුත් හඳුනන වසන්ත ව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 545 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 144 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1164 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site