IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


විලාසිතා කරන්න ඕනෑ තැනට ගැළපෙන විදිහට - රුක්ෂානා දිසානායක


සුන්දර දක්ෂ නිළියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් එක්කයි අද අපි ෆැෂන් ගැන කතා කරන්නේ. විවිධ ටෙලි නිර්මාණ ඔස්සේ, ඔබේ ආලින්දයට එන ඇය  රුක්ෂානා  දිසානායක 

  •  ෆැෂන් ගැන මොකද හිතෙන්නේ?

ෆැෂන් කියන්නේ කව්රුත් කැමැති දෙයක්. මම හිතන විදියට කොයි විදියට කොහොම ෆැෂන් කළත් යන තැනට ගැළපෙන්න, තමන්ට ගැළපෙන්න ෆැෂන් කරන්න දැන ගන්න ඕනේ.

  •  උත්සව අවස්ථාවලට මොන වගේ ඇඳුම් ද අදින්නේ?

ඒක උත්සවයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. සමහර උත්සවවල තීම් එකක් තියෙනවා. ඒ වගේ වෙලාවට තීම් එකට මැච් වෙන්න අඳිනවා. එහෙම තීම් නැත්නම් ඒ අවස්ථාවට ගැළපෙන්න ඇඳුමක් තෝර ගන්නවා. සාරි විලාසිතාවලට මම ගොඩක් කැමැතියි.

  •  ඇඳුම් තෝරා ගනිද්දී අවධානය දෙන කාරණා මොනව ද?

මට ගැළපෙනවද කියන කාරණාව ගැන හිතනවා. ඒ වගේම පහසුව ගැනත් හිතනවා. මම ඇඳුම් නිර්මාණයන් කර ගන්න ඩිසයිනර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවලදී එයාලාට කියලා නිර්මාණයන් කරව ගන්නවා. එයාලා දන්නවා අවස්ථාවට අනුව මට ගැළපෙන්න ඇඳුම් නිර්මාණයන් කරලා දෙන්න.

  •  සාමාන්‍ය ගමනක් බිමනක් යද්දී මොන වගේ ඇඳුම් ද තෝරා ගන්නේ.?

සැහැල්ලු‍ පහසු ඇඳුම්. ඩෙනිම් ටී ෂර්ට් වගේම ගවුම්වලටත් කැමැතියි මම.

  •  ආභරණවලට තියෙන කැමැත්ත?

එහෙම විශේෂම කැමැත්තක් නෑ. ඒත් අඳින ඇඳුමට ගැළපෙන්න ආභරණ පාවිච්චි කරනවා. ඒ දේවල්වලට ලොකු ගණන් වියදම් කරන්නේ නෑ.

  •  පාවහන්වලට තියෙන කැමැත්ත ?

මගේ ළඟ පාවහන් ලොකු එකතුවක් නෑ. සාමාන්‍ය ගමනට බිමනට නම් සැහැල්ලු‍ සෙරෙප්පු පාවිච්චි කරනවා. උත්සව අවස්ථා, සාරි අඳින අවස්ථාවලදී වගේ නම් අඩි උස සපත්තු පාවිච්චි කරනවා.

  •  බෑග් විලාසිතා ගැන කිව්වොත්..?

බෑග් විලාසිතා කියලා මම බෑග්වලට මහ ලොකු වියදමක් කරලා බෑග් එකතු කරන කෙනෙක් නෙමෙයි. බෑග් කීපයක් තියෙනවා අවස්ථාවන් අනුව භාවිත කරන්න.

  •  බ්‍රෑන්ඩඩ් ඇඟලු‍ම්, බෑග් සෙරෙප්පුවලට කැමැති ද?

එහෙම බ්‍රෑන්ඩඩ් දේවල්වල අවශ්‍යතාවක් නෑ මට. ඇඳුම් වුණත්, බෑග් සෙරෙප්පු වුණත් මට ලස්සන නම් මම ගන්නවා. ඒ ඇරෙන්න බ්‍රෑන්ඩ් එක ගැන හිතන්නේ නෑ. මට එහෙම බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න තරම් සල්ලිත් නෑ. අඩු වියදමින් මට ගැළපෙන හොඳ දෙයක් ගන්නයි මම උත්සාහ කරන්නේ.

  •  ටැටූ පියර්සින් ගැන මොකද හිතන්නේ..?

නරක නෑ. දැනටත් මගේ ඇඟේ ටැටූ එකක් තියෙනවා. මම නිළියක් නිසා, විවිධ චරිත රඟපානකොට, ටැටූ මකනවා වගේ දේවල් කරන්න බෑනේ. ඒ නිසා, ඒ ටැටූ එක මගේ වැඩකටයුතුවලට බාධාවක් නොවෙන විදියටයි තියෙන්නේ.

 

  •  හිසකෙස් විලාසිතාවන්..?

මගේ රැකියාවේ ස්වභාවය අනුව මට නිතර චරිතවලට ගැළපෙන්න  හිසකෙස් වෙනස් කරන්න වෙනවා. ඒ නිසා මම කලර් කරනවා වගේ දේවල් නොකරන තරම්. ගොඩක් වෙලාවට චරිතයට ගැළපෙන්න කලර් එක, මෝස්තරය වෙනස් කෙරෙනවා.


  • පවනි උමයංගනා

 

 
 



අදහස් (0)

විලාසිතා කරන්න ඕනෑ තැනට ගැළපෙන විදිහට - රුක්ෂානා දිසානායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 147 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 998 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site